ඕමි ගහන වැඩ්ඩො එන්න එකතුවෙමු..

H.O.R.T.O.N

Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    ඕමි ගහන්න 4ක් ඕනෙ. ටීම් දෙකකට සෙල්ලම් කරන්නේ. මුලින්ම 2කේ ඉඳන් 6 වෙනකන් කාර්ඩ් ටික අයින් කරන්න ඕන. ඒ අයින් කරන කාඩ් වලට කියන්නේ කැට කොල කියලා. ඒ කියන්නේ කාඩ් 52ක් තියෙන් පැක් එකේ ඕමි ගහන්න ගන්නේ 32ක් විතරයි. ඒ කියන්නේ 2,3,4,5,6(Heart♥,Spade♠,Clubs♣,Diamond♦)ඔක්කොම අයින් කරන්න ඕන කැට කොළ වලට. ඔය අයින් කරන කැට කොළ 20 තමයි ළකුණු වලට ගන්නේ. ඒ කාඩ් වලින් Spade♠,Clubs♣ ටික එක පිළක් ගන්න ඕන(කළු කාඩ්). අනිත් Diamond♦,Heart♥ ටික අනිත් පිළ වෙනම තියා ගන්න ඕන(පිල් දෙකටම 10ගානේ).
    දැන් කාඩ් 32කින් නේ අපි සෙල්ලම් කරන්නේ.. ඒ 32 ඩෙක් එක හොඳට අනලා(shuffle)කරලා අනිත් එකාට පකන්න දෙන්න ඕන. පස්සේ 32 ඩෙක් එක එකපාරට කොළ 4 ගානේ 4 දෙනාට පාස් කරන්න ඕන(බෙදා ගන්න).ඒම කරලා ඉවර උනාම එකෙක්ට කොළ 8 ගානෙ තියෙන්න ඕන.:growl: එහෙම බෙදුවහම බෙදපු එකාට දකුණෙ ඉන්න එකා තමුන්කාගෙ කාඩ් ටික බලලා තමුන්ගෙ වාසිය අනුව තුරුම්පු(Trump) කියන්න ඕන.:rolleyes: ඒ කියන්නේ එකම සිම්බල් එක ගොඩක් ඇවිල්ලා නම් ඒක කියන්න ඕන.:angry: එහෙම trumps කියලා ඒකෙන් හොඳ කාඩ් එකක් දාන්න ඕන. අත හැමතිස්සෙම යන්නේ වමට(anti-CW).:growl: අරූ තුරුම්පුව දාලා ඊට පස්සෙ අදින එකා ගාවත් තුරුම්පු තිබුණොත් අනිවා තුරුම්පුවක්ම ගහන්න ඕන. එහෙම නොදා වෙන කොලයක් දාලා මාට්ටු වුණොත් පිහියෙන් ඇනලා මරන්න(එහෙම කරාම නඩු වැටෙන්නෙත් නැහැලු ලංකාවෙ නීතියට අනුව). ඔන්න ඌගෙ අතේ තුරුම්පු එකක්වත් තිබුනෙ නැත්තම් වෙන කොලයක් දාන්න පුළුවන්. හැබැයි කොහොම හරි මුලින් දාපු තුරුම්පුව වැඩි කොලයක් දාලා කපන්න ඕන. හතර දෙනාම කාඩ් දාලා තුරුම්පුව කැපුව පිළ කාඩ් හතර වෙනම ළඟ තියා ගන්න ඕන. අතකට තුරුම්පු එකක් වත් පාස් වුණේ නැත්තම් වැඩි කොළේ ගහපු පිළට කාඩ් හතර ගන්න පුළුවන්.
    සම්පූර්ණ අතක් ඉවර වුණාම ළකුණු බෙදන්නෙ මෙහෙම(කැට කොළ). තුරුම්පු කියපු පිළ අත් පහක් හරි හයක් හරි හතක් හරි දින්න නම් ඒ ගත්ත පිළ(දිනපු පිළ) අනිත් පිළෙන් කැට කොළ එකක් දෙන්න ඕන(printed numbers not matters).:growl: තුරුම් නොකිය අත් පහක්,හයක්,හතක් දිනලා නම් පැරදුන පිළෙන් අනිත් දින්න පිළට කැට කොළ දෙකක් දෙන්න ඕන. එක පිළක් හරි අත් අටම දිනුවොත් පැරදුන පිළෙන් කැට කොළ තුනක් දෙන්න ඕන. ඒ විදිහට වෙච්ච අතක් අපි සාමාන්‍යයෙන් කියන්නේ "කපෝතියක්" කියලා. පිල් දෙකම එක පාර අත් හතර හතර දින්නොත් ඒ වෙලාවෙ කාටවත් කැට කොළ දෙන්නේ නෑ. ඒ වගේ ඒවට කියන්නෙ "රෙපෝරු" කියලා. හැබැයි ඊගාව අතේ හතරට වඩා දිනපු පිළට පැරදුන පිළෙන් කැට කොළ දෙකක් දෙන්න ඕන. එහෙම කරලා කැට කොළ දහයක් එක්කහු කරගන්න පිළ තරඟයෙන් දිනනවා. :P

    පොඩ්ඩක් සෙල්ලම් කරාම ඕන ගොනෙකුට තේරුම් ගන්න පපුළුවන්.. බැලුව නම් රෙප් එකක් දීපන්කො. ගොනා කිව්වට සොරි හොඳේ..:no:

    අඩේ පට්ට විස්තරයක් නේ..තැන්ක්ස් බන් මහන්සි වෙලා ටයිප් කළා ට.හවස් වෙලා කාඩ් කුට්ටමක් හොයන් වැඩේට එන්ටර් වෙන්න ඕනේ.. රෙප් එකක් වෙන්න කොමෙන්ට් සිඉයක් දාන්න ඕනේ නේද..අනිවා මගේ පලවෙනි රෙප් එක දෙන්නේ උබට ඕ.කේ!

    අඩෝ එක ඖලක් නෑ..:growl::rofl::rofl:
     
    • Like
    Reactions: DaFuq

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    එකම එක පොඩි තුරුම්පු කොලයක් විතරක් තිබුනොත් මොකද කරන්නේ.
    වෙලාවක් එනකන් බලන් ඉන්නවද දාන්න ? කලින් දාන්නත් බෑ පොඩි නිසා අත පරදිනවා, අන්තිම හරියේදී එත් වැඩක් නෑ ලොකු කොළ වලට අහුවෙනව. :oo:

    karanna deyak na machan wena.
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මෙන්න ට්‍රික් එකක්. අපි හිතමු Trumps තියෙන්නේ Hearts කියලා. ඉතින් උදේ පාන්දර තුරුම්පුවක් ගහනවට වඩා ඉස්සෙල්ලම තුරුම්පු නොවන කොළයක් දානව නම් හොඳයි. ඒ කියන්නෙ අපි හිතමු අපි ගාව Clubs 'A' තිබ්බා කියලා. උදේ පාන්දරම ඒක ගහනව නම් හොඳයි. මොකද අනිවා අපි දන්නවා උදේ පාන්දර නිසා අනිත් පිළේ උන් ගාවත් මොනා හරි Clubs cards තියෙනවා ඇති කියලා. සම්භාවිතාව වැඩියි. ඉතින් ඒ අත අනිවා අපේ.:P
     
    Last edited:
    • Like
    Reactions: H.O.R.T.O.N

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    නෑ බන් උඹට තේරිලා නෑ. කොල 24 මතක තියාගන්නවා නෙවේ. ඒක වංසෙන් තමයි මතක තියාගන්නේ.
    Ahh ha ha.. wanshen kola kiyak giyada kyla.. hri hri.. ela bn
    මෙන්න ට්‍රික් එකක්. අපි හිතමු Trumps තියෙන්නේ Hearts කියලා. ඉතින් උදේ පාන්දර තුරුම්පුවක් ගහනවට වඩා ඉස්සෙල්ලම තුරුම්පු නොවන කොළයක් දානව නම් හොඳයි. ඒ කියන්නෙ අපි හිතමු අපි ගාව Clubs 'A' තිබ්බා කියලා. උදේ පාන්දරම ඒක ගහනව නම් හොඳයි. මොකද අනිවා අපි දන්නවා උදේ පාන්දර නිසා අනිත් පිළේ උන් ගාවත් මොනා හරි Clubs cards තියෙනවා ඇති කියලා. සම්භාවිතාව වැඩියි. ඉතින් ඒ අත අනිවා අපේ.:P

    ow bn eeka hri.. math mulinm kiwwe ooka thmi bn.. apita enn thiyena sambhawithawa loweth wadi.. anapu ekage honda kama anuwa thmi ekek lngwath nathi unoth..
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    එකම එක පොඩි තුරුම්පු කොලයක් විතරක් තිබුනොත් මොකද කරන්නේ.
    වෙලාවක් එනකන් බලන් ඉන්නවද දාන්න ? කලින් දාන්නත් බෑ පොඩි නිසා අත පරදිනවා, අන්තිම හරියේදී එත් වැඩක් නෑ ලොකු කොළ වලට අහුවෙනව. :oo:

    ඒක මුලින් ගහල තුරුම්පු වට්ටපන් අනිත් උන්ගේ .
     

    chathu4742

    Well-known member
  • එකම එක පොඩි තුරුම්පු කොලයක් විතරක් තිබුනොත් මොකද කරන්නේ.
    වෙලාවක් එනකන් බලන් ඉන්නවද දාන්න ? කලින් දාන්නත් බෑ පොඩි නිසා අත පරදිනවා, අන්තිම හරියේදී එත් වැඩක් නෑ ලොකු කොළ වලට අහුවෙනව. :oo:

    සෙපෝරුවක් දාගන්න තමයි තියෙන්නෙ, මට අපේ සෙට් එක ඕමි ගහද්දි ඔහොම මගුලක් උනා. ඉස්කෝප්ප 8 තිබ්බෙ. එවාම තමා තුරුම්පු තිබ්බෙත්.. අනිත් එව්ව ටිකක් ලොකු කොල තිබ්බෙ. මම තනි තුරුම්පුව තියාගෙන පොර ටෝකන් දිදී ඉඳලා අන්තිමයට කලින් අතේ හාරත ආසියට තුරුම්පුව හැලුවා. වෙන කරන්න දෙයක් නෑ බන්. හොඳ වෙලාවට තුරුම්පු අතක් ගියෙ අන්තිමට..කොහොමහරි සෙපෝරුයි :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    meka thawa develop karanna oni machan..:D

    මුං ආසියව තියං ඉන්නව අන්තිම වෙනකන් ඇට කන්නද කොහෙද :lol:
    :oo: නෑ බන් ආසියාව ඉස්සෙලම දාන්න තමා හදල තියෙන්නෙ. බලපන්කො අනික් උන්ට වාරේ ආවම හැම එකාම ආසියාගෙන් පටන්ගන්නෙ. දාන්න චාන්ස් එක අවේ නැත්තන් ඉතිං දාන්න විදියක් නෑ නෙ.