ලංකාවට පොඩ්ඩක් පහලින් තියන ඇමරිකන් බේස්1 Š

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලංකාවට පොඩ්ඩක් පහලින් තියන ඇමරිකන් බේස්1 Š

    ආසියාවේ තියන ලස්සනම පුංචී දූපතක් තමයි ඩියේගෝ ගාර්සියා(diego garcia/british indian ocean territory) කියන්නේ..:love::love::love:

    dgaerialfromsouth.jpg


    කොරල් වලින් පිරිච්ච, සුදු වැල්ල පොල් ගස් වලින් පිරිච්ච වර්ගකිලෝමීටර 30ක් වෙච්ච භූමියකින් සමන්විත මනරම් දූපතක්...(මුහුදු මට්ටමෙන් උස මීටර් 9, 10 වගේ වෙන්නේ...) :):):)
    හැබැයි මේ දූපත්වාසින්ගේ ජීවිතේ නම් දූපත වගේ ලස්සන උනේ නෑ.. :(

    2000

    මෙන්න පිහිටීම :)

    336E04CA00000578-3557216-image-a-20_1461597088027.jpg


    අද ඇමරිකාවේ නම්බර් වන් උපායමාර්ගික මිලිටරි බේස් වලින් එකක් තමා මේ දූපත.. වැඩි දුරක නෙවෙයී අපේ රටේ ඉදන් සැතපුම් 1000ක් වගේ දුරින්... මාලදිවයිනේ ඉදන් 500ක් වගේ දුරින්..:shocked::shocked:

    diego%20garcia082.jpg

    මේ තියෙන්නෙ දෙවෙනි යුද්ධකාලේ කඩන් වැටිච්ච කැටලිනා ප්ලේන්1ක්.. හරිම ලස්සනයි නේද..:love::love:

    මේක තාම බ්‍රිතාන්‍ය කොලණියක් කිව්වොත් පුදුමත් හිතේවි.. මේක බ්‍රිතාන්‍ය උන්ගේ තියන බලු ගති, ලෝක බල අරගලය හමුවේ මිනිස් ජීවිත කියන්නේ පොඩිම වටිනකමක් වත් නැති දෙයක්ය කියන එකට හොද උදාරණ කතාවක්..:baffled::baffled:

    මුලින්ම මේක යටත් කරගෙන ඉදියේ ප්‍රංශ ජාතිකයන්.. 1790දි මෙය බ්‍රිතාන්‍යන් විසින් ලබා ගනන්නවා නැපෝලියන් යුද්ධයෙන් පසුව..
    බ්‍රිතාන්‍යන් විසින් මෙය මුරුසි දිවයින් සමූහය සමග මෙය එකාබද්ධ කර පාලනය කරනු ලබනවා 1965 වසර දක්වා...:yes::yes::yes:

    1968 අවුරුද්දේ මුරුසි දිවයින රැජිණගෙන් නිදහස ලබද්දි මේ ගාර්සියා දූපත ඔවුන්ට ලබා නොඩෙන බවට එකගවූ කොන්දේසියක් උඩ රැජිණ මේ දුපත තියාගෙන අනිත් ප්‍රදේශ මුරුසියට ලබාදුන්නා..:no::baffled::oo::dull::nerd:

    මේ දූපත අපේ රට වගේම තියෙන්නේ හරිම මර්මස්ථානෙක..සෝවියට්1යි ඇමරිකන් උනුයී ඒ කාලේ හෙනම තරගේ අරාබි කලාපේ තම තමන්ගෙ බලය පතුරවන්න.. ඕවට මාන බල බල ඉන්නකොට තම ඇමරිකාවේ ඇහැ යන්නේ මේ ගාර්සියා දූපතට.. :yes::yes::yes::yes:

    DIEGO-GARCIA-IN-THE-INDIAN-OCEAN.png

    පේනවනේ මල් පෙති වගේ. වටේටම නෙලන්න පුලුවන්...:eek::eek:

    ඒ කීවේ අප්‍රිකාව, අරාබි ලෝකය, ආසියාව වගේ හැම තැනකමට ගේම ගහන්න පුලුවන් තැනක මේක තියෙන්නේ.. :cool:
    (දැන් ඔය බ්‍රෙක්සිට්, ට්‍රම්ප්ගේ විකාරයි නිසා දෙගොල්ල එච්චර හොද නෑ වගේ පෙනුනට අයියයි මල්ලියි වගේ තම ඇසුර ඒ කාලේ ඉදන්ම... :nerd:)

    මේ දූපත ඉල්ලා හිටිනව ඇමරිකාව බ්‍රිතාන්‍යෙන්. හැබැයි මිනිස්සුන්ගෙන් තොරව තමා දූපත ඉල්ලන්නේ..(මොකද ඔවුන්ගේ රහස් මෙහෙයුම් ගැන එළියට තොරතුරු එලියට යන නිසා.. :growl:)
    මේ දූපතේ ඉදියා 2000කටා වැඩි ජනගහනයක්.අවුරුදු සිය ගණනකට එහා ඉදන් ජීවත් වෙන..බලු බ්‍රිතාන්‍යකාරයෝ මේක ප්‍රශ්නයක් විදියට දැක්කේ නෑ.. මේ දූපතේ ඉදපු සේරම ජනගහණය මුරුසි සහ සීශෙල්ස් කියන දූපත් වලට පිටුවහල් කලා.. ඔවුන්ගේ මිනිස් අයිතිවසිකම් සේරම උල්ලංගනේ කරලා.:sorry::sorry:

    මේ දූපත 50ස් අවුරුදු බද්දට දෙනවා ඇමරිකන් උන්ට කැමති නම් තව අවුරුදු 20කට දික් කරගත හැකි වෙන්න.. :eek::eek::eek:( හරියට ට්‍රින්කො වලට ප්‍රීමා ආව වගේ.. )

    la-1533631707-lwhgwlfih1-snap-image

    ජෝන් ටොඩ් කියන මේ දූපත පාලනය කල කෙනා "දූපත විකුණලා තියෙන්නේ.. දැන් මේහෙන් යන්න හැමෝම රෙඩි වෙන්න" කියලා කියන මොහොත..:sorry::sorry::sorry:

    aDhIFOjnGpEcwEQ-800x450-noPad.jpg


    Diego-Garcia-980x600.jpg

    ඇමරිකාව හදනව ටොප් මිලිටරි බේස්1ක් මේ දූපතේ 1972 වෙද්දි.. :nerd::nerd:

    Boeing-KC-135-Stratotanker_parked-at-diego-garcia.jpg


    la-1528367499-qsoeapun70-snap-image

    සර්විස් ගන්න ආව සබ්මැරීනයක්... :eek:

    Diego-Garcia-Island_Archipelago-Chagos_VQ9XP.jpg

    මෙතනින් ගිය බොම්බහෙලන යාන තමයි ඇෆ්ගනිස්ථාන්, ඉරාක් වලට ගුවන් ප්‍රහාර එල්ල කලේ.. :shocked::shocked:

    336F630300000578-3557216-image-a-15_1461575560388.jpg

    ආසියානු ගල්ෆ් කාලාපෙ අලුත්ම ටෙස්ට් කරන අවි ආයුධ ටෙස්ටින්ග් කරන්නෙ මෙතන.. කතාවක් තියන අර මැලේශියා ප්ලේන් MH370 මේ දූපත පැත්තට ගියාම ඇමරිකන් ආමි1න් ගැහුවා කියලත්..:yes::yes::yes::shocked:

    මේ පිටුවහල් උන ජනතාව අදත් මුරුසියේ නාගරික මුඩුක්කු වල ජීවත් වෙනවා.
    393802f8b570bd3e5fbee50cf4a90e3a--diego-garcia-british-indian.jpg

    මේ ජනතාවට පැරඩයිස්1ක් ඇතැරල අපායක ජීවත් වෙන්න වුනා කියල තම ඒ මිනිස්සු කියන්නේ...:sorry::sorry::sorry:

    මේ ඩීල්1න් බ්‍රිතාන්‍යය තමන්ගේ සබ්මැරින් වලට අවශ්‍ය වුන පොලාරිස් මිසයිල්(UGM-27 Polaris) ඉතාම අවම මුදලකට ඇමරිකන් උන්ගෙන් ලබා ගත්ත. පවුම් මිලියන 5ක් වගෙ මුදලකට.. බලන්න පවුම් මිලියන 5කට ඉතාමත් ලස්සන දූපතක් හිමි ස්වදේශිකයන් ටික පිටුවහල් කරල දූපත ඇමරිකන් උන්ට බදු දෙනවා. කුජීතයි නේද ? මේක වුනේ අප්‍රිකාවෙන් වහල්ල ඇද්ද කාලේ නෙවෙයි මේ 1970ට ඔන්න මෙන්න තියලනේ... ඔන්න මානව හිමිකම් ගැන කතා කරනා බ්‍රිතාන්‍යයේ හෙලුවා.. ඔය රැජිණ මහ බලු ගෑණි ඔහොම ඉදියට..:angry::angry::angry::angry:

    3383CDC300000578-3557216-image-a-1_1461571338590.jpg

    මේ රටින් පිටුවහල් කරල ඉන්න ජනය ගේම අතාරින්නේ නෑ. ඔවුන හැමවෙලේම ට්‍රයි කරනවා තමන්ගේ රටට යන්න. නමුත් අවසර දෙන්නේ නෑ.. මේ ගැන ඇමරිකා සහ බ්‍රිතාන්‍යයන් එකොනෙකාට බෝලේ පාස් කරමින් ඉන්නවා ස්වදේශිකයන්ට තමන්ගේ රටට එන්න නොදී අදටත්..:dull::dull:

    1973 ඉදගෙන අද දක්වාම මේ දූපතට යන්නේ එන්නේ ජීවත් වෙන්නේ ඇමරිකන් සහ බ්‍රිතාන්‍ය මිලිටරි අය විතරයි.. ඒක නිසා ලෝකෙට විවුර්ත වීමක් නැහැ. මේ ෆොටෝස් ටික හොයාගත්තෙ අමාරුවෙන්. මේක ලෝකෙන් වසන් කරල තියෙන්නේ...:baffled::baffled:

    800px-geodss_diego_garcia_2006-05-01.jpg


    තවත් දෙයක්.. ලෝකගෝලෙ වටේ චන්ද්‍රිකා 24ක් ගෝලෙම කවර් වෙන විදියට ස්තානගත කරල තියනව.. මේවයින් තමයි ඔබ මම ගූගල් මැප්, ජීපීඑස් ලොකේශන් බලන ඒවා කොටින්ම කියනව නම් මැප් වලින් කරන හැම්දේම කරගන්නේ.. මේ සැටලයිට් 24 මොනිටර් කරන්නේ පොලොවෙ මධ්‍යස්තාන 4ක ඉදගෙන.. ආසියානු කාලපෙට ඉහලින් තියන චන්ද්‍රිකා ටික පාලනේ කරන මධ්‍යස්තානේ තියෙන්නේ මේ දූපතේමයි..

    controlSegment.jpg


    තොරතුරු ව්කිපීඩියා, ඩේලිමේල්, තව තව ඒවා :)
     
    Last edited by a moderator:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ලග තිබිලා මදිලු ඇතුලේ එකක් හදන්නම ඕනේලු.
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඔය අන්තිම කොටස නම් වැරදියි මචන්. ඕක අයිසලේටට් ප්ලේස් එකක් නෙමෙයි. ඕකට කමර්ෂල් එයාර්ලයින් යන්නේ නැහැ මිනිස්සු නැති නිසා. නමුත් ඔය අයිලන්ඩ් එකට යන්න තහනමක් නැහැ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    ඔය අන්තිම කොටස නම් වැරදියි මචන්. ඕක අයිසලේටට් ප්ලේස් එකක් නෙමෙයි. ඕකට කමර්ෂල් එයාර්ලයින් යන්නේ නැහැ මිනිස්සු නැති නිසා. නමුත් ඔය අයිලන්ඩ් එකට යන්න තහනමක් නැහැ..

    kohomada yanne?
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    kohomada yanne?
    ඕක තියෙන්නේ බ්‍රිටිෂ් ටෙරටරි අයිලන්ඩ් එකක් හැටියට.. ඔතනම තියනවා තව දුපත් ගොඩක්.. මේක බෙදලා තියන බ්‍රිටිෂ් ටෙරටරි සහ ඇමරිකන් ටෙරටරි කියලා. මේක අර කිව්වා වගේ ඇමෙරිකන් උන් ගත්තට පස්සේ මෙතන ඉන්නේ මිලිටරි සර්විස්මන්ස්ලා.. මේ ය තමයි ආසියාවේ සෙකියුරිටි බලන්නේ.. මෙතනද පාස් ඕවර් කරන්න කිසිම තහනමක් නැහැ. නමුත් යාට් එකකින් මේ දුපතට යන්න නම් ඇමෙරිකන් ආරක්ෂා දෙපාර්තමේන්තුවෙන් වෙසල් එකට අවසරයක් ඕනා. ඒ වගේම ඇමෙරිකන් නේවි එකෙන් මෙතන කන්ට්‍රක්ටර්ස්ලාටත් පාස් දෙනවා.. මේකට විසිට් කරන කෙනෙකුට ප්‍රි අප්‍රුවල් එකක් අරගෙන යන්න පුළුවන්.. කෞතුකාගාරයක් වගේ අයිටම් ටිකක් ඔකේ තියනවා. ජිව විද්‍යාත්මක පරිසර පද්දතියක් නිසා සයන්ටිස්ට්ලාට වගේ යටත් ඔකේ ලේසියෙන්ම යන්න පුළුවන්. ඕනා තරම් රෙඩිට් එකේ බලන්න මිලිටරි කනෙක්ෂන් තියන ඵමිලිවල උන් ඔකේ ෆන් එකට ගිහින් තියනවා.
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මේ තියෙන්නේ හෙම මිලිටරි කනෙක්ෂන් මත ගිය ෆැමිලි වල අය දාපු පින්තුර.
    6I10Rne.jpg





    8c22ef4d-b5a2-4b3a-85d0-7d5ec67b5512.png





    597945fe-d351-4426-aaf2-395f3041e5ee.png
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය අන්තිම කොටස නම් වැරදියි මචන්. ඕක අයිසලේටට් ප්ලේස් එකක් නෙමෙයි. ඕකට කමර්ෂල් එයාර්ලයින් යන්නේ නැහැ මිනිස්සු නැති නිසා. නමුත් ඔය අයිලන්ඩ් එකට යන්න තහනමක් නැහැ..

    ow yanna thahanamak na namata.. namuth visa apply karanna giyaama ahala ahala ahala epa karala yanna denne nalu mchn. mama blog1k kiyewwa me island1 unge... unta witarak enweyi kisima ekekta denne na.. denawa kiyala kiwwata denne na.. :):)
     
    • Like
    Reactions: KOTA NIHAL

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕක තියෙන්නේ බ්‍රිටිෂ් ටෙරටරි අයිලන්ඩ් එකක් හැටියට.. ඔතනම තියනවා තව දුපත් ගොඩක්.. මේක බෙදලා තියන බ්‍රිටිෂ් ටෙරටරි සහ ඇමරිකන් ටෙරටරි කියලා. මේක අර කිව්වා වගේ ඇමෙරිකන් උන් ගත්තට පස්සේ මෙතන ඉන්නේ මිලිටරි සර්විස්මන්ස්ලා.. මේ ය තමයි ආසියාවේ සෙකියුරිටි බලන්නේ.. මෙතනද පාස් ඕවර් කරන්න කිසිම තහනමක් නැහැ. නමුත් යාට් එකකින් මේ දුපතට යන්න නම් ඇමෙරිකන් ආරක්ෂා දෙපාර්තමේන්තුවෙන් වෙසල් එකට අවසරයක් ඕනා. ඒ වගේම ඇමෙරිකන් නේවි එකෙන් මෙතන කන්ට්‍රක්ටර්ස්ලාටත් පාස් දෙනවා.. මේකට විසිට් කරන කෙනෙකුට ප්‍රි අප්‍රුවල් එකක් අරගෙන යන්න පුළුවන්.. කෞතුකාගාරයක් වගේ අයිටම් ටිකක් ඔකේ තියනවා. ජිව විද්‍යාත්මක පරිසර පද්දතියක් නිසා සයන්ටිස්ට්ලාට වගේ යටත් ඔකේ ලේසියෙන්ම යන්න පුළුවන්. ඕනා තරම් රෙඩිට් එකේ බලන්න මිලිටරි කනෙක්ෂන් තියන ඵමිලිවල උන් ඔකේ ෆන් එකට ගිහින් තියනවා.

    ya military connection ok
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0

    ow yanna thahanamak na namata.. namuth visa apply karanna giyaama ahala ahala ahala epa karala yanna denne nalu mchn. mama blog1k kiyewwa me island1 unge... unta witarak enweyi kisima ekekta denne na.. denawa kiyala kiwwata denne na.. :):)
    උබ හරි මචන්.. ඕකට මම හිතන්නේ නන් ඇමෙරිකන් උන්ට ඇක්සස් ගන්න බැරිතරමට අමාරුයි යුද රහස් නිසා.. ඇමෙරිකන් උන් තමයි මම දැනුවත්ව ගිහින් තියන ඔක්කොම උන්..
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ශ්‍රී ලංකාවත් අපිට නොදී සුද්දම පාලනය කළා නම් හොඳයි කියන කාලකන්නි වේ@ගේ පුතාලට පේන්න මෙන්න මේක හැමතැනම ෂෙයාර් කරන්න. Rep Added.
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ශ්‍රී ලංකාවත් අපිට නොදී සුද්දම පාලනය කළා නම් හොඳයි කියන කාලකන්නි වේ@ගේ පුතාලට පේන්න මෙන්න මේක හැමතැනම ෂෙයාර් කරන්න. Rep Added.
    ඒක කතන්දර දෙකක් බන්.. ලංකාව අදටත් උබ හිතනවද සුද්දාගෙන් නිදහස් වෙච්ච රටක් කියලා.. සින්ගපුරුවට තියන සොවරනිටි එක ලංකාවට තියනවද? අනිත් කාරණේ ලංකාවට සුද්දා නිදහස දුන්නේ වර්ල්ඩ් වෝ එකෙන් එංගලන්තේ නොකවුට් වෙලා අන්දොස් වෙලා සුද්දා ලොස් වෙලා හිටපු නිසා මිසක, උබලගේ ඉස්කෝලේ පොතේ උගන්නන හැටියට සුද්දාගෙන් නිදහස් දිනාගත්තා වගේ බයිලාවකින් නෙමෙයි.. නිදහස් දින වකවානු අරන් බලන්න ඉන්දියාව පාකිස්තානේ ලංකාව ඔය ඔක්කොම එකම කාලේ සුද්දා දාලා ගියේ..
     
    • Like
    Reactions: kavindu84 and D_Mad

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    You must spread some Reputation around before giving it to D_Mad again.
    ඔකුන් මහා බලු වැඩකරලා ඔය දූපත අයිතිකරගෙන තියෙන්නේ
    එකත් දෙපැත්තක් තියනවා යාලුවා.. ලෝකේ කුරිරුයි.. දුබලයා ප්‍රබලයා හමුවේ පරදිනවා.. නමුත් ඔය බේස් එක නිසා ලංකාවට තියන වාසි සහා ආදාර ගැන උබලා කතා කරන්නේ නැති එක ලොකු අඩුවක්.. ඔතන ස්වදේශිකයෝ හිටියනම් ලංකාවට ඒ චාන්ස් එක නැහැ.. ඒ නිසා සුද්දා කරපු සමහර දේවල් අමානුශිකයි, නමුත් එකෙන් ලෝකෙට සමහර පැතිවලින් හොදක් වෙලා තියනවා.. එන්ඩ් ගෝල් එක වෙනුවෙන් සමහර වෙලාවට කැත වැඩ කරන්න වෙනවා..