කරුමෙ ගෙවනවා

shirosh89

Member
Mar 15, 2010
374
35
0
අපිත් බිංදුවෙන් තමයි පටන් ගත්තෙ මචං..
දැන් යමක් කමක් තියෙන්නෙ උත්සහයෙන් වැඩ කරලා.
කවුරු උනත් එහෙම තමයි.
මට නෑ මට බෑ කිය කිය නහයෙහ් අඩ අඩා හිටියයි කියලා අතට සල්ලි ගෙනත් දෙන්නෙ නැහැ
උබේ දියුණුව උබට භාරයි
:yes:
 
TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
මට තියෙන්නෙ හද්ද පරණ නොකියා 1110 එකයි පෙන්ටියම් 4 කොම්පියුටර් එකකුයි විතරයි.ඉන්ටනෙට් යන්නෙත් නැතිකමට යාලුවෙක් පාවිච්චි කරල අයින් කරපු 3.6mbps ඩොන්ගල් එකකින්.

ඇඩ්‍රස් එක එවන්න
මම මාසෙ අන්තිමට ෆෝන් එකක් එවන්නම් :D
 
indikaku

Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    උඹ හැමදාම ඔහොම හිතුවොත් එකම තැන ඉදීවි. පොඩි වෙනසක් කරලා අලුත් විදිහකට හිතන්න පටන් ගනින්.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :sorry::sorry:
    පොඩ්ඩක් ඉවසලා හොද ගේමක් ගහපන් බන්.. දවසක උබටත් හරියනවා අනිවා.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    richlife:21204777 said:
    උඹ කියල තියෙන දේවල් වලින් ගොඩාක් දේවල් විඳපු මිනිස්සු මෙතන ඉන්නව මචන්.. කොටින්ම කියනවනම් මම උනත් මගේ සමහර හීන පස්සට දාන වෙලාවල් තියෙනවා ගෙදර අයගේ ප්‍රශ්න එහෙම ආවාම.. ඒත් ඒවම හිත හිත එකම තැන ඉන්න එපා.. උඹ අනිත් උන්ට තියෙන දේවල් ගැන හිත හිත දුක් වෙන්නත් එපා.. කම්පියුටර් එකක්වත් නැති උන් ඉන්නවා මචන්.. මමත් මේ ලඟක් වෙනකන්ම ගෙදර පාවිච්චි කළේ බොහොම සාමාන්‍ය තත්ත්වෙක කම්පියුර් එකක්.. හැබැයි මම ඒ ගැන දුක් උනේ නෑ.. මගේ වැඩ ටික කොහොම හරි මම ඒකෙන් කර ගත්තා.. අනිත් උන් පට්ට ලොකු ගේම් ගහද්දී මම හෙන අමාරුවෙන් මගේ එකට ෆොටෝෂොප්, ඉලස්ට්‍රේට වගේ දේවල් දා ගත්තා රැම් එක මදි නිසා..

    මට උනත් අදටත් සෑහෙන ප්‍රශ්න තියෙනවා.. ඒත් උඹ හිතන විදිහට නෙමෙයි මමනම් හිතන්නේ.. මම අදටත් පාවිච්චි කරන්නේ මගේ වැඩවලට ගැලපෙන ෆෝන් එකක්.. පාවිච්චි කරන්නේ එලකිරි මෙම්බර් කෙනෙකුටම කියලා රෙපයාර් කර ගත්තු පාවිච්චි කරපු ලැප් එකක්.. අඳින පලඳින විදිහ පවා මට ගැලපෙන විදිහ මිසක් අනිත් උන්ට තියෙන විදිහ ගැන හිතන්නේ නෑ මමනම්..

    උඹට ෆෝන් එකක් තියෙනවා හදිස්සියකට කෝල් එකක් ගන්න.. කම්පියුටර් එකක් තියෙනවා ඉඳල හිටල පොඩි වැඩක් කර ගන්න.. ඩොංගල් එකක් තියෙනවා ඉන්ටර්නෙට් යන්න.. පොඩ්ඩක් හිතපංකෝ.. උඹේ අවශ්‍යතා ගොඩක් ඉටු වෙලානේ.. උඹට තියෙන්නේ බොහොම අවම මට්ටමේ පහසුකම් උනත් එහෙමවත් නැති උන් ඉන්නව මචන්..

    මමත් අතේ තියෙන අන්තිම සතේට එනකන් ගෙදරට දෙන්න වෙන වෙලාවල් තියෙනවා.. කෑමට පවා සල්ලි නැති වෙන මාස තියෙනවා.. ඒත් එහෙමයි කියල අනිත් උන් කන විදිහවත් උන් ජීවත් වෙන විදිහවත් හිත හිත ලත වෙවී ඉන්නේ නෑ..

    කැන්ඩි සිටි සෙන්ටර් එකේ ඇවිදල බලලා මිනිස්සු වියදම් කරන විදිහ ගැන හිත හිත ලත වෙවී ඉන්න එපා.. ප්‍රශ්න තියෙනවා තමයි.. ඔයා අර කියලා තිබුණ ගෙවල් වල ප්‍රශ්න වලට අමතරව අනුන් ජීවත් වෙන විදිහ ගැනත් හිතන්න ගියාම ඒක ඊට වැඩිය ලොකු බරක්.. ඒ නිසා අනිත් අය ජීවත් වෙන විදිහ ගැන හිතලා තමන්ට ඒ දේවල් නෑ කියලා දුක් වෙනවට වැඩිය තමන් කොහොම හරි තමන්ගේ ප්‍රශ්න ටික විසඳ ගන්නවා කියන හැඟීමෙන් වැඩ කරන්න බලන්න..
    ජය වේවා..

    Niyamai
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    යකෝ අපි මොනුන්ද කියල හිතුනා අද නුවර ගියාම.සෑහෙන කාලෙකින් නුවර ගියේ.හැම එකාම ලස්සනට අැදගෙන හොද වාහනවල යනවා.අර කැන්ඩි සිටි සෙන්ටර් එකටත් ගියා.මං ලැජ්ජාවටම එතනින් එලියට අැවිත් ඉක්මනට ගෙදර අාවා.

    රුපියල් විසිපන්දාහකට උදේ ඉදන් රෑ වෙනකම් කඹුරලා කඹුරලා බස්වල හිරවෙවී මිරිකිලා ගෙදර එනවා.එ් එන්නත් හෝල්ට් එකෙන් බැහැලා පයින් ගාටන්න ඕනෑ කිලෝමීටරයක් විතර.වැහි දවස්වලට ත්‍රීවිල්වලට සල්ලි පූජා කරල තියන රුපියලත් ඉවරයි.සමහර දවස්වලට ත්‍රීවිල් අැත්තෙත් නෑ.එකක් එනකම් කකුල් කැඩෙනකම් හිටගෙන ඉදලා අන්තිමට නැතුවම බල්ල වාගෙ නැට්ට අකුලන් ගෙදර එනවා.මඩ ගොඩවල්වල ලිස්ස ලිස්සා වැටි වැටී එන්නෙත්.

    ගෙවල්වලත් කිසි නිදහසක් නෑ දියුනුවක් නෑ.තාත්තා ඉස්සර ණය වෙලා වෙලා අන්තිමට අපි උඩට එ්කත් අැවිත් තියෙන්නේ.තාත්තට සල්ලි හොයන්නත් උවමනාවක් නෑ ලොකුනැන්දලට කඹුර කඹුර ඉන්නවා.අපි ගැන වැඩිය ගානක් නෑ.අපිට ඉන්න කියල හරියට ගේකුත් නෑ.ඉන්නෙ මාමලගෙ ගෙදර.එයා ඉන්නෙ හමුදාවෙ.දැන් පැන්ෂන් ගිහින් අාපුවම මෙහෙන් යන්න වෙනවා.අර වවුලො ගස්වල එල්ලිලා ඉන්නව වාගෙ එක එක තැන්වල එල්ලිලා ඉන්නවා.බයික් එකක් ගන්න කියල සල්ලි එකතු කරනවා.හැබැයි ගෙදර කාටහරි ලෙඩක් නැත්තං ගෙදරට බඩු ගන්න ණය ගෙවන්න සෙට් වෙලා එ්කත් මගෙන් දෙන්න වෙනවා අම්මටත් සල්ලි නැති නිසා.ඉතින් බයික් හීනෙ ගැන හැමදම හීන දැක දැක ඉන්නවා.

    අපි නිකම් අර ඉපදුනාට ඉන්නවා වගේ ඔහෙ ඉන්නවා.ට්‍රිප් එකක් යන්නවත් නෑ.එක ඩෙනිම දවස් දෙක තුනේ අදිනව ටවුන් යන්න එහෙම.අැත්තටම අපි පුදුම පව්කාරයො.

    බිස්නස් එකක් පටන් ගන්න කියල හිතන් ඉන්නවා.එ්කට ලොන් එකක්වත් ගන්න විදිහක් නෑ මේ තියන ණය ගෙවිලි හින්දා.ගමේ එකෙක්ගෙන්වත් ඉල්ල ගන්න බෑ.වෙන උන් ජීවත් වෙන විදියට අපි මොනුන්ද කියල හිතෙනවා.වෙන උන්ට ෆෝන් දෙක තුන තියනවා.ලැප්ටොප් ටැබ් ඔක්කොම තියනවා.මට තියෙන්නෙ හද්ද පරණ නොකියා 1110 එකයි පෙන්ටියම් 4 කොම්පියුටර් එකකුයි විතරයි.ඉන්ටනෙට් යන්නෙත් නැතිකමට යාලුවෙක් පාවිච්චි කරල අයින් කරපු 3.6mbps ඩොන්ගල් එකකින්.

    යකෝ හැමතැනින්ම අපිට කෙල වෙන එකමනෙ වෙන්නෙ.හරියනව කියල කිසිම දෙයක් නෑ.හැමදම ටිකට් ගන්නව එක රුපියල් දාහක්වත් නෑ.අාසාවට කඩේකින්වත් කන්නෙ නෑ වියදම් වෙයි කියල.

    කෙලවෙන එකෙනුත් උපරිමයෙන්ම අපිට තමයි වෙන්නේ.යකෝ අපි මොන පක්කුද මං දන්නෑ.අැයි දන්නෑ අපිටම මෙහෙම වෙන්නෙ.දියුුනු වෙන්න කියල දගලනවා දගලනවා කිසිම සාර්තකත්වයක් නෑ.

    මට කියන්න එකෙක්වත් නැති නිසයි මේකෙ දැම්මේ.

    loku wahana walin bassata hodata andata oya hema kenatama prashna thiyanawa..
    issellama anith minissu ekka compare karana eka nawaththanna..
    eka ekkenage karma shakthiya wenas..
    eth eka wenas karanna apita manussa athmayak labila thiyanawa..
    hema kenatama puluwan hema welawema udaw karanna..
    asarana minissunta pihita wenna..
    katawath irisiya karanna epa..
    pas paw nokara inna..
    nidahasak thiyana welawata diyunu wenna krama kalpana karanna

    hithannewath nathi widiyata diyunu wenawa oya tika kaloth..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අතේ මිටේ සල්ලි නැතුව
    ඉල්ල ගන්ඩ කෙනෙක් නැතුව
    හිතේ අමාරුවෙන් උන්නෙ මo
     
    Last edited:

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    ඩෙනිම් දෙකයි තියෙන්නේ මාස 3 කට වතාවක් හොදන්නේ ටි ශර්ට් හෝදන්නේ මාසයකට වතාවක්, ක්ලාස් යන කාලේ හැමදාම එක ඩෙනිමයි, කලිසම හොදන්න අවුව වැටෙන දවස් කීපයක් එනකල් බලන් හිටියා, ඒත අර ලොකු සපත්තු එක එක දවසට එක එක ඇදුම් බෑග් දාපු අයට වඩා හොදට මට ඉගෙන ගන්න පුලුවන් වුනා :D:D

    අනුන්ට තියෙනවා මට ඒවා නෑ කිය කියා හිටියොත් තමන්ට කවදවත් නෑම තමා
    [/QUOTE

    mata thiyenneth denim 4i shirt 2 tshirt 4i danata awrudu dekak thisse ochcharai bai :)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹේ කතාවට ඇත්තටම කනගාටුයි. මචන්, ධර්මයට යොමු වෙයන්. හිතා ගනින් සත 5 කාගෙන්වත් වංචාවෙන් ගන්නෙ නැහැ කියල. පොදු දේපල වංචාවක් ගැන නම් හිතන්නවත් එපා (එකෙක්ට කරන හොරකම වගේ නෙමෙයි රටකට හොර කරනකොට. ඒකෙ අනිත් පැත්තත් එහෙමම තමා).
    පොඩ්ඩෙන් පොඩ්ඩ ගොඩ දා ගනින්. කාටවත් ඊරිසිය කරන්න එපා. මාසෙකට සැරයක් රුපියල් 500 විතර වියදම් කරපන් පොදු වැඩකට. පිනකට.
    හිත ෆෝකස් කර ගනින්. ඉන්ටනෙට් තියෙනවනේ. ඉංග්‍රීසි ඉගෙන ගනින් තනියම. කවදා හරි ප්‍රයෝජනවත් වෙයි. මම කිව්වා නේද සත පහක් වංචා කරන්න එපා කියල. මාස 6 විතර එහෙම කරලා, උඹේ අවංකභාවය සපත කරලා සත්‍යක් ක්‍රියා කරපන් උඹ කරන මොකක් හරි ස්පෙසිෆික් වැඩක් හරි යන්න කියල.

    උඹ ධර්මානුකූල සොලූෂන් එකකට කැමති නම් මට PM එකක් දාපන්. . ජය වේවා.