කට පාඩම් කරපුවා මතකද?


ඉස්කෝලෙ යන කාලෙ සිංහල වලට එහෙම කට පාඩම් කරපු කවි සින්දු මතකද??
කම්මැලි කම යන්නත් එක්ක මතක් කරමුද කට්ටියම?
කම්මැලි කම යන්නත් එක්ක මතක් කරමුද කට්ටියම?
..♪ ♫♫ ♪ ♪..




♥-Aurora-♥;8928853 said:හතරරියන් සහ දෙරියන්
එකම ගමේ යහළුවෝය
කලක පටන් මේ දෙන්නා
බොහොම එකමුතුයි
දවසක් දා මේ දෙන්නා
දෙමංසලේ මුණගැහිලා
හවුලෙ වැඩක් අරඹන්නට
කතිකා කෙරුවා
අපි දෙන්නා හවුල් වෙලා
සම පමණට මුදල් යොදා
හොඳ කිරි එළදෙනක ගනිමු
දෙරියන් කීවා
ඒ අදහස බොහොම අගෙයි
මගෙන් මුදල් අඩක් ලැබෙයි
හතරරියන් එක වරටම
සතුට පල කලා
...
-5 වසර සිංහල-
amooo mee okkama matakada ?/

mata nam athtatama mathaka na ban♥-Aurora-♥;8928814 said:සිරිමත් මගෙ සකි
යහපත් ළමයෙකි
නුවණත් ඇත්තෙකි
වැඩටත් සමතෙකි..
4 වසර - සිංහල



පින්සිදු වන්නේ අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ
වනේ පුරා සොයා ගොසින් කෝටු කඩාලා
කුඩා කුඩා කැබලි තුඩින් මෙහි ගෙනවිල්ලා
ගසේ මුදුන් අත්ත උඩින් කෝටු තබාලා
උදේ පටන් දවස පුරා තූඩු තනාලා
කොලේ කොලේ දමා කුඩා නිවස තනන්නේ
මගේ දයා බිරිද නිතර එය සරසන්නේ
රැලේ රැලේ පුඵන් දමා යහන සදන්නේ
අගේ මටයි ළදරුවනේ එය නොකඩන්නේ
මෙදා මගේ නිවස ඇතා සතුට වඩාලා
උදාරවූ කිරිල්ලගේ දරුවෝ පිරීලා
එදා අනේ අපට ගලෙන් ගැසුව සියල්ලා
වැදා කියමි මගේ පුතුන් හෙම නොමරල්ලා
දෙමාපියන් සෙනේ වෙතේ තම දරුවන්ටා
ළමා ඔබෙන් අපට නැතේ මිහිපිට ඉන්ටා
සමාවෙලා මෙ අප වෙතේ දිවි රැක ගන්ටා
සමා යදිමි දෙන්න පුතේ මෙතෙන රැදෙන්ටා









