කන් අඩි පැලෙන්න පි⁣රිත් දාන උන්

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    කන් අඩි පැලෙන්න පි⁣රිත් දාන උන්

    මචං, මාමන්ඩියගෙ ගමේ ත්‍රීවීල් කාරයොයි කසිප්පු කාරයොයි එකතු වෙලා බුදු මැදුරක් හදාගෙන මහ පාරෙ, උන් කන් අඩි පැලෙන්න සද්දෙන් පිරිත් දානව දවසට පැය පැය උදේ 5-6, හවස 6-7. කන් පුපුරන්න සද්දෙ. එක පාරක් ගිහින් හොඳින් ඉල්ලීමක් කරල ආව ටිකක් සද්දෙ අඩු කරන්න කියල. ගනන් වත් ගන්නෙ නෑ. බාර් එකෙන් හවසට බීගෙන එන ගමන් ස්විච් එක ඔන් කරගෙන යනව. ඔව්වට පොලීසි ගියොත් අපි බෞද්ධ විරෝධී. ඒ හින්ද මේ sounds පරාවර්ථනය කරල උන් ඉන්න පැත්තට යවන්න ක්‍රමයක් හරි sounds absorb කරන්න ක්‍රමයක් හරි තියෙනවද බන්. මගේ බබා හම්බෙන්නත් ලඟයි. පොඩි එකාට හොඳ නෑ ඔහොම සද්ද පැය ගනන්. පොඩි එකාට තියා මට කන් දෙක ඇරගෙන ඉන්න බෑ. ඒ තරම් කැරිම සද්දයක්. ගමේ එකෙක් වත් කතා කරන්නෙ නෑ බෞද්ධ විරෝධී ලේබල් වදින හින්ද.
    (නීතියෙන් මේකට විසඳුමක් තියෙනව නම් වඩා හොඳයි)

    සද්දෙ වැඩි වෙද්දි තමයි පිං වැඩි වෙන්නෙ. හැමදාම මුස්ලිම් උන්ට බැන බැන උන්ගෙ විනාඩි 5 සද්දෙට බැන බැන ඉඳල දැන් පැයක් කට්ට කනව. අර විනාඩි 5 නොසලකා හැරිය හැකි තරම් කුඩයි බලාගෙන යද්දි.

    මොකක් හරි ක්‍රමේකට මේකට පිලියමක් කියපල්ල මචෝ...
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අනේ මන්ද පොලිසි අර වෙන කොහේ යන්නද...:dull:අපේ උන් ගැන කියල වැඩක් නෑ...සද්දෙට දැම්මහම් නිවන් යනවා කියල ඇති හිතේ...

    බම්ප් තමා...
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    119 කෝල් කරපන් එතකොට මොකක් හරි කරයි,නැත්නම් පොලිසියේ උනුත් ඕවා ගනන් ගන්නෙ නෑ,පිරිත් කියලා,ඕනම දේකට සීමාවක් තියෙන්න ඕනෙ.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    119 කෝල් කරපන් එතකොට මොකක් හරි කරයි,නැත්නම් පොලිසියේ උනුත් ඕවා ගනන් ගන්නෙ නෑ,පිරිත් කියලා,ඕනම දේකට සීමාවක් තියෙන්න ඕනෙ.

    එක පාරක් මාමණ්ඩිය කියල 119 ගහල. එතකොට එවන්නෙ ලඟම පොලීසියට කියල. උන් අහල ඔයාල බෞද්ධ නේද ඇයි මේවට විරුද්ධ කියල 😢


    අනේ මන්ද පොලිසි අර වෙන කොහේ යන්නද...:dull:අපේ උන් ගැන කියල වැඩක් නෑ...සද්දෙට දැම්මහම් නිවන් යනවා කියල ඇති හිතේ...

    බම්ප් තමා...

    තේරුමක්ම නෑ පොලීසිය.
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    එක පාරක් මාමණ්ඩිය කියල 119 ගහල. එතකොට එවන්නෙ ලඟම පොලීසියට කියල. උන් අහල ඔයාල බෞද්ධ නේද ඇයි මේවට විරුද්ධ කියල 😢

    අටපාස් කියන්නෙ නිකන්ද,බැරිම නම් ගෙදර එක්කන් වරෙන් වෙන මොනවා කරන්නද,ඔය වගේ මෝඩයො එක්ක කතා කරලා අපේ ලේ පිච්චෙනව විතරයි,
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ඔන්න පැයකට පස්සෙ දැනුයි ඉවර උනේ. කන් අඩි පැලෙන්න සද්දෙන් අහන් ඉඳල ඔලුව කැක්කුමයි දැන්
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එක පාරක් මාමණ්ඩිය කියල 119 ගහල. එතකොට එවන්නෙ ලඟම පොලීසියට කියල. උන් අහල ඔයාල බෞද්ධ නේද ඇයි මේවට විරුද්ධ කියල 😢

    ආයෙත් කතා කරපන් .ආයෙත් අරම කිව්වොත් පැහැදිලි කරපන් තත්වය පිරිත් නෙමෙයි ප්‍රශ්නෙ අදික ශබ්දය කියලා.ඒත් අහන්නෙ නැත්නම් 119 කෝල් කරලා කියපන් පොලිසිය කිසිම ඇක්ශන් එකක් ගන්නෙ නැහැ,ඇත්ත විස්තරේ කියන්න.
    ඒත් බැරි නම් අර කිව්ව වගේ ගෙදර එක්කන් පලයන්
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ආයෙත් කතා කරපන් .ආයෙත් අරම කිව්වොත් පැහැදිලි කරපන් තත්වය පිරිත් නෙමෙයි ප්‍රශ්නෙ අදික ශබ්දය කියලා.ඒත් අහන්නෙ නැත්නම් 119 කෝල් කරලා කියපන් පොලිසිය කිසිම ඇක්ශන් එකක් ගන්නෙ නැහැ,ඇත්ත විස්තරේ කියන්න.
    ඒත් බැරි නම් අර කිව්ව වගේ ගෙදර එක්කන් පලයන්

    මීට කලින් එහෙම දේවල් වෙලා ඒ ප්‍රදේශයේ සද්දෙ නැති කරල තියෙන අවස්ථා තියෙනවද බන්? 😢
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මීට කලින් එහෙම දේවල් වෙලා ඒ ප්‍රදේශයේ සද්දෙ නැති කරල තියෙන අවස්ථා තියෙනවද බන්? 😢

    මිලින්ද මොරගොඩ ඔහොම දෙයක් කලා ඌට නම් හැබැයි හැමෝම බනිනවා ඒකට.ඕනෙ තරම් ඇති ප්‍රසිද්ද එකකට මතක ඕය සිද්දිය.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ත්‍රස්තවාදී එක්ක කෙලින් හැප්පෙන්න එපා.
    හොඳම දේ හොරෙන් ඕකෙ වයර් කපල දාන එක. නැත්නම් කටවුට් එක ගලවල කැලේට විසිකරපන්, බැරිම නම් කෙලින්ම ගිනි තියල දාපන්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    https://www.facebook.com/sarath.wimalasuriya.1


    menna meyagen ahanna poddak.
    me doctor oya prashneta wisadumak labagena thibuna.
    lankawe nithiya anuwa thamange idamen ehata sadde yana widiyata
    speakers dagena inna baha.


    ඒව අදාල අල්ලපු ගෙදර මිනිහගෙ කැසට එකේ සද්දෙ වැඩියි කියල සීන් එකට. පන්සල් වල පල්ලිවල සද්ද වලට නීති නෑ
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    අපිට ඔය සීන් එක වෙන්නෙ මංගල්ලෙ කාලෙට
    ගෙදර කතා කරන ඒවවවත් ඇහෙන්නෙ නෑ

    හැබැයි ඉස්සර තරං දැං මංගල්ල කාලෙට හැම වෙලාවෙම දාන්නෙ නෑ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සිරාවට බන්. මුන් තම්බි බෞද්ධ. මුන්ට ඕනෙ තම්බින්ට රිදවල හීනියට ආතල් එකක් ගන්න. ඒවට කතාකරන එවුන්ගෙන් තමයි ගේම ඉල්ලන්නෙ. ගිහින් පන්සිල් අරන් ඒ විදියට හිටපන් කිව්වොත් ඔරවල ලිස්සල යන්නෙ.

    ඕකට එක වැඩයි තියෙන්නෙ. හොයන්න බැරි නම්බර් එකකින් 119 ගහලා පැමිණිලි කරපන්. 119 ගහපුවාම ඒකට මොකද කරේ කියල පලාතෙ පොලීසියට රිපෝට් එකක් යවන්න වෙනව හෙඩ් ඔෆිස් එකට. නවත්තන්නෙ නැත්නම් දිගටම 119 ගහල කියපන්.

    නැතනම් ඔය ලවුඩ්ස්පීකරේ පුච්චන්න ට්‍රයි එකක් දීපන් වයර් දෙකට 230 ඇල්ලුවනම් ඇති. ඊට පස්සෙ ඔය මහලොකු බෞද්ධයො තව ස්පීකරේකට සල්ලි වියදම් කරන්නෙ නෑ