ලංකාගම සුන්දරත්වය

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    දැන් අවුරුදු 20කට වගේ ඉස්සර ගිහින් තියෙනවා. ආයෙ යන්න ආසයි
    මමත් ඒ වගේ කාලේ ගිහින් තියනව මචන්. ඒ දවස් වල නම් දුෂ්කරයි, එත් හරිම ලස්සනයි ඉතින්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,084
    87,712
    113
    ආශ්චර්යමත් රටක
    මමත් ඒ වගේ කාලේ ගිහින් තියනව මචන්. ඒ දවස් වල නම් දුෂ්කරයි, එත් හරිම ලස්සනයි ඉතින්.

    ඔව් මචන් මම පොඩියි එතකොට. මට මතකයි පට්ටම දුරක් පයින් ගියා කැලේ මැදින් වගේ පටු පාරකින්. පටන් ගත්ත හරියෙම වගේ පට්ට අබලන් වැල් පාලමක් තිබුණා. පොඩිකාලෙ නිසාද දන්නෙ නෑ පට්ටම දිගයි කියල මතක. පට්ට බයෙන් ගියේ මම. නැවතුනේ ලංකාගම ඉස්කෝලෙ.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,851
    4,999
    113
    ලිපියේ අඩුපාඩු ගොඩක් තියනවා, කොළඹ ඉදන් කාගෙන් හරි අහගෙන ලියපු ලිපියක්. නමුත් එහෙමයි කියල අපි මේ වගේ ලිපි මේකේ දාන්නෙත් නෑනේ (මම සිංහලෙන් ලිපි ලියන්නේ නැත්තේ copyrights නොතකා කොල්ලයි / බල්ලයි හැම එකාම share කරන නිසා ). ඒකනිසා ඔබේ උත්සාහය හොදයි!

    අඩුපාඩු ගොඩ අතරින් කිහිපයක් පෙන්වන්නම් ......

    "ලංකාගමට නුදුරින් කොලොන්කොටුව, වඩුගෙදර, නිල්වැලිගම, පිටදෙණිය ආදී ගම්මාන පිහිටා තිබෙනවා".
    ග්‍රාම නාම වැරදියි.
    "පවුල් 270ක් පමණ ලංකාගම ග්‍රාම නිලධාරී වසමේ ජීවත් වෙනවා".
    පවුල් 500 ඉක්මවා තිබෙනවා.
    "මේ ගඟ වැසි කාලයට පිටාර දැමීම නිසා නිතරම ගම ගංවතුරට අසුවෙනවා".
    මෙය මුළුමනින්ම වැරදියි. ලංකාගම ගංවතුරට හසු වෙන්නේ නෑ. තාක්ෂණික වශයෙන් මෙතන සිදුවන්නේ වෙන දෙයක්.
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,700
    3,422
    113
    Ceylon-Hanging-Parrot.jpg

    උදේ පාන්දරට මීදුමත් එක්ක පුදුමාකාර කුරුල්ලෝ ගොඩක් එන්නේ.
    මට තාම අමතක කරන්න බෑ කෙසෙල් මල් වලින් පැනි බොන්න එල්ලිලා ඉන්න ගිරාමලිත්තොන්ව. 😍

    මම ගියා 99හරි 2000 හරි …ඒ කාලේ අපි ගියේ වැල් පාලම් තිබ්බේ …ඒ වගෙත් මැද ලෑලි කැඩිලා ..පාලම පැද්දෙනව….ගමේ උන්නම් ගේමක් නැතුව බයික් එකේ යනවා….
    තේ තමයි තිබ්බේ ඒ කාලේ ..ගමේ අයට හොදට සල්ලි තිබ්බා ඒ කාලවලත් ..ප්‍රවාහන පහසුකම් තමයි අඩුවෙන් තිබ්බ…මම දවස් 2ක් ඉදියා …දිය ඇලි වලට බලාගාර හදල විදුලිය අරන් තිබ්බේ …
    හරිම හොද කාලගුණයක්…ගග යනවා ගම මැදින් වගේ ..දැන්නම් හදලා තින්නේ පාලම් මම හිතන්නේ …
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,428
    30,284
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම ගියා 99හරි 2000 හරි …ඒ කාලේ අපි ගියේ වැල් පාලම් තිබ්බේ …ඒ වගෙත් මැද ලෑලි කැඩිලා ..පාලම පැද්දෙනව….ගමේ උන්නම් ගේමක් නැතුව බයික් එකේ යනවා….
    තේ තමයි තිබ්බේ ඒ කාලේ ..ගමේ අයට හොදට සල්ලි තිබ්බා ඒ කාලවලත් ..ප්‍රවාහන පහසුකම් තමයි අඩුවෙන් තිබ්බ…මම දවස් 2ක් ඉදියා …දිය ඇලි වලට බලාගාර හදල විදුලිය අරන් තිබ්බේ …
    හරිම හොද කාලගුණයක්…ගග යනවා ගම මැදින් වගේ ..දැන්නම් හදලා තින්නේ පාලම් මම හිතන්නේ …
    මාර කාලයක් තමයි ඔය. මම ගියේ නං තව ගොඩක් පහුවෙලා. ඒ කාලෙත් රුපවාහිනියි අයිටීඑනුයි විතරද කොහෙද පෙනුනේ. ළමයි, මිනිස්සු එහෙම නාගරික මින්ස්සු වගේ නෙමෙයි හරි සුහදශීලියි. උඹ කිව්ව වගේම ජීවත්වෙන්න හොඳට සල්ලි තිබුන. ගොඩක් ගෙවල්වලට ලයිට් තිබුනෙත් බයික් ඕල්ටනේටර් වලින් ඩයිනමෝ හදලා. මිනිස්සු පන්සල එක්ක මාර එකතුයි.