ඉතින් ඒකම හොදම උදාහරණයක්නේ කර්මය ඇත්ත කියලා පේන.
කරවිල දැක්කහම අප්‍රිය බවක් ඇති වෙන්නෙත්, ච්‍රීස් මටන් කොත්තුවක් දැක්කහම ප්‍රිය බව ක් ඇති වෙන්නෙක් කර්මය නිසා තමයි.
හැම වෙලේම ගන්න තීරණ කලින් එකතු කර ගත්ත දැනුම මත රදා පවතිනනවා. ඔයාගේ 'දැනුම' ඔයාගේම කොග්නිටිව් බයියාසස් වලට සාපේක්ෂව දකින්න පුලුවන් කෙනෙක්ට, x අවස්ථාවක ඔයා ගන්න තීර්ණය මොකක්ද කියලා කියන්න පුලුවන්.
ඉතින් අපි ජීවත්වෙනවද නැත්තම් නැටවෙනවද?
දර්ශනවාද සියල්ල ගොඩනැගෙන්නේ දැනුම එක්ක. දැනුම ගොඩනැගෙන්නේ, 'මොනවහරි ඇත' සංඣාව සමග ඇති වෙන සක්කාය දිට්ටියෙන්.
දර්ශනවාද හදලා ඉවරකරන්න හරි, ඕකෙන් යතාර්ථය අර්ථදක්වන්න හරි කවදහරි පුලුවන් වෙයිද, අපි අත්දකින යතාර්ථයම අපේ perceptions වලට සාපේක්ෂයිනම්?
------ Post added on Oct 9, 2025 at 7:17 PM