මෙන්න මචන් උබටයි උබේ වයිෆ්ටයි තව 40ක් ජීවත් වෙන්න කෝටි දෙකක් මදි වෙන්න බලපාන ප්‍රධාන හේතු.
1) dmsupun කියල තියෙනවා වගේ රුපියලේ අගය අඩු වීම තමයි ප්‍රධාන හේතුව. මම දන්න තරමින් එංගලන්තය, සවුදි අරාබිය වගේ රටවල්වල නම් ගොඩක් හෙමීට තමයි බඩු ගනන් යන්නෙ (මම වැරදියි නම් නිවැරදි කරන්නා) ඒත් ලංකාවෙ බඩු ගනන් යන වේගෙ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.
2) තව අවුරුදු 40ක් ඇතුලත කාල සීමාවෙදි මොනවා වෙයිද කියලා අනුමාන කරන්න අපි කාටවත් බැහැ. ඉතින් උබට උබ ඒ කාල සීමාවෙ නොසිතු දේවල් ගොඩක් වෙන්න පුලුවන්. ප්‍රශ්නවලින් ගොඩ එන්න අපට අවශ්‍ය වන ප්‍රධාන දේයක් තමයි සල්ලි. ඉතින් උබේ කෝටි දෙකෙන් කාලක් හෝ සමහරවිට බාගයක් වුනත් එක පාර වියදම් කරන්න වෙන අවස්ථා උබට එන්න පුලුවන් මචන්.
3) මාසේට රුපියල් හතලිස්දාහකින් ජීවත්වෙන එක උබට තව අවුරුදු ගානකින් එපා වෙන්න පුලුවන්. එතකොට උබට උබේ පාරිභෝජන රටාව වෙනස් කරගන්න හිතෙනවා. එතකොට උබට උබේ මාසික වියදම තව අඩු කරගන්න එකට වඩා වැඩි වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩියි.
ඇත්තටම කොහොමද මචන් උබලා රුපියල් හතලිදාහෙන් කාලා බීලා උබ කියනවා වගේ ෆන් එකේ ඉන්නෙ? අපිට නම් සතියකට සැරයක් සිල්ලර බඩු, මාළු, එළවලු ටික ගන්නම විතරක් රු. 9,000ක් විතර යනවනෙ. අපේ ගෙදර ඉන්නෙ මමයි, වයිෆුයි අවූරුදු හයේ පොඩි එකයි විතරයි.
මචන්, රටේ දැන් තියෙන තත්වයත් එක්ක රුපියලේ අගය අඩු වෙන වේගය ගැන, උබට පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?
උදාහරනයක් විදිහට අපේ අතේ මේ වෙද්දි රුපියල් කෝටියක් තිබුනොත් තව අවුරුදු තුනක් වගේ යද්දි එකේ වටිනාකම කොච්චරකින් විතර අඩු වෙලා තියෙයිද?
මම මේ ගැන අහලා ත්‍රෙඩ් එකකුත් දැම්මා. ඒත් මට හොද පිලිතුරක් ලැබුනේ නැහැ.
https://elakiri.com/threads/උද්ධමනය-රුපියලේ-අගය-අඩු-වීම.1979281/#post-26201853