කරන්න චාන්ස් තිබිලා කරපු නැති අය

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    yanna epa kiyaddi giyapu ekek giya sathiye awa. unta salli netuwat newei. e akkai, ayyai dennama wena wenama over 500k salary gatta. hoda welawata ge wikunala demme ne. Oya lagadi giyapu godak aya giye, lankawa bankrupt wela kela wei kiyala hitala. mehe tibba comfort eka ehe neti set eka den apahu enawa.
    ඔව්, මේක හරි. 2022 ට කලින් ආපු බහුතරක් උන් ආවේ ආසාව හින්ද (2019 ආපු මමත් ඇතුළුව). යන්න ඕන කියල කලින් ඉදන් ප්ලෑන් කරලා PTE /IELTS කරලා , assessments කරලා points හදාගෙන විස්තර හොයල pros n cons හොයල, රට ගැන විස්තර දැනගෙන තමයි මේ කාලේ ආපු ගොඩක් උන් ආවේ.
    2022 economic crisis එකත් එක්ක ගොඩක් උන් බය උනා ලංකාවට කෙලවෙයි කියල, රට යන රැල්ලක් ආව.අහන අහන හැම එකාම කොහේ හරි රටකට පනින්න බැලුවේ. :baffled::baffled:
    ඒ අස්සේ ගොඩක් උන් (මම දන්න ගොඩක් උන්) දඩිබිඩි ගාල PTE/IELTS කලා, assessments කලා. යන්තම් පොඉන්ට්ස් හදාගෙන EOI දැම්ම. එත් ඒ කාලේ ඔසී ඇතුළු ගොඩක් රටවල බෝඩර්ස් වහල තිබ්බේ. offshore applicants ලට වීස දුන්නෙම නැති තරම්. ඒ නිසා සෙට් එකම ස්ටුඩන්ට් දාල UK, Sweden, ඔස්ට්‍රියා වගේ රටවල ගියා. UK ගියා මම දන්නා ගොඩක් උන් ළමයි 3-4 ඉන්න පවුල්. හොද ඉන්කම් එකක් ගත්තු, යන්න කියල කිසිම විදියකින් හිතාගෙන ඉදපු නැති උන්. එතනින් ගොඩක් වයිෆ් ල තමයි යන්න ඕන කියල දගලලා තියෙන්නේ. ගොඩක් ෆැමිලි වල හස්බන්ඩ් ගියේ වැඩි කැමැත්තකින් නෙවෙයි, බලකිරීමට වගේ. ගියෙත් මෙලෝ දෙයක් හොයන්නේ බලන්නේ නැතිව, යන්නන්වාලේ. ටික දවසකින් තමයි උන්ට තේරුනේ ළමයි දෙතුන් දෙනා එක්ක රෙන්ට් එක, බිල්ස් ගෙවාගෙන ඉන්න එක ලේසි නෑ කියල. අනික ලංකාවේදී සර්වන්ට්ස් ල තියාගෙන, අම්මල, පුන්චිල ළමයි බලන නිසා හිටියට රට ආවම ළමයි බලාගෙන, ගන්න පඩියෙනුත් ලොකු ගානක් childcare වලට ගෙවාගෙන ඉන්න එක කොච්චර අමාරුද කියල තේරුණා. අනික odd jobs, part time ජොබ්ස් වලින් සල්ලි හොයන එකේ අමාරුව තේරුණා. UK නැතිව වෙන EU රටවලට ගියපු උන්ට language බැරියර් එකත් ආව. :(:no:
    රැල්ලට කට්ටිය එනකොට ඔහේ ආවට වෙච්ච වෙනස ගොඩක් උන්ට දරාගන්න අමාරු උනා.
    ඔය වගේ හේතු නිසා දන්නා ගොඩක් ආපහු අවා. සමහරු එන්න ඉන්නේ. ඒ අස්සේ UK ගියපු students ලට දැන් PR පාත්වේ එක almost impossible කියල (මේක නම් හරියටම ෂුවර් නෑ, එහෙ ඉන්න එකෙක් කිව්වේ) වෙන රටවල ඔප්ෂන් බලනවා.
    ඔය අතරෙන් හරියට විස්තර හොයල ඕන දෙකට රේඩි වෙලා, මුලින් (UK )ස්ටුඩන්ට් දාපු වයිෆ් ගිහින් සෙට්ල් වෙලා,ගෙයක් එහෙම රෙන්ට් කරගෙන, පස්සේ ළමයි, හස්බන්ඩ් ගෙන්නාගෙන, ශේප් එකේ ගේම ගහල දැන් ජොබ් ස්පොන්සර්ෂිප් එකක් අරගෙන ඉන්න උනුත් ඉන්නවා ඔය අතරේ. :yes: :yes:
     
    Last edited: