කලගුණ_සලකන්න_මහින්ද_දිනවන්න..

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    කලගුණ_සලකන්න_මහින්ද_දිනවන්න..




    බැගෑපත්ව ඉල්ලනවගනම්.. "කලගුණ සලකන්න මහින්ද දිනවන්න.."
    ===========================================
    1. පාන් පුච්චන්න තරම් කුඩු ගෙනාවා, වෙච්ච දෙයක් නෑ තමයි..
    2. බේරේ වැවේ වතුරට වඩා අරක්කු හදන්න එතනෝල් ගෙනාවා තමයි..
    3. යුද්ධෙන් මැරුණේ ලක්ෂයයි ඒත් ලක්ෂ 2ක් වකුගඩු රෝගයෙන් මැරෙන්න ඉන්නවා, ඒත් බැර ලෝහ සහිත විෂ රසායන කොම්පැනි නැවැත්තුවේ නෑ තමයි..
    4. වකුගඩු රෝගීන්ගේ ලේ පෙරන යන්ත්‍ර 2යි රජරට තියෙන්නේ එකක් ලක්ෂ 27යි, මැෂින් වැඩියෙන් ගෙනාවේ නෑ පොලීසියට ලක්ෂ 36 බයික් සිය ගණනක් ගෙනාවා තමයි..
    5. හීලෑකරන ලද කරුණා අම්මාන්, පිල්ලෙයොන්ගේ ගෝලයන් විසින් මඩකලපු සිංහල බෞද්ධ ජනයා තලා පෙලනවා තමයි ඒත් වගක් නෑ තමයි..
    6. නාකොටික් එකෙන් ගේ වටලලා කුඩු අල්ලන්න හදනකොට හෙලිකොප්ටරෙන් ගිහින් බැහැලා කුඩ්ඩාට උම්මා දුන්නා තමයි.
    7. අල්ලස් හා දූෂණ විමර්ෂණ ඒකකයට ඇමතිවරු කැඳවනකොට ඇමතිට නයෙක් ගහලා ඉස්පිරිතාලේ ඉන්න අතරේ දූෂණ විමර්ෂණ ඒකකයේ ලොක්කා පැන්ෂන් ගිහින් අලුත් එක්කෙනාට විමර්ෂණ අමතක වුණා තමයි..
    8. ස්ත්‍රී දූෂක මන්තිරිලාට කිසිම හදියක් වෙන්නේ නෑ තමයි.
    9. පොලීසි වලට පැනලා පොලිස් කොස්සන්ගේ බිජ්ජ තලා ඇමතිවරු සැකකරුවන් අරන් යනවා තමයි..
    10. දුම්‍රිය දෙපාර්තමේන්තුව අඩුවට කරන්නම් කියද්දී රත්තරණින් රේල් පීලි දාන්න තරම් වියදමක් රේල් පාරවල් වලට වියදම් කරනවා තමයි.
    11. කිලෝමීටරයක් කෝටි 700 ගාණක් වියදම් කරලා අධිවේගී මාර්ග හදනවා තමයි..
    12. කොහේවත් යන තේ කොල මුදලාලිලයි, අට පාස් හාදයොයි, උගතුන්ගේ කන් අඩි පලන තක්කඩියි දමා ලෝකය හමුවේ රට ගඳ ගස්සන විදෙස් තානාපති සේවයක් හා විදෙස් අමාත්‍යාංශයක් තිබෙනවා තමයි..
    13. අතිෂයින්ම පාරිසරික වැදගත් කමකින් යුදු අභය භූමියක ආර්ථික ප්‍රමුඛතා හඳුනා ගන්නේ නැතිව රුපියල් 16000 ගානේ ආදායම උපයන්න වසර ලක්ෂ ගණනක් ගත වෙන ගුවන් තොටුපලවල් හැදුවා තමයි..
    14 අධික ජන ඝනත්වයක් සහිත වෙරල ඛාදනය ඉමහත් ප්‍රශ්ණයක් වෙමින් භූමිය දිනෙන් දින ක්ෂය වෙන රටක්ව පැවැතියත් ආර්ථික ප්‍රමුඛතා හද්හුනා නොගෙන භූමිය ගොඩ කර වරායක් හැදුවා තමයි..
    15. වෙනත් රටවල් වලින් පරිසර විනාශ කිරීම නිසා පලවාහරින ලද ඇමෙරිකන් සමාගමකට සෝමාවතිය අභය භූමියේ අක්කර 5000ක් විකුණලා සමතලා කරා තමයි.
    16. රටේ ව්‍යවස්ථාවේ තිබෙන සාධනීයම කොටස වන 17 වන සංෂෝධනය මකා දමා මැරෙනකල් බලයේ ඉන්න 18 වෙනි සංශෝධනය ගෙනාවා තමයි..
    17. යුද්ධ සමයේ යුධ උපකරණ ගෙන්වීම තනිව කල ජනාධිපති මල්ලීගේ සමාගමක කොටස් කරුවෙකු වූ සමථ මණ්ඩලේකවත් නඩු අහපු නැති පුද්ගලයෙක් අග විනිසුරු කළා තමයි.
    18. දැනටමත් පාඩු ලබන සේවකයින් 35000ක් පමණ සහ බස් 5000ක් තිබෙන ලංගම බස් 1000කට වඩා රැලි වලට සෙනඟ ඇදීමට යොදාගෙන රාජ්‍ය ධනය නාස්ති කරනවා තමයි.
    19. අට පාස් මස්සිනාලා දාගෙන කෝටි දහස් ගණනින් වසර ගණනාවක් බෙහෙත් නැති රෝහල් ටික බෙහෙත් සහිතව දුවන්න පුලුවන් මුදල් පාඩු ලැබෙනවා තමයි.
    20. කිසි විලි ලැජ්ජාවක් නැති පහත් ගති ඇති පුද්ගලයින් අධ්‍යාපන ඇමතිවරු කරමින් අධ්‍යාපනය කනවා තමයි.
    21. රටේ කලෙක අභිමානවත්ව සිටි ත්‍රිවිධ හමුදාව මෝඩ චූන් කොල්ලන්ට රේස් පදින්න වැලි කොට්ට ගහන්ට යොදලා දලඳා මාලිගාව වටේ මහනාහිමි වරුන් කියන දෙයක් අහන්නේත් නැතිව රුස්සියෝ දාගෙන හෙලුවැල්ලෙන් නැටුවා තමයි.
    22. පවුලේ අයට පමණක් දේවාලගම් පනත වෙනස් වුණා තමයි.
    23. ඉගෙනගන්න ඉල්ලන කොල්ලන්ට ගුටි, චන්ද බලය ඉල්ලන උන්ට දෙදි ගලවලා ගුටි, වතුර ඉල්ලූ උන්ට ලේ, පැට්‍රෝල් ඉල්ලූ උන්ට ලෝදිය දුන්නා තම්යි.
    24. රටේ අභ්‍යන්තරයේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ආයතන බිඳ දමා තමන්ට හිතෙන දේ නීතිය කළා තමයි..
    25. දුර්වල විදෙස් තානාපති සේවයක් සහ රට අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වීම නිසා විදෙස් බලපෑම් එනවිට එකකට එකක් ගානේ මැතිවරණ කැඳවමින් ඡන්ද ගැරුවා තමයි.
    26. නිෂ්පාදන ආර්ථිකයකට රට මාරු නොකර, නව කර්මාන්ත ෂාලා ඉදු කරන්න, ලෝකයේ වෙළඳපල සොයාගන්න ලෝකයේ විශාලම වෙළඳපොල මැද හිඳගෙනත් කිසිවක් නොකර අති විෂාල මුදලක් ණය වී අති විශාල මුදලකින් නඩත්තු කළ යුතු සංදර්ෂණ ආර්ථිකයක් හැදුවා තමයි.
    27. පන්සල් වලින් රජයේම රෝහල් වලට බෙදන්න ගේන ඇඳන්, කොට්ට මෙට්ට වෛද්‍ය උපකරණ වලට ටැක්ස් ගහන ගමන් පුතාලාට රේස් පදින්න කාර් වලට කෝටි ගණන් ටැක්ස් ඉවත් කළා තමයි..
    28. සපත්තු ගන්න ඉස්කෝලේ බඩු ටික ගන්න සල්ලි නැති දුප්පත් ලමයින්ට බෙදන්න පන්සල් සහ පුන්‍යායතන වලින් ආනයනය කරන පොත පත බෑග් සපත්තු වලටත් ටැක්ස් ගහන ගමන් තමන්ගේ පුතාලාට ලුවී විටෝන් සපත්තු අරන් දෙන්න තරම් සංවේදී නායකයෙක් තමයි..
    29. රටේ ජාතික මාධ්‍ය ලෝකයේ ඉතාම නින්දිතම මාධ්‍ය ආයතන කළා තමයි.
    30. මේ රටේ මෙච්චර කාලෙකට කළ අසික්කිතම මැතිවරණ ව්‍යාපාරය කළා තමයි..

    ඒත් මේ පාලනයට ජය වේවා.. මේ පාලනය දිගටම පවත්වා ගැනීමට හැකි වේවා.. මේ යන ගමනින් සියළු සිරිලක් වැසියන් චූන් වේවා.. සිංහල බෞද්ධයාට විෂශයෙන්ම චූන් එක ඩබල් වේවා.. මහින්ද රාජපක්ෂ ඉදිරියේ කතිරය සටහන් කර "කලගුණ සලකන්න" අපි යුද්ධය නැති රටක නිදහසේ හුස්ම අරගෙන ඉන්නේ එතුමාට පින්සිද්ද වෙන්නනේ. කොටි ලංකාවේ ඉන්නේ පූස් පැටවු ගාණට හීලෑ කල අය විතරයි. පිටරටින් කොටි එන්න ඉඩ තියෙනවා. ඒ නිසා විදෙස් කුමන්ත්‍රණ වලට අහු නොවී ජනපති නැවත වරක් දිනවන්න. අපගේ ජනපති තුමන් එක්ක ඉන්නේ රටට ආදරේ කොටස විපක්ෂයේ ඉන්නේ රටට හතුරු රට විනාශ කරන්න බෙදන්න ඉන්න කොටස.

    මේ විධියට රට දියුණු වේගෙන යනකොට "සිංහල බෞද්ධ" අපිට තමයි ඉතින් මුලින්ම කිරි පැනියෙන් උතුරන්නේ. එම නිසා මේ බැරෑරුම් මොහොතේ යුතුකම ඉටු කරන්න කලගුණ සලකන්න මහින්ද රාජපක්ෂ දිනවන්න.



    Mail එකකින් ආවෙ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    10417711_891549324208956_1445607832494733328_n.jpg
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    දැන් ද උබලා ඕවා කියන්නේ...
    එළකිරියේ ඉන්න පරණම මිනිස්සු වෙච්චි උබලා මේ විස්තර කලින් දැම්මා නම් දවස ගානේ ෆේක් හද හද මරාට කඩේ යන උට්ටිගේ පුතාලගේ සද්ද අඩුවෙනවනේ....
     
    Last edited:

    devindha

    Active member
  • Apr 26, 2008
    319
    29
    28
    මහින්දෝද්‍ය විද්‍යාගාර හැදුවේය - එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    විශ්වවිද්‍යාල වල නේවාසිගාර හැදුවේය -එහෙත්අපේ ජන්දය මෛත්‍රීටය
    මහ පොළ දීමනාව වැඩි කරේය -එකත් අරගෙන අපේ ජන්දය මෛත්‍රීටය
    රාජය සේවකයන්ට පක්ෂ පාට පනාබලා බයික් ලබා දුන්නේය- එකත් අරගෙන අපේ ජන්දය මෛත්‍රීටය
    කොළඹ ලස්සන කරේය සුවදවත් කරේය එ් සුවද විද විද ලස්සන තැන් වල විනෝද වෙමින්-එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    Highway වල යන ගමන් හොද කාපට් පාරවල් වල යන ගමන් -එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    අවුරැදු 30 කූරිරැ යුද්දය අවසන් කරේය. යුද්දයෙන් පසු සැනසිල්ලේ සිටියදී- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    ජන්ද ව්‍යාපාරයට පෝස්ටර් නොගසනවා පොරොන්දු විය එහෙත් පොස්ටර් ගැසුවේය- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    සෞඛය අැමති වශයෙන් අවුරැදු ගණනාවක් සිටියේය -එහෙත් සත පහක වැඩක් කරේ නැත-ලංකා‍වේ දූෂිතම අමාත්‍යාංශය බවට පත් කරේය- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    උදේ කියපු දේ දවල්ට මතක නැත - එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    ර‍ට ආගාධයට ඇද දැමු ලංකාවේ ආසාර්ථකම නායක දෙපල (රනිල්- චන්ද්‍රිකා) සමග අත්වැල්බැද
    ජානාධිපති විමට වෙර දරයි -එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    වැඩක් කර රට එක්සේසත් කර රට සංවර්ධනය කෙරැ මහින්ද රාජපක්ෂට අපි ජන්දය දෙන්නේ නැත
    වැඩක් නොකර දැනටමත් දී ඇති පො‍‍රොන්දු කඩ කර ජනතාවට සිහින පෙන්නා ඇති මෛත්‍රීපාල සිරිසේනටඅපි ජන්දය දෙන්නෙමු
    ඔබම තිරණය කරන්නන වැඩක් කෙරැ මහින්දද
    වැඩක් නොකර කටින් බතල හිටෝන මෛත්‍රීද
    සුභ ආනාගතයක්
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    pissuda ban mr ta kade yana un yanne as kan wahagena eka nsa oka kalin dammath ithin loku wadak wenne na...
    දැන් ද උබලා ඕවා කියන්නේ...
    එළකිරියේ ඉන්න පරණම මිනිස්සු වෙච්චි උබලා මේ විස්තර කලින් දැම්මා නම් දවස ගානේ ෆේක් හද හද මරාට කඩේ යන උට්ටිගේ පුතාලගේ සද්ද අඩුවෙනවනේ....
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    දැන් ද උබලා ඕවා කියන්නේ...
    එළකිරියේ ඉන්න පරණම මිනිස්සු වෙච්චි උබලා මේ විස්තර කලින් දැම්මා නම් දවස ගානේ ෆේක් හද හද මරාට කඩේ යන උට්ටිගේ පුතාලගේ සද්ද අඩුවෙනවනේ....

    මම කාලෙකට කලින් එක පොස්ට් එකක් දාලා. k අකුරෙන් පටන් ගන්න මෙම්බර් කෙනෙක් සහ තව රොත්තක් කරේ නගින්න ආව. ඒක නිසා දාන්න ගියේ නැහැ.