කලාකරුවා සහ දේශපාලනය

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    කලාකරුවා සහ දේශපාලනය

    කලාකරුවා සහ දේශපාලනය
    ========================
    අපි කලාකාරයින්ට අසීමිතව ආදරය ගෞරව කරනවා.ඒක කලාකාරයින්ට , ක්‍රීඩකයින්ට ලැබෙන විශේෂ වරමක්.නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඔවුන්ට තමන් කැමති දේශපාලන පක්ෂයකට ගැතිව වැඩ කරන්න බෑ කියන එක.කොටස් හතරක් ඉන්නවා.
    1.පළවෙනි කොටස ජනතාව වෙනුවෙන් වෙනුවෙන් සේවය කරන්න තමන් විසින්ම ඡන්දය ඉල්ලපු අය.මිනිස්සු පබාට ,සනත්ට,මාලිනීට ඡන්දේ දුන්නේ ඒ අසීමිත ආදරය හා ගෞරවය නිසා. නමුත් ඔවුන් තමන්ට ලැබුණු මිනිස්සුන්ගේ කැමැත්ත ආත්මාර්තකමිව තමන්ගේ පෙන්ෂන් එක හදාගන්න,ආර්ථික වාසි ගන්න පාවිච්චි කළා.ඒ කලාකාරයින්ටත් ආදර ගෞරව කරපු මිනිස්සු අහුවුනා.

    2.දෙවැනි කොටසට අයත් කලාකාරයෝ මිනිස්සුන්ගෙන් ඡන්දය නොඉල්ලා තමන්ට හිතවත් අපේක්ෂයයෙකුට තමන්ට කැමති මිනිස්සුන්ගේ ඡන්දය අරන් දුන්නා.ඔවුන් තාන්න මාන්න අරං ආත්මර්තකාමිව තමන් ගොඩයන අය.ජැක්සන් ,ශ්‍රියන්ත,රෝහණ බැද්දගේ ,රෝහණ වීරසිංහ,සෝමරත්න දිසානායක වගේ අය ඒවට උදාහරණ.ඒ කලාකාරයින්ටත් ආදර ගෞරව කරපු මිනිස්සු අහුවුනා.

    3.තුන්වැනි කොටස හිතට අවංකවම රටේ යහපත සඳහා තමන් විශ්වාස කරන නායකයකුට ඡන්දය දෙන්න කියලා තමන්ගේ වටේ ඉන්න මිනිස්සුන්ව පොළඹවන අය.ඔවුන්ට තමන්ගේ අපේක්ෂකයාගෙන් ලැබෙන දෙයක්නෑ .ඔවුන් අපේක්ෂා කරන්නේ රටේ සුභසිද්ධිය විතරමයි.

    4.හතරවැනි කොටස සැබෑ ජීවිතයේදී දේශපාලනිකව උදාසීන අය.නමුත් ඒ අය තමන්ගේ නිර්මාණතුලින් තමන්ගේ මතය මිනිස්සු අතරට අරගෙන යනවා.විශාරද නන්දා මාලිනි, විශාරද කපුගේ,මහාචාර්ය සුනිල් ආරියරත්න,බොබ් මාලි වගේ ගොඩක් අය වැටෙන්නේ මේ ඝනයට.

    කලාකාරයින්ට තමන් කැමති විදිහට ඔය එක විදිහකින් දේශපාලනය කරන්න ළුවන්.ඒකෙන් ආත්මාර්තකාමිව තමන්ගේ වාසි හදාගන්නත් පුළුවන්.සාමාන්‍ය මිනිස්සු විදිහට අපි නගන්න ඕනේ සතා කව්ද කියන එක.
     
    • Like
    Reactions: Dishta Didin

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කලාකරුවො කියන්නෙ කටහඬ හෝ රූපය නිසා ජනප්‍රියත්වයට පත්වුන අය. ඒ අයගෙන් ගොඩක් උන්ට උකුනු පුකක් තරම්වත් මොලයක් නෑ. ඒ නිසා මොකෙකුට හරි චන්දෙ දාන්න කියල කලාකාරයෙක් කිව්වට අපි ඒ විදිහට කරන්න ඕනෙ නෑ
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    3 ට උදාහරණ නැති තරම් නේහ් :rofl:

    4 තමයි මං හිතන්නේ කලාවෙන් නියම ප්‍රයෝජනය ගන්නේ.
    "නර්තනයෙන් තොර විප්ලවය සැබෑ විප්ලවයක් නොවේ." (V for Vendetta 2005)
    කියන අදහස එයාලා ක්‍රියාවට නංවනවා කියලා මට හිතෙන්නේ. :D
     
    • Love
    Reactions: sanjaya22

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ අහවල් කලාකාරය අහවල් පක්ෂේ ඒ හින්ද මමත් ඒ පැත්තට දෙනව කියල චන්දෙ දුන්න මිනිස්සු නං මම හිතන්නේ නෑ ඉන්නව කියල. කලාකාරයෝ හිතන් ඉන්නව ඇති අපි හෙන ලොකු අය අපේ කීමට මිනිස්සු චන්දෙ දෙයි කියල. උන් වැඩිහරියක් කරන්නේ තියෙන චන්දත් කඩන එක
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නන්දා මාලිනි, කපුගේ,බොබ් මාලි කොහෙද බං උදාසීන. උඹට පිස්සුද :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කලාකාරයො කියල වෙනස් අමුතු මිනිස්සු කොටසක් නෑ. උනුත් අනිත් උන් වගේම තමයි. කඩේ යන මානසිකත්වෙ තියන උන් කලාකාරයද, මාලු කාරයද, පොලිස් කාරයද, පූජක උතුමෙක්ද කියල නෑ. තමන්ට පුලුවන් විදියට කඩේ යනවා
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    කලාකරුවො කියන්නෙ කටහඬ හෝ රූපය නිසා ජනප්‍රියත්වයට පත්වුන අය. ඒ අයගෙන් ගොඩක් උන්ට උකුනු පුකක් තරම්වත් මොලයක් නෑ. ඒ නිසා මොකෙකුට හරි චන්දෙ දාන්න කියල කලාකාරයෙක් කිව්වට අපි ඒ විදිහට කරන්න ඕනෙ නෑ

    බහුතරක් එහෙම හිතන්නේ නෑනේ බන්
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    3 ට උදාහරණ නැති තරම් නේහ් :rofl:

    4 තමයි මං හිතන්නේ කලාවෙන් නියම ප්‍රයෝජනය ගන්නේ.
    "නර්තනයෙන් තොර විප්ලවය සැබෑ විප්ලවයක් නොවේ." (V for Vendetta 2005)
    කියන අදහස එයාලා ක්‍රියාවට නංවනවා කියලා මට හිතෙන්නේ. :D

    මාත් ඉන්නේ ඔතැන.මාටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය කතාවෙත් දේශපාලනයක් තියෙනවා.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ලංකාවේ අහවල් කලාකාරය අහවල් පක්ෂේ ඒ හින්ද මමත් ඒ පැත්තට දෙනව කියල චන්දෙ දුන්න මිනිස්සු නං මම හිතන්නේ නෑ ඉන්නව කියල. කලාකාරයෝ හිතන් ඉන්නව ඇති අපි හෙන ලොකු අය අපේ කීමට මිනිස්සු චන්දෙ දෙයි කියල. උන් වැඩිහරියක් කරන්නේ තියෙන චන්දත් කඩන එක

    බහුතරක් එහෙම හිතන්නේ නෑනේ බන්
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    නන්දා මාලිනි, කපුගේ,බොබ් මාලි කොහෙද බං උදාසීන. උඹට පිස්සුද :lol:

    නන්දා මාලිනී දේශපාලන වේදිකාවක නැග්ග පින්තුරයක් උඹට මෙතැන දාන්න පුලුවන්නම් උඹත් එක්ක එකඟයි ? උඹ “පවන” කැසට් එක අහලා ඇති කියල හිතනවා.
     
    DarkFox

    Active member
  • Jul 6, 2016
    352
    192
    43
    දෙවෙනි category එකේ W. ජයසිරි, සමනලී, ජගත් මනුවර්ණ වගේ අයත් ඉන්නවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    ජයලත් මනෝරත්න කොයිම වෙලාවකවත් දේශපාලනයට නැමුනේ නෑ.
    දේශාපාලකයෝ ආරදනා කරාම මනුස්සයා ශේප් එකේ රට යනවලු.
    ඇත්තද බොරුද දන්නේ නෑ. බට් මේ මන් අහලා තියෙන කතාවක්. ඒ අතින් ඒ මිනිස්සු ශ්‍රේශ්ටයි.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ජයලත් මනෝරත්න කොයිම වෙලාවකවත් දේශපාලනයට නැමුනේ නෑ.
    දේශාපාලකයෝ ආරදනා කරාම මනුස්සයා ශේප් එකේ රට යනවලු.
    ඇත්තද බොරුද දන්නේ නෑ. බට් මේ මන් අහලා තියෙන කතාවක්. ඒ අතින් ඒ මිනිස්සු ශ්‍රේශ්ටයි.
    වෙළඳ දැන්වීම් වල ඉඳලත් නෑ නේද :cool:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මේ 3 වෙනි ඛාන්ඩයට අයිති කලාකරුවෝ කවුද?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කලාකරුවා සහ දේශපාලනය
    ========================
    අපි කලාකාරයින්ට අසීමිතව ආදරය ගෞරව කරනවා.ඒක කලාකාරයින්ට , ක්‍රීඩකයින්ට ලැබෙන විශේෂ වරමක්.නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඔවුන්ට තමන් කැමති දේශපාලන පක්ෂයකට ගැතිව වැඩ කරන්න බෑ කියන එක.කොටස් හතරක් ඉන්නවා.
    1.පළවෙනි කොටස ජනතාව වෙනුවෙන් වෙනුවෙන් සේවය කරන්න තමන් විසින්ම ඡන්දය ඉල්ලපු අය.මිනිස්සු පබාට ,සනත්ට,මාලිනීට ඡන්දේ දුන්නේ ඒ අසීමිත ආදරය හා ගෞරවය නිසා. නමුත් ඔවුන් තමන්ට ලැබුණු මිනිස්සුන්ගේ කැමැත්ත ආත්මාර්තකමිව තමන්ගේ පෙන්ෂන් එක හදාගන්න,ආර්ථික වාසි ගන්න පාවිච්චි කළා.ඒ කලාකාරයින්ටත් ආදර ගෞරව කරපු මිනිස්සු අහුවුනා.

    2.දෙවැනි කොටසට අයත් කලාකාරයෝ මිනිස්සුන්ගෙන් ඡන්දය නොඉල්ලා තමන්ට හිතවත් අපේක්ෂයයෙකුට තමන්ට කැමති මිනිස්සුන්ගේ ඡන්දය අරන් දුන්නා.ඔවුන් තාන්න මාන්න අරං ආත්මර්තකාමිව තමන් ගොඩයන අය.ජැක්සන් ,ශ්‍රියන්ත,රෝහණ බැද්දගේ ,රෝහණ වීරසිංහ,සෝමරත්න දිසානායක වගේ අය ඒවට උදාහරණ.ඒ කලාකාරයින්ටත් ආදර ගෞරව කරපු මිනිස්සු අහුවුනා.

    3.තුන්වැනි කොටස හිතට අවංකවම රටේ යහපත සඳහා තමන් විශ්වාස කරන නායකයකුට ඡන්දය දෙන්න කියලා තමන්ගේ වටේ ඉන්න මිනිස්සුන්ව පොළඹවන අය.ඔවුන්ට තමන්ගේ අපේක්ෂකයාගෙන් ලැබෙන දෙයක්නෑ .ඔවුන් අපේක්ෂා කරන්නේ රටේ සුභසිද්ධිය විතරමයි.

    4.හතරවැනි කොටස සැබෑ ජීවිතයේදී දේශපාලනිකව උදාසීන අය.නමුත් ඒ අය තමන්ගේ නිර්මාණතුලින් තමන්ගේ මතය මිනිස්සු අතරට අරගෙන යනවා.විශාරද නන්දා මාලිනි, විශාරද කපුගේ,මහාචාර්ය සුනිල් ආරියරත්න,බොබ් මාලි වගේ ගොඩක් අය වැටෙන්නේ මේ ඝනයට.

    කලාකාරයින්ට තමන් කැමති විදිහට ඔය එක විදිහකින් දේශපාලනය කරන්න ළුවන්.ඒකෙන් ආත්මාර්තකාමිව තමන්ගේ වාසි හදාගන්නත් පුළුවන්.සාමාන්‍ය මිනිස්සු විදිහට අපි නගන්න ඕනේ සතා කව්ද කියන එක.

    තමන්ගෙ දේශපාලන මතය තමන්ගෙ ලිංගේන්ද්‍රය වගේ. හොඳට පරිස්සම් කරගන්න ඕනෙ ඒත් කාටවත් නොපෙන්නා ඉන්න ඕනෙ. කලා කාරයටත් තමන්ගෙ පෞද්ගලික දේශපාලන මතයක් තියෙන්න පුලුවන්. ඒත් ඒක තමන්ගෙ නිර්මාණ වලට රින්ගවල මිනිස්සු බ්‍රේන්වොෂ් කරන්න යනවනම් ඒක තමයි ප්‍රශ්නය. එතනම ඔවුන් කරන්නෙ කලාවෙන් ප්‍රයෝජනය අරන් තමන්ගෙ දේශපාලන මතේ වෙන කෙනෙක්ට ඉන්ජෙක්ට් කරන එක. උදාහරණයක් විදියට අළුත් පරපුරේ සෙට් එක. කලාකාරයට අයිතියක් නෑ තමන්ගේ දේශපාලන මතය හරිම එකයි කියල හිතාගෙන ඒව සමාජයට පොම්ප කරන්න. සමාජය හැදිල තියෙන්නෙ උන්ටත් වඩා බුද්ධිමත් මිනිස්සුන්ගෙන්. එකිනෙකා තමන්ට දැනෙන විදියට දේශපාලනිකව හිතයි. ඊයෙ තනමල්විල කොල්ලෙක් බැලුවා. එක සීන් එකක ගමේ මැරතන් එකේදි, එක පැත්තක ජාතික කොඩිය වනනව, අනිත් පැත්තෙන් සමලින්ගික කොඩිය වනනව. කිසිම අදාලත්වයක් නෑඅ ගමක අවුරුදු උත්සවේ මැරතන් එකකට. ඔන්න ඔයවගේ තමන්ගෙ දේශපාලන මත හීනියට ඔබ්බවන උන්ට වඩා අර එලිපිට කඩේ යන උන් හොඳයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කලාකරුවො කියන්නෙ කටහඬ හෝ රූපය නිසා ජනප්‍රියත්වයට පත්වුන අය. ඒ අයගෙන් ගොඩක් උන්ට උකුනු පුකක් තරම්වත් මොලයක් නෑ. ඒ නිසා මොකෙකුට හරි චන්දෙ දාන්න කියල කලාකාරයෙක් කිව්වට අපි ඒ විදිහට කරන්න ඕනෙ නෑ

    කාලෙකට පස්සේ එකඟවෙන්න පුළුවන් කතාවක්...;)
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මේ 3 වෙනි category එකේ කලාකරුවෝ ලංකාවේ නෑ. ඔට්ටුයි?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේ 3 වෙනි category එකේ කලාකරුවෝ ලංකාවේ නෑ. ඔට්ටුයි?

    මම කැමතිම කලාකාරය අමරදේව. වෙනම කැටගරියක. දේශපාලනය අදාලම නෑ තමන් දන්න දේ කලා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නන්දා මාලිනී දේශපාලන වේදිකාවක නැග්ග පින්තුරයක් උඹට මෙතැන දාන්න පුලුවන්නම් උඹත් එක්ක එකඟයි ? උඹ “පවන” කැසට් එක අහලා ඇති කියල හිතනවා.

    දේශපාලන වේදිකාවල නගින්නම ඕන නෑ ....ආදී කලේ දේශපාලන බුමිකාව තාත්තාගෙන් අහල දැනගන්න.....
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මම කැමතිම කලාකාරය අමරදේව. වෙනම කැටගරියක. දේශපාලනය අදාලම නෑ තමන් දන්න දේ කලා
    අමරදේව ගේ නිර්මාණ නම් සුපිරියි තමයි. ඒත් එයාගේ දේශපාලනය ගැන කතා නොකර ඉම්මු. :dull: