එහෙම දෙයක් නෑ. Martial Arts කියන්නේ කලාවක්. ඒක ප්‍රගුණ කරන්න කරන්න ඔයාගේ හැකියාව දියුණු වෙනවා. පලවෙනි දේ ඔයා ඕක ඉගෙන ගන්නේ මොකටද කියන එක. වටේ ඉන්න කස්ටිය ඉස්සරහ පොර වෙන්නයි, තමන් චන්ඩියා කියල පෙන්නගන්නයි නම් ඔයාගේ අනාගතේ එච්චර සුබ නෑ ... වැඩිකල් කරන්න වෙන්නෙත් නෑ...
ආත්මාරක්ෂාවට, විනෝදාංශයක් එහෙම නැත්නම් ක්‍රීඩාවක් විදිහට කරනවා නම් කණ්ණාඩී දාන එක ගැටලුවක් නෙවේ. ඔය ප්‍රශ්න තියන අයට විශ්ෂයෙන් හදපු goggles එහෙමත් තියනවා. කොහොමත් කරාටි කියන්නේ දරුණු ගනයේ සටන් කලාවක් නෙවේ. විනය ගොඩක් වැදගත් විදිහට සලකන සටන් කලාවක්.. ඔයාට tournament වලට නම් සහභාගී වෙන්න දෙයිද කියන්න නම් බෑ...
පෙනීම අඩු එක දුර්වලතාවයක් කියලා අතෑරලා දාන්න එපා. කරාටි වලට අනුව නම් සටන් කරන්න ශාරීරික යෝග්‍යතාව වගේම මානසික හැකියාවත් ඔනී. එක ඔයාට කාලයත් එක්ක practice කරන්න කරන්න ලැබෙන දෙයක්. එතකොට පෙනීම විතරක් නෙවේ කනට ඇහෙන දේ , ගද, සුවද, හුළග වගේ දේවල් බලපානවා. හොදට ඉගෙන ගත්ත කෙනෙක්ට ඇස් වහගෙන උනත් තමාගේ ආරක්ෂාව සලස ගන්න පුළුවන්...... ඒ තත්වයට යනකන් ප්‍රගුණ කරන නොකරන එක ඔයාගේ තීරණයක් ..... ගුරුවරයා කවුරු උනත් අන්තිමේට කරන්නේ ඔයා නිසා techniques දන්නවා නම් ඒවා හරියට කරන්න පුළුවන් නම් එච්චරයි. කාටා 100ක් දැනගෙන හිටියත් අවශ්‍ය වෙලාවට එකක් වත් කරගන්න බැරි නම් ඒවා ඉගෙන ගන්න එපා. ඊට වඩා හොදයි එකක් හරියට ඉගෙන ගන්න.
අනික දැන් ගොඩක් දේවල් තියනවා ඔයාගේ හැකියාවන් දියුණු කර ගන්න. සටන් කලාවක්ම වෙන්න ඕනේ නෑ . calisthenics, parkour, Freestyle Kicking, TRICKING, Flipping, bodybuilding, powerlifting, CrossFit, MMA. බලපු ගමන් කියයි මේවා වෙනයි සටන් කලාවන් වෙනයි කියලා. පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාටම තේරෙයි එකකට එකක් සම්බන්දයි කියල.
නිදහස තියනවා ඔයා කැමති දෙයක් ඉගෙන ගෙන ඔයාගෙම ක්‍රමයක් හදා ගන්න. ඕන තරන් YouTube channels, online tutorials සහ social communities තියනවා... ඕන වෙන්නේ ඔයාගේ උනන්දුවයි කැපවීමයි විතරයි....