කතා කරද්දි උබලටත් මෙවෙනි දේ සිදුවෙනවා ද?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    කතා කරද්දි උබලටත් මෙවෙනි දේ සිදුවෙනවා ද?

    දිගින් දිගටම මෙවෙනි දේ කියවෙන නිසා Elakiri එකෙ අයගෙනුත් අහලා දැන ගන්න හිතුනා:D

    1 කා එක්ක හරි කතා කරගෙනයද්දි කියන්න ඕන වචනය මතක් වෙන්නෙ නෑ.ගොඩක් වෙලාවට එදිනෙදා පාවිච්චියට ගැනෙන වචන පවා.ඒ වගේ අවස්ථා වල ඒ වචනය මතක් වෙද්දි පැය ගානක් ගිහින් සමහර වෙලාවට ඒත් මතක් වෙන්නෙ නෑ. එවෙනි අවස්ථා වලදී "මොකක්ද මේ....අරක බන්...මේක.මේ...."

    2 කියන්න ඕන වචනය නෙමෙයි කියවෙන්නේ.

    උදා:- අම්මේ කොස්ස කොහෙද මිදුල අතුගාන.

    කිව්වෙ වචනය වැරදි කියලා ටිකක් වෙලා ගියාම මතක් වෙනවා.එතකොට නෝන්ඩි වී හමරයි:D.


    3 ඒ ඒ අවස්ථා වල දී පාවිච්චි කලයුතු වචනය නෙමෙයි කියන්නෙ.(ගොඩක් දුරට සිදුවෙන එකක්)

    උදා:- Light එක වහන්නකො..ඉතින් අහන් හිටපු කෙනා හිනා වෙලා මොකකින්ද වහන්න ඕනා රෙද්ද කින්ද:D


    ඉතින් සමහර වෙලාවට " English වචනය පාවිච්චි කරන්න ගොඩේ වගේ කතා කරන්න එපා" යැයි අසන අවස්ථා එමටය.


    මෙවෙනි දේ කියවෙන නිසා දැඩි ලෙස සමහර අවස්ථාවල අපහසුතාවයට පත් වෙනවා.ඉස්සරට වඩා (පොඩි කාලේ) කියවෙනවද මන්දා බන්.ඉතින් සමහර අවස්ථා වල කට්ටිය ඉන්න තැන කතා කරන්න පවා පසුබට වෙනවා."මොනවා කියවෙයි ද දන්නෑ වැරදිලා කියලා" හිතලා.එත් ගොඩක් අය ඔහේ කියවන් යනවා කිසි වැරැද්දක් නොවී.

    උබලටත් වෙනවද? පිලියමක් එහෙම් තියෙනවනම් පහලින් කොටාගෙන යන්න.
     
    Last edited:
    • Like
    Reactions: priyade

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හිහි... හැමෝටම ඔය වගේ සීන් වෙනවා ඉතින්.. හිටපු ගමන් ටැප් එක ඕෆ් කරලා නෑ කියලත් කියනවා... :baffled:
    ඩිගින් දිගටම වෙනවනං එක දිගට වේගෙන් වේගෙන් කතා නොකර ටිකක් වේගේ අඩු කරලා කතා කරන්න.. :D
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මටත් තියනවා :yes:(දැන් උබට සතුටු ඇතිනේ සෑහෙන්න ගංවතුරට තමන්ගේ ගේ විතරක් නෙමෙයි අනිත් අයගේ ගෙවලුත් යටවෙනවා කියලා දැන ගත්තම දැනෙන සතුට වගේ)
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔය වගේ වෙලාවට පාවිච්චි කරන්න තමා බං මෙව්ව එක, ඒව්ව එක වගේ වචන තියෙන්නෙ.
     
    • Like
    Reactions: priyade

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඔක ලෙඩකට වඩා සිහියෙන් ඉන්නේ නැති එකේ වරද. ඉන්නේ කොහෙද / ලග ඉන්නේ කවුද / කරන්නේ මොකක්ද කියලා කල්පනාවක් නැතිව ඉන්නවා.....:D