කසුන් කල්හාරගේ අලුත් සින්දු

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිහිනයට තරම්

    සිහිනයට තරම්

     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    අඩෝ අර සද මිතුරි එකත් tamil copyak..තව තියෙනව කසුන් කල්හාර අර ජැක් සහ බෝංචි වැලෙන් copy යක් ගහපු එකකුත් සින්දුවේ නම නම් මතක න මම උගේ සින්දු එච්චර අහන්නේ නැති නිසා...පොඩ්ඩක් හොයල බලපාන් තව ඇති ඕන තරම්

    සඳ මිතුරි එකේ සංගීතය රාජ් අයියගේ https://www.facebook.com/rajkumart. ඒක මුලින්ම කරල තියෙන්නෙ දෙමළින්. පස්සෙ තමයි, කසුන් එක්ක සිංහලෙන් කරන්නෙ. මේ ගැන රාජ් අයියත් ගොඩක් තැන්වල සඳහන් කරල තියෙනවා Facebook, YouTube වගේ තැන්වලත්.

    මල් මිටක් එකට අර චිත්‍රපටයේ සංගීතය එන්නෙ කොහොමද කියල එළකිරි එකේ කසුන් වෙනුව්න් වෙනුවුන් ත්‍රෙඩ් එකෙත් මීට කළින් කතා කරල තියෙනවා. ඉතාම මෑතකදී, කසුන් නැවතත් ඒ ගැන කිව්වා. ඔය පහළින් තියෙන වීඩියෝ එක බැලුවනම් හරි.

    http://youtu.be/FlKMLcmYxMY

    කොපි කරනව කියන එක ගැන කතා කරන හැමෝම තේරුම් ගන්න ඕනි දෙයක් තමයි, හැමෝම තමන්ට අනන්‍ය වුනු දෙයක් වගේම, බාහිරින් උකහා ගන්න දේවලුත් තමන්ගේ නිර්මාණ වලට දැනුවත්ව හා නොදැනුවත්ව යොදා ගන්න බව. හැබැයි මේක කොපි කරන්න ලැබෙන අවසරයක් නෙමෙයි. මෙතන තව සැලකිය යුතු දෙයක් තමයි, මොන අරමුණින්ද ඒ දේ භාවිතා කරල තියෙන්නෙ කියන එක. කසුන් ආපු මුල් කාලෙ ඉඳන් බැලුවම පේනව මනුස්සය අවංකව යමක් කරන්න හදන බව. මං ඒ කාලෙ භාතිය, සංතුෂ් දෙන්නවයි, කසුන්වයි තියන් හිටියෙ එක මට්ටමේ, දෙගොල්ලම වෙනස් දෙයක් කරයි කියල. නමුන්, කණගාටුයි කියන්න, භාතියලගෙන් මං බලපොරොත්තු වුන දේ මේ වෙනකම් එතරම් සාර්ථකව වෙලා නෑ. එයාල එහෙම වෙනස් විදියකට යන්න ඕනි කමක් තියෙනව කියලවත් මට නම් හිතෙන්නේ නෑ. භාතියලගෙ කොච්චර සින්දු තියෙනවද?. ඉන් කීයක් අපිට මතකද?. කීයක් රැඳුනාද?. "‍The Romantic Opera" කියන කසුන්ගෙ අනිත්මට ආපු ඇල්බම් එක (දැන් අවුරුදු 4ක් විතර වෙනවා මම හිතන්නෙ) තවම අහනවා. කසුන්ගේ සින්දු වලට වීඩි‍යෝ නිර්මාණ කියක් කරල තියෙනවද?. වීඩියෝ එකක් නැතුව සින්දුවක් ගොඩගන්න බෑ කියන කාලේ, කසුන්ට ගොඩ යන්න පුලුවන් වුනා, මිනිහගෙ හැකියාව නිසා.

    කසුන්ගෙ වැඩ වලට, එයාගෙ ප්‍රතිපත්ති වලට කැමති කෙනෙක් වුනාට මම එහෙයියෙක් නොවෙන බවත් කියන්න ඕනි. සමහරු කියනව වගේ කසුන්ගේ අලුතින් ආපු සමහර දේවල් වලට එතරම්ම කැමැත්තක් නෑ. උදා: මත් මල් සේනා කියන එක. ඒක මුල් වතාවට ඇහුවම මට මතක් වුනේ හින්දි චිත්‍රපටයක සින්දුවක් මගේ හිතේ. :D මට හිතුනේ කසුන් මිනිස්සුන්හෙ ප්‍රතිචාර බලන්න එහෙම එකක් කරන්න හිතන්න ඇති කියල. කොහොම වුනත්, ඔය ටික තමා මට කියන්න තියෙන්නෙ.
     
    Last edited: