ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයා ලංකාවට&#

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයා ලංකාවට&#

    ජුලි 11වනදාට පෙර කිසිකෙනෙක් දැනහැඳින නොසිටි නමුත් අද මුළු ලෝකයේම ක්‍රිකට් ලෝලයින්ගේ ආදරයට පත්ව ඉන්නා දහනව හැවිරිදි ඇස්ටන් ආගර් ගේ මව ශ්‍රී ලංකාවේ සිංහල කාන්තාවකි.
    මේ අසාමාන්‍ය තරුණ ක්‍රිකට් ක්‍රීඩකයා කරළියට පැමිනියේ අසාමාන්‍ය අන්දමටය.
    ඇස්ටන් ආගර් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දඟ පන්දු යවන්නායග මේ දිනවල බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියාව අතර නොටින්හැම් නුවර ට්‍රෙන්ට්බ්‍රිජ් පිටියේදී පැවැත්වෙන ටේස්ට් තරඟයේ දෙවන දිනයේදී ආගර් පන්දුවට පහරදීමට පැමිණියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අවසාන ක්‍රීඩකයා ලෙසටයග ඒ වනවිට තරමක් අපහසුදායක තක්වයක සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කඩුලු නවයක් දැවී රැස්කරගනීමට හැකිවී තිබුනේ ලකුණු 118ක් පමණි.
    නමුත් ඉතාමත් දක්ෂ අන්දමට පන්දුවට පහරදුන් මේ කෝඩුකාර තරුණයා ක්‍රිකට් ඉතිහාසයට නම එකතුකරමින් එකොළොස්වෙනි කඩුල්ල සඳහා වැඩිම ලකුණු සංක්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා බවට පත්වීමට සමත් වියග ඇදහිය නොහැකි අයුරින් එදින ඔහු රැස්කළ ලකුණු සංක්‍යාව 98කි.
    ඔහු එම තරඟයේදී පිල් හියුස් සමඟ රැස්කළ ලකුණු 163 දහවෙනි විකට්ටුව සඳහා හවුලේ එකතුකළ වැඩිම ලකුණු සංඛ්‍යාවද වෙයි.
    ඔහු තව ලකුණු දෙකක් රැස්කිරීමට සමත්වුවානම් ටෙස්ට් තරඟයකදී 11වෙනියා ලෙස ලකුණු 100ක් රැස්කල ලාබාලම ක්‍රීඩකයා ලෙසටද ඉතිහාසයට එකතුවීමට ඉඩ තිබුණිග කෙසේවුවද ඒවනවිටත් ඔහු වාර්තා දෙකක්ම පිහිටුවා තිබුණි.
    ලකුණු 98 දී ඔහු දැවීගිය අවස්ථාවේ තමන්ට දුක හිතුන බව එංගලන්ත කණ්ඩායම් නායක මයිකල් වොන් ඉතා නිහතමානීව සඳහන්කර තිබුණි.
    ලකුණු 98ට දැවීගිය පසු තරඟය නරඹමින් සිටි ඔහුගේ දෙමාපියන් වෙතට ගිය ආගර් ලකුණු 100ක් ලබාගැනීමට නොලැබීම ගැන තම කණගාටුව පළකර සිටියේයග ඒ වනවිට ඔහුගේ දෙමාපියන් සිටියේ දෙනෝ දාහක් ඉදිරියේ තම වැඩිමහල් පුත්‍රයා පෙන්වූ මේ අසාමාන්‍ය ශුරතාවය පිලිබඳ සතුටු කඳුළු වගුරුවමිනි.
    ආගර් ලකුණු 98 දී දැවී යාම පිළිබඳව කතාකල ක්‍රීඩා විචාරකයින් කීවේල ලකුණු 90 ගණන් වලදී පළපුරුදු ක්‍රීඩකයින් පවා තැතිගැන්මට පත්වන බවත් තම ප්‍රථම ටෙස්ට් තරඟය ක්‍රීඩාකළ මේ ඉලන්දාරියාගේ සිතේ ඒ වෙලාවේ කෙතරම් තැතිගැන්මක් තියෙන්නට ඇත්දැයි කියායග ඒදක්වා ඔහු ඉතාමත් හුරුබුටි සහ ඥානාන්විත අන්දමට පන්දුවට පහරදුන් අන්දම දැකගැනීමට ලැබීම භාග්‍යයක් බවද ඔවුහු සඳහන් කළහග ආගර්ට ඉතාමත් දුර ගමනක් යාමට හැකිබව එදා පෙන්නුම්කරන ලද බවද ඔවුන්ගේ මතය විය.
    ඕස්ට්‍රේලියානු ඉනිම අවසානයේ ආගර් ක්‍රීඩාපිටියෙන් ඉවත්ව යන අවස්ථාවේ පිට්ටනිය පිරී ඉතිරේ සිටි සියලුදෙනාම තම අසුන්වලින් නැගී සිට අත්පොලසන් දෙමින් ආගර් පෙන්වූ ශුරකමට ඔවුන්ගේ ප්‍රසංශාව පලකළහ.
    කවුද මේ ඇස්ටන් ආගර් කියන්නේ?

    1993 ඔක්තොම්බර් 14 මෙල්බෝර්න් හිදී උපතලද ඇස්ටන් ආගර්ගේ මව සෝනියා හේවාවිස්ස ආගර් ශ්‍රී ලාංකික කාන්තාවකිග ඔහුගේ පියා ජෝන් ආගර් වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බෝර්න් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩාකර ඇතග ආගර්ගේ මවගේ පියාවූ නාල හේවාවිස්ස මහනුවර ධර්මරාජ විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස ක්‍රීඩා කල අයෙකිග ඔහුගේ දක්ෂතාවය ඇගයීම සඳහා වාර්ෂික ධර්මරාජ කින්ස්වූඩ් තරඟ කුසලානය නම්කර ඇත්තේ නාල හෙවාවිස්සගේ නමිනිග ඔහුගේ බිරිඳ ශීලා හේවාවිස්ස ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ඕස්ට්‍රේලියානු කාර්යාලයේ සේවය කාලයග ඔවුන්ගේ දියණිය සෝනියා හේවාවිස්ස ඔස්ට්‍රේලියාවේදී ජෝන් ආගර් සමඟ විවාහ වුවායග ඒ දෙපලට පුතුන් තිදෙනෙක් සිටිතිග ඉන් වැඩිමහලු දරුවා ඇස්ටන් ආගර්ය.
    ඇස්ටන් ආගර් දක්ෂ දඟ පන්දු යවන්නෙකිග ඔහුගේ ස්වාභාවික සහ ප්‍රසන්න පන්දුයවීමේ හැකියාව පසුපස ඔහුගේ මව් පාර්ශ්වයෙන් දායකවී ඇති ශ්‍රී ලාංකික සම්භවයේ ජාන හෙතුවිය හැකියැයි දැන් දැන් ක්‍රිකට් විචාරකයින් පවා ඉස්මතුකර පෙන්වීමට උත්සාහ දරති.

    ඔවුන් කියන්නේ ,අනවශ්‍ය තරමට වඩා වැඩියෙන් ගුරුහරුකම් ලබානොදෙන හේතුවෙන් ශ්‍රී ලාංකික දඟපන්දු යවන්නන් හැමදෙනාම බෝල යවන්නේ තමන්ට හුරු ස්වාභාවික ශෛලීයකිනිග මෙය ඉතාම ඵලදායී ක්‍රමයක් බව මුත්තයියා මුරලිදරන් වැන්නවුන් ඔප්පුකර ඇතග ඇස්ටන් ආගර්ගේ පන්දුයවීමේද දකින්නට ඇත්තේත් ඒ ශෛලීයමයි, කියාය.
    ඇස්ටන් ආගර් වයස 18දී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ශිෂ්‍යත්වයක් දිනාගැනීමට සමත් වියග පසුගිය අප්‍රේල් මාසයේදී ඉන්දියාවල එංගලන්තය සහ නවසීලන්තය සමඟ ඕස්ට්‍රේලියාවේ පැවති වයස 19යෙන් පහල ක්‍රිකට් තරඟාවලියට සහභාගීවූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඔහු තෝරා ගැනුනි.
    එම තරඟාවලියේදී ඔහු කඩුලු අටක් දවාලීමට සමත් විය.
    වයස 15ල 17 සහ 19 යේ කණ්ඩායම් සඳහා ඔහු ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ක්‍රීඩාකර ඇත.
    දැනට ඔහු නීතීඥ උපාධියක් සඳහා ඉගෙනුම ලබයිග සිය දෙමාපියන් සමඟ කිහිප වතාවක්ම ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති ඔහු ශ්‍රී ලංකාවට ඉමහත් ඇල්මක් දක්වන බව කියයි.
    යම්කිසි විධිහකින් ශ්‍රී ලංකා කණ්ඩායමට සම්බන්ධවන ලෙසට ආරාධනයක් ලබුනහොත් එය භාරගැනීමට කැමතිදැයි ඇසුවිට ඔහුගේ පියා කියා අතේ ,අපි ශ්‍රී ලංකාවට ඉතාම ආදරෙයිගශ්‍රී ලංකාවේ ඇති දක්ෂ ක්‍රිකට් කණ්ඩායමක් සිටිනවාග අපි ඉන්නේ ඔස්ට්‍රේලියාවෙනේග එනිසා මම හිතන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සෙල්ලම්කිරීම තමා අපේ දරුවන්ට තියෙන හොඳම දේ, කියාය.
    ඇස්ටන් අගර්ගේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයින් වන්නේ ෂේන් වොන් සහ සචින් තෙන්දුල්කාර් බවද ඔහු කියයි.
    ඇස්ටන් අගාර්ට අපි ඉතසිතින් සුභ ප්‍රාර්ථනා කරමු.


    420(1).jpg

    421(1).jpg

    422.jpg

    423.jpg

    424.jpg

    425.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල කොහෙ හිටියත් අපේ කොල්ලෙක්නේ.. දැන් ඔස්ට්‍රේලියා කන්ඩායම දිහාවත් බලල සතුටුවෙමු.
    REP+2
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    දැන් ඉතින් අපේ ටීම් එක හොදට ගහනකන් ඕස්ට්‍රේලියාවට සප් එකක් දෙන්න පුලුවන්.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    මම යාළුවෙක්ගේ ගෙදරින් මැච් එක බැලුවා peotv එකෙන්.මේ පොඩි එකා හිනා වෙවී බැට් කරනවා දැක්කම මොකද්දෝ අමුත්තක් දැනුනා.ඕස්ටේලියාවේ එකෙක් වගේ ඔරවාගෙන,කුණුහරප කියාගෙන නෙවේ, දැක්කම ඕසියෙක් උනත් දිගටම ගහපං පුතා කියල හිතුනා.පුදුමාකාර ඉනිමක් ඒක..11 ට ඇවිල්ලා,පලවෙනි මැච් එකේ,පලවෙනි ඉනිමෙ 98......මාර ආතල් එකක් මූ දුන්නේ,98 අවුට් උනාම අපිට ඇඩුනාවගේ උනා.ඒත් පොඩි එකා හිනා වෙවී ඔල්වරසන් මැද පිටියෙන් ඉවත් වුනා.පස්සෙ අම්මයි,තාත්ටයි,මල්ලිලා දෙන්නටයි කතා කරලා කිව්වා 100 ගහන්ට බැරිඋනාට sorry කියලා...ගහන්ට බැරි වෙච්චි ලකුණු 2 ගැන නෙවේ ගහපු 98 ගැන ආඩම්බරයි කිව්වා.ටීම් එකට තෝර ගත්තෙ පන්දුයවන්නෙක් විදිහට හින්දා ඒක හරියට කරන්න බලාපොරොත්තු වෙනවා කිව්වා.නීතිඥයෙක් වෙන්ට ඉගෙනගන්න කොල්ලෙක්.Clarke,Wotson වගේ ලොකු අයියලා බිම වැටෙද්දි අධිෂ්ඨානයෙන් තම රටම ගොඩගත්ත පොඩි එකා ලෝකෙටම පෙන්නපු ආදර්ශයට ඕස්ටේලියාවෙ අගමැති පහුවදා'Ashton Agar day'ලෙස නම් කරා.
    ඊයේ ඕස්ටේලියාව මැච් එක ලකුණු 14 කින් පැරදුනා.මාරම මැච් එකක් ඒක.පොඩ්ඩා නැත්තං සුද්දො ඕස්ටේලියාවෙ කොඳු කඩලා හුගක් කල්..
    පස්සේ බලද්දි මුගෙ බාගයක් අපේනේ...අපිටත් ආඩම්බරයි!ඔහොම යං පුතා!අම්මගෙන් උරුම වෙච්ච ඒ අහිංසක හිනාව දිගටම තියා ගනිං ඇ....
     
    Last edited: