කවුද හොදම? operation: BAD BUNNY

Lord Snow

Member
Jun 13, 2014
65
0
0
8449902108_841ef1c95b.jpg


ඔන්න ඉතින් දවසක් අපේ මහරජාට ආසාවක් ඇති උනාලු රටේ තියෙන දක්ෂම ආරක්ෂක අංශෙ මොකක්ද කියල දැනගන්න. ඉතින් මහරජා සංවිදානය කලාලු තරගයක්. දැන් මේ තරගෙට හමුදාවෙන්, බුද්ධි අංශෙන් එහෙම කණ්ඩායම් ඉදිරිපත් උනාලු. ආ.. තව අපේ පොලිස් මාමලා කීප දෙනෙකුත් තරගෙට ඇවිල්ලා හිටියාලු. දැන් මේ හැමෝවම ලොකු කැලයක් ගාවට එක්ක ගෙන ගිහිල්ලා මහරජා කිව්වලු,
"මේ කැලේ මහ භයානක හාවෙක් ඉන්නවා..ඌ මිනීමැරුම්, මංකොල්ලාකෑම් කිහිපයකටම සම්බන්ධයි..ඔය අය ගිහිල්ලා මට ඒ හාවව අල්ලල ගෙනත් දෙන්න ඕනේ."
"මතක තියාගන්න, අඩුම කාලයකින් හාවව අල්ලන් එන කන්ඩායම තමයි තරගෙන් දිනන්නෙ."

ඉතින් කාසියෙ වාසිය උරගා බලන්න මාලුපාන් ගෙඩියක් එහෙම උඩ දාලා මුලින්ම චාන්ස් එක ආපු හමුදාවෙ ටීම් එක කැලේ ඇතුලට ගියාලු.. ඔන්න පැය දෙකකින් විතර කට්ටිය ආපහු ආවාලු..ඇවිත් මහරජාට මෙහෙම කිව්වලු
"සර්, අපි හාව ඉන්න තැන හොයා ගත්තා. උගෙ ගේ ඇතුලෙ සවේලන්ස් කැමරා හයි කලා. වටේම අපි ආරක්ෂාව යොදලයි තියෙන්නෙ.. හාව ගෙදරට ආපු හැටියෙ අල්ල ගන්න පුලුවන්."
මහරජා: මෝඩයෝ, උබලට කවදාවත් මේ තරගෙ දිනන්න ලැබෙන් නෑ..

ඊලගට බුද්ධි අංශෙ කණ්ඩායම කැලේ ඇතුලට ගියාලු.. ඔන්න පැයකින් විතර කට්ටිය ආපහු ආවාලු..ඇවිත් මහරජාට මෙහෙම කිව්වලු
"සර්, අපි හාවව පැහැර ගත්තා. අපි ඌට සල්ලියි, හාවියොයි දෙන්නම් කියලා අපේ පැත්තට නම්ම ගත්තා. දැන් ඌ අපිටයි වැඩ කරන්නෙ.අනිත් හාවො ගැන ඔත්තු සපයනවා."
මහරජා: බොරුකාරයෝ, අඩුම ගානෙ උබල හාවව දැකලවත් නෑ..

ඊලගට අපේ පොලිස් මාමලා ටික කැලේ ඇතුලට ගියාලු.. ඔන්න පැයකාලකින් විතර මුන කට හීරිච්ච ඇහැ යට නිල් වෙච්ච තඩි කලු වලහෙක් කකුලකුත් කොර ගගහා කැලෙන් එලියට එනවලු අත් දෙකත් උස්සගෙන..
වලහා: හරි, හරි මම තමයි ඒ හාවා!

සැ.යු: මෙම සිදුවීම අයිස්ලන්තය නම් වු රටේ සිදුවූවක් බව කරුණාවෙන් සලකන්න.
 

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මේ හාවත්(වලහා) සැඟවූ ආයුද පෙන්නන්න ගිහිල්ලා මැරුම් කයිද දන්නේ නැ :oo::baffled::P