කව්සිළුමිණ අමාවතුර කසලගොඩට දමල්ලා

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මේකේ මාලිගාව ඉසරහින් වාහන ගියොත්, දැන් කලේ වාහන වල වේගය සහා වාහන ප්‍රමාණය නිසා ඇතිවන කම්පනයන්ගෙන් (fatigue failure) මාලිගාවේ structure එකට හානි වෙනවා.

    මෙන්න මේක නිසා තමයි ඉස්සර මහනායක හාමුදුරුවෝ විරුද්ද උනේ පාර අරින එකට :nerd:

    අනික නගරයේ සමස්ත වායු දූෂණයත් මාලිගාවට බලපාන්න පුළුවන්. මට මතකයි ඉන්දියාවේ ටජ් මහල් එකට බලපෑමක් ආව වායු දූෂණය හින්ද :oo:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මෙන්න මේක නිසා තමයි ඉස්සර මහනායක හාමුදුරුවෝ විරුද්ද උනේ පාර අරින එකට :nerd:

    කොලේ වහල ගහල පාර අරින්නෙ නැතුව විකල්ප මාර්ඝ දියුනු කරල නගරෙ පුළුල් කරල, ප්‍රශ්ණෙට නියම විසඳුමක් දෙන්න කියන එක ගැන මොකෝ කියන්නෙ?
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කොලේ වහල ගහල පාර අරින්නෙ නැතුව විකල්ප මාර්ඝ දියුනු කරල නගරෙ පුළුල් කරල, ප්‍රශ්ණෙට නියම විසඳුමක් දෙන්න කියන එක ගැන මොකෝ කියන්නෙ?

    එහෙම කරනවානම් හොඳයි තමයි. ප්‍රශ්නෙට දීර්ගකාලින විසඳුමක් හම්බෙනවා. ඒත් ඕක කරන එක හරි සරල වැඩක් නෙවේනේ. අනික උඹටවත් මටවත් ඕක කරන්නත් බෑනේ :dull:

    පාර ඇරවගන්න උද්ගෝෂණය කරනවා වගේ, පාර අරින එකට විරුද්දව උද්ගෝෂණය කරනවා වගේ නගරය පුළුල් කරලා විකල්ප මාර්ග හදපියෝ කියල උද්ඝෝෂණය කරන්න කවුරුත් නැති එකනේ ප්‍රශ්නේ. අන්තිමට මූලික ප්‍රශ්නේ එතනමයි :dull:

    කොහොමත් නුවර කියන්නේ කිසිම පිළිවෙලක් නැති නගරයක්. ලංකාවේ ලස්සනටම තියෙන්න ඕනේ නගරයක් හරිනම්. Grand Kandyan එක පැත්තේ ඉඳල පල්ලෙහා බලපුවහම නිකන් ඉන්දියාවේ කල්කටාව වගේ :sorry:
     
    නගරෙ තියෙන ප්‍රශ්ණ වලට විසඳුම් හොයන්න උද්ඝෝශන කරනන් වෙනව කියන්නෙ එතනම ප්‍රජාතන්ත්‍රවාදෙ ෆේල් නෙ බන්. නුවර මිනිස්සු රජයෙන් ඉල්ලීමක් කලා නම්, නගරෙ පුළුල් කරන්න, පිටතින් එන වාහන වලට නගරය මග හැරල යන්න විකල්ප මාර්ඝ දෙන්න කියන ඉල්ලීම කලා නම් ඇති නේද? මහජන නියොජිතයෝ ඒවට ඇහුම්කන් දෙන්න එපැයි. දැන් වෙන්නේ කොලේ වහලා ගැහිල්ලක්. මිනිස්සුන්ව අන්දන්න හදන්නේ ඔක්කොම ප්‍රශ්ණ මේ පාර වහල තියෙන නිසා කියලා. එහෙම කරල මාරු වෙන්න නම් මොකටද බන් මහජන නියොජිතයෝ?

    මට තියෙන ලොකුම ප්‍රශ්නෙ, මිනිස්සු මොකද මේ පක්ශෙ බදාගෙන තමන්ගෙ ප්‍රශ්න පස්සට දාන්නෙ කියන එක.:confused:
     
    Last edited:

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    පෞද්ගලිකව මම නම් කැමති නෑ දළඳා මාළිගාව ගාවින් වාහන යනවට. මුල් කාලයෙදි හොන් ගැසීම තහනම් වගේ බෝඩ් ගැහුවට, ටිකක් කල් යද්දි ඔය බෝඩ් කෑලි ගැලවිලා ගිහිල්ලා තවත් එක කලුතර බෝධියක් මාතර බෝධියක් වගේ පත් වෙනවා. ඒ නිසා දළඳා හාමුදුරුවන්ට එඋ ගෞරවය ලැබෙන්න ඕනේ. ඒ වගේ මිනිස්සුන්ටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විකල්ප පාරක්, පාලමක් හරි කීයක් ගියත් කමක් නා හදන්න පුළුවන් නම්.

    :yes::yes::yes: