කඨින පින්කමක් සoවිධානය කරන්නේ කොහොමද?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    405
    63
    කඨින පින්කමක් සoවිධානය කරන්නේ කොහොමද?
    සමානයෙන් කොපමණ මුදලක් වගේ යනවාද?
    මට පින්කමක් කරන්න අසායි එකයි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    1. පන්සලට යන්න
    2. නායක හාමුදුරුවො හම්බෙන්න
    3. කටිනෙ බාරගන්න, එහෙමත් නැත්නන් දැනට බාරගත්ත කෙනා එක්ක හවුලෙ කරන්න එකග වෙන්න හාමුදුරුවො දැනුවත්ව
    4. පන්සලෙ අඩු පාඩු බලන්න ( තාප්පෙ තීන්ත ගාන්න, දාන සාලාව තෙමෙනවද බලන්න, ) මේ අඩුපාඩුවක් හදන්න එකග වෙන්න ( තමන්ට පුලුවන් තරමින්, මේක අනිවාර්ය නැහැ )
    5. ඒකට කොටේසන් එකක් ගන්න
    6. කල් ඇතුව ඒව හදන්න ඕන, බාස්ල හොයන්න ඕනෙ, උන්ට කන්න දෙන්න ඕනෙ ( සමහරු කටිනෙ කිව්වම නිකන් වැඩ කරන්නෙ, හැමෝම නෙවෙවි , ඇති හැකි විදියට )
    7. තව වියදම් සෙට් වෙනවා, ලේසි වැඩක් නෙවෙ. කටින කාලෙ හැමදාම පන්සල් යන්නත් ඕනෙ

    අපේ නැන්දම්ම කරා, ලක්ස 3.5 වගේ ගියා මතකයි.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,593
    1
    32,328
    113
    - උඩරට -

    අපේ පැත්තේ නම් පන්සල් වල කඨින කියලා හාමුදුරුවෝ සල්ලි ගසා කනවා.. :baffled:
    රෙපෙයාර් සීන් වලට කැමනී නෑ උන්ට ඕනී සල්ලි :eek:
     
    Thanks mchn
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,137
    3
    118,872
    113
    Gampaha

    කඨිනෙට කලින් මාස 3ක් විතර මාසෙකට සැරයක් බණක් කියවනව.

    කඨිනෙ දවසෙ රෑ පන්සලේ ඉන්න සේරටම කෑම දෙනව.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    අපේ පැත්තේ නම් පන්සල් වල කඨින කියලා හාමුදුරුවෝ සල්ලි ගසා කනවා.. :baffled:
    රෙපෙයාර් සීන් වලට කැමනී නෑ උන්ට ඕනී සල්ලි :eek:
    Rs 500ක් දීලා පන්සලෙන්ම පිරිකරේ අරන් පන්සලටම දෙන්නලු. 😕
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කඨිනෙට කලින් මාස 3ක් විතර මාසෙකට සැරයක් බණක් කියවනව.

    කඨිනෙ දවසෙ රෑ පන්සලේ ඉන්න සේරටම කෑම දෙනව.
    ඔව් ඔව්
    දානෙකුත් දුන්න මතකයි. සුපිරියටම තිබ්බ කෑම ටික නන් :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔය වැඩකට නැති රෙද්දවල් නොකර පුළුවන්නම් ඒ ලක්ෂන් 3.5න් bbraun automatic infusion pump එකක් අරන් දීපන් අපේක්ෂා එකට. theater, ICU වල ඇරුනම machine 8 යි තියන්නෙ අපේක්ෂා එකටම. ලෙඩ්ඩු ඉන්නව සිය ගානක් ward වල. tumour/ affected area එකේ වේදනාව වැඩි උනාම මෙයින් එකක් ගිහින් කට්ට ගහල IV morphene දැම්මම හෙන slow rate එකෙන් release වෙනව. එතකොට වේදනාව පොඩ්ඩක්වත් එන්නෙ නෑ.

    අද කාලෙ සින්හල පොන්නුන් කඨින කරන්නෙ අසල්වැසියන්ට රිද්දල සිංහල දෙයියෝ වගේ අමුතු social status එකක් ගන්න. බුදු හාමුදුරුවො හිටියනම් තහනම් කරල වැඩක් තියන පිංකමක් කරන්න කියයි අද මහණ වෙලා ඉන්න අයගෙ V8 ටික දැකල

    maxresdefault.jpg
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769

    මාත් මේකට යම්කිසි දුරකට එකගයි, සිල්වත් හාමුදුරු නමක් ගොඩක් අඩුයි හොයාගන්න ඉතින්. ඉතින් එහෙම හාමුරුවරුන්ට දානෙ දෙන්න ගියහම නොදැනුවත් කමින් පින්කම් කරන අය කුසල් වලට වඩා අකුසල් කරගන්නවා හාමුරුවරුන්ට තියන දේවල් දැක දැක. ඉතින් කරගත්තු කුසලයවත් ඵල දෙන්නේ නැ හරියට . එහෙම නිසා හිතේ කහටක් ඇතිවෙන්නේ නැ ඇත්තටම දුක් විදින කෙනෙක්ට පිහිට වුනොත්. කරපු කුසලයවත් හරියට ඵල දෙයි.
     
    Last edited:
    • Like
    Reactions: hancok and Rankira

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපේ පැත්තේ නම් පන්සල් වල කඨින කියලා හාමුදුරුවෝ සල්ලි ගසා කනවා.. :baffled:
    රෙපෙයාර් සීන් වලට කැමනී නෑ උන්ට ඕනී සල්ලි :eek:
    ඔව් බන්
    දැන් අවුරුදු පහ හයක් ඉදන් ඔහොමයි.
    ඉස්සරනම් කටිනෙ කීවම එක ගෙදරක නෙ
    දැන් සමහර පන්සල්වල මාසයක් තිස්සෙ එක එක දවසට එක එක ගෙවල් වලට කටින් චීවරෙ අරන් ගිහින් සල්ලිකඩාගන්නවා මාර විදියට

    ඔය වැඩකට නැති රෙද්දවල් නොකර පුළුවන්නම් ඒ ලක්ෂන් 3.5න් bbraun automatic infusion pump එකක් අරන් දීපන් අපේක්ෂා එකට. theater, ICU වල ඇරුනම machine 8 යි තියන්නෙ අපේක්ෂා එකටම. ලෙඩ්ඩු ඉන්නව සිය ගානක් ward වල. tumour/ affected area එකේ වේදනාව වැඩි උනාම මෙයින් එකක් ගිහින් කට්ට ගහල IV morphene දැම්මම හෙන slow rate එකෙන් release වෙනව. එතකොට වේදනාව පොඩ්ඩක්වත් එන්නෙ නෑ.

    අද කාලෙ සින්හල පොන්නුන් කඨින කරන්නෙ අසල්වැසියන්ට රිද්දල සිංහල දෙයියෝ වගේ අමුතු social status එකක් ගන්න. බුදු හාමුදුරුවො හිටියනම් තහනම් කරල වැඩක් තියන පිංකමක් කරන්න කියයි අද මහණ වෙලා ඉන්න අයගෙ V8 ටික දැකල
    පිනෙන් වලකන එකත් එකවිදියක පවක්. ලකුන්ටක භද්දියහාමුදුරුවො කොටවෙලා ඉපදුනෙත් උබ ඕක කරනවා වගේ වැඩකරලා.
    ------ Post added on Apr 3, 2021 at 5:53 PM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් බන්
    දැන් අවුරුදු පහ හයක් ඉදන් ඔහොමයි.
    ඉස්සරනම් කටිනෙ කීවම එක ගෙදරක නෙ
    දැන් සමහර පන්සල්වල මාසයක් තිස්සෙ එක එක දවසට එක එක ගෙවල් වලට කටින් චීවරෙ අරන් ගිහින් සල්ලිකඩාගන්නවා මාර විදියට

    පිනෙන් වලකන එකත් එකවිදියක පවක්. ලකුන්ටක භද්දියහාමුදුරුවො කොටවෙලා ඉපදුනෙත් උබ ඕක කරනවා වගේ වැඩකරලා.
    ------ Post added on Apr 3, 2021 at 5:53 PM
    ඔය දෙකෙන් හරි පින මොaකක්ද කියල ආරන්‍යවාසී හාමුදුරුවො කෙනෙක් ළඟටම ගිහින් අහන වෙනව

    අරකෙදිනම් මිනිස්සු 2ක් විතර දවස ගානෙ නිදුක් වෙනව.
    සිවුරක් කරේ තියන් ගම වටේ ගිහිල්ල අහල පහල ඉන්න උන්ට කන්න දීල වෙන පින මොකක්ද කියල හොයල බලන්න ඕනෙ අරකට සාපේක්ෂව.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    katina pinkame katina pina labenne.

    1. katina mas thune hama dama pansalata yanna hamuduruwange duka sapa soya balanna
    2. katina cheevaraya puja kirima

    peraharawal, kama beema okkama passe add wecha deewal. pansala saha karana kenage hakiyawa anuwa wenas wenawa.

    naya wenne nathuwa thamanta puluwan widiyata karanna
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    ඔය වැඩකට නැති රෙද්දවල් නොකර පුළුවන්නම් ඒ ලක්ෂන් 3.5න් bbraun automatic infusion pump එකක් අරන් දීපන් අපේක්ෂා එකට. theater, ICU වල ඇරුනම machine 8 යි තියන්නෙ අපේක්ෂා එකටම. ලෙඩ්ඩු ඉන්නව සිය ගානක් ward වල. tumour/ affected area එකේ වේදනාව වැඩි උනාම මෙයින් එකක් ගිහින් කට්ට ගහල IV morphene දැම්මම හෙන slow rate එකෙන් release වෙනව. එතකොට වේදනාව පොඩ්ඩක්වත් එන්නෙ නෑ.

    අද කාලෙ සින්හල පොන්නුන් කඨින කරන්නෙ අසල්වැසියන්ට රිද්දල සිංහල දෙයියෝ වගේ අමුතු social status එකක් ගන්න. බුදු හාමුදුරුවො හිටියනම් තහනම් කරල වැඩක් තියන පිංකමක් කරන්න කියයි අද මහණ වෙලා ඉන්න අයගෙ V8 ටික දැකල

    maxresdefault.jpg
    අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය.

    “කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං
    බුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං
    ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච
    කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”

    මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.

    1. කඨින සිවුරක් පූජා කිරීම
    2. අටපිරිකර පූජාකිරීම
    3. ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
    4. බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
    5. බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
    6. සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
    7. බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
    8. වැසිකිළි තනවා සඟසතු කර පිදීම. යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ.
    මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම,පියා මැරීම,රහතුන් මැරීම, සංඝභේදය බුදුන්ගේ ඇගේ ලේසෙලවීම. ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ.

    Read the rest from below
    https://www.aryapatipada.org/katina-pinkama-1/
     
    • Like
    Reactions: S_M_S

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    කඨින පූජාව කියන්නේ මචන් තනියම කරන දෙයක් නෙවෙයි. ඒකට ගොඩක් උදවිය එකතු වෙනවා. ඕකේ ඉතින් එක එක පැතිවල විවිධ වෙනස්කම් තියෙනවා මුලින්ම පන්සලේ හාමුදුරුවෝ හම්බ වෙලා කඨින චීවර පූජාව බාර ගන්න කැමතියි කියන්න. පස්සේ හාමුදුරුවෝ එක ගැන කියයි. කොළඹ ගොඩක් පන්සල් වල අවුරුදු ගානකට පූජාව බාර ගෙන ඉවරයි. දැන් අපේ පංසලේ 2025 විතර වෙනකන් බාර ගෙන ඉවරයි. එහෙම උනොත් ඔයාට පුළුවන් වෙන කෙනෙක් එක්ක හවුලේ කඨින චීවර පූජාව කරන්න. බාර ගත්ත කෙනත් එක්ක කතා කරගන්න තියෙන්නේ.

    කඨින චීවර පූජාව සිදු කරන්නේ වස් 3න් මාසේ ගෙවුනට පස්සේ. වස් තුන් මාසේ පුරාවට භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතා බලන්න ඕනි ඕක ඉතින් සමස්ත දායකයන්ගේම වගකීමක්. ඔය තුන්මාසේ පුරාවට සතර පෝයටවත් පිංකම් තියනවා. ධර්මදේශනා එහෙම.
    පන්සල කළ එළිකරලා. තීන්ත ටිකක් ගාලා ගන්න ඕනි. ඒවා ඉතින් දායකයෝ ගොඩක් දුරට බෙදාන සම්මාදම් වෙලා කරනවා. ස්මහර ඈයෝ තියෙන මසුරුකමට ද මන්දා තමන්ගේ සල්ලි වලින්ම තමන්ම කරන්න දගලනවා. තව කෙනෙක්ව සහභාගී කරගන්න කැමැත්තක් නෑ.

    සමහර පංසල් වල සිවුරු රෙද්ද ගෙනහල්ලා එක කැබලි කරලා මහලා කඨින සිවුර හදනවා. ස්මහර පංසල්වල කෙලින්ම කඩෙන් ගේනවා. ඔය කලාතුරකින් පන්සල්වල සුදුරෙද්ද පඪු පොවලා මහලා කරලා ගන්නවා. එකයි මම කිව්වේ ඕක විවිධකාර වෙලා දැන්. සමහර විට කඨිනය බාර ගත්ත ප්‍රධාන පුද්ගලයා සිවුර තමන්ගේ සල්ලි වලින්ම කඨින සිවුර පූජා කරනවා. තවත් සමහරු කැමති කැමති අයගේ සල්ලි එකතු කරලා සිවුර අරන් සකසනවා. එතකොට තව පිරිසකට සම්මාදන් වෙන්න පුළුවන්නේ. කඨින පෙරහැරට උනත් සහභාගී වෙන්නේ දහ්ම් පාසල් දරුවෝමනේ. ඒගොලෝ ආචාර්‍ය මඩුල්ලත් එක්ක ඒදේවල් ගොඩක් දුරට කරගන්නවා. ඉතින් ඔය ළමයි ගම වටේම මල් බයිසිකල් පැද පැද, කස ගගහා ගිහින් ආවහම කෝපි එකක්, තේ එකක්, බනිස්ගෙඩියක් එහෙම දෙන්න ඕනි. සාංඝික දානේ දෙන්න ඕනි. ගොඩක් වෙලාවට සර්වරාත්‍රික පිරිත් දේශනාවක් එහෙමත් තියනවා.

    ‍යන ගාණ ඉතින් ඒ ඒ හැටියට තමයි. හිතාගන්න පුළුවන්නේ. දුෂ්කර ගමක පංසලේ ක්ඨින පූජාවට යන ගාණයි. කොළඹ පංසල් වල පූජාවට යන ගානයි වෙනස්. සල්ලි තිබ්බට මහා කුසල් කියලා නම් කරපු කුසල් කළාට ම මදි චේතනාව තමයි ප්‍රධාන.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය.

    “කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං
    බුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං
    ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච
    කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”

    මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.

    1. කඨින සිවුරක් පූජා කිරීම
    2. අටපිරිකර පූජාකිරීම
    3. ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
    4. බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
    5. බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
    6. සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
    7. බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
    8. වැසිකිළි තනවා සඟසතු කර පිදීම. යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ.
    මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම,පියා මැරීම,රහතුන් මැරීම, සංඝභේදය බුදුන්ගේ ඇගේ ලේසෙලවීම. ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ.

    Read the rest from below
    https://www.aryapatipada.org/katina-pinkama-1/
    අවුරුදු 2500 කට කලින් ඔහොම දේශණා කරල තියන්නෙ හාමුදුරුවන්ට පුද සත්කාර කරල ඒගොල්ලන්ව පවත්වාගෙන ගියොත් ඒගොල්ලන්ට ලේසියෙන්ම බුද්ධ ධර්මය මිනිස්සුන්ට උගන්වමින් ඉන්න පුළුවන් නිසා. ඒත් දැන් වෙලා තියන්නෙ ඕක overdo කරන්න ගිහින් සංඝයාට සැප pro max කරල V8 සංඝ සතු කර කර ඉන්න එක. දැනටමත් තියන සැප, 10 ගුණයකින් වැඩි කළා කියල ඒගොල්ලො බුදු දහම ප්‍රචාරණය සහ මිනිස්සුන්ට බුදු දහම ඉගැන්වීම 10 ගුණයකින් වැඩි වෙන්නෙ නෑ. අඩු වෙනව විතරයි හාමුදුරුවො සැප සයුරේ ගිලුනම. කඨින චීවරයක් දෙන්න කියන්නෙ අටපිරිකරක් දෙන්න කියන්නෙ බුදු දහමේ චිරස්ථිතිය උදෙසා ජීවිතේම කැප කරන් වැඩ කරන හාමුදුරුවොන්ට අඳින්න ඇඳුම් දෙන එක පිනක් නිසා. එතකොට ඔයත් ඒ ධර්ම ප්‍රචාරයට දායක වෙලා පිං රැස් කරන නිසා. හැබැයි දැන් අඳින්න සිවුරුත් වැඩියි දෙන අට පිරිකරත් වැඩියි දෙන එක අටපිරිකරක්වත් ඔය එක හාමුදුරුවෙක් වත් අරින්නෙත් නෑ කඩේට token එක වගේ දීල මුදල් කරගන්නව. එතකොට බැලුවම වක්‍රාකාරව හාමුදුරුවන්ට මුදල් දීල අට මහා පිංකම් කරනව කියල ඔයා කරල තියන්නෙ පවක්.

    අනික බුදු හාමුදුරුවන්ගෙ කාලෙ දැන් වගේ ඉස්පිරිතාල තිබ්බෙ නෑ. ගොඩ වෙද්දු ටිකක් හිටිය පැළ කඩල උරච්චි කරන. ඉතින් අට මහා පිංකම් වලට ඉස්පිරිතාලෙ වේදනාවෙන් ඉන්න ලෙඩ්ඩුන්ට life support machine කියල එකතු කරන්න බෑ ඒ කාලෙ සරලවම දැන් හරියට පිනක් කරගන්න පුළුවන් ක්‍රම තිබ්බෙ නැති නිසා. ඒකයි කිව්වෙ බුදු හාමුදුරුවො දැන් හිටියනම් අනුගාමික සංඝයා වහන්සේලට දෙන අනවශ්‍ය සැප දැක්කනම් ඔය අට මහා පිංකම් revise කරනව.
    • බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.

    තවත් උදාහරණයක්. අට මහා පිංකම් කියල නාකි educated අය කරන්නෙම මේක. BMICH book fair තියන කාලෙට ධර්මය තියන පාලි පොත් ටොන් ගනන් අරන් පන්සල් වලට පූජා කරනව. පන්සල් වල ඔය හැම පොතක්ම තියනව copies දෙක තුන ගොඩ ගැහෙන එක විතරයි වෙන්නෙ. කවුරුත් බලන්නෙත් නෑ පාලි මගුල් බලන්න දන්නෙත් නෑ. හැබැයි එහෙයියෙක් නොවී බුදු හාමුදුරුවො ඔය දේශනා කරල තියන දේ වර්තමාන context එකකින් හිතල නිකන් අද කාලෙ කවුරුත් නොබලන පොත් ගගහ සල්ලි නාස්ති නොකර ධර්මය සාමාන්‍ය තේරෙන භාශාවෙන් බයිල නැතුව සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් theoretically හොඳට පැහැදිලි කරන youtube එකක් හදන්න fund කරන්න එහෙම පුළුවන් ඔය හොඳට ඉංග්‍රීසි දන්න ඉන්ජිනේරු උපාධි කරල මහණ වෙච්ච හාමුදුරුවො ටිකක් අල්ලගන. සුද්දො මිලියන ගණන් ඉන්නව දෙය්යො මැවුව කියන එව පුස්සක් බව තේරිලා alternative එකක් හොයන. ඒගොල්ලන්ට buddhist teachings පිළිබඳව හොයාගන්න easy sources අඩුයි අද කාලෙ ඕන මගුලක් ඉගනගන්න youtube එකට දුවන්නෙ. එහෙ ගිහාම එව නෑ පොඩි introduction එකක් දෙකක් මිසක්. ඒව කරන්න බෑ මොකද අවුරුදු 2500 කට කලින් අට මහා පිංකම් වල දේශණා කරල නෑනෙ youtube channel වලට fund කරන්න කියල :rofl: . ඉතින් පොත් ගගහ සල්ලි නාස්ති කර කර ඉන්නව අට මහා පිංකම්™ verified පිං points ගන්න

    අවුරුදු 2500ක් පරණ ලියවිච්ච දේ ඔහේ අරන් implement කරල පිං බලාපොරොත්තු වෙනවට වඩා මොළය ටිකක් පාවිච්චි කරල බුදුන් වහන්සේ කියපු දේවල් දර්ශනයක් විදිහට හිතල උන් වහන්සේ දැන් ජීවත් වුණානම් මොනා දේශනා කරයිද කියල අද context එකෙන් හිතල පින් දහම් කලානම් බුදු හාමුදුරුවො ඒ කාලෙත් expect කරපු මොලේ තියන බෞද්ධයෙක් වෙන්න පුලුවන්.
     
    • Love
    Reactions: chande

    මචන් උබ කියන්නේ බුදුන් වහන්සේ අනාගතය දැක්කේ නෑ කියලද ? ශාසනය අවසාන කාලෙත් අන්තිමට භික්ශුන් නූලක් පමනයි පලදින්නේ භික්ශු බව පෙන්වන්න ඉන්නෙ සාමාන්න්‍ය මිනිස්සු වගේ නමුත් ඒඅයට දෙන දානෙත් ආනිසන්ස එකයි. ඡේතනාවයි වැදගත්.
    උබ කියන එවා අහල කවුරුහරි කරන්න යන පින්කමක් නැවැත්තුවොත් උබ අහක යන කර්මයකට අතගහන්නේ
     
    • Like
    Reactions: S_M_S and Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය දෙකෙන් හරි පින මොaකක්ද කියල ආරන්‍යවාසී හාමුදුරුවො කෙනෙක් ළඟටම ගිහින් අහන වෙනව

    අරකෙදිනම් මිනිස්සු 2ක් විතර දවස ගානෙ නිදුක් වෙනව.
    සිවුරක් කරේ තියන් ගම වටේ ගිහිල්ල අහල පහල ඉන්න උන්ට කන්න දීල වෙන පින මොකක්ද කියල හොයල බලන්න ඕනෙ අරකට සාපේක්ෂව.
    Ow ehma dekuth thiynwa.
    Eth bn hamudurunamakata deyk puja karanawa kiynne gihiyekuta denawata wada loku Pinak. Uba kare Pina Baala karapu eka.

    Aranyawasi nowena darmadara hamuduruwaruth oonatharam innawa bn.