කවුද පික්චර් බලන්නෙ?

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
කවුද පික්චර් බලන්නෙ?

රාජගිරියේ සිනමා ශාලාවක උපකළමනාකරු වශයෙන් සේවය කරන තම ඥාතියකු හමුවීම සඳහා කරුණාදාස එහි ගොස් සිටියදී තම කාර්යාලයේ සේවය කරන පලිහවඩන කඩිමුඩියේ පැමිණ බැල්කනියට රිංගනවා දුටුවේය. එය උදේ 10.30 දර්ශනය ආරම්භ වීමට ආසන්න මොහොතකි. සිනමාහලේ පහත මාලයට හිස පොවා බැලූ කරුණාදාස එය මුළුමනින් ම පාහේ හිස්ව තිබෙනවා දුටුවේය.

’ඇයි මිස්ටර් පලිහවඩන උදේ පික්චර් බලන්න යන කොට බැල්කනි ම යන්නෙ?’ කරුණාදාස කාර්යාලයේදී හමුවූ පලිහවඩන ගෙන් ඇසීය.

’කවුද පික්චර් බලන්න යන්නෙ?’ පලිහවඩන පෙරළා විමසුවේ ගුප්ත සිනාවක් පාමිනි.