කඩවසම් පිරිමින් දසදෙනෙක්(ස්ත්‍රීන් ලෙස උ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කඩවසම් පිරිමින් දසදෙනෙක්(Born as Female)

    cI7fqgS.jpg

    අද ලිපියේ මාතෘකාව දුටුවිට සමහරු පුදුමයට පත් වුනා විය හැකිය.ඇත්තටම මේවන විට වෛද්‍ය විද්‍යාව ලබා තිබෙන දියුණුවත් සමග මීට කලකට පෙර සමහරුන් කිරිමට නොහැකි යැයි කී දේවල් පවා සිදු කිරීමේ හැකියාව ලැබී තිබේ.පිරිමියෙක් ගැහැණියක් කිරීම මෙන්ම ගැහැණියක් පිරිමියෙක් කිරීම(මේ පිළිබඳව සවිස්තර ලිපි පෙළක් ඉදිරි කාලයේදී බලාපොරොත්තුවන්න )යන ක්‍රියාවලි අද වන විට සුලභ දේවල් බවට පත්ව තිබේ.

    අද ලිපියෙන් ඉදිරිපත් කරන සියලුම පිරිමින් තමන් තෝරාගත් ක්ෂේත්‍රයේ සාර්ථකත්වයට පත් වූ කඩවසම් පිරිමින්ය. නමුත් ඔවුන් උපත ලබා ඇත්තේ ස්ත්‍රීන් ලෙසයි.




    1. Balian Buschbaum


    vu3FghG.jpg

    වම්පස- ශල්‍යකර්මය කිරීමට පෙර(ක්‍රීඩිකවක් ලෙස ) දකුණුපස- ශල්‍යකර්මයෙන් අනතුරුව (පිරිමියෙක් ලෙස )

    Balian Buschbaum 1980 වසරේ Yvonne Buschbaum ලෙස උපත ලැබිය.ඔහු ජර්මනියේ හිටපු කාන්තා රිටි පනින ක්‍රීඩිකාවකි.ජර්මනියේ රිටි පනින ක්‍රීඩිකාවන් අතරින් දෙවන හොඳම ක්‍රීඩිකාව බවට පත් ව සිටි ඇය නිතරම පීඩා විදි ආබාධයක් නිසා ක්‍රීඩාවට සමුදුන්නාය.ඒ 2007 වසරේදීය.2008 වසරේදී ඇය තම නම වෙනස් කරගෙන ලිංගිකත්වය වෙනස් කරන ශල්‍යකර්මයක්(gender reassignment surgery) සිදු කරගෙන පිරිමියෙක් බවට පත් විය.




    2. Buck Angel


    4p8OMms.jpg

    වම්පස- කාන්තාවක්ව සිටි අවදියේ දකුණුපස- පිරිමියෙක් ලෙස

    මෙම බ්ලොග් අඩවිය නිතර ගැවසෙන අයෙකුට මේ නම හුරුපුරුදු එකක් වනවාට කිසිම සැකයක් නැත.ප්‍රජාවෙහි සලකුණක් තැබු මොහු නිල් චිත්‍රපට නළුවෙක් ,චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ආදී වශයෙන් තවත් ක්ෂේත්‍ර කිහිපයක ක්‍රියාකාරිකයෙක් ලෙස ක්‍රියා කරයි.2007 වසරේදී AVN සම්මාන උලෙලේහි "Transsexual Performer of the Year" නම් සම්මානයටද හිමිකම් කීමට ඔහු සමත් විය.ඔහුගේම නිල් චිත්‍රපට නිෂ්පාදන සමාගමක් පවත්වාගෙන යයි.

    ඔහු ගැන තවත් දේ දැන ගන්න Buck Angel





    3. Loren Cameron


    zw8tJHg.jpg

    වම්පස- කාන්තාවක් ලෙස දකුණුපස- පිරිමියෙක් ලෙස

    Loren Cameron ඇමෙරිකානු ජාතික ඡායාරූප ශිල්පියෙක්,කතෘවරයෙක් සහ transsexual ක්‍රියාකාරිකයෙක් ලෙස කටයුතු කරයි.ඔහු ශරීර සහ ස්ත්‍රී සමලිංගික ආලේඛ්‍ය චිත්‍ර සහ ස්ව‍යං ආලේඛ්‍ය චිත්‍ර ශිල්පය ඡායාරූපකරණට සමගාමීව සිදුකරයි.ඔහු තමන් ගැහැණියක්ව සිට පිරිමියෙක් බවට පත්වන ආකාරය(physiological transition) විස්තර සහිතව වාර්තාගත කර තිබේ.Transsexual පුද්ගලයන්ට සහ transsexual නොවන අයව පුදුමයට පත් කරවන transsexual ශරීරයන්හි ඡායාරූප ලබාගැනීම සහ ප්‍රදර්ශනය ඔහු විසින් සිදු කරයි.




    4. Ian Harvie


    k3BSAG6.jpg

    ඇමෙරිකානු ජාතික විකට නළුවෙක් වන Ian Harvie ඔහුගේ transsexualityභාවය තම රංඟනයේදී යොදාගනියි.ඔහු සමග Margaret Cho මෙන්ම අනෙකුත් ප්‍රසිද්ධ පුද්ගලයන් සමගද රංඟනයේ යෙදී තිබේ.Ian Harvie, LGBT පොප් සංස්කෘතියේ ප්‍රසිද්ධ පුද්ගලයෙක්ද වේ.





    5. Lucas Silveira


    wO9ZxRT.jpg

    1970 කැනඩාවේ උපන් Lucas Silveira රොක් සංගීත කණ්ඩායමකට එක්වූ පළමු transman ලෙස ඔහු ප්‍රසිද්ධය.ගායකයෙක්,ගිටාර වාදකයෙක් සේම The Cliks නම් රොක් සංගීත කණ්ඩායමට ගීත රචකයෙක් ලෙසද සේවය කරයි.




    6. Katastrophe


    E7LtN1h.jpg
    පෙර- කාන්තාවක් ලෙස පසු- පිරිමියෙක් ලෙස

    Rocco kayiatos වඩාත් ප්‍රසිද්ධ ඇමෙරිකානු hip-hop rapper කෙනෙක් සහ නිෂ්පාදකයෙක් ලෙසයි. ඒ Katastrophe යන නමින්ය.හිප්-හොප් සංගීතයට පිවිසි පළමු transman ලෙසද ඔහුව පිළිගැනේ.




    7. Thomas Beatie


    V5Q1U3C.jpg

    පසු- පිරිමියෙක් ලෙස දරුගැබක් දරාගෙන පෙර - තරුණියක් ලෙස

    Thomas Beatie ජාත්‍යන්තර අවධානය දිනාගත්තේ "ගැබ් ගත් පිරිමියා" නමින්ය. ස්ත්‍රියක් ලෙස උපන් ඔහු වයස 20 ගණන්වල මැද වනතුරුම කාන්තාවක් ලෙස ජීවත්ව පුරුෂ හෝමෝන ප්‍රතිකාරයට යොමුවිය.නමුත් ඔහු තමන්ගේ ස්ත්‍රී ප්‍රජනක අවයව එලෙසම තබාගත්තේය.Beatie පිරිමියෙක් ලෙස විවාහ දිවියට ඇතුලු විය.නමුත් ඔවුන්ට දරුවන් වැදිය නොහැකි නිසා වෙනත් අයෙකුගෙන් ගත් ශුක්‍රාණු යොදාගෙන මේවන විට දරුවන් තිදෙනෙකු ලබාගෙන තිබේ.එම දරුවන් බිහිවුනේ Thomas Beatie ගේ ගර්භාෂයෙනි.




    8. Ryan Sallans


    P9XPEtM.jpg
    පෙර - ස්ත්‍රියක් ලෙස පසු - පිරිමියෙක් ලෙස​

    Ryan Sallans, Kimberly Ann Sallans ලෙස උපත් ලැබීය.ඔහු LGBT ප්‍රජාවගේ අයිතීන් පිළිබඳව අධිනීතීඥයෙක් ලෙස ක්‍රියා කරයි.වසර කිහිපයක් තිස්සේ ස්ත්‍රියකගෙන් පුරුෂයෙකුට පර්වර්තනය වීමේ ක්‍රියාවලියට යොමුවී සිටි ඔහු 2005දී එහි අවසානයට ලඟා වුයේය.





    9. Andreas Krieger


    JfnSbj9.jpg

    පෙර - ස්ත්‍රියක් ලෙස පසු - පිරිමියෙක් ලෙස

    Andreas Krieger ජර්මනියේ යගුලිය විසිකරන ඉසව්ව නියෝජනය කල ක්‍රීඩිකාවකි.ඇගේ අනුදැනුමක් නොමැතිව ඇයට anabolic steroids ලබා දීම නිසා ඇගේ ශරීරය පුරුෂ ලක්ෂණ සහිත විය.1990දී ඇය ක්‍රීඩාවෙන් සමුගෙන 1997 දී ලිංගිකත්වය වෙනස් කරන ශල්‍යකර්මයක් කරගන්නා ලදි.




    10. Chaz Bono


    w8FyR4a.jpg
    පෙර - ස්ත්‍රියක් ලෙස පසු - පිරිමියෙක් ලෙස

    Chaz Bono , Chastity Bono ලෙස උපත ලැබීය.ඒ ඇමෙරිකානු රංඟන ශිල්පීන් යුවලක් වන Sonny සහ Cher දාවයි.ඇය සමාජයට පැමිණියේ සමලිංගිකයෙක්(ස්ත්‍රී)ලෙසයි.වයස අවුරුදු 25 දී ඇය තමන් transgender කෙනෙක් ලෙස හඳුනාගෙන ලිංගිකත්වය ශල්‍යකර්මයකින් වෙනස් කරගන්නා ලදි.මේවන විට ඔහු පිරිමියෙක් ලෙස ජීවත් වේ.




     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔතන එක තැනක කියලා තියෙනවනේ අනබෝලික් ගහලා කියලා වෙනස් උනේ එක නං ඇත්ත
    අනිත් එක ඒකිට හොරෙන් දීලා නෙවි එකී අරගෙන ලොවෙත් කෙල උනාට පස්සේ පය්යක් කියනවා..


    අනබෝලික් වලට හමිනෙනම සින් එකක් තියෙන්නේ
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ රටවල ලස්සන කොල්ලො නෙමේ කෙල්ලො. මොකට පිරිමි උනාද මන්ද.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    hahaaaaaaaa obe awadanaya pinisai
    Anagatayedi gahanun kawda.pirimin kawda yanu wen wen washayen handunagatha nohakiwenu atha!!
    :lol::lol::lol::lol::lol::lol:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ගැනු මිනිස්සු වෙනවා
    Same sex love affairs පටන් ගන්නවා
    මිනිස්සු සත්තු වගේ මරාගන්නවා
    ලෝක විනාසයේ පෙරනිමිති මේවා :dull: