කනට ජිල් බෝල තොල් වලට පැලැටික්නම්

srijayasampath

Junior member
  • Jun 5, 2012
    290
    18
    18
    Katunayaje
    කනට ජිල් බෝල තොල් වලට පැලැටික්නම්

    :angry:කනට ජිල් බෝල තොල් වලට පැලැටික්නම්:angry:


    අද කතාව ටිකක් කටකාර බුවෙක් ගැනය. මේ බුවාගේ සැබෑ නම පුබුදු උවත් පෙලපත් නාමය පුබ්බා ලෙස අපගේ බාවිතාව අනුව වෙනස් විය. ඉතින් පුබ්බා යනු අහක යන ඕනෑම සමාජ රෝග‍යකට උවද පස්චාත්බාගය දමා දිලීර වෙරස් සාදා ගන්න ඉතා අවන්ක ලැටි බාල්දියකට උපමා කිරීමට තරම් කාරුනික වීම ගැන මම අනුකම්පා කරමි.
    ඔන්න ඉතින් පුබ්බාගේ කතාව අහමුකෝ දවසක් පුබ්බත් ඔපිස් එකට වෙලා ඉන්නවා ඊලග ඔඩිට් එකට ඇලොකේට් කරනකම්. ඔහොම ටිකක් වෙලා ඉන්න කොට මෙන්න එනවා කෝලමී වගේ කෑල්ලක් කනට ජිල් බෝල දෙකක් දාගෙන තොල් වලට පැලැටික්නම් ගාගෙන ඒ මදිවට බුරියට ඝාන්ටාරෙකුත් එල්ලගෙන තව ටිකක් බලනකොට සායේ කොටට නිමිත්තත් පේනවද මන්දා. කියලා වැඩක් නෑ ගමේ කොස් දෙල් කාපු පොශ් බඩුවක්ද කොහෙද?.... මේක දැකපු පුබ්බගෙත් මීටරය අමීටරය වෙලා කට පැත්තකට ගිහින් සොටු සෙම සෙවල දෙතිස්මහා කුනූප කොටස් වලින්ම ගලන්න පටන් ගත්තා..
    කොහොම කොහොම හරි සිහි එලවා ගත්තු පුබ්බත් හායි නOගි කියලා ගුඩ් මෝනිO කිව්වේ නිකමට වගේ කට තියාගෙන ඉන්න බැරි කමට. කෙල්ලත් අත ඇරියේ නෑ සට පටස් සුරු බුරුස් කියලා කියලා කෙලියේ නෑ සුද්ද ඉOගිරිස් වලින් කෙලියේ නැතෑ පුබ්බගේ ඇට මිදුලු දියවෙන්න. අපේ බුවාටත් තේරුනේ නැති උනාට යර්ස් නෝ කිය කිය ජාමේ බේර ගත්තා..මේ වැඩසටහන දැක්ක ඔඩිට් මැනේජරුත් මේ දෙන්නව ඇලොකේට් කලා එකම ඔඩිට් එකට පුබ්බත් මරන්න ගෙනියන කලු වුෂබයා වගේ ඔඩිට් එකට මේ මේ හුතරල් කෑල්ලත් එක්කන් ගියා...
    දැන් තමා හොදම හරිය මේ සුරතල් කෑල්ල ලන්සි සිOහල බිදුවක්වත් බෑ..අපේ පුබ්බා අමු හිOගල ඌට ඉOගිරිස් බින්දුවක් බෑ.. කෙල්ල අහන ප්‍රෂ්න වලත පුබ්බට උත්තර නෑ.. පුබ්බා දෙන ආන්සර්ස් වලට කෙල්ලට නෝ ඇඩ්‍රස් කොහොම කොහොම හරි පලවෙනි දවස ගැට ගහ ගත්තු පුබ්බා 4.55 ටම ස්ටේෂන් එකට දිව්වා මේ මරාලයෙන් බේරෙන්න. හා හා ...ඒ මරාලයෙනුත් බේරුනා කියලා සුසුම් කීපයක් පිට කලා විතරයි. මෙන්න ගෑනු හස්තයක් පුබ්බගේ පිටට තට්ටුවක් දැම්මා. පිටි පස්ස හැරිලා බැලින්නම් මෙන්න අර කෑල්ල ස්ටේශමටත් ඇවිත් පුබ්බට හීන් දාඩිය ඉහින් කනින් දාන්න පටන් ගත්තා. දැන් මොකෑ කොරන්නේ තමුන්ගේ ආත්ම ගවුරවය ගැන හිතපු පුබ්බා අයි ඈම් වෙරි සොරි මයි ට්‍රේන් කියලා දුවලා ගිහිල්ලා නැග්ගා ලගම තියන ට්‍රේන් එකකට ට්‍රේන් එකක් පුබ්බව මාතර දක්වා ගෙන යන්න අමතක කලේ නෑ බැලින්නම් මේ යෝදයා නැගලා තියෙන්නේ එක්ස්ප්‍රස් ට්‍රේන් එකකටනේ අල්ලපු හෝල්ට් එකෙන් බහින පුබ්බා මාතර ගියේ ඔහොමයි..

    වැඩිදුර ගෙඩවෙන්න මෙතනින්