කඩ නිකං පහල වෙච්ච නෙවෙයි පුතී. ලෝන් දාල ඉඩම් අරන් ඒක ඉවර වෙනකොට ආයෙ දාල හදල කුලියන් බාගයක් ලෝන් ගෙවල අපෙ බිස්නසුත් වෙනම කරගෙන ඉන්නෙ. ගියපාර පාස්කු බෝම්බෙ සෙට් වුනා. ගෝලයො පඩි අරන් ගියා ආවෙ නෑ. උන් වෙනම පටන් ගත්ත. මම මෑන් පවර් දෙනනෙක් අරන් කරගත්තෙ. උන් වැඩ අනනව, එකෙක් පුරැදු වේගෙන එනකොට වෙන එකෙක් එනව.. ඒත් මේ වෙලාවෙ එක හොදට ගියා. ෆිනෑන්ස් දාල වාහන අරන් නැති නිසා වෙන අවුලක් නෑ. මගේ පරන මැස්ඩා පුතා එක්ක ඉන්නව සැපේ ගෙදර පොඩි එකත් එක්ක. කඩ මොනා වෙලාද දන්නෙ නෑ. ලැප් එක ඔතාගෙන ගෙදර ආවට පස්සෙ ආයෙ ගිය නෑ.