මේකයි මචන් , ඉංග්රීසියෙන් නැතුව සිංහලෙන් වැඩ කරන්න ඉගෙන ගන්න තියනවනම් හොදයි ,හරියට ජර්මනිය , ප්රංශය ,ඉතාලිය වගේ , ඒ රටවල මිනිස්සුන්ට එච්චර ඉංග්රීසිය වැදගත් නැහැ , ඒ ඇයි දන්නවද ? ඒ රටවල මිනිස්සුන්ගේ නිෂ්පාදන ක්රියාවලිය හොදයි මිනිස්සුන්ගේ ආර්ථිකයන් හොදයි , එක්කෝ තමන්ගේම තාක්ෂණයෙන් නිෂ්පාදනය කරනවා , එහෙම නැත්තම් අනුන්ගේ තාක්ෂණයක් ඉගෙනගෙන හරි තමන් නිෂ්පාදනය කරනවා තරගකාරී ප්රමිතීන්ට , ඒවත් එක්ක රැකියාවන් ගන්න වෙන වෙන බසාවල් ඕනි වෙන්නේ නැහැ , තමන්ගේ බාසාවෙන් තමන්ගේ රටේ කරන්න තමන්ගේ වැඩ තියනවා
අපි අලුත් නිෂ්පාදනයන් කරන්න හිතන්න තියා, ඉස්සර තිබුන නිෂ්පදනයන්වත් හරියට දියුණු කරන්නේ නැති , යකඩ ඇනයක ඉදන් රටින් ගෙන්වන , බහුජාතික සමාගම් වලට රටේ ආර්ථිකය විකුණන ජාතියක්
ප්රව්ඩ් අතීතයක් තිබ්බට ,වල් දේශපාලනික තීරණ ගන්න රටක් අය්යේ මේක
ලංකාවට ඕනි දේ වැඩි ප්රමාණයක් මෙහෙම නිපද වෙන දවසක , අපේ නිෂ්පාදන හොද ප්රමිතීන්ට අනුව නිපදවල වෙන රටවලට බෙදා හරින්න ක්ෂේත්ර දියුණු වෙන දවසක සිංහල බාසාව විතරක් අපිට ඇති වේවි
අපිට සිංහලෙන් වැඩ කරන්න පුළුවන් තැන් තියනවා එත් ඒවගෙන් මේ තියන ආර්ථිකයට ගැලපෙන අදායමක් ගන්න බැහැ, එකයි හැමෝටම ඔය "හොදයි" කියන තැන් වලට යන්න ඕනි වෙන්නේ ,එකට ගැලපෙන්න හැදෙන්න යන්නේ
ඔය උදාහරණයක් විතරයි ,
යම් යම් සමාජ තත්වයන් ඇතුලේ හොද දේ වගේම නරකත් දේත් තියනවා , නරක දේවල් විතරක් උලුප්පල පෙන්නලා බනින කෙනා කරන්නේ නරිය මිදී වැල තිත්තයි කිව්වා වගේ කතාවක්
, ඔය කතා කරන දේ කරන්න පුලුවන්නම් කොච්චර හොදද ? එත් කරන එක තමයි අමාරු වැඩේ !