කියපන් කියපන්. දැන් මේ කමෙන්ට් එකෙන්ම උබ එක කරලා ඉවරයි නේ කොහොමත්.
දැන් බලපන් පොඩි කාලේ අපේ ගෙවල් වල ඔය වගේ පොඩි සත්තු කොච්චර හිටියද. මීමැස්සො, සමනල්ලු, කණාමැදිරියො etc. දැන් ආසාවට මීමැස්සෙක් දකින්න ඉන්නවද? මම මේ කියන්නෙ කොළඹ නෙවෙයි. අපේ ගමේ. මම අවුරුදු පහළොවකින් වත් දැක්කා කියල මතක නෑ.
පස්සෙ අවුරුදු පහකට කලින් රට ආවම මෙහේ මීමැස්සො, සමනල්ලු වගේ කෘමියො ඕන තරං ඉන්නවා වත්තෙත්. අදටත් ඉන්නවා. කොහොමද එහෙම උනේ?
මට නං ලොකු වෙනසකට පේන්නෙ වගාවල් වලට පාවිච්චි කරන කෙමිකල්ස් නිසා වෙන්න ඇති කියලා. ප්‍රමිතියක් නැති කෘමිනාශක, වල්නාශක, පෝර වගේ කෙමිකල්ස් වලට ඔය හැම සතාම මැරිලා වෙන්න බැරිද? වෙන උබලට හිතාගන්න පුලුවන් හේතු මොනවද?
මෙහේ කරන වගාවල් බැලුවම ලංකාවෙ වගාවල් හූනු බිජු වගේ. ඒවටත් කෙමිකල් ගහනවනේ. ගමේ තියෙන වාහන ගාන ගත්තමත් මෙහේ තියෙන වාහන වලින් බාගයක් වත් නෑ. කාලගුණය එක්ස්ට්‍රීම් වලට යනවා හැම අවුරුද්දෙම. මිනිස්සු ඕනතරං pest control products පාවිච්චි කරනවා බොහෝ දුරට ලංකාවට වඩා. එහෙම වෙලත් මේ සත්තු ඉන්නවා.
ඉතින් කොලිටියක්, ප්‍රමිතියක් නැති කෙමිකල්, ඒව පාවිච්චි කරන ප්‍රැක්ටිසස්, නියාමනයක් නැතිකම, නීති වල අඩුපාඩු, අප්ඩේට් නැතිකම, ලූප්හොල්ස් නිසා හොර කොම්පැණි, මුදලාලිලා, ඔන්ටපිනෝලා රටට පරිසරයට අවාසි දේවල් කරනව නං අන්න එතන තමා කණාමැදිරියටත් දේශපාලනේ සම්බන්ධ වෙන තැන.


