මුලින්ම ස්තුතිවන්ත වෙනවා පුල්මුඩේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් කරපු හැමෝටම. එක පාරටම මාතෘකාව දැක්කාම කට්ටිය බලන්න ඇති මොකක්ද මේ කියලා. අද එලකිරි සංචාරකයා තුලින් ඔයාලාව එක්කන් යන්න හදන්නේ කළු ගල ආරන්ය සේනාසනයටයි.
මේ සේනාසනය පිහිටලා තියෙන්නේ අගලවත්ත බදුරලියේ. සිංහරාජ වනපෙත් මායිමේ. මේ ගමන පහසු ගමනක් නම් නෙවෙයි. වාහනයක යනවා නම් ඔයාලාට යන්න පුළුවන් ගුරුළුබැද්ද කියන කුඩා ගම්මානය වෙනකන් විතරයි. එතන ඉඳලා පා ගමනින් තමයි යන්න පුළුවන් තේ වතු මැදින්.
තේ වතු හරහා පා ගමනින් ඔයාලා පිවිසෙන්නේ සිංහරාජ අඩවියටයි. සිංහරාජ අඩවියට පිවිසෙනකොට දැනෙන්නේ අමුතුම හැඟීමක්.
සේනාසනයට පිවිසෙන භූමියේ ඇත්තේ අමුතුම නිස්කලංක බවක්. ඒ නිස්කලංක බව පොඩ්ඩක් හරි නැති වෙන්නේ සිංහරාජය හරහා ගලා යන ජල පහර නිසා ඇති වෙලා තියන කුඩා දිය ඇල්ලේ හඬ නිසායි.
ආරන්‍යයට පිවිසීමට ඇති ගල් පඩිත් ස්වභාවදහමේ කොටසක් කියලා ඔයාලට හිතෙයි.
මේ ආරන්ය සේනාසනය ආරම්භකරලා තියෙන්නේ 1940 වසරේ. මේ ස්ථානයේ මේ ස්ථානය හොයාගෙන තියෙන්නේ ඒ ප්‍රදේශයේ සමාජ සේවකයෙක් විදියට කටයුතු කරපු "සමරදිවාකර රාළහාමි" කියන තැනැත්තා විසිනුයි.
සේනාසනයේ සියළුම බුද්ධ ප්‍රතිමා කළු ගලින් තමයි නිමවා තියෙන්නේ.
ඒ වගේම සරළ සිංහලින් ලියපු කළුගල කතිකාවත මඟින් මේ ස්ථානයේ ඉතිහාසය ගැන තවත් දේවල් ඔයාලාට දැන ගන්නට පුලුවන්.
මේ ස්ථානයේ අද වෙනකොට විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් භාවනා යෝගීව වැඩ වාසය කරනවා. උන් වහන්සේලා දවසේ භාවනා අභ්‍යාස ආරම්භ කරන්නේ උදෑසන 4:30ටයි. රාත්‍රී 10:30 දක්වා උන්වහන්සේලා භාවනා කටයුතු සිද්ධ කරනවා.
මේ ස්ථානය ගොඩක් ලස්සනයි. ඒ වගේම ගොඩක් පූජනීයයි. මෙහි යන්නට හිතන් ඉන්න හැමෝටම අවසානයේ එක දෙයක් එලකිරි සංචාරකයා වෙනුවෙන් කියන්නට කැමතී.
මෙහි පරිසරය විනාශ කරන්නට එපා. ඔයාලා පිවිසෙන්නේ සිංහරාජ වන පියස තුලටයි. සිංහරාජය කියන්නේ අපේ රටේ හදවත. ඒ හදවත් ආරක්ෂා කරගන්න.