යාලුවා උඹ පට්ට රිනාත්මක (negative) පොරක්.
මුලින්ම කරන්න තියෙන්නෙ නෑ, බෑ දෙක හිතෙන් අයින් කරන එක.
අනික් උන්ට තියෙන දේවල් දිහා බලන් දුක් වෙන එක දෙවනුව නවත්තපන්.
කොලයක් අරන් ලියපන් උබට තියෙන දේවල්.
අඩුගානෙ උබට ජොබක් වත් තියෙනවනේ ඒක ගැන හිතල සතුටු වෙයන්.
අද කාලෙ ඩිග්රි කරල ජොබ් නැති කොල්ලො කෙල්ලො කී දාහක් ඉන්නවද/ එදා වේල හොයාගන්න බැරි කී දාහක් බඩගින්නෙ වතුර පොදක් බීල නිදාගන්නවද මේ මොහොතෙ උනත්.. හිතපන් හැම වෙලේම මම ගොඩ යනව කියල,
ඔය ජොබ කරන ගමන් තව පාට් ටයිම් ජොබක් සෙට් කරගනින්.
අපිට ලෝකෙ වෙනස් කරන්න අමාරැයි, මුලින්ම තමන් වෙනස් වෙලා ඉන්න ඕනෙ.
බින්දුවෙන් පටන් අරන් ජීවිතේ ජයගත්ත මිනිස්සු ඒ තත්වෙට ආවෙ අනිත්වුන් දිහා බලල හූල්ලල නෙවේ මචං තමන්ගෙ දැඩි කැපවීම/අධිෂ්ඨානය නිසා..
හිතපන් හැම වෙලේම මං දිනනව කියලා හීන මවපන් හීන සැබෑ කරගන්න වැඩ කරපන්.. ! ජය!