කලු කුළුණ

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    EDIT: 2020/Aug/7

    7074060227_97b897b507_c.jpg

    ..නෝර්ට් මලඋන්ගෙන් නැගිටි විට ඔහු පිටකල ශබ්ධය ඈට තම මනසින් පලවා හැරිය නොහැකි විය. මීනි පෙට්ටි පියන මත ඔහුගේ මල අත් මිටි වදින විට නැගුනු හඩ.. ඔහුගේ නැවත පන ලැබූ මොලය තුල ඉතිරිව තිබෙනු ඇත්තේ කවරාකාරයේ සිතුවිලිද?, ඈ කල්පනා කලාය. ඔහු මියගොස් සිටින අතර ඔහු දකින්නට ඇත්තේ කවරාකාරයේ දේවල්ද? පසු ගිය මතකයන් ඔහු තුල තවමත් රැදී තිබේද? තිබේ නම් ඔහු ඒවා එලි කරාවිද? මීනී වලේ රහස් පහතමාලය තුල ඈ පැමිනෙන තෙක් බලා සිටීද? එවැනි ප්‍රශ්ණ වල තිබූ බියකරුම දෙය වූයේ, ඈට ඒවා ඇසීමට ඕනෑ වීමය.

    ඈට පහලින්, නෝට් සිහි-අසිහියෙන් යුතුව, යක්ෂ තණ සෙවීම පිනිස චන්ඩ මාරුතය තුලට ඉබාගාතේ ඇවිදිමින් සිටියේය. දැන් බාරයේ සිටි එකම ගණුදෙනුකරු වූ කළු හැදි මිනිසා, නෝර්ට් යන සැටි බලමින් සිටිනවා විය හැකිය. ඇතැම් විට ඔහු තාමත් විරිත්තා සිනාවෙමින් සිටිනවා විය හැකිය.

    සැන්දෑවේදී ඈ පහලමාලයට නොකැමැත්තෙන්ම යාමට තීරණය කලේ, එක් අතකින් ලන්තෑරුමක්ද අනෙක් අතින් බරැති ගිනිපොල්ලක්ද රැගෙනය. කළු හැදි මිනිසාත් ඔහුගේ අඩුම කුඩුමත් අතුරුදහන්ව ගොස් තිබිනි. එහෙත් නෝර්ට් එහි සිටියේය. ඔහු දොර ලග ඇති මේසයේ හිදගෙන සිටියේ, තමා ශාලාවෙන් කිසිවිටක පිටව නොගියාක් මෙන්ය. ඔහුගෙන් යක්ෂ-තණ ගන්ධය වහනය වූ නමුත්, ඈ බලාපොරොත්තු වූ තරම් එය සැර වූයේ නැත.

    ඔහු ඈ දෙස උඩ බලා, අස්ථිර සිනාවකින් සිනාසුනේය. "කොහොමෙයි, ඇලී".
    "කොහොමද, නෝර්ට්" පොල්ල බිම හෙළූ ඈ, ඔහු වෙතින් ආපසු නොහැරීමට වගබලා ගනිමින් ලාම්පු එකිනෙක දල්වන්නට පටන්ගත්තාය.
    "දෙයියෝ මට තෑග්ගක් දුන්නා," ඔහු එවිට කියා සිටියේය. "මම ආයෙම කවදාවත් මැරෙන්නෙ නෑ. දෙයියෝ ඒම කීවා. දෙයියො මට පොරොන්දු වුනා."
    "කොච්චර හොදද ඒක උඹට, නෝර්ට්." ලාම්පු දැල්වීමට ඈ අතෙහි තබාගෙන සිටි ගිනිකූර ඇගේ වෙවුලන ඇගිලි අතරින් ලිස්සාගොස් බිම වැටිනි. ඈ නැවී එය අහුලා ගත්තාය.
    "යක්ෂ-තණකොල හපන එක නැවැත්තන්ඩ මම කැමතියි," හේ කීය. "ඒක දැං මට පිරියක් නෑ. දෙයියංගෙන් තෑග්ගක් ලැබිච්ච මිනිහෙක් හැටියට, යස්ස තණ හපන එක සුදුසු නෑ."
    "ඉතිං ඇයි උඹ ඒක නවත්තන් නැත්තෙ?"
    ඇගේ කෝපය නිසා ඈට නැවතත් ඔහුව මිනිසෙකු ලෙස පෙනෙන්නට පටන්ගති--අපායෙන් පැමිනි විශ්වකර්මයකට වඩා. ඈට පෙනුනේ බාගෙට මත්වූ, ශෝකී මුහුණකින් යුතු, වරදකාරී බවින් සහ බියෙන් දුර්මුඛව ගිය මිනිසෙකි. ඈ තව දුරටත් ඔහු නිසා බියපත් වූයේ නැත.
    "මේ, මාව වෙවුලනවා," ඔහු කීය. "මට වෙවුලන්ඩ ඕන. මට ඒක නවත්තන්ඩ බෑ. ඇලී, උඹ හැමදාම මට කරුණාවෙන් සැලකුවා..." ඔහු ඉකිගසන්නට පටන් ගති. "මට කලිසමේ හුජ්ජ යන එකවත් නවත්තගන්ඩ බෑ. මම මොකෙක්ද? මම මොකෙක්ද?" ‍



    1596785450754.png



    ඈ මේසය වෙත ගමන් කොට එතැන අනියත ලෙස සිටගෙන සිටින්නට වූවාය.
    "මිනිහාට මට ආයේ පණ දෙන්න පුළුවන්කම තිබුන නං, මගෙ යස්ස-තණ කන පුරුද්දත් නැති කරලා දාන්ට තිබුනා," ඔහු කදුළු අතරින් පැවසීය. "ඒ වුනාට මම කාටවත් දොස් කියන්නෙ නෑ... මට දොස් කියන්ඩ ඕනැ නෑ..." ඉන්පසු ඔහු බියසුළු විලාශයෙන් වටපිට බලා මෙසේ කෙදිරුවේය, "එහෙම කලොත් මිනිහා ආපහු මාව මරා දමාවි"
    "සමාර විට මිනිහා විහිළුවක් කලා වෙන්නත් පුළුවනි. මිනිහා විහිළුකාරයෙක් වගෙයි පෙනුනේ"
    නෝර්ට් තම කමිසයට යටින් එල්ලෙමින් තිබූ කුඩා මල්ල ගෙන, එයින් යක්ෂ-තණ මිට අරගත්තේය. එහෙත් එවිට ඈ නොසිතාම මල්ල ඔහුගේ අතින් ගසා දැමුයේ, එක්වරම භීතයට පැමින තම අත ආපිට ඇදගත්තාය.
    "මට ඒක නවත්තන්න බෑ, ඇලී, මට බෑ," ඔහු නැවතත් මල්ල අහුලා ගැනීමට තම වෙව්ලන අත දිගු කලේය. ඔහුව නැවතීමට ඈට හැකියාව තිබුනද, ඈ එසේ කිරීමට තැත් නොකලාය. ඒ වෙනුවට ඈ නැවතත් ලාම්පු පත්තු කිරීමට ඉවත්ව ගියාය. සැන්දෑව ඇරඹුනේ මේ දැන් වූවද, ඈට දැනුනේ මහන්සියකි. එහෙත් එම රාත්‍රියේ කිසිවෙකු එහි පැමිනියේ නැති අතර, පැමි‍නියේ කෙනලි නැමැති මහල්ලා පමනි. ඔහු දාවලේ සිදුවුනු සිදුවීම් කිසිවක් දැක නොතිබුනි. නෝර්ට් ව දැකීමෙන් ඔහු විශේෂයෙන් විස්මයට පත්වූ බවක් පෙනෙන්නට නොතිබිනි. ඇතැම් විට සිදුවුනු දෙය ඔහුට කවුරුන් හෝ පවසන්නට ඇත. හේ බීර ඕඩර් කර, ෂෙබ් කොහේදැයි විමසා, අනතුරුව ඈට තට්ටුවක් දමාපි.
    මද වේලාවකට පසුව නෝර්ට් ඈ වෙත පැමින, තම මලගිය වෙව්ලන අත දිගුකර නවන ලද කොල කැබැල්ලක් ඈ වෙත දක්වා සිටියේය. "මිනිහා මේක උඹට දෙන්ටයි කීවා" හේ කීය. "තව පොඩ්ඩෙං මට අමතක වෙනවා. මට අමතක වුනා නං, මිනිහා ආපිට ඇවිදිං මාව මරාදානවා සිකුරුයි."
    එම කොලය ඉතා වටිනා වර්ගයේ එකක් වූ නමුත්, එයට අත තැබීමට ඈ කැමති වූයේ නැත. එය බරැති වූ අතර, එයට පිලිකුල උපදවන ස්වභාවයක් ගැබ්වී තිබිනි. ඒ මත ලියා තිබුනේ එකම වචනයකි:

    "ඇලී"

    "මිනිහා කෝමද මගේ නම දන්නේ?" ඈ නෝර්ට්ගෙන් විමසුවාය. එහෙත් නෝර්ට් කලේ හිස සෙලවීම පමනි. ඈ කොලය වීවෘත කර, ඇතුලත ලියා තිබූ මෙම පනිවුඩය කියවූවාය:


    "උඹට මරණය ගැන දැනගන්න ඕන උනා නෙව. මම මිනිහාට වචනයක් ඉතුරු කරලායි ගියේ. ඒ වචනේ තමයි 'දහනවය'.

    මේ වචනේ උඹ මිනිහාට කිවුවොත්, මිනිහාගේ මිනස විවෘත වේවි. මරණයෙන් එහා තියෙන්නේ මොකක්ද කියලා මිනිහා උඹට කියාවී. මිනිහා මැරුණායින් පස්සේ දැක්කේ මොනවාද කියලා උඹට කියාවි.
    වචනය තමයි, දහනවය.
    මිනිහා කියන එක ඇහුවාම උඹ පිස්සු වැටේවි.
    ඒත් ඉක්මනින් හරි පහුවෙලා හරි උඹ මිනිහාගෙන් ඒක අහන බව ඒකාන්තයි.
    උඹට උඹවම නවත්තාගන්න බැරිවේවි.
    සුබ දවසක් උඹට!
    :-)


    - වෝල්ටර් ඕ'ඩිම්

    ප.ලි. වචනය 'දහනවය'.

    උඹ ඒක අමතක කරන්න හදාවි. ඒත් කල් නොයාවාම ඒ වචනය උඹේ කටින් එලියට ඒවි, වමනෙ වගේ.

    දහනවය


    ‍දෙවියනි, තමා එය කියනු ඇති බව ඈ දැන සිටියාය. එය දැනටමත් ඇගේ තොල් මත වෙවුවලමින් නැටුවේය. දහනවය, ඈ කියනු ඇත -- නෝර්ට්, මේ අහපන්: දහනවය. එවිට මරණයේ අභිරහස සහ එයින් එපිට තිබෙන දෙය ඈට හෙලි වනු ඇත.

    ඉක්මනින් හරි පහුවෙලා හරි උඹ ඒක අසාවි

    ...
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ඊළග දිනයේ දී සෑම දෙයක්ම සමාන්‍ය අතට හැරී ඇත්තාක් මෙන් පෙනිනි. එහෙත් කොළු කෙලි රෑන නෝර්ට් පස්සේ පැන්නුවේ නැත. ඉන්පසු දිනයේදී කෑ කෝ ගැසිලි නැවත පටන් ගත්තේය. ජීවිතය තම ගමන නැවත ඇරඹුවේය. ගැලවී ගිය ඉරිගු ගස් ලමුන් විසින් එකතු වී එක්කාසු කරනු ලැබිනි. නෝර්ට් මලවුන්ගෙන් නැගිටීමෙන් සතියක් ගිය තැන, එවුහු ඒවා වීදිය මැද ගිනි ලෑහ. ගින්න මොහොතකට බුර බුරා දැල්වුනු අතර, තැබෑරුමේ සිටි බොහොමයක් බේබද්දෝ එය නැරඹීමට පැමිනියහ. සමහරු ආවේ තුන් පයිනි. ඔවුන් දිස් වූයේ ආදිකල්පිත වානරයන් මෙනි. ඔවුන් ගේ මුහුනු, ගිනි දැල් සහ අකාශයේ අයිස් පතුරු බදු සීතල දීප්තිය අතරේ පාවෙන්නාක් මෙන් පෙනුනි. එලී හට ඔවුන් දුටු විට දැනුනේ, ලෝකයේ දුක්බර කාලය පිලිබද බලාපොරොත්තු විරහිත බවකි. එම හැගීම ඉදිකටුවකින් අනින්නාක් මෙන් ඇති වී නැති වී ගිය එකක් විය. නැතිව ගිය දෑ. ඇදී දුරස්ථ වී ගිය දෑ. දේවල් එකිනෙක කෙරෙහි බදවා තැබීමට ලෝකයේ මධ්‍ය ලක්ෂයේ තිබූ බන්ධනය ගිලිහී ගොස් තිබිනි. කොතැනක හෝ කිසියම් දෙයක් බිදී වැනි වැනී තිබිනි. යම් දවසක එය කැඩී බිම පෙරළුණු තැන, සියල්ල අවසන්ව යනු ඇත. ඈ කිසි දිනක මහ මුහුද දැක තිබුනේ නැත. ඉදිරියේදී ද නොදකිනු ඇත.
    "මට දහිරියක් තිබුනා නං," ඈ මිමිනුවාය. "මට දහිරියක් තිබුනා නං, දහිරියක්, දහිරියක්..." ඇගේ කටහඩ ඇසී නෝර්ට් හිස ඔසවා බැලූ අතර, නිරයෙහි සිට ඈ වෙත හිස් සිනාවක් පෑවේය. ඈට දහිරියක් නොතිබිනි. ඈට තිබුනේ තැබෑරුමක් සහ තුවාල කැලලක් පමනි. එමෙන්ම වචනයක්ද තිබුනේය. එම වචනය ඇගේ වැසුනු දෙතොල පිටුපසට වී දැගලුවේය. ඔහුට අමතා, ඔහුගේ දුගදද අමතක කොට ඈ ඔහුව මේ දැන් තමා අසලට ලං කර ගතහොත්? ඔහුගේ කලාදුරු පිරුනු කයිපුඩි දෙකක් බදු දෙකන් තුලට එම වචනය මේ දැන් මිමිනුවහොත්? එවිට ඔහුගේ දෑස් වෙනස් වනු ඇත. ඒවා ඔහුගේ දෑස් බවට පරිවර්ථනය වනු ඇත -- කළු ඇදගත් මිනිසාගේ දෑස් වලට. ඉන්පසු, මලගියවුන්ගේ දේශයේදී ඔහු දුටුවේ කුමක්දැයි කියාද, පස සහ පණුවන්ගෙන් එපිට තිබෙන්නේ මොනවාදැයි කියාද නෝර්ට් පවසනු ඇත.

    මම ඒ වචනය ඔහුට කෙදිනකවත් නොපවසමි.

    එහෙත් නෝර්ට් ව මලවුන්ගෙන් උත්ථානය කර, ඈ වෙනුවෙන් ලියමනක් ද තබා ගිය මිනිසාට ඊට වඩා ඒ ගැන දැනීමක් තිබුනි. එම ලියමනෙහි ලියැවී තිබූ වචනය, කොකා තද කල පිස්තෝලයක් වැනිය. එම පිස්තෝලය කෙදිනක හෝ ඈ තමාගේ ඔළුවට තද කරගනු ඇත.

    දහනවය රහස් එලි කරනු ඇත.
    දහනවයම රහස විය.

    ඈ නොදැනුවත්වම එය විස්කි ඉහිරුනු තැබෑරුම් බාරය මත ඇගිල්ලෙන් ලියන්නට වූවාය -- දහනවය -- එහෙත් නෝර්ට් තමා දෙස බලා සිටිනු දුටු තැනදී ඈ එය පිසදමා නැතිභංග කර දැමුවාය.

    විදීය මැද ඇවිළුණු ගින්න ඉක්මනින් නිවී ගිය හෙයින්, ඇගේ ගණුදෙණුකරුවෝ නැවතත් ඇතුලතට පැමිනියෝය. ඈ ස්ටාර් විස්කි වලින් පදම් වීමට පටන්ගත් අතර, මැදියම් රැය ලගා වන විට ඈ සිහි පනින ගානට සූර් වී සිටියාය.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    VII

    ඈ තමාගේ කතාන්තරය නැවතුවාය. එහෙත් ඔහු නිහඩව සිටියේය. මුලින් ඈ සිතුවේ ඔහු කතන්දරය අසමින් නින්දට ගොස් ඇති බවයි. ඈද සෙමින් නිදිකිරා වැටෙන්නට පටන්ගනිද්දීම ඔහු මෙසේ විමසා සිටියේය: "එච්චරද?"

    "හ්ම්. එච්චරයි. දැං රෑ වෙලා."

    "ම්ම්." ඔහු තවත් සිගරටයක් ඔතමින් සිටියේය.

    "ඔය දුංකොල කුඩු මගෙ ඇද උඩ දාන්ඩ එපා" ඈ ඔහුට කීවේ, තමාට උවමනා වූවාට වඩා දැඩි බවකිනි.

    "නෑ"

    නැවතත් නිහඩ බව. ඔහුගේ සිගරට් පුලිගුව දැවෙමින් ඇසි පිය ගැසුවේය.

    "ඔහේ හෙට උදේ යන්ට යාවි," ඈ උදාසීනව කීවාය.

    "යන්ට වෙනවා නෙව. මිනිහා මොකක් හරි උගුලක් මට මෙහේ තියලා ගිහිං ඇතිය කියලායි මට හිතෙන්නෙ. අර උඹට තියලා ගියා වගේ එකක්."

    "ඔහේ ඇත්තටම හිතනවද අර නොම්බරේ--"

    "උඹ හොද සිහිය තියා ගන්ට කැමති නම්, උඹ කවදාවත් ඕක නෝර්ට් ට ඇහෙන්න කියනවා නෙවෙයි." තුවක්කුකරු කියා සිටියේය. "ඒක උඹේ මොලෙන් අයින් කරලා දාපන්. පුළුවන්නං දහ අටට පස්සේ තියෙන්නේ විස්ස කියලා හිතන්න හුරු වෙයන්. තිස් අට දෙකට බෙදුවාම උත්තරේ දාහත කියලා හිතන්න හුරු වෙයන්. වෝල්ටර් ඕ' ඩිම් කියන මිනිහාට මෙන්න මේ වගේ එකෙක් කියලා ඇගිල්ල දිග් කරන්න බෑ -- ඒත් මොකෙක් උනත් ඌ බොරුකාරයෙක් නම් නෙවෙයි."

    "‍‍‍ඒත්--"

    "උවමනාව එනකොට ඒක තදට ඒවි. එතකොට උඹ මෙතන උඹේ ඇද රෙද්ද යටට රිංගලා ඒක කියපන්, ආය ආය කියපන්, උවමනා උනොත් කෑ ගහලා කියපන්, උවමනාව යනකම් කෑ ගහලා කියපන්."

    "උවමනාව ඒම ලේසියෙන් යන්නෙ නැති දවසක් ඒවි."

    තුවක්කුකරු එයට පිලිතුරක් දුන්නේ නැත. මන්දයත් එය ඇත්ත බව ඔහු දැන සිටි හෙයිනි. උගුල බෙල්ලට හිර වී තිබූ එකක් විය. තමාගේ මව හෙළුවෙන් සිටිනු සිතින් මවාගතහොත් තමා අපාගත වන බව කවරෙකුට හෝ කිවහොත් (තුවක්කුකරු කුඩා කොළු ගැටයකුව සිටි කාලයේදී මෙයම කිසිවෙකු ඔහුට කියා තිබිනි), ඔහු කවර හෝ දිනක ඇගේ හෙළුව සිතින් මවාගනු ඇත. නමුත් ඒ මන්ද? ඒ ඔබ ඔබේ මවගේ හෙළුව සිතින් මවාගැනීමට අකමැති නිසාය. ඔබ අපාගත වීමට නොකැමති නිසාය. පිහියක් සහ එය අල්ලා ගැනීමට අතක් දුනහොත්, මනස කවදා හෝ තමාවම කා දමනු කරනු ඇත. ඒ එසේ කිරීමට මනස කැමති නිසා නොවේ, ඒ එසේ කිරීමට එය නොකැමැති නිසාය.

    ඉක්මනින් හෝ පසු වී හෝ එලී නෝර්ට් ව අමතා එම වචනය පවසනු ඇත.

    "යන්ට එපා" ඈ කියා සිටියාය.

    "බලමුකො"

    ඔහු ඈ වෙත පිටුපා නිදාගත්තේය. එහෙත් ඈට සැනසීමක් දැනිනි. ටික දිනකට හෝ ඔහු රැදී සිටිනු ඇත. ඈ නිදි කිරා වැටෙන්නට පටන් ගති.

    නෝර්ට් ගැන එම අද්භූතජනක ස්වරයෙන් ඔහු කථා කල ආකාරය, නින්දත් නොනින්දත් අත‍රේදී ඈ නැවතත් සිහි කලාය. තම අභූතජනක අළුත් පෙම්වතා තම හැගීම් ප්‍රකාශ කරනු ඈ දුටු එකම වාරයයි ඒ. ඔහුගේ සංසර්ගය පවා නිහඩ වූ එකක් විය. ඔහුගේ හුස්ම ගැනීම පවා රළු වී මොහොතකට නැවතී ගියේ කාම-ක්‍රියාවේ අවසාන මොහොතේදීය. ඈට ඔහුව පෙනුනේ කිසියම් සුරංගනා කතාවකින් හෝ පුරාවෘත්ත කතාන්තරයකින් පැමිනි සත්වයෙකු සේය. විශ්මිතවූද, බියජනක වූද සත්වයෙකු ලෙසය. ඔහුට ප්‍රාර්ථනා ඉටු කිරීමේ හැකියාව තිබේද? 'ඔව්' යනුවෙන් ඇගේ මනස පිලිතුරු දුන්නේය. ඔහු ඇගේ ප්‍රාර්ථනාව ඉටු කරනු ඇත. ඔහු මද කලකට නැවතී සිටිනු ඇත. ඈ වැනි කාලකණ්ණි සහ සිදී බිදී ගිය බැල්ලියකට එම සුළු ප්‍රාර්ථනාව පවා මහා දෙයක් විය. හෙට දිනයේදී තවත් පැතුමක් හෝ දෙකක් පැතීමට කාලයක් ලැබෙනු ඇත. ඉන්පසු ඈ නින්දට ගියාය.
    .
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    IX

    ඊළග උදයේදී ඈ ඔහුට රළු ඉරිගු වලින් පිලියෙල කරන ලද පාතරාසයක් පිස දුන්නාය. ඔහු එය ආහාරයට ගත්තේ නිහඩවය. ඔහු එය ගිල දැමුවේ ඈ ගැන සිතමින් තබා ඈ වෙත බැල්ලමක් හෝ හෙලමින් නොවේ. තමා පිටව යා යුතු බව ඔහු දැන සිටියේය. ඔහු මෙහි හිදගෙන ගත කරන සෑම මිනිත්තුවක් පාසාම, කළු හැදගත් මිනිසා ගවු බාගය ගනනේ ඔහුගෙන් දුරස් වී යයි. රළු භූමිය සහ කුඩා දොල පහරවල් පසු කරමින් ඔහු මේ වන විටත් කාන්තාරය තුලට පිවිසී තිබෙන්නට ඇහැකිය. ඔහුගේ ගමන් මාර්ගය හැමවිටම වෙනසකින් තොරව ගිනිකොන කරා යොමු වී තිබූ අතර, ඒ මන්දැයි තුවක්කුකරු දැන සිටියේය.

    "උඹ ලග සිතියමක් තියේද?" හිස ඔසවමින් ඔහු විමසා සිටියේය.

    "ටවුමේ සිතියමක්?" ඈ සිනාසුනාය. "සිතියමක් අදින්ට තරං මේකේ මල ඉලවුවක් තියෙනවා යැ."

    "නෑ. මෙතන ඉදලා ගිණිකොන දිහාව පෙන්නුං කරන සිතියමක්."

    ඇගේ සිනාව දිය වී ගියේය. "කාන්තාරේ. කාන්තාරේ විතරයි. මං හිතුවේ ඔහේ ටික දවසක් ඉදලා යයි කියලා."

    "කාන්තාරේට එපිටින් තියෙන්නේ මොකක්ද?"

    "මම දන්නෙ කෙ‍ාහොමෙයි? කාන්තාරේ හරහා කවුරුවත් යන්නෙ නෑ. මම මෙහේ හිටි කාලෙකදී කවුරුවත් යන්ඩ උත්සාහ කරලා නෑ." ඈ තම ඒප්‍රනය මත දෑත පිස දමා, උණු භාජන අල්ලන අත් වැසුම් ලා ගත්තේ, තමා උණු කරමින් සිටි වතුර කල්දේරම ඔසවා එය සින්කයට හැලුවාය. උණු වතුර සින්කය තුල ඉහිරී දුම් දමන්නට පටන් ගති. "වළාකුළු සේරම ගහගෙන යන්නේ ඒ පැත්තට. හරියට නිකම් යන්තරේකින් ඒවා ඇදලා ගන්නවා වගේ--"

    ඔහු නැගී සිටියේය.

    "ඔහේ යන්ට හදන්නේ කොහේද?" ඈට තමා‍ගේම කටහඩෙහි තිබූ බියපත් තියුනු ස්වරය ඇසුනු අතර, එය පිලිකුල් කලාය.‍

    "ඉස්තාලෙට. කාන්තාරේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නං ඒ ඉස්තාලේ බලාගන්න මිනිහා තමා." ඔහු තම දෑත ඇගේ උරහිස් මත තැබුවේය. එම දෑත් දැඩි ඒවා වූ නමුත්, ඒවා උනුසුම් ද වූයේය. "මගේ කොටළුවා කොහොමද කියලා බලන්ටත් එපෑය. මම මෙහේ ටික දවසක් ඉන්නවා නං ඌ ගැන බලන්න වෙනවා. මම යන දවසක මට ඌව උවමනා වෙනවා නෙව."

    ඒත් තාම නෙවෙයි. ඈ ඉහ ඔසවා ඔහු දෙස බැලුවාය. "ඒත් ඔය කෙනලි ගැන වැඩි විස්වාසයක් තියන්ට යන්ට එපා. මිනිහා මුකුත් දන්නෙ නැත්තම්, මොනවා හරි හදලා හරි කියාවි."

    "උඹට ස්තූතියි, එලී."

    ඔහු පිටව ගිය පසු ඈ සින්කය වෙත හැරුනාය. ඈට තම දෑසින් පිටවුනු කෘතඥ භාවයේ කදුළු වල උණුසුම දැනිනි. ඈට කිසිවෙකු ස්තූතිවන්ත වූ අවසාන වතාව වූයේ කවර කලකට ඉහතදීද? කිසිවෙකු ඈ කෙරෙහි ලෙන්ගතු කමක් දැක්වූ අවසාන වතාව වූය‍ේ කොතරම් කලකට ඉහතදීද?


    X

    කෙනලි යනු පිළිකුල උපදවන සුළු ගෑනු පිස්සෙකු සහ ලොඹු මහලෙකූ විය. ඔහු මේ වන විට අඹුවන් දෙදෙනෙකු වල දමා තිබූ අතර, මී මැස්සන් බදු දැරියන් රොත්තක් වදා තිබිනි. එයින් බාගෙට හිරි කැඩුනු එකියන් දෙදෙනෙකු, තුවක්කුකරු දෙස බැලීම පිනිස ඉස්තාලයේ දූවිලි වැකුණු අදුරු සෙවනැලි තුල සිට තම හිස් ඉලියට දැම්මෝය. පොඩි එකකු සන්තෝශයෙන් යුතුව කුණු කසල මත කෙල පෙරමින් පසු වූයේය. හොදින් වැඩුනු නෑම්බියක්, ගොඩනැගිල්ල අසල තිබූ ජර-බර ගානා වතුර පොම්පයෙන් වතුර අදිමින් පසුවූවාය. තඹවන් කෙස් කලඹකින් යුතු, දැලි කුණු තැවරුනු එකියක වූ ඈ කාමුක පෙනුමකින් යුතු වූවාය. ඈ ඔහු දෙස බැලුවේ කුතුහලය සහිත දෑසකිනි. තුවක්කුකරුගේ දෑස ඇගේ දෑසෙහි ගැටුනු විට, ඇගිලි අතර තම තන පුඩු තබා මිරිකූ ඈ, ඔහුට ඇසක් ගසා නැවතත් තම වතුර පොම්ප කිරීමේ කාරිය ඇරඹුවාය.

     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    340


    ඉස්තාල පාලකයා ඉස්තාලය සහ මාර්ගය අතර මැදදී තුවක්කුකරුව මුනගැසුනි. ඔහුගේ මූනිච්චාව, ක්‍රෝධ සහගත වෛරය සහ බියසුළු යටහත් බව අතර දෝලනය වූයේය.

    "බිය ගන්ට එපා, යහමිං සැළකුවා" ඔහු කියාපි. එහෙත් තුවක්කුකරු පිලිතුරු දෙන්නට කලින් ඔහු තම දර කෝටු බදු අත්මිටි ඔසවාගෙන තම දියනිය දෙසට හැරුනේය. කැහැටු කුකුලෙකු බදු මිනිසෙකු වූ ඔහු, බලාපොරොත්තු විරහිත කෝපයකින් කෑගෑවේය. "සුබී, උඹ පලයං ඇතුලට! අම්මපා දැම්ම පලයං!"

    සුබී මුරණ්ඩු ලීලාවෙන් බාල්දියද බිම දිගේ ඇදගෙන, ඉස්තාලයට අමුනා සාදා තිබූ පැල දෙසට ගාටන්නට වූවාය.

    "ඔහේ කීවේ මගේ කොටළුවා ගැන නෙව?" තුවක්කුකරු ඇසුවේය.

    "එහෙයි, සෑර්. කොටළුවෙක් දැක්කේත් බෝම කාලෙකට පස්සේ. හොදට ප්‍රයෝජං අරන් තියන, ඇහැ දෙකකුයි ගාත දෙකකුයිත් තියන සෑර්ගෙ වගේ එකෙක් නං දැක්කමද කොහෙද..." ඔහුගේ මුහුන බියකරු ලෙස ඇඹරී සිරවී ගියේ, එක්කෝ අධික වේදනාවක් කියාපෑමට හෝ විසිළුවක් හැගවීම පිනිසය. ඒ දෙවෙනි එක සදහා යැයි තුවක්කුකරු තීරණය කලද, ඔහුටද තිබුනේ විසුළු සහගත බව මුළුමනින්ම මෙන් සිදී ගිය චෛතසිකයකි.

    "ඉස්සර උං කැලෑවේ යහමිං හැදුනු කාලයක් තිබුනා" කෙනලි කීවේය. "ඒත් ලෝකේ පෙරලිලා. විකෘති ගොන්නු දෙතුන් දෙනෙකුයි කරත්ත අස්පයෝයි ඇරෙන්ඩ වෙන--සුබී, මම බෝව කෝටුමස් කොරනවා, දැනගනිය!"

    "මම ඒකීව හපාකන්නෙ නෑ" තුවක්කුකරු කීවේ සිනාවක් පාමිනි.

    කෙනලි තම අතපය හකුළුවමින් විරිත්තා සිනාසුනේය. තුවක්කුකරු ඔහුගේ දෑසෙහි ඇතිවූ මිනීමරු දිස්නය පැහැදිලිව දුටුවේය. ඔහු එයට බිය නොවූ නමුත්, වැදගත් උපදේශ සහිත පොතක පොත් සටහනක් තබන මිනිසෙකු මෙන්, ඔහු එම මොහොත තම සිත තුල සටහන් කරගත්තේය.

    "සෑර් හින්දා නෙවෙයි මම ඒම කීවේ, දෙයියං පල්ලා" ඔහු යන්තමින්
    විරිත්තා සිනාසුනි. "මේකීගෙ නැටිල්ල ඕනෑට වැඩියි. මේකිට යකා
    වැහිලා, යකා නටනවා." ඔහුගේ දෑස් අදුරුව ගියේය. "ලෝක විනාසේ
    අතලගයි මහත්තයෝ. ඒක පොතේ ලියලා තියෙන හැටි ඔබතුමා
    දන්නවා නෙව. ළමයි උන්ගේ මහඑවුන්ට අහන් නැතුව යනවා.
    නහුතයක් මැරිලා යන වසංගතයක් එනවා. ධර්මදේසක-ඇත්‍තී ගේ
    බණ ඇහුවොත් ඒක අගේට තේරුං යාවි."

    තුවක්කුකරු හිස වනා එකග වී, අනතුරුව ගිනිකොන දිශාවට අත දිගු කලේය. "අර පැත්තේ තියෙන්නේ මොනවද?"

    කෙනලි නැවතත් විරිත්තා සිනාසුනි. ඔහුගේ විදිරුමස් සහ කහවන් දත් තුන හතර පෙනී ගියේය. "කාන්තාර පදිංචිකාරයෝ, වල් පැල, කාන්තාරේ. වෙන අහවල් දෙයක් යැ?" ඔහු හක හක ගාමින් සිනාසුනු අතර, ඔහුගේ සීතල දෑස් තුවක්කුකරුව කෂ්ට ලෙස අධ්‍යයනය කලේය.

    "කාන්තාරේ කොච්චර විසාලද?"

    "විසාලයි." බරපතල ප්‍රශ්නයකට පිලිතුරු සපයන කලෙක මෙන්, කෙනලි බරපතල පෙනුමක් මවාගැනීමට තැත් කලේය. "සමාරවිට කරත්ත රෝද දාහක්. නැත්තං දෙදාහක්. මම හරියට දන්නෙ නෑ මහත්තයෝ. ඒත් යස්ස තණයි, බාගවිට යක්සයෝයි ඇරෙන්ට කාන්තාරේ අහවල් දෙයක් නෑ. අර අනික් මනුස්සයා ගියේ ඒ දිහෑවට තමා. නෝර්ට් ලෙඩ වෙලා ඉද්දි ඌව සනීප කරපු මනුස්සයා."

    "ලෙඩ වෙලායි කීවා? මට ආරංචි වුනේ මිනිහා මලායි කියලා."

    කෙනලිගේ විරිත්තුම් සිනාව නොනැසී පැවතිනි. "සමාරවිට, සමාරවිට. ඒත් අපි හය හතර නොතේරෙන කුරුට්ටෝ නෙවේ නොවැ?"

    "ඒත් ඔහේ යක්සයන්ව විස්වාස කරනවා."

    අපහාසයට ලක් වූ කලෙක මෙන් කෙනලි ඔරවා ගත්තේය. "ඒක වෙනම කතාවක්. ධර්මදේසක-ඇත්‍තී කියන්නේ..."

    ඔහු දිගින් දිගට අර්ථ විරහිත වැල්වටාරම් දෙසා බෑවේය. තුවක්කුකරු තම තොප්පිය ගලවා නළල පිසදමාගත්තේය. ගිනිගහන හිරු රශ්මිය පොලොව මත නොනවත්තා පහර ගැසුවේය. කෙනලිට එහි ගානක් නොදැනෙන බවකි. ඔහු ගේ කට නොනවත්වා ඇරි ඇරී වැසුනද, ඔහු කියනා කිසිම දෙයක අර්ථයක් නොතිබුනි. ඉස්තාලයේ හීන් හෙවනැල්ල යට සිටි කුඩා දැරිය, ඉතා උනන්දුවෙන් තම මූන පුරා මඩ තවරා ගනිමින් පසු වූවාය.

    අවසානයේ දී තුවක්කුකරුගේ ඉවසිල්ල සිදී ගිය අතර, ඔහු කෙනලිගේ දෙසාබෑම අතර මග කපා දැම්මේය. "කාන්තාරේට එහායින් තියෙන්නේ මොකක්ද කියලා එතොකොට ඔහේ දන්නෙ නෑ?"

    කෙනලි දෙඋර හැකිලුවේය. "සමාරු දන්නවා ඇති. අවුරුදු පනහකට උඩදී ඕක මැදින් කෝච්චියක් වැඩ කරා. මගේ පප්පා ඒම කීවේ. උන්නැහැ කීවා කාන්තාරේ මැදින් කදු යායවල් තියනවැයි කියාලා. තව සමාරු කියනවා මූදක් තියනවාලු... රාස්සයෝ ඉන්න කොල පාට මූදක්. තවත් සමාරු කියන්නේ, ලෝකාන්තය තියෙන්නේ එහේයි කියලා. ඇස් පොට්ට කරන එලි ඇරෙන්ඩ වෙන මුකුත් නැතිලු. මිනිස්සුංව ගිලින්ට බලාන කට ඇරගන ඉන්න දෙයියංගේ මූනක් තියනවායි කියලාත් කියනවා."

    "විකාර" තුවක්කුකරු කෙටියෙන් කියුවේය.

    "සත්තෙකට" කෙනලි සතුටෙන් කෑගාපි. එහෙත් ඔහු නැවතත් හැකිලිගොස්, වෛර කරන්නටද, බියසුළු වන්නටද, යටහත් වන්නටද පටන් ගත්තේය.

    "මගේ කොටළුවාව හොදිං බලාගන්නවා" ඔහු තවත් කාසියක් කෙනලි වෙත වීසි කල අතර, ගුවන මැදදී කෙනලි එය අල්ලාගත්තේය. තුවක්කුකරුට සිහිවූයේ බල්ලෙකු බෝලයක් අල්ලාගන්නා ආකාරයයි.

    "ඔබතුමා ටික දොහක් මෙහේ ඉන්නවා නොව?"

    "ඒම තමා හිතාන ඉන්නේ. වැස්සක් වැටේවි--"

    "--දෙයියෝ කැමතිනං වැටේවි! සත්තෙකට, සත්තෙකට!" කෙනලි නොසතුටින් සිනාසුනි. ඔහුගේ දෑසින් පැවසුනේ, තුවක්කුකරු තම දෙපා ලග දිග ඇදී මැරී වැටෙනවා නම් කොතරම් හොදද කියාය. "අර එලී ගෑනී ඒකීට ඕන වෙලාවට හරි හොද බඩ්ඩ, නෙහ්?" ඉස්තාලකරු තම වම් මිට රවුමට කරකවමින්, දකුනතෙහි දබරැගිල්ල එම රවුම තුලට ඔබ ඔබා එලියට ගන්නට පටන්ගත්තේය.

    "ඔහේ මොකක් හරි කිවුවද?" තුවක්කුකරු නොසැලකිල්ලෙන් ඇසුවේය.

    ක්ෂිතිජය මතින් චන්ද්‍රයින් දෙදෙනෙකු පායන කලක මෙන්, කෙනලිගේ දෑස් තුල හදිසි භීතියක් පෑයුවේය. තක්කඩි දරුවෙකු තමා හොරාගත් ජෑම් බෝතලය සගවා ගන්නාක් මෙන්, ඔහු තම දෑත තමා පිටුපස සගවා ගත්තේය. "නෑ සෑර්, මොහක්වත් කීවේ නෑ. මොකුත් කියවුනා නං සමාවෙන්ට ඕන." එවිටම, ජනේලයකින් එබී බලමින් සිටි සුබී ඔහුගේ ඇස ගැසුනු අතර, ඔහු ඈ දෙසට බඹරයක් මෙන් කැරකී ගියේය. "මම තෝව පට්ට ගහනවා, තෝ බටු වේසි! ඇත්තමයි බොල! මම--"

    තුවක්කුකරු ඉවත ඇවිද ගියේ, කෙනලිගේ දෑස් නැවත ඔහු වෙත හැරෙන ආකාරය හගිමිනි. තමා දැන් හිටිඅඩියේ ආපසු හැරුනහොත්, කෙනෙලිගේ මුහුනෙහි කැටි වී ඇති විකෘත නොකරන ලද සත්‍යම හැගීම් දැකගත හැකිවනු ඇති බවද ඔහු දැනසිටියේය. නමුත් කුමටද? සියල්ල රශ්මියෙන් දැවුනු අතර, ඔහුගේ එම හැගීමද දැවෙන වෛරය හැර වෙනකක් නොවන බව ඔහු දත්තේය. පිටස්තරයෙකු කෙරෙහි ඇතිවන වෛරය. ඔහු කෙනලි දන්නා සියල්ල ඔහුගෙන් අසාගෙන තිබිනි. කාන්තාරය පිළිබද සිතාගත හැකිවූ එකම ස්ථිර දෙය වූයේ එහි විශාලත්වයයි. ටවුම පිළිබද සිතාගත හැකිවූ එකම ස්ථිර දෙය වූයේ, එහි සිදුවීමට යන සිද්ධි තවම නිමවී නැති බවයි. තවම නැත.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    Image 120.jpg


    ෂෙබ් පයින් ගසා දොර ඇරගෙන පිහියක්ද දිග් කරගෙන එන විටදී, ඔහු සහ එලී සිටියේ ඇද මතය.

    දින හතරක් ගෙවී ගොස් තිබුනේ ඇසිපිය ගසන වේගයෙනි. ඔහු ආහාර ගත්තේය. නිදාගත්තේය. ඔහු එලී සමග ඇදට ගියේය. එලීට වීනාව වැයීමට හැකි බව දැනගත් විට, ඔහු තමාට ඇසෙන ලෙස එය වයන ලෙස ඈට නිතර කියා සිටියේය. කිරිපැහැති හිමිදිරි ආලෝකය නාමීන් ඈ ජනේල පඩිය උඩ හිදගත්තාය. අඩ ආලෝකය තුල පෙනී ගියේ ඇගේ සිරුරෙහි වටසන පමනි. එසේ හිදගෙන ඈ අතරින් පතර වරද්දමින් වීනාව වැයුවාය. යම් පුහුණුවක් ලබා තිබුනේ නම් ඇගේ වැයීම වඩාත් හොද වීමට ඉඩ තිබිනි. ඔහුට ඈ කෙරෙහි මොහොතින් මොහොත උග්‍ර වන (අස්වාභාවික නොසැලකිලිමත් බවකින් යුතු) ලෙන්ගතු කමක් හටගෙන තිබිනි. එම හැගීම, කළු හැදගත් මිනිසා තමාට අටවා ගිය උගුල බවයි ඔහු කල්පනා කලේ. ඇතැම් විට ඔහු එලියට බැස ටවුම තුල ඇවිද්දේය. කිසි දෙයක් ගැන ඔහු එතරම් සිතුවේ මැතුවේ නැත.

    කුඩා මිනිසෙකු වූ පියානෝ වාදකයා එනු ඔහුට ඇසුනේ නැත--ඔහුගේ පරීක්ෂාකාරී බව මොට වී තිබිනි. ඔහුට එහිද ගානක් නැත්තාක් මෙනි. එහෙත් වෙනත් කාලයක සහ වෙනත් තැනකදී නම් ඔහු එයින් තක්බීරි වනු ඇත.

    එලී සිටියේ නිරුවත්වය. පොරෝනය ඇගේ දෙතන් වලට පහලිනි. ඔවුන් සිටියේ ආලය කිරීමට සැරසෙමිනි.

    "අනේ," කෑ කියමින් සිටියාය. "ඉස්සෙල්ලා සැරේ වගේ හොදේ. මට ඕනෑ ඒ විදියට. මට ඕන--"

    දොර දඩාස් ගාමින් විවර වූවේය. පියානෝ වාදකයා තම දනිස් පොල් කටු එකටෙක වද්දවමින් දුවන විසිළු සහගත දිවුමෙන් යුතුව, පන කඩා ගෙන ඇතුලතට දිව ආවේය. ෂෙබ් තම අතින් අගල් අටේ කැත්තක් මානාගෙන සිටියද, එලී කෑ ගෑවේ නැත. එහෙත් ඔහු කිසියම් ශබ්ධයක් නැගුවේය. එය අහවල් දෙයක් කියා තෝරාගත නොහැකි මුනු-මුනු ගෑමක් විය. මිනිසෙකු මඩ බාල්දියක ගිලී යන විට එම ශබ්ධය නගනු ඇත. කෙල බිංදු පියාඹා ගියේය. ඔහු තම දෑතම බදා පිහිය පහලට කිදා බැස්වූයේය. එහෙත් තුවක්කුකරු ඔහුගේ මැණික්කටු වලින් අල්ලා ඉවතට අඹරා දැම්මේය. කැත්ත පියාඹා ගොස් ඉවතට විසිවිනි. මල කෑ දොරක් අරින විට නැගෙන ශබ්ධය බදු තියුනු කෑගෑමක් ෂෙබ්ගෙන් පිටවිනි. ඔහු රූකඩයක් මෙන් තම දෑත් ගස්සමින් සොලවන්නට වූවේය. මැණික් කටු දෙකම බිදී ගොස් තිබිනි. සුළග ජනේල විදුරු වලට වැලි කැට ගැසුවේය. බිත්තියේ එල්ලී තිබූ එලීගේ මුණ බලන කණ්නාඩිය කාමරයේ දර්ශනය පරාවර්ථනය කලේය. එම කණ්නාඩිය අඩක් දුම් බැදුනු අඩක් ඇදවී ගිය එකක් විය.

    "ඒකි මගේ!" ඔහු ඇඩුවේය. "තොට කලිං ඒකි මගේ! මගෙ, යකෝ!"‍

    එලී ඔහු දෙස බලා ඇදෙන් බැස, පොරෝනය තමා වටා ඔතාගත්තාය. තමා සතුව තිබූ දෙයක් නැතිව යනු දකින මිනිසෙකු කෙරෙහි ඇතිවන අනුකම්පාවක් ඔහු කෙරෙහි තුවක්කුකරු තුල ඇතිව නැතිව ගියේය. ඔහු හුදු කුඩා මිනිසෙකු පමනක් විය. එමෙන්ම තමා මින් පෙර ඔහුව දැක හදුනාගෙන තිබුනේ කොතැනකදීද යන්නද තුවක්කුකරුට හදිසියේම වැටහී ගියේය.

    "උඹට විතරයි මම ආදරේ කරේ," ෂෙබ් ඉකිගැසුවේය. "උඹට විතරයි, ඇලී. මම පලමුවෙනි වතාවට උඹට විතරයි ආදරේ කරේ, මුළු පපුවෙන්ම. මම--ආහ්, දෙයියනේ, දෙයියනේ..." ඔහු ගැහෙන්නට පටන්ගත් අතර, ඔහුගේ වචන නන්දෙඩවිල්ලක් බවටද, අනතුරුව කදුළු බවටද පරිවර්ථනය විය. ඔහු තම බිදුනු මැණික් කටු තම බඩට තදකොටගෙන ඉදිරියට සහ පසුපසට වැනෙන්නට වූයේය.

    "ශ්.. ශ්... කෝ අත් දෙක දියන් බලන්න." ඈ ඔහු අසල දණ ගැසුවාය. "කැඩිලා. උඹ මෝඩයෙක්, ෂෙබ්. උඹ කොහොමද දැං උබේ රස්සාව කරන්නේ? උඹට හටන් කරලා කවදාවත් දිනන්න බැරි බව උඹට මතක් උනේ නැද්ද?" ඔහුට තම දෙපයින් යලි නැගී සිටීමට ඈ උපකාර කලාය. අඩමින්, ඔහු තම දෑත් තම මුහුන වෙත එසවීමට තැත් කලද එය අසාර්ථක විය.

    "මේසේට වරෙන්, උඹේ අත් වලට කරන්න පුළුවන් දෙයක් තියේද බලන්න."

    ඈ ඔහුට මේසය වෙත ගෙනගිය අතර, උදුනෙන් ඇදගත් තුනී ලෑලි දෙකක් මත ඔහුගේ දෑත් තැබුවාය. ඔහු පාලනයකින් තොරව දුබල ලෙස ඇඩූවේය.

    "මෙජීස්," තුවක්කුකරු කී අතර, කුඩා පියානෝ වාදකයා හැරී බැලුවේ තම දෑස් විශාල කොටගෙනය. තුවක්කුකරු හිස සැලුවේය. තුවක්කුකරුගේ දෑසේ තිබූ කෝපය දැන් මද ලෙස අතුරුදන්ව තිබුනේ, ෂෙබ්ගේ අතේ දැන් පිහියක් නොතිබූ හෙයිනි. "මෙජීස්" හේ නැවත කියා සිටියේය. "පිරිසිදු මුහුදේ".

    "ඉතින් මොකෑ?"

    "උඹ එහේ හිටියා නෙවෙද? බොහොම, බොහොම කාලෙකට උඩදී."

    "ඉතිං මොක? මට උඹ ගැන මතකක් නෑ."

    "ඒ වුනාට උඹට කෙල්ලව මතකයි නෙව? සුසාන්? අස්වන්න කපපු රාත්තිරිය?" ඔහුගේ කටහඩ මදව දැඩි වී ගියේය. "ගිනිමැලේ ගහද්දී උඹ එතන හිටියාද?"

    කුඩා මිනිසාගේ කෙල තැවරුණු තොල් වෙවුලන්නට පටන් ගති. ඔහු ඇත්ත දන්නා බව ඔහුගේ දෑස් කියවිනි. ඔහු පිහියද රැගෙන පැමිනි මොහොතටද වඩා දැන් ඔහු මරණයට ලං වී සිටියේය.

    "මෙතනිං චුත වෙලා පල" තුවක්කුකරු කීයේය.

    උදාවී ඇති වාතාවරණය ඔහු වටහාගත් බව ෂෙබ් ගේ දෑසින් පෙනී ගියේය. "උඹ ඒකාලේ කොළු ගැටයා! උඹ ඒ කොල්ලෝ තුන් දෙනාගෙන් එකෙක්! උඹ බඩු මනින්න ආවා. මිනී පෙට්ටි හොරා, එල්ඩ්‍රඩ් ජොනාස් ත් එතන හිටියා. ඊළගට--"

    "මට යකා නගින්ඩ කලිං මෙතනිං පල," තුවක්කුකරු කී අතර, ෂෙබ් තම බිදුනු මැනික් කටු තමා ඉදිරියෙන් අල්ලාගෙන පිටව ගියේය.

    ඈ නැවත ඇදට පැමිනියාය. "ඒ අහවල් මල ඉලව්වක්ද?"

    "එකෙං වැඩක් නෑ" ඔහු කීයේය.

    "හොදා--අපි කොහෙද දැං හිටියෙ?"

    "කොහෙවත් නෑ" ඔහු ඇදේ අනෙක් පසට පෙරළුනේ ඈට පිටුපාමිනි.

    ඈ ඉවසිලිමත් ලෙස පැවසුවාය: "ඔහේ ෂෙබ් ගැනයි මං ගැනයි දැනගෙන හිටියා. මිනිහා මිනිහට පුළුවං කරමින් දේවල් කලා, වැඩි දෙයක් මිනිහාට කරන්ට බෑ. ඒත් මම මට ගන්ට පුළුවං දෙයක් මිනිහගෙන් ගත්තා, මට ගන්ට සිද්ද උනා. කරන්ට දෙයක් තිබ්බේ නෑ. වෙන මක් කරන්ඩද?" ඈ ඔහුගේ උරහිසට අත තිබ්බාය. "ඒත් ඔහේ හයි හත්තිය ඇති වැඩකාරයා නෙව"

    "නෑ" ඔහු කීය.

    "ඒ කීව කෙල්ල කවුද?" ඉන්පසු තමාගේම ප්‍රශ්ණයට පිලිතුරු දෙමින්, "උඹ ආදරේ කරපු කෙල්ලෙක්"

    "අතෑරලා දාපන්, එලී"

    "මට ඔහේව ආය හයි හත්ති කරලා ගන්ට පුළුවනි--"

    "නෑ," ඔහු පැවසුවේය. "උඔට බෑ."

    ....
    Image 119.jpg
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    Image 125.jpg


    XII

    ඊලග රාත්‍රියේදී තැබෑරුම වසා තිබුනි. ඒ තුල් ටවුමෙහි සබත් දිනය නාමයෙන් සිදුකරන අහවල් වතාවතක් පිනිසය. ඇලී සැර විශබීජනාශක යොදා මේස සෝදන අතර, සබන් වතුර යොදා ලන්තෑරුම් චිමිනි පිසදමන අතර, තුවක්කුකරු පල්ලියට ගියේය. පල්ලිය ඇදව ගිය කුඩා එකක් වූ අතර, එය තිබුනේ සොහොන් පිටියට අල්ලලාය.

    අස්වාභාවික දම්පැහැති සැන්දෑවක් උදා වී තිබුනි. ඇතුලතින් ආලෝකමත් කොට තිබූ පල්ලිය පාරට දිස්වූයේ ගිනි උදුනක් සේය.

    "මම යන්නෙ නෑ" ඇලී කෙටියෙන් කියා තිබිනි. "ඕකේ දර්මදේසනා කරන ගෑනී අදහන්නේ විස ආගමක්. නම්බුකාරයෝ ගියාවේ ඕකට"

    ඔහු පල්ලියේ වාහල්කඩ ඡායවන් තුල සැගවී සිටගෙන, ඇතුලත පරීක්ෂා කර බැලුවේය. දිගැති බංකු අතුරුදන් ව තිබූ අතර, සභාව තම දෙපා වලින් සිටගෙන සිටියේය (කෙනලි සහ ඔහුගේ කෙලි රෑන එහි සිටියේය. වියලි ආහාර සහිත ටවුමෙහි කැහැටු "සුපර්-මාරකටයෙහි" අයිතිකරු වූ කැස්ටනර් සහ ඔහුගේ කැහැටු බිරියද සිටියේය. එමෙන්ම බොනයන් කීප දෙනෙක්ද, ඔහු මින් පෙර දැක නොතිබූ "නගරවාසී" ගැහැනුන් කීපදෙනෙක්ද සිටියෝය. පුදුමයකට ෂෙබ් ද සිටියේය). ඔවුහු කර්කශ හඩකින් යාතිකාවක් ගයමින් උන්නෝය. එය කැපෙලාවක් විය. ධර්මාසනයෙහි සිටි කන්දක් වැනි ගැහැනිය දෙස ඔහු කුතුහලයෙන් යුතුව බැලුවේය. ඇලී ඈ ගැන මෙසේ කියා තිබිනි: "ඒ ගෑනී වසන්නේ තනියම. කාත් එක්කවත් ඇගෑළුං කම් නෑ. ඉරිදාට විතරයි එලියට බහින්නේ නරකාදියේ ගින්න ගැන දෙසාබාන්ට. නම සිල්වියා පිට්ස්ටන්. ඒ ගෑනිට පිස්සු. ඒ වුනාට ගෑනි උන් ඔක්කොම දැලේ දාගෙනයි ඉන්නේ. මිනිස්සු ඒකට කැමතියි. උන්ගේ හැටියට ඒක හරියනවා."

    වචන වලින් එම ගැහැනු පරානය ගැන නිවැරදිව විස්තර කල නොහැකිය. පවුරු දෙකක් බදු දෙතන. මහා කුළුනක් මෙන් නැගී තිබූ ගෙල මත පැටවී ඇති, සුදුමැලි වටහදක් බදු මුහුන. එම මුහුන මත ඇසිපිය ගසමින් තිබූ දෑස කොතරම් විශාල සහ අන්ධකාර වූයේද යත්, ඒවා පතුලක් නැති ගිරි-විල් බදු විය. ඇගේ කෙහෙකලඹ අලංකාර දුඹුරු පැහැයකින් යුතු වූ අතර, එය ඇගේ හිස මත අවුල් ගොන්නක් ලෙස ගොඩ ගැසී තිබිනි. එහි අමුනා තිබූ හරනලය මස්කූරක් තරමේ යෝධ එකක් විය. ඈ ඇද සිටි ඇදුම හණ වලින් මසා තිබුනාක් මෙනි පෙනුනේ. ධර්ම-මේසය අල්ලාගෙන සිටි දෑත ඝන ලෑලි දෙකක් බදු විය. සම කිරි පැහැයක් ගත් අතර, එය කැලලි වලින් තොර ශෝභන එකක් විය. ගැහැනිය පවුන් තුන්සීයකට වඩා බර විය යුතු බව තුවක්කුකරු කල්පනා කලේය. හදිසියේම ඔහුට ගැහැනිය කෙරෙහි රතුවන් කාමාශාවක් ඇතිව ගිය අතර ඔහු එයින් වෙවුලා ගියේය. ඔහුට තම හිස ඉවත හරවා ගන්නට සිදු විය.

    "දැන්, ගංගාව ලග අපි රැස් වෙමු,
    සුන්දර, සුන්දර, ගාාාංගාව,
    රැස් වෙමු ගංගාව ලග,
    දෙවියන්ගේ අධිරාජ්‍යය අසලින් ගලන ගංගාව ලග."

    යාතිකාවෙහි අවසාන ස්වරය අතුරුදන්ව ගිය අතර, මද වේලාවකට එතුල සපත්තු ශබ්ධ සහ කහින ශබ්ධ නැගී ගියේය.

    ඈ ශබ්ධ නවතින තුරු බලා සිටියාය. පිරිස එකලාසයකට පැමිනුනු තැන, දෙවියන්ගේ ආශිර්වාදය ලබා දීමට මෙන් ඈ තම දෑත ඔවුන් ගේ හිස් වලට ඉහලින් ඔසවා ගත්තාය. එය අවධානය ලබා ගැනීම පිනිස කල සංඥාවක් විය.

    "ක්‍රිස්තුස් ට අයිති මගේ කුඩා සහෝදරවරුනි, සහෝදරියනි"

    එය ගැඹුරු මතකයන් කැදවන කියුමක් විය. සුළු මොහොතකට තුවක්කුකරුට දැනුනේ අතීතය ගැන සාංකාව මුසු බියමුසු ගතියකි. අතීතය ප්‍රතිනිර්මානය වන බවට වන ගූඩ හැගීමකින් යුතුව ඔහු මෙසේ සිතුවේය: මම මේක හීනෙන් දැක්කා. ‌එහෙම නෙවේ නම්, මම මීට කලින් මෙතනට ඇවිල්ලා තියනවා. එහෙම නම්, කවදද? මෙජීස් වල නෙවේ. නෑ, එහේ නෙවේ. ඔහු එම සිතුවිල්ල ගසා බසා දැම්මේය. විසි පහකින් පමන සැදුනු සභාව මීයට පිම්බාක් මෙන් නිවඩව ගොස් තිබිනි. සියළුම දෑස් දේශකවරිය මත ඇලිලාය.

    "අද රෑ අපි කතා කරන්ට යන්නේ ඉන්ටර්ලෝපරයා ගැනයි." ඇගේ ස්වයර මිහිරි සහ රිද්මයානුකූල එකක් විය. එය කොන්ට්‍රල්ටෝ ගායිකාවකගේ හොදින් පුහුනු කරන ලද හඩක් බදු වූයේය.

    පිරිස අතරින් මද මුනු-මුනු නැගී ගියේය.

    "මට දැනෙනවා," සිල්වියා පිට්සන් කල්පනාබරව පැවසුවාය. "දෙවියන්ගේ පොතේ ජීවත් වෙන හෑම චරිතයක්ම මම පෞද්ගලිකව අදුරනවායි කියලා. ගිය අවුරුදු පහ ඇතුලත මම ඒ පොත තුන්පාරක් අකුරක් නෑර කියෙවුවා. මේ සාප ලබාපු ලෝකේ සහ ඊට කලින් තුබුනු නහුතයක් ලෝක වලට ඇති රත්තරං පොත ඒක. මම ඒ කතාවට ආලේ කරනවා, ඒ චරිත වලට ආසා කරනවා. ඩනියෙල් එක්ක අත්වැල් බැදගෙන මම සිංහයාගේ ගුහාවට ගියා. බාතශීබා පොකුනෙන් නානවා දැකලා දාවිත් රාගයෙන් මත්වෙන්න ගිය වෙලාවේ, මම ඔහු එක්ක හිටියා. ශඩ්රාක්, මෙෂාක්, සහ අබෙඩෙන්ගෝ එක්ක මම ගිනි ගහන උදුන ඇතුලේ හිටියා. සැම්සන් හකුඇටේ වනලා දෙදාහක් මරා දානකොට, මාත් ඔහු එක්ක මැරුවා. දමස්කස් වලට යන මාර්ගයේදී සාන්ත පෝල් ඔහුව අන්ධ කරනකොටත් මම එතන හිටියා. ගොල්ගොතාවේදී මරියා එක්ක මම ඇඩුවා."

    සභාව මෘදු ලෙස සුසුම්ක් හෙළුවේය.

    "මම ඒ හැම කෙනෙක්ම දැන හිටියා, ආදරේ කලා. ඒත් එක චරිතයක්.."--ඈ ඇගිල්ලක් එසවූවාය--"හෑම කතාවකටම වඩා විශිෂ්ට වන මේ කතාවේ, එක චරිතයක් තියනවා මම අදුරන්නේ නැති.
    "එක චරිතයක්. ඒ චරිතේ තමන්ගේ මූණ ඡායාවල හංගාගෙන එලියට වෙලා ඉන්නවා.
    "මගේ ඇග කිලිපොලා යවන, මගේ ආත්මය ඇකිලිලා යවන එකම චරිතය.
    "මම ඔහුට බයයි.
    "මම ඔහු හිතන්නේ මොනවාද කියලා දන්නේ නෑ, මම ඔහුට බයයි.
    "මම ඉන්ටර්ලෝපරයාට බයයි.

    සභාවෙන් තවත් සුසුමක්. එක ගැහැනියක් තම ලේන්සුව තම මුව මත තබාගෙන සිටියේ ශබ්ධයක් නවතා ගැනීමට මෙනි. ඈ සිටියේ දෙපසට පැද්දි පැද්දී ය.
    ....
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ... "ඉන්ටර්ලෝපයා (අයුතු ලෙස මැදිහත් වන්නා) තමයි විරිත්ත විරිත්තා, ඇඹරි ඇඹරී, වැලි තලය මත බඩ ගාමින්, සර්පයෙක් වගේ වේසවලාගෙන ඊවා ලගට ආවේ. මෝසස් උතුමා කන්ද උඩ වැඩ වසද්දී, ඉන්ටර්ලෝපයා තමයි ඊශ්‍රාලයේ දරුවන් අතර ඇවිද ඇවිද ඔවුන්ගේ කණට කෙදිරුවේ. ඌ ඔවුන්ට කොදුරා කීවා, රත්තරනින් වහු පැටියෙකුගේ ප්‍රතිමාවක් හදලා, වේසකමෙන් සහ අසික්කිත ක්‍රියාවල යෙදෙමින් ඒකට වන්දනාමාන කරන්නැයි කියාලා. "

    සභාවෙන් කෙදිරි ගෑම් සහ හිස් සැලීම් නැගින.

    "ඉන්ටර්ලෝපයා!
    ඌ ජෙසබෙල් සමග බැල්කනිය උඩ හිටගෙන, එහස්z රජතුමා කෑ ගසාගෙන මැරී වැටෙන හැටි බලාගෙන හිටියා. සුනඛයෝ රැස් වෙලා එතුමගේ ඉහිරී ගිය ලේ ලෙවකනකොට, ඌයි ඈයි විරිත්ත විරිත්තා හිනා උනා. ඔහ්, මගේ සහෝදර සහදරියනි, ඒ ඉන්ටර්ලෝපයා ගැන ඇහැ ගහගෙන සිටපල්ලා."

    "එහෙයි, ඕ ජොසුවා උතුමානනි----" එසේ පැවසුවේ තුවක්කුකරු මේ නගරයට එද්දී ඔහුට පලමුවෙන්ම ඇසගැසුනු මිනිසාය -- පිදුරු තොප්පියක් පැළදගෙන සිටි එකා.

    "ඉන්ටර්ලෝපයා හැමදාම ලෝකයේ ගැවසි ගැවසී හිටියා, මගේ සහෝදර සහෝදරියනි. ඒත් මම ඔහුගේ හිත දන්නේ නෑ. ඒ වගේම ඔබලා ඔහුගේ හිත දන්නේ නෑ. ඒ හිත ඇතුලේ කැරකෙන කටුක බියකරු අන්ධකාරය තේරුම් ගන්ට පුළුවන් කාටද -- ඒ අහංකාර මමත්වය සහ මහා දේවාපහාසය, ඒ අපරිශුද්ධ අසික්කිත සතුට? ඒ වගේම ඒ වියරු විකාරය! මිනිසුන්ගේ කාලකණ්නිම ආශාවන් සහ ආවේගයන් තුලින් බඩ ගගා ඇඹරි ඇඹරී ගමන් කරන විකෘති විකාරය? "

    "ඕහ් ‍‍ජොස‍ුවා, ගැලවුම්කාරයාණනි----"

    "ඉන්ටර්ලෝපයා තමයි අපගේ ස්වාමිපුත්‍රයාව කදු ශිකරය උඩට ගෙනිච්චේ---"

    "සත්තකිම්ම---"

    "ඌ තමයි උන්නාන්සේව වරදට පෙ‍ාළඔවලා, ලෝකය සහ එහි ඇති සුඛ සොම්නස් ගැන උන්නාන්සේව පැහැදුවේ---"

    "ඇත්තයි--ඇත්තයි--"

    "ලෝකාවසානය ලං වෙනකොට ඌ තමයි ආපහු ලෝකයට පැමිනෙන්නේ . . . උන් එනවා මගේ සහෝදර සහෝදරියනි. නුඹලාට දැනෙන්නේ නැතිද උන් එන බව?"

    "දැනෙනවා!---"

    ඒ මේ අත පැද්දෙමින් සහ කදුළු සුසුම් සලමින්, සභාව එකම මුහුදක් බවට පත්විය. ධර්මදේශක ගැහැණිය එහි සිටි සියළු දෙනා දෙස සහ කිසිවෙකු නොදෙස එකවර ඇගිල්ල දිගුකරන වගක් පෙනී ගියේය.

    "ඉන්ටර්ලෝපයායි ක්‍රිස්තුවිරෝධියා ලෙස පැමිනෙනු ඇත්තේ. ලේ-රතු ඇස් ඇති රතුවන් රජු. ඔහු මිනිසාව නරකාදියේ ගිනිගෙන දැවෙන බොකු බඩවැල් ගර්භය තුලට කැදවාගෙන යනු ඇති. කෲරත්වයෙන් පිරුනු ලේ-රතුවන් අවසානය කරා ඇදගෙන යනු ඇති. පණු-තාරකාව ආකාශය මත පායා දිස්නය දෙන්ට පටන්ගත්තාම වගේ, තුවාල වණ දරුවන්ගේ ඉන්ද්‍රියන් කා දමන්නාක් වගේ, ගැහැණුන්ගේ දරු බොක්ක යක්ෂයින්ට උප්පත්තිය ලබා දෙන්න‍ාක් ව‍ගේ, රතුවන් රජු මිනිසාව නරකාදියට ඇදගෙන යනු ඇති--"‍‍

    "ආආආහ්--"‍

    "අහෝ දෙවියනි--"

    "ගහ්හ්හ්වූ--"

    එක් ගැහැණියක් පොලොව මත ඇදගෙන වැටුනාය. ඇගේ දෙපා දැවමය පොලොව මත දඩි-බිඩි ගාමීන් වැදි වැදී ඉහල පහල ගිය අතර, ඇ‍ගේ එක් සපත්තුවක් ඈතට විහික් වී ගියේය.‍

    "හෑම මාංශමය සුඛ සංභෝගයක්ම පිටුපස ඉන්නේ රතුවන් රජුයි . . . 'ලමෙර්ක්' ලාංඡණය ගැසූ යන්ත්‍ර සූත්‍ර සාදන්නේ ඔහුයි! ඉන්ටර්ලෝපයා!

    'ලමෙර්ක්', තුවක්කුකරු කල්පනා කලේය. එසේ නැතිනම් ඈ කීවේ 'ලිමාර්ක්' කියාද? එම නාමය ඔහු තුල කිසියම් නොපැහැදිලි මතකයක් අවදි කලේය. එහෙත් ඒ කුමක්දැයි කියා ඔහුට තම ඇගිල්ල තබා නිවැරදිව කිව නොහැකි විය. කෙසේවෙතත් ඔහු එය තම විශාල ධාරිතාවකින් යුතු වූ මතකය තුල තැන්පත් කරගත්තේය.

    "එහෙයි, ගැලවුම්කරුවාණනි!" ඔවුහු මර හඩින් ගෑගාමින් උන්නෝය.

    මිනිසෙකු තම දණිස් මත පතිත වී, තම හිස අල්ලාගෙන බෙරිහන්දෙන්නට පටන්ගති.


    ---->...

    2022-10-25 13 01 15.jpg
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113


    ... "නුඹලා මත්පැන් උගුරක් බොනවිට, බෝතලය අල්ලාගෙන හිටින්නේ කවුරුද?"

    "ඉන්ටර්ලෝපයා!"

    "නුඹලා 'ෆාරෝ' හරි 'වොච් මී ටේබල්' (Watch Me Table) සූදුවට හරි ඉදගනිද්දී, කුට්ටමේ කරදාසි පෙරලන්නේ කවුරුද?"

    "ඉන්ටර්ලෝපයා!"

    "නුඹලා ඇද උඩ අනෙකෙකු ගේ ශරීර මාංශය තලු මර-මරා රහවිදින කොට, එහෙම නැත්තම් නුඹලාගේම තනිකඩ අත් වලින් නුඹලාවම දූෂණය කරගන්නා කොට, නුඹලා නුඹලාගේ ආත්මය විකුණා දමන්නේ කාටද?"

    "ඉන්---"
    "ටර්---"
    "අහෝ යේසුනි . . . ආහ්---"‍
    "---ලෝපයා---"‍
    "අව් . . . අව් . . . අව් . . ."

    "එහෙමනම් ඌ කවුද?" ඈ මොරදුන්නාය. දේශක ගැහැණියගේ අභෟන්තර සන්සුන් බව, දේශණ-නිපුනත්වය, මිනිසුන් හැසිරවීමේ බලය සහ ඔවුන් මත හෙලිය හැකි ආධිපත්‍යය තුවක්කුකරුට දැනී ගියේය. මෙහිදී එක්වරම ඔහුට නියත ලෙස ප්‍රත්‍යක්ෂ වුයේ, වෝල්ටර් යන නමින් තමාව හදුන්වා ගත් එම මිනිසා ඈ මත යක්ෂාරූඩයක් හෙලා ගොස් ඇති බවයි. මෙම ගැහැණිය යක්ෂාරූඩ වී ඇත. මෙම සිතුවිල්ලෙන් ඔහු බියෙන් සලිත ව ගියේය. එහෙත් ඔහුට දැනුනේ, තම භීතිය තුලින් පවා තමාට මෙම ගැහැණිය කෙරෙහි රත් වූ කාමාශාවක් නැගි නැගී බැසයන බවකි. එමෙන්ම ඔහුට සිතුනේ, කළු හැදගත් මිනිසා එලී ගේ සිත තුලට වචනයක් කවා ඈව උගුලකට සිරකොට තබා ගියාක් මෙන්, මෙම කාමාශාවද ඔහු විසින් තමා මත පැටවූ බන්ධනයක් ලෙසය.

    තම හිස බදාගෙන පල්ලියේ පොලොව මත දණ ගසාගෙන සිටි මිනිසා, එක්වරම පණ නැතිව ගියාක් මෙන් ඉදිරියට පෙරලී ගියපි. ‍

    "මම ඉන්නෙ නරකාදියේ!" ඔහු දේශකවරිය දෙස කෑගසා කීවේය. ඔහුගේ සම යටින් සර්පයින් බඩගා යන කලෙක මෙන්, ඔහුගේ මුහුන ඇඹරී විකෘතව ගියේය.

    "මම වේසකමේ ගිහිං අහවරයි! මම සූදු කෙලලා අහවරයි! මම යක්ස තණ උරලා අහවරයි! මම පවුකමේ ගිහිං ඉහවරයි! මම---" ඔහුගේ කටහඩ බියකරු සහ උම්මත්තක අදෝනාවකට පෙරලී ආකාසය වෙත නැගී ගොස්, අර්ථ විරහිත වචන සාගරයක ගිලී ගියේය. ඔහු තම හිස බදා අල්ලාගෙන සිටියේ, ඕනෑවට වඩා ඉදුනු කොමඩු ගෙඩියක් මෙන් එය දැන් දැන් පුපුරා යතැයි කියාක් මෙනි.

    එයින් ඉගියක් ලැබුනාක් මෙන්, සභිකයෝ එකවරම නිශ්චලව ගියෝය. ඔවුන් තම ආනන්දයෙන් මත්ව ගිය ඉරියවු වලින් දරදඩුව ගියේ අඩ-කාමුක සෙය්‍යා වලිනි.


    ---->...



    1666758626032.png
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    අහම්බෙන් සෙට් උනේ මේ ත්‍රෙඩ් එක.. නියම වැඩක්.. දිගටම කරගෙන යන්න.. (y)
    Love You GIF by Sky


    ...
    සිල්වියා පිට්ස්ටන් පහත් වී ඔහුගේ හිසෙන් අල්ලාගත්තාය. ඈ තම සුදුමැලි සහ ශක්තිමත්, කැලලි වලින් තොර සහ මෘදු ඇගිලි මිනිසාගේ ඉහකෙස් තුලින් ලිස්සා යවද්දී, ඔහුගේ මොරදීම නැවතී ගියේය. ඉන්පසු ඔහු හිස ඔසවා ඈ දෙස බැලුවේ මුග්ධ විලාශයකිනි.

    "නුඹත් එක්ක පාපක්‍රියාවේ යෙදුනේ කවුද?" ඈ අසා සිටියාය. ඇගේ දෑස් ඔහුගේ දෑස් මත පතිත විය. සිල්වියාගේ දෑස් තුල ඔහුව ගිලී යාමට ප්‍රමාණවත් තරම් එම දෑස් ගැඹුරු, මෘදු, සහ ශීතල ඒ්වා වූයේය.

    "ඉ... ඉන්ටර්ලෝපයා."

    "වෙන නමකින් කියනවා නම්?"

    "සාතන් මහෝත්මයා" එය අමු, කර්කශ, බුබුළු දමමින් නැගුනු කෙදිරියක් විය.

    "නුඹ ඔහුව අත්හරිනවාද?"

    ඉතාම උනන්දුවෙන්: "එහෙයි! එහෙයි! අහෝ, යොසුවා මගේ ගැලවුම්කරුවානනි!"

    ඈ ඔහුගේ හිස ඒ මේ අත පැද්දුවාය. ඈ ඔහු දෙස බලා සිටියේ දෘඩ සීzලට් පූජකවරියකගේ බදු දිලිසෙන හිස් දෑසකිනි. "සාතන් අර දොරෙන් ඇතුලට අඩිය තිබ්බොතින්"--දේවස්ථාන ආලින්දයේ, තුවක්කුකරු සිටගෙන උන් ඡායාවන් වෙත ඈ තම ඇගිල්ල වේගයෙන් දිගු කලාය--"නුඹ ඔහුගේ මූණටම කියනවාද නැඹු ඔහුව අමතක කරනවායි කියලා?"

    "මගෙ අම්මාපල්ල!"

    "නුඹ යොසුවාගේ සදාකාලික නොමියන ප්‍රේමය විස්වාස කරනවාද?"

    ඔහු ඉකි ගැසීමට පටන්ගති. "උඹ හුත්-අහ් ඔහු මම ඒම කරනවා--"

    "දේවපුත්‍රයා උඹට සමාව දේවි, ජෙ‍ාන්සන්"

    "දෙවියන්ට කීර්තිය අත්වේවා" ජොන්සන් කීයේ තවමත් ඉකිගසමිනි.

    "උන්නාන්සේ නුඹට සමාව දෙන බව මම දන්නවා. ඒ් වගේම මම දන්නවා, උන්නාන්සේ යක්ෂයාව අතනොහරින මිනිහාව උගේ මාලිගාවෙන් ඇදලා අරගෙන, ලෝකාන්තය අවසානයේ ඇති අන්ධකාරයෙන් පිරුනු ගිනිගෙන දැවෙන දේශයට ඌව පන්නා දාන බව."

    "කීර්තිය අත්වේවා දෙවියන්ට" හෙම්බත්ව ගිය සභාවෙන් නැගුනේ පහත් හඩකි.

    "ඒ් වගේම මම දන්නවා, උන්නාන්සේ මේ ඉන්ටර්ලෝපයා, මේ සාතන්, මේ මැස්සන්ගේ සහ සර්පයින්ගේ අධිපතියාව පරාජය කරලා කුඩුපට්ටම් කර දාන බව... නුඹ ඔහුව දැක්කෝතින් නුඹත් ඔහුව කුඩුපට්ටම් කර දානවාද, ජොන්සන්?"

    "ඔව්. දෙවියන්ට ස්තූතිය අත්වේවා!" ජොන්සන් ඇඩුවේය. "අඩි දෙකෙම්ම පාගලා කුඩු කරලා දානවා!"


    1666927832586.png

    ------ Post added on Oct 28, 2022 at 9:01 AM

    "ඌව දුටුවොතින් නුඹලා ඌව කුඩු පට්ටම් කර දානවද, මගේ සහෝදර සහෝදරියනි?"

    "එහෙයි.." සේටඩ් නැමැත්තා කීයේය.

    "හෙට ඌ පාර දිගේ උගේ පම්පෝරි ගමනින් ඇවිදිනවා දැක්කොත්?"

    "දෙයියො බලත්වා.."

    තුවක්කුකරු දොරටුවෙන් පිටතට ලිස්සා ගොස් ටමුව දෙසට ඇවිද යන්නට පටන් ගති. කාන්තාරයේ පුසුඹ වාතය මත තියුණු ලෙස එල්‍‍‍‍ෙඔමින් තිබිනි. පිටව යාමට කාලය ලංවී ඇත‍.

    ඒත් ඒ තවත් ටික මොහොතකින්.

    XIII

    ඔවුන් නැවත ඇද මතය.

    "ඒකිට ඔහෙව පෙනෙන්න නැතුවැති," ඇලී කීවාය. ඇගේ හඩ බියපත් එකක් විය. "ඒකිට කිසි කෙනෙක් පේන්නෙත් නෑ, අදුරන්නෙත් නෑ. ඉරිදා රාත්තිරියේදීී විතරක් එලියට ඇවිල්ලා මේකෙ ඉන්න හැම එකෙකුටම හුජ්ජා යනකල් උන්ව බය කරනවා විතරයි. "

    "ඒ ගෑනි දැන් මෙහේ ඇවිදින් කොච්චර කල් වෙනවද?"

    "අවුරුදු දොලහක්. ඒත් සමාර විට අවුරුදු දෙකක් වෙන්නත් පුළුවනි. කාලය කියන්නෙ මහ අමුතු එකක් කියලා ඔහෙ දන්නවා ඇති. ඒකී ගැන කතා කරා ඔය මදැයි දැං"

    "ඒකී ආවේ කොහේ ඉදලාද? කොයි දිසාවේ ඉදලද?"

    "මම දන්නෙ නෑ" ඈ මුසාවක් කියපි.

    "ඇලී?"

    "කීවා නෙව! මම කොහොමෙයි දන්නේ!"

    "ඇලී?"

    "හා හොදා! හා හොදා! ඒකී ආවේ කාන්තාරවාසී මිනිස්සු ලග ඉදලා!"

    "ඕක මට හිතුනා. " ඔහු මදක් සන්සුන් වූයේය. ගිනිකොන දිසාවේ ඉදලා. ඔහුද මෙහි ඒමට භාවිතා කල මාර්ගය එයය. ඇතැම් විට එම මාර්ගය ඔහුට අකාශය මතද පෙනී ගියේය. එහෙත් ධර්මදේශක-ගැහැණිය පැමිනියේ කාන්තාරවාසීන් සිටි ප්‍රදේශයට වඩා දුර සිට, ඇතැම් විට මුළු කාන්තාරයටද වඩා ඉතා දුර සිට බව ඔහු සැක කලේය. එතරම් දුර සිට ඈ මෙහි සංචාරය කලේ කෙසේද? තාමත් ක්‍රියාත්මක වන කිසියම් ඉපැරණි යන්ත්‍රයක් මගින් ද? සමාරකොට දුම්රියකින්?

    "ගෑනී ඉන්නේ කොහෙද?"

    ඇගේ කඩහඩ එක් ස්වරයකින් පහත වැටුනි. "ඒක මම ඔහෙට කීවොතින්, ඔහෙ මාත් එක්ක අද රෑට බුදියනවද?"

    "මම කොහෙමත් උඹත් එක්ක අද රෑට නිදියනවා. ඒත් මට දැනගන්‍ට ඕන දේවල් තියනවා"

    ඇලී සුසුමක් හෙළුවාය. එය පැරණි පොතක පිටුවක් පෙරලෙන විට නැගෙන හඩ බදු, පැරණි කහපැහැති හඩක් වූයේය.

    "පල්ලියට පිටිපස්සෙන් තියනවා පොඩි කදුගැටයක්. ඒක උඩ තියෙන ගෙයි තමා ඒකී ඉන්නේ. පැලක් වගේ පොඩි ගෙයක්. ඒකේ තමයි... පල්ලියේ ඇත්තම දේවගැතියා හිටියේ, මිනිහා පිටවෙලා යන්ට කලියෙන්. ඇද්ද? දැන් ඔහෙට සතුටුද?"

    "නැහ්. තාම නෑ." ඔහු ඈ මතට පෙරළුනේය.

    XIV

    එය අවසාන දිනය විය. ඔහුට එය ඉවෙන් දැනිනි. අකාශය අප්‍රියජනක බැට කෑ දම්පැහැයක් ගෙන තිබුනි. අරුණෝදයේ පලමු හිරු-කිරණින් එම වර්ණය ආලෝකමත් වී අස්භාවික පෙනුමක් අරගෙනය. ඇලී අවතාරයක් මෙන් ඒ මේ අත ගමන් ක‍ලේ, ලාම්පු දල්වමින් සහ ලෝහ බදුන් තුල දැගළුෑ ඉරිගු කැබලි ගැන සොයා බලමිනි.

    තමාට දැනගැනීමට අවශ්‍ය දෙය ඈ ඔහුට අනාවරණය කිරීමෙන් පසු, තුවක්කුකරුට ඈ පිළිබද හදවතින්ම පැන නැගුනු ආලයක් ඇති වී තිබිනි. ලග එන අවසානය ගැන ඈට ඉව වැටී තිබුනද, ඈ තමා කවරෙකුට හෝ කිසි කලක නොකල උපකාරයක් ඔහුට කර තිබුනීය. හිරු නැගීමට මත්තෙන් ඈ ඔහුට අවශ්‍ය දෙය හෙලි කිරීමට උත්සාහ ගෙන තිබුනේ අවුරුදු දාසයක කෙල්ලකගේ බදු වෙහෙස නොදැනෙන ජවයකිනි. එහෙත්, තම අවසන් ඔසප්වීම් චක්‍රයට ඔන්න මෙන්නව සිට ඈ, හිරු උදාවට අනතුරුව නැවතත් සුදු මැලිව ගොස් සිටියාය.

    ඈ වචනයක් හෝ නොදොඩා ඔහුට කෑම බීම පිලියෙල කොට දුන්නාය. ඔහු වේගයෙන් ඒවා ගිල දැම්මේ, සපමින් ගිලිමින් සහ සෑම කෑම කටමක්ම උණුහුම් කෝපී වලින් කුස තුලට පන්නා දමමින්. ඇලී ඉස්තෝප්පුවට ‍ගොස් උදෑසන දෙසද, අකාශය මත සෙමින් හමායන නිහඩ වලා සේනාංකයන් දෙසද නොසෙල් වී බලා සිටින්නට වූවාය.

    "අද දූවිලි කුණාටු හමාවි"

    "පුදුමයක් නෑ" තුවක්කුකරු කීය.

    "ඔහේ කවදාවක් පුදුම වෙලා තියේ යැ?" ඈ ඇසුවේ ඇනුම් පදයකිනි. තමා ආපිට හැරෙන විට ඔහු තම හිස්වැසුම අතට ගනු ඈ දුටුවාය. ඔහු එය තම හිස මතට දමා ගසා තදකොට, ඇගේ ගෑවී නොගෑවී පිට වී ගියේය.

    "බාග වෙලාවකට" හේ ඈට කීය. ඔහු ඈ පණපිටින් සිටිනු දුටුවේ තවත් එක් වතාවක් පමනි.









    ------ Post added on Apr 8, 2023 at 8:15 PM
     
    • Love
    Reactions: thulithasajeewa

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    "ඌව දුටුවොතින් නුඹලා ඌව කුඩු පට්ටම් කර දානවද, මගේ සහෝදර සහෝදරියනි?"

    "එහෙයි.." සේටඩ් නැමැත්තා කීයේය.

    "හෙට ඌ පාර දිගේ උගේ පම්පෝරි ගමනින් ඇවිදිනවා දැක්කොත්?"

    "දෙයියො බලත්වා.."

    තුවක්කුකරු දොරටුවෙන් පිටතට ලිස්සා ගොස් ටමුව දෙසට ඇවිද යන්නට පටන් ගති. කාන්තාරයේ පුසුඹ වාතය මත තියුණු ලෙස එල්‍‍‍‍ෙඔමින් තිබිනි. පිටව යාමට කාලය ලංවී ඇත‍.

    ඒත් ඒ තවත් ටික මොහොතකින්.

    XIII

    ඔවුන් නැවත ඇද මතය.

    "ඒකිට ඔහෙව පෙනෙන්න නැතුවැති," ඇලී කීවාය. ඇගේ හඩ බියපත් එකක් විය. "ඒකිට කිසි කෙනෙක් පේන්නෙත් නෑ, අදුරන්නෙත් නෑ. ඉරිදා රාත්තිරියේදීී විතරක් එලියට ඇවිල්ලා මේකෙ ඉන්න හැම එකෙකුටම හුජ්ජා යනකල් උන්ව බය කරනවා විතරයි. "

    "ඒ ගෑනි දැන් මෙහේ ඇවිදින් කොච්චර කල් වෙනවද?"

    "අවුරුදු දොලහක්. ඒත් සමාර විට අවුරුදු දෙකක් වෙන්නත් පුළුවනි. කාලය කියන්නෙ මහ අමුතු එකක් කියලා ඔහෙ දන්නවා ඇති. ඒකී ගැන කතා කරා ඔය මදැයි දැං"

    "ඒකී ආවේ කොහේ ඉදලාද? කොයි දිසාවේ ඉදලද?"

    "මම දන්නෙ නෑ" ඈ මුසාවක් කියපි.

    "ඇලී?"

    "කීවා නෙව! මම කොහොමෙයි දන්නේ!"

    "ඇලී?"

    "හා හොදා! හා හොදා! ඒකී ආවේ කාන්තාරවාසී මිනිස්සු ලග ඉදලා!"

    "ඕක මට හිතුනා. " ඔහු මදක් සන්සුන් වූයේය. ගිනිකොන දිසාවේ ඉදලා. ඔහුද මෙහි ඒමට භාවිතා කල මාර්ගය එයය. ඇතැම් විට එම මාර්ගය ඔහුට අකාශය මතද පෙනී ගියේය. එහෙත් ධර්මදේශක-ගැහැණිය පැමිනියේ කාන්තාරවාසීන් සිටි ප්‍රදේශයට වඩා දුර සිට, ඇතැම් විට මුළු කාන්තාරයටද වඩා ඉතා දුර සිට බව ඔහු සැක කලේය. එතරම් දුර සිට ඈ මෙහි සංචාරය කලේ කෙසේද? තාමත් ක්‍රියාත්මක වන කිසියම් ඉපැරණි යන්ත්‍රයක් මගින් ද? සමාරකොට දුම්රියකින්?

    "ගෑනී ඉන්නේ කොහෙද?"

    ඇගේ කඩහඩ එක් ස්වරයකින් පහත වැටුනි. "ඒක මම ඔහෙට කීවොතින්, ඔහෙ මාත් එක්ක අද රෑට බුදියනවද?"

    "මම කොහෙමත් උඹත් එක්ක අද රෑට නිදියනවා. ඒත් මට දැනගන්‍ට ඕන දේවල් තියනවා"

    ඇලී සුසුමක් හෙළුවාය. එය පැරණි පොතක පිටුවක් පෙරලෙන විට නැගෙන හඩ බදු, පැරණි කහපැහැති හඩක් වූයේය.

    "පල්ලියට පිටිපස්සෙන් තියනවා පොඩි කදුගැටයක්. ඒක උඩ තියෙන ගෙයි තමා ඒකී ඉන්නේ. පැලක් වගේ පොඩි ගෙයක්. ඒකේ තමයි... පල්ලියේ ඇත්තම දේවගැතියා හිටියේ, මිනිහා පිටවෙලා යන්ට කලියෙන්. ඇද්ද? දැන් ඔහෙට සතුටුද?"

    "නැහ්. තාම නෑ." ඔහු ඈ මතට පෙරළුනේය.

    XIV

    එය අවසාන දිනය විය. ඔහුට එය ඉවෙන් දැනිනි. අකාශය අප්‍රියජනක බැට කෑ දම්පැහැයක් ගෙන තිබුනි. අරුණෝදයේ පලමු හිරු-කිරණින් එම වර්ණය ආලෝකමත් වී අස්භාවික පෙනුමක් අරගෙනය. ඇලී අවතාරයක් මෙන් ඒ මේ අත ගමන් ක‍ලේ, ලාම්පු දල්වමින් සහ ලෝහ බදුන් තුල දැගළුෑ ඉරිගු කැබලි ගැන සොයා බලමිනි.

    තමාට දැනගැනීමට අවශ්‍ය දෙය ඈ ඔහුට අනාවරණය කිරීමෙන් පසු, තුවක්කුකරුට ඈ පිළිබද හදවතින්ම පැන නැගුනු ආලයක් ඇති වී තිබිනි. ලග එන අවසානය ගැන ඈට ඉව වැටී තිබුනද, ඈ තමා කවරෙකුට හෝ කිසි කලක නොකල උපකාරයක් ඔහුට කර තිබුනීය. හිරු නැගීමට මත්තෙන් ඈ ඔහුට අවශ්‍ය දෙය හෙලි කිරීමට උත්සාහ ගෙන තිබුනේ අවුරුදු දාසයක කෙල්ලකගේ බදු වෙහෙස නොදැනෙන ජවයකිනි. එහෙත්, තම අවසන් ඔසප්වීම් චක්‍රයට ඔන්න මෙන්නව සිට ඈ, හිරු උදාවට අනතුරුව නැවතත් සුදු මැලිව ගොස් සිටියාය.

    ඈ වචනයක් හෝ නොදොඩා ඔහුට කෑම බීම පිලියෙල කොට දුන්නාය. ඔහු වේගයෙන් ඒවා ගිල දැම්මේ, සපමින් ගිලිමින් සහ සෑම කෑම කටමක්ම උණුහුම් කෝපී වලින් කුස තුලට පන්නා දමමින්. ඇලී ඉස්තෝප්පුවට ‍ගොස් උදෑසන දෙසද, අකාශය මත සෙමින් හමායන නිහඩ වලා සේනාංකයන් දෙසද නොසෙල් වී බලා සිටින්නට වූවාය.

    "අද දූවිලි කුණාටු හමාවි"

    "පුදුමයක් නෑ" තුවක්කුකරු කීය.

    "ඔහේ කවදාවක් පුදුම වෙලා තියේ යැ?" ඈ ඇසුවේ ඇනුම් පදයකිනි. තමා ආපිට හැරෙන විට ඔහු තම හිස්වැසුම අතට ගනු ඈ දුටුවාය. ඔහු එය තම හිස මතට දමා ගසා තදකොට, ඇගේ ගෑවී නොගෑවී පිට වී ගියේය.

    "බාග වෙලාවකට" හේ ඈට කීය. ඔහු ඈ පණපිටින් දුටුවේ තවත් එක් වතාවක් පමනි.







     
    Last edited: