කතා කරන පින්තූර

Homo Sapien

Member
Dec 9, 2013
32
35
0
watermark.php




:love::love::love::love::love:

watermark.php


(1943 - සෝවියට් දේශය ) දෙවන ලෝක යුද්ධයේ තීරණාත්මක සටන් පෙරමුණක් වූයේ සෝවියට් රුසියාව හා ජර්මනිය අතර ඇති වූ සටනුයි. බොහෝ සටන් වලින් රුසියාව ජය ගත්තත් ඔවුන්ගේ ජීවිත හානි ප්‍රමාණය සතුරන්ගේ මෙන් කිහිප ගුනයක් වුනා. දක්ෂ නමුත් දරුණු හමුදා නායකයකු වූ "ෆීල්ඩ් මාර්ෂල් ෂුකොව්" විසින් මෙහෙය වූ රුසියානු හමුදා වලට ලැබුනු අණ වූයේ ඉදිරියෙන් යන තමන්ගේ හමුදා ඛණ්ඩ පසු බසින්නේ නම් ඔවුන්ට වෙඩි තබන ලෙසයි. එම නිසා රුසියානු හමුදා වලට ඉදිරියට යෑම හැර විකල්පයක් තිබුනේ නැහැ. තවද බිම් බෝම්බ ගැලවීමේදී වෙලාව ගත වන බැවින් ඔහු බිම් බෝම්බ මතින් තම හමුදා මෙහෙය වූවා.එතරම් දරුණු වූ සටන් බිමේ දරුණුතම සටනක් වූ "කර්ක්ස් නගරයේ සටන" ඇරඹීමට මොහොතකට පෙර රුසියන් සෙබළෙක් තමන්ට දැන් ඇති එකම පිහිට වූ තමන් අදහන දෙවියන්ට තම දෛවය භාර දෙන අයුරු.

:sorry::sorry::sorry::sorry::sorry:


watermark.php


(2009 - ටොරොන්ටෝ ) සුළි කුණාටුවෙන් අතුරුදන් වූ බලු සුරතලෙක් දින කිහිපයකින් තම ස්වාමියාට හමු වූ සංවේදී මොහොත

:yes::yes::yes::yes::yes:


watermark.php


(පැපුවා නිව් ගිනියා ) ජනගහනය පාලනය සඳහා උපත් පාලන කොපු භාවිතය පිළිබඳ ජනතාව දැනුවත් කරන මොහොතක්

:P:P:P:P:P


watermark.php



කතෝලික හා ප්‍රොතෙස්තන්ත නිකායන්ගේ භේදය මිනී වල දක්වාද ඇදී යනවා. එනම් එම නිකායන්ට අයත් සොහොන් බිම් වල වැලලිය හැක්කේ එම නිකායන් අදහන්නවුන් පමණි. නමුත් කතෝලික බිරිඳක් හා ඇගේ ප්‍රොතෙස්තන්ත සැමියා එලෙස වෙන්වීමට කැමති වූයේ නෑ. මරණින් පසු නිකායන් දෙකට අයත් තාප්පයකින් වෙන් වූ යාබද සොහොන් දෙකක වැලලූ ඔවුන් දෙදෙනා සොහොන් කොත් හරහා නැවත එක් වූයේ මෙලෙසයි.

:baffled::oo::dull::yes::yes::eek::eek: