ඕපදූප - හිගන්නගෙ පාත්තරේට බල්ලො පාත්වීම

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ස්තානය - කාගිල්ස් ෆුඩ් සිටි, මොනරාගල
    වෙලාව - හවස 4

    "ඇන්ජිම ඕෆ් කරල දාපන්, ඔය ගෑණු දැන්ම එන්නෙ නෑ"
    පියාගෙන් විදානයක් ලැබිනි.
    ඉදිරිපස විදුරුවෙන් මව සහ බිරිද බඩු තෝරනු පෙනෙයි
    මම වාහනය ඕෆ් කර අසුනෙ හරි බරි ගැසි බුකියෙ සැරිසරන්නට විය.
    පියා පත්තරය දිග හැර ගත්තේය

    "ටක් ටක්"
    දකුනු පස බලන විට වයස 60ක් පමන හිගන ගැහැනියක් මොනවදෝ අතේ තබාගෙන මදෙස බලා සීටී.

    "මහත්තයා" ඇය බුලත් කහට පෙන්නමින් විරිත්තයි
    "ඇයි"
    "මහත්තය, මම නුවර ඉදන් ආවෙ, ජීවත් වෙන්න විදියක් නෑ, මේ මුරුක්කු එකක් අරන් උදව්වක් කරන්න,තාම දවල්ට කෑවෙත් නෑ, මගෙ..................."
    ".........................................................."
    ගැහැනිය කියවාගෙන යයි.

    බල්ලෙක්, පූසෙක්, හරකෙක් නොවේ නන් අතපය හොදට ඇති කිසිවෙකුට යමක් පිනට දීම මට පුරුදු නැත.
    කොහොමත් හිගන උදවිය මගෙන් සත 5ක් ගලවනවා බොරු බව මම දනිමි.

    "ම්හුක්"
    හිස දෙපසට වැනු මම නැවත පෝන් එකට ඔලුව ඔබා ගතිමි.

    "මහත්තයා උදව්වක් කරන්න"
    ගැහැනිය නැවත කියයි

    පියා ඩෑස්බෝඩයෙන් රුපියල් 20ක් ද, වාහනෙ අහුමුලු පිරික්සා තවත් 10ක්ද ඇදල ගත්තේය.
    "මෙක අර මනුස්සයට දීපන්"
    "හැහ්, රුපියල් 30ක්.. වැඩි නැද්ද " මටම කියාගත් මම, ගැහැනියට එය දිගු කලෙමි

    "අපො, මහත්තය පිනට ගන්න බෑ, මේ මුරුක්කු එකක් ගන්න"
    ගැහැනිය කියයි
    "අපිට මුරුක්කු නන් එපා, මේක තියාගන්න"
    මම පැවසුවෙමි

    "මහත්තයා, ......"
    ".........................................................."
    මේ ගෑනි යන පාටක් නැත

    "එපා ඉතින්, මේක ගන්න,"
    මම පැවසුවෙමි

    "එහෙම එපා මහත්තය, එහෙනන් මුරුක්කු එකෙ ගානවත් දෙන්න"
    "ට හුක් යකො , මේ ගෑනි" පියා සිනාසෙයි.
    "30 එපා නන්, යන්න කියපන්"
    පියා නැවත පත්තරෙට මූන ඔබා ගත්තෙය.

    ගැහැනිය් ඉවත්ව ගියාය
    "අපි බඩු ගත්තා, එන්න"
    බිරිදගෙන් වස්සැප් මැසෙජ් එකකි

    හාල්, පරිප්පු, සීනි, කෝපි කුඩු, මිරිස් කුඩු, රත්ති කිරි පිටි
    චොකලට්, පොඩි එවුන්ට ඩ්‍රෝවින් බුක්
    "නැන්දලට සති දෙකෙට මේ බඩු ඇති" මට සිතුනි
    මම එකින් එක උස්සාගෙන ඇවිත්, වාහනයයෙ පිටිපස කොටසට ඔබමින් සිටියේමි.

    කවුදෝ කියවනු ඇසෙයි
    "පරිස්සමට, පරිස්සමට"
    "පරිස්සමට අරන් යන්න මහත්තයා, පෙරලෙයි"
    "කෙනෙකුට දෙයක් දෙන්න ලෝබකමනෙ නේද, බලාගෙන අරන් යන්න"
    වටපිට බැලූ විට අර හිගන ගැහැනිය මදෙස බලා විරිත්තමින් සිටි
    "පරිස්සමට, පරිස්සමට"

    මට 84000ට මල පැන්නෙය, එ සමගම සිතුවිලි 3-4කින් සහ ඉලගට වියහැකි ක්‍රියාදාම වලින් එක වර ඔලුව පිරුනි

    01. ගැහැනියට පයින් ගැසිය යුතුය
    නැත, මේකි රෙද්ද උස්සන් කෑගැසීමට ඉඩ ඇත, රේප් කරන්න හැදුවා යැයි, කෑගැසුවොත් මට කුඩුවෙ ලැගීම ශුවර්ය

    02. " අනෙ පලයන හුත්ති#$යෙ යන්ඩ, කන්න නැත්නන්, ගිහින් මැරියන්" යනුවෙන් බැනිය යුතුය
    නැත, පවුලෙ උදවිය සිටින තැන එය උචිත නැත

    03. නෑහුන සේ සිටිය යුතුය
    May be, May be not,

    උබ කැරියා නන් මමත් කැරියා තමයි, පලිගැනීම ඔලුවෙ පුරවාගත් මම ෆුඩ් සිටිය තුලට නැවත ගොස් මැනෙජර් හමුවී
    මම ලගදී මෙහාට ආ බවත්, එදා පටන් cargills food city යන බවත්, එක එක හිගන්නන්ගෙන් කරදර විදිමට උවම්නා නන්
    පොලට යාමට හැකියාව තිබූ බවත් පැවසුවෙමි.

    "really sorry about this mr... "
    මැනජෙර මුමුනයි

    "මොකද උනේ, කොහෙද ගියෙ"
    නැවත රියදුරු අසුනට පැනගත් මගෙ පියා විමසුවේය
    සරලව සිදුවීම පැහැදිලි කලෙමි

    "ඔහොම පාරෙ ඉන්න හැම එකා එක්කම පැටලෙන්න ගත්තොත් අපිට යන්න වෙන්නෙ නෑ, ඕක හරෝල ගනින්, පරක්කු උනා"
    පියා පවසයි

    "අපිත් ඒ තත්වෙට වැටෙන්න හොද නෑ"
    මව පවසයි

    "ඇයි එහෙම කරෙ, පව්නෙ, අර ගැණු කෙනාට අද කන්න නැති උනොත් ඔයා නිසා තමයි"
    බිරිද පවසයි
    84000 -> 84001 විය. නමුත් එය නොපෙන්වන්නට වග බලා ගතිමි

    මොහොතකින්, සිකුරුටි පැමින හිගන ගැහැනියට එතනින් ඉවත් වන ලෙස දැණුම් දුන්නෙය
    ගැහැනිය රවමින් යයි

    වාහනය පාරට දාගත් මගෙ කෝපය ඉවත්ව ගියෙය, දොම්නසින් හිත පිරුනි
    මට එය නොකල යුතුව තිබුනි, මම අනුන්ගෙ දුකෙහිදී උනු වෙන හිතක් ඇත්තෙක්මි (අම්මප ඔව්, ජොක් නෙවෙ )

    කොරන්නට දෙයක් නැත
    මමත් හිගන්නොත් එක්ක ඇරගන්න තත්වෙට වැටී හමාරය
    :(

    සත්‍ය සිදුවීමකි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,676
    75,751

    Waradak ne ban, Mamath Cargils wage nawathapu gaman eka eka enawa. samaraha welawata jodu. Purudakata mama komath denne ne. Un mahat... kiyapu gaman mama athin yanna kiyala kiyanawa. unge welawath ithurui, mage welawath iturui :-D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    Waradak ne ban, Mamath Cargils wage nawathapu gaman eka eka enawa. samaraha welawata jodu. Purudakata mama komath denne ne. Un mahat... kiyapu gaman mama athin yanna kiyala kiyanawa. unge welawath ithurui, mage welawath iturui :-D

    අදත් දෙන්නෙකුට 20 ගානෙ 40 ක් කුඩු.

    Enabling නම් තමා :sorry:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    උබ ද මේක ලිව්වෙ

    මටත් මේකම තමයි දැනගන්න ඕන වුණේ. හොඳට ලියලා නම් තියෙනවා.

    Yep

    තේරුනේ නෑ..

    අහ් ok

    Waradak ne ban, Mamath Cargils wage nawathapu gaman eka eka enawa. samaraha welawata jodu. Purudakata mama komath denne ne. Un mahat... kiyapu gaman mama athin yanna kiyala kiyanawa. unge welawath ithurui, mage welawath iturui :-D

    කරේ නගින්න හදන එකනෙ එපා වෙන්නෙ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,889
    1
    51,876
    113
    ප*යාගල
    sorry.com
    මට එය නොකල යුතුව
    බම්බුව. කරපු දේ හරි. එක එක ඒස ගෑනුන්ගෙන් කතා අහන්න ඕනි නෑ. රුපියල් 30 දුන්නම ගන්නෙ නැ හැබැයි මුරුක්කු එක 100යි 🤣🤣 ඔන්න ඔහොමයි ඕකුන්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වැඩි දවසක් නෑ, දැන් සතියකට විතර කලින් අම්මයි නංගියි කාගිල්ස් එකට ගියා. නංගි බඩු ගන්න ඇතුලට ගිය වෙලාවෙ අම්මා වාහනේ ඇතුලෙ ඉඳගන මාත් එක්ක ෆෝන් එකෙන් කතා කර කර හිටියා. හිඟන මිනිස්සු එක එකා ඇවිල්ලා කරදර කරා. උන් සෙට් පිටින් ඉන්නෙ. තනියම ගෑනු කෙනෙක් ඉන්නවා දැක්කම ගේම නෙක්ස්ට් ලෙවල් ගෙනියනවා. අන්තිමට උන් හතර පස් දෙනෙක් වාහනේ ළඟටම වෙලා අම්මට බැන බැන හිටියා. අම්මා මට වීඩියෝ ඔන් කරලා පෙන්නුවා. ඊට පස්සෙ අම්මා සිකුරිටි එකට කියනවා කියලා ෆෝන් එක තියලා ගියා. එයාලා ගෙදර ගිහින් කතා කරනකන් ඇඟේ ලේ වතුර වෙලා හිටියෙ. ඕකුන්ට ගහලා එලවන්න ඕන දැක්ක තැන, කාලකන්නි. යකෝ ගෙදරක වැඩට ගියත් මේ කාලෙ අඩුම 30-40 ක් ලැබෙනවා. මුළු පඩියම ඉතිරියි. ඒ උනාට කැමැත්ත හිඟාකන්න.