කර්මය පලදුන් හැටි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    කර්මය කියන එක වලක්වන්න බෑලු. ඒත් තමන්ගේ හෑසීරීම අනුව හුගක් දේවල් වෙනස් වෙනවා. අපේ ඉස්කෝල වලත් ඔය වගේ ගුරුවරු එකෙක් දෙන්නෙක් ඉදලා තියෙනවා. නෑයො ගෑන නම් කතා කරලා වෑඩක් නෑනේ. හොද වෙලාවට පාපමිත්‍රයෝ සෙට් වෙලා නෑ හොද යාලුවෝ මිසක්
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    මම ඇත්තටම පාඩුවෙ ඉන්න අහින්සක එකෙක්. හැබැයි එක සැරයක් බැරිම තැන නරක වැඩක් කරා,

    2010 එක ඔෆිස් එකක වැඩට ගියා, ණය රිකවරි කරන්න. ඒ වෙනකොට මිලියන ගාණක සල්ලි ආයතනයට එන්න ඕන.
    ආයතනය දිව්වෙ හරිම අමාරුවෙන්, මේ පුටුවට එන එන එකා දාලා යනව, ප්‍රෙශර් එක...

    මම මුලින් වැඩට ගියා, ලොක්කා කීවා වැඩ වැඩ වැඩීම නම්, දන්න කෙනෙක් කියන්න, වැඩට ගන්නම් කියල.
    ඒ වෙලාවෙ රස්සාවක් හොය හොය හිටපු මගෙ යාලුවා ගත්තා.
    අපි දෙන්නා මාස 6ක් රැ වෙනකල් වැඩ කරලා කරලා, ඔෆිස් ගානෙ ගිහිල්ලා ගිහිල්ලා, ලැබෙන්න තියන සල්ලි පුලුවන් තරම් ගෙනාවා.
    දැන් ආයතනය ට සල්ලි සම්බන්ධ ප්‍රශ්ණයක් නැ.

    ඒ අතරතුර අපේ ඔෆිස් එකේ එකව්න්ටන්ට් ට නිකන්ම හොදනම, උගෙ පඩිත් වැඩි කරා.

    ඔය එකව්න්ටට්න්ට් මෙතන වැඩ කරන ගමන් කලින් වැඩ කරන තැන වැඩත් මේ ගමන්ම කරනව කියලා අපි දැනන් හිටියා. සමහර දවස් වල මූ අපිත් එක්ක රැ වෙනකල් වැඩ කියලා පෙන්නුවාට කරන්නෙ අනික් තැන වැඩ.....

    කොහොම කොහොම හරි මුට දැන් අපි දෙන්නගෙන් එකෙක් යවාගන්න ඕන උනා. මොකද දැන් දෙන්නව වැඩක් නෑ කියලා. ලොක්කට කේලම් කියලා,
    මම නිවාඩු ආව දවසක ලොක්කා මගෙ යාලුවාට කතා කරල කියලා ඔයා වැඩක් නෑ, දැන් වැඩ කරන්නෑ කියලා එකව්න්ටන්ට් කියනව කියලා කියලා.

    ඔහොම අපිට කෙලවයි කියන බයට එක දවසක රෑ එකව්න්ටන්ට් වැඩ කරන කොට, IT එකාට වැදලා වැදලා එකව්න්ටන්ට් ගෙ යාහූ මේල් එකේ පාස්වර්ඩ් එක සේව් කර ගත්තා.
    පස්සෙ එකව්න්ටට්න් ගිය ගමන් උගෙ කොම්පුටර් එකට ලොග් වෙලා ( IT කෙනාට කියලා කියලා ) අර ඊ මේල් එකෙන් අරූ කරන වැඩ ටික සේව් කර ගත්තා.

    පස්සෙ මගෙ යාලුවා බැරිම තැන ලොක්කට කීවා එකව්න්ටන්ට් මෙහෙ වැඩ කරනවා උනාට වෙන තැනක වැඩත් මෙහෙ කරන්නෙ කියලා සාක්ශි පෙන්නුවා.

    කට්ටිය හොල්මන් උනා.

    අන්තිමේදි ලොක්කා එකව්න්ටන්ට අයින් වෙන්න කියලා, මාව එකව්න්ටන්ට් කරා. ඒත් මට එතන වැඩ කරන්න හිත දුන්නෑ. මාස කීපයක් ඇතුලත මැදපෙරදිග ජොබ් එකකට ආවා.

    මගෙ යාලුවා ඒ ආයතනය අව්. 10ක් එකව්න්ටන්ට් විදිහට වැඩ කරා. මුලින්ම ගත්තෙ 30,000කට අයින් වෙනකොට පඩිය 110,000 කරලා. :)