කසුන් කල්හාර සින්දුව කයි

Akila DJ

Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    Mr.Pini.. අනික්වා ගැන පැත්තකින් තියන්නකෝ... සද මිතුරි කොපියක් කියල කියන එක නම් ඔබ තුමා ඒ හැටි ඒක ගැන නොදන්න බවට සාක්කියක්.. මොකද ඔබ තුමා දන්න ඒ ටැමිල් සින්දුව කරේ රාජ්.. රාජ්ම තමා කසුන්ට කියලා මේක සිංහලෙනුත් කරලා තියෙන්නේ... ටැමිල් එක කියන්නේ S.P.බාලස්‍රභ්‍රමනියම් කියන කෙනා. ඔය සින්දු දෙකම මගේ ළග තියෙනවා.. සින්දු දෙකම අහද්දි හැකියාවේ වෙනස හොදට තේරෙනවා ඕන එකෙකුට.

    මල් මිටක් කොපියක් කියල කසුන්ම කියනව. සඳ මිතුරි කොපියක් නොවන බව කියන්න දෙයක් නෑ!..
    ඒත් ඔබත් ඔබේ නොදැනුවත් කම සහ සංගීතය පිළිබඳ කොටු වීම පෙන්නුම් කරන්න එපා!!! :D

    "S.P.බාලස්‍රභ්‍රමනියම් කියන කෙනා" කිවුවම එතන පේන්නෙ නොදැනුවත්කම! මොකද S. P. Balasubrahmanyam කියන්නෙ Living Legend කෙනෙක් වගේ. ඉන්දියාව විත
    ක් නෙමෙයි මුලු ලෝකෙම දන්නව... ඉන්දියාවෙ හැම භාෂාවකින්ම වගේ සිංදු කියල තියන ප්‍රවීණයෙක්!
    "
    He won the National Film Award for Best Male Playback Singer six times and the Nandi Awards in Telugu cinema 25 times from the Government of Andhra Pradesh.[1][2][3][4] He has sung over 40,000 songs in various Indian languages.[5] He has won National Film Awards across four languages as well as a Filmfare Award, three Filmfare Awards South and numerous state awards from Tamil Nadu and Karnataka. He is a recipient of civilian awards such as Padmashri (2001) and Padma Bhushan (2011) from the government of India"

    දෙක වෙනම අහද්දි වෙනස තේරෙනව කියල අදහස් කළේ මොකක්ද දන්නෙ නෑ!... දෙන්න කියන්නෙ style දෙකකින්.. ඒ දෙක compare කරද්දි තමන් කැමති style එක කියන කෙනා හොඳයි කියනව නම් සංගීතමය කොටු වීම තමයි තියෙන්නෙ...
    .
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මෙහෙමයි. මම මේ ත්‍රෙඩ් එක දාපු එකම වැරැද්දක්. මේ ත්‍රෙඩ් එක දැම්මේ අපි පොඩි කාලේ ඊන්දලම රසවිඳපු ගීත එක එක ගොතොයෝ විනාස කරනවා වාව ගන්න බැරුව මිසක් කසුන් එක්ක තියෙන පෞද්ගලික තරහ මරහවකට එහෙම නෙවෙයි. ඇත්තෙන්ම කියනවා නම් කසූන් කල්හාරගේ ඉමේජ් එකක් දැක්කෙත් මේ ත්‍රෙඩ් එකට ඕන කරන කාරණා හොයන්න ගිය වෙලාවෙදී, අනික කසුන්ගේ සින්දුවක් මම අහපු කෙනෙකුත් නෙවෙයි. මේ සින්දූව කසුන් කල්හාර කිව්වයි කියලා බොහෝදුරට තහවුරු කරගත්තට පස්සෙයි දැම්මේ. පිනිමූවා කියන පොරගේ රෙප්ල්යි එකක් මගේ පොස්ට් එකේ දැම්මේ පොස්ට් එක එඩිට් කරලා. ඕනේ නම් GT ට පුලුවන් මගේ පොස්ට් එකයි පිනිමූවාගේ පොස්ට් එකයි වැටුනු වෙලාව බලලා තිරණයක් ගන්න. දැනුත් මම හිතන්නේ මේක කිව්වේ කසුන් කල්හාරමයි කියලා. මට ඉදිරිපත් කරන්න කාරණා ඕනෑ තරම් තියෙනවා ඒ සම්බන්ධව.

    මචං උබට මේ සිංදුව අහපුවාම තරහ ගිය එක සාදාරනයි... මමත් ඕක මුලින්ම අහපු දවසෙ එපා උනා...

    උබට ඔය පික් එක හම්බෙන්න ඇත්තෙ මෙතනින් වෙන්න ඔනේ...

    http://unplugboys.blogspot.com/2012/12/sede-kaluwara-song-by-kasun-kalhara.html


    මට ඔය සින්දුව මුලින්ම හම්බුනේ ඔතනදි...

    මමත් කසුන් රීමේක් කලා කියල හිතල බාගෙන ඇහුවා... ඒත් අහපුවාම තෙරුනා බොරුවක් කියල...

    හැබැයි කස්සගෙ ෆොටෝ එකක් එඩිට් කරල දාපු පමනින්ම ඕක කිව්වෙ ඌ කියල ඔප්පු වෙන්නෙ නෑ...

    ඔය ෆොටො එක ඇර වෙන තහවුරු උන තැන් තියනවනම් කියපන්, අපි වැරදි නම් ඒක දැන ගන්න එක වටිනවානෙ උබට බනිනවාට වඩා...

    උබයි පිනි මුවයි එක්කෙන කියල මම හිතන්නෙ නෑ... ඒත් පිනිමුවාට කසුන් ගැන මාර කැක්කුමක් තියනවා...:baffled::baffled::baffled:
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    මෙහෙමයි. මම මේ ත්‍රෙඩ් එක දාපු එකම වැරැද්දක්. මේ ත්‍රෙඩ් එක දැම්මේ අපි පොඩි කාලේ ඊන්දලම රසවිඳපු ගීත එක එක ගොතොයෝ විනාස කරනවා වාව ගන්න බැරුව මිසක් කසුන් එක්ක තියෙන පෞද්ගලික තරහ මරහවකට එහෙම නෙවෙයි. ඇත්තෙන්ම කියනවා නම් කසූන් කල්හාරගේ ඉමේජ් එකක් දැක්කෙත් මේ ත්‍රෙඩ් එකට ඕන කරන කාරණා හොයන්න ගිය වෙලාවෙදී, අනික කසුන්ගේ සින්දුවක් මම අහපු කෙනෙකුත් නෙවෙයි. මේ සින්දූව කසුන් කල්හාර කිව්වයි කියලා බොහෝදුරට තහවුරු කරගත්තට පස්සෙයි දැම්මේ. පිනිමූවා කියන පොරගේ රෙප්ල්යි එකක් මගේ පොස්ට් එකේ දැම්මේ පොස්ට් එක එඩිට් කරලා. ඕනේ නම් GT ට පුලුවන් මගේ පොස්ට් එකයි පිනිමූවාගේ පොස්ට් එකයි වැටුනු වෙලාව බලලා තිරණයක් ගන්න. දැනුත් මම හිතන්නේ මේක කිව්වේ කසුන් කල්හාරමයි කියලා. මට ඉදිරිපත් කරන්න කාරණා ඕනෑ තරම් තියෙනවා ඒ සම්බන්ධව.

    Kasun kalharage sindu ahanneth natthan Kasun ge music gana katha karanne kohomada ? :rolleyes:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මල් මිටක් කොපියක් කියල කසුන්ම කියනව. සඳ මිතුරි කොපියක් නොවන බව කියන්න දෙයක් නෑ!..
    ඒත් ඔබත් ඔබේ නොදැනුවත් කම සහ සංගීතය පිළිබඳ කොටු වීම පෙන්නුම් කරන්න එපා!!! :D

    "S.P.බාලස්‍රභ්‍රමනියම් කියන කෙනා" කිවුවම එතන පේන්නෙ නොදැනුවත්කම! මොකද S. P. Balasubrahmanyam කියන්නෙ Living Legend කෙනෙක් වගේ. ඉන්දියාව විත
    ක් නෙමෙයි මුලු ලෝකෙම දන්නව... ඉන්දියාවෙ හැම භාෂාවකින්ම වගේ සිංදු කියල තියන ප්‍රවීණයෙක්!
    "
    He won the National Film Award for Best Male Playback Singer six times and the Nandi Awards in Telugu cinema 25 times from the Government of Andhra Pradesh.[1][2][3][4] He has sung over 40,000 songs in various Indian languages.[5] He has won National Film Awards across four languages as well as a Filmfare Award, three Filmfare Awards South and numerous state awards from Tamil Nadu and Karnataka. He is a recipient of civilian awards such as Padmashri (2001) and Padma Bhushan (2011) from the government of India"

    දෙක වෙනම අහද්දි වෙනස තේරෙනව කියල අදහස් කළේ මොකක්ද දන්නෙ නෑ!... දෙන්න කියන්නෙ style දෙකකින්.. ඒ දෙක compare කරද්දි තමන් කැමති style එක කියන කෙනා හොඳයි කියනව නම් සංගීතමය කොටු වීම තමයි තියෙන්නෙ...
    .
    :rolleyes: හා..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    angry-face.gif

    කවුද යකෝ කස්සට සද්ද දාන %$^*(&3!(*&*&*&$*&@#*#$(%&##@@$@#$ :growl::growl:

    ලංකාවේ ගායකයන්ගෙන්, සින්දු අහනවනම් මම රස විඳපු එකම ගායකයා තමයි කසුන් කල්හාර කියන්නේ.
    උඹ මොන පොලොස්කොට්ටෝරු ගන් කබරයෙක්ද කියන්න මම දන්නේ නෑ, ඒක දෙයක් පැහැදිලියි.
    උඹ කතා කරලා තියෙන්නේ කසුන් කියන්නේ කවුද කියන ඒක නම් නොදැනගෙන. නිකන් නොදැනගෙන නෙමෙයි මෙලෝ හසරක් නොදැනගෙන.

    කසුන් ඇත්තටම රීමේක් කලානම් කෙනෙකුගේ සින්දුවක්, ඒ සින්දුවේ මුල් අයිතිකරු ඒ ගැන ආඩම්බර වෙන්න ඕනේ කසුන් වගේ එකෙක් ඒ වගේ දෙයක් උගේ සින්දුවට කළා කියන ඒක ගැන හිතල. ඊට හේතුව ඌ ඒ තරමටම පොරක්.

    උඹ ඔය විදිහට කතා කරලා තියෙන්නේ ලංකාවේ මියුසික් කියන දේට වැදගත් දෙයක් එකතු කරපු මිනිහෙක්ට මිසක් ගූ දාපු එකෙක්ට නෙමෙයි.

    මම පවුද්ගලිකව පිස්සුවෙන් වගේ කසුන්ගේ සින්දු අහපු පට්ට ෆෑන් කෙනෙක් කසුන්ගේ. ඒකනිසා සිරාවට මල පිනවා උම්බෙගේ කතාවට. තෝව මරන් කන්න තරං අම්මපල්ල :growl:

    මෙහෙම දෙයක් තියෙනවා. කසුන් වොයිස් ප්‍රැක්ටිස් කරවනවා ක්ලාස් දාල, ඒ කසුන්ගේ ක්ලාස් ගිය හැම එකාගේම වොයිස් කසුන්ගේ වගේ.
    උදාහරණයක් විදිහට අහල බලපන් මේ සින්දුව ටිකක්.

    මේ කියන්නේ කසුන් නෙමෙයි. කසුන්ගේ ගෝලයෙක්. තව මේ වගේ සෙට් එකක් ඉන්නවා.

    මූත් කසුන් වගේ..

    නමුත් මේ එකෙක්ටවත් කස්ස ට කිට්ටු කරන්නවත් බෑ... නමුත් හොඳ හැකියාවල් තියෙනවා මුන්ටත්... එයින් එකෙක් ඔය වැඩේ කරත් කසුන් කියල දාල රිලීස් කරන්නත් පුළුවන්.

    මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මිනිස්සුන්ට අයිතිවාසිකම් තියෙනවා ඕනෑම ගූ දෙයක් කරන්න. ඒක නවත්තන්න බැහැ. සින්දුවේ අයිතියක් තියෙනවනේ, අයිතිය ඇති ඇත්තන්ගෙන් රයිට්ස් අරන් ඒවා ක්ලියර් කරගෙන තමයි රීමේක් එකක් කරන්නේ. ඊටපස්සේ ඕක විකුනනවා, හුඟක් වෙලාවට රිඟින් ටොන් කම්පැනි වලට.

    කසුන් නෙමෙයි මොකා කලත් කාටවත් මේ රටේ ඒ ඩේට ප්‍රශ්නයක් නෑ. මොකද අලුතින් රීමේක් එකක් හැදුවාම පරණ ගීතය නැති වෙන්නේ නෑනේ? මොකෝ ඒවා බල්ලෝ කනවද? නැත්තන් ඒවා අතුරුදහන් වෙනවද? නෑ ඒවා දෙය්යනේ කියල තියෙනවා යහතින්. ඉතින් දෙය්යනේ ඕක කෑවා කෑවා ගාන්නේ නැතුව ඔරිජිනල් ඒක හොයාගෙන ඔරිජිනල් ඒක අහපන් කෝ...

    කොහොම උනත් සින්දුවක් කනවා කියල දෙයක් නෑ. කසුන් කලානම් ඒක ඌ සල්ලි හොයාගන්න කරන්න ඇති. නොකරානම් එත් ප්‍රශ්නයක් නෑ. කලත් ප්‍රශ්නයක් නෑ.. උබට ප්‍රශ්නෙකුත් නෑ අපිට ප්‍රශ්නෙකුත් නෑ. කසුන් ගොනෙත් නෙමෙයි උඹගේ නූගත් කමට උඹ ඌට බැන්නට ලංකාවේ සංගීතයට දෙයක් කල, මම බොක්කෙන් ගරු කරන පොරක් තමයි කසුන් කල්හාර. ඒ වගේම ඉන්ද්‍රචාප. ඔය වගේ මිනිස්සු තමයි වැජබෙන්න ඕනේ..
    ඌ දෙයක් කළා. උඹ දෙයක් නොකළ.
     
    • Like
    Reactions: hiranrulez

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Kasun kalharage sindu ahanneth natthan Kasun ge music gana katha karanne kohomada ? :rolleyes:
    ලංකාවේ ඉඳගෙන කසුන්ගේ සින්දුවක් අහපු නැති එකෙක් මියුසික් ගැන මොනා කියන්නද බං? :lol:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Kasun Kalhara mata nam hondai. eth kolla wedi kalayak jeewath wenne natha kiyanna puluwani kanagatuwen unath. arakku beema nisa. ayage langama mithrayek qwe bonawalu nethi wenna.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Dinesh ayya, Mr.Kasun thawa Somapala Natasha Ratnayake wage aya innawa lankawe honda music karana.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මල් මිටක් කොපියක් කියල කසුන්ම කියනව. සඳ මිතුරි කොපියක් නොවන බව කියන්න දෙයක් නෑ!..
    ඒත් ඔබත් ඔබේ නොදැනුවත් කම සහ සංගීතය පිළිබඳ කොටු වීම පෙන්නුම් කරන්න එපා!!! :D

    "S.P.බාලස්‍රභ්‍රමනියම් කියන කෙනා" කිවුවම එතන පේන්නෙ නොදැනුවත්කම! මොකද S. P. Balasubrahmanyam කියන්නෙ Living Legend කෙනෙක් වගේ. ඉන්දියාව විතරක් නෙමෙයි මුලු ලෝකෙම දන්නව... ඉන්දියාවෙ හැම භාෂාවකින්ම වගේ සිංදු කියල තියන ප්‍රවීණයෙක්!
    "He won the National Film Award for Best Male Playback Singer six times and the Nandi Awards in Telugu cinema 25 times from the Government of Andhra Pradesh.[1][2][3][4] He has sung over 40,000 songs in various Indian languages.[5] He has won National Film Awards across four languages as well as a Filmfare Award, three Filmfare Awards South and numerous state awards from Tamil Nadu and Karnataka. He is a recipient of civilian awards such as Padmashri (2001) and Padma Bhushan (2011) from the government of India"

    දෙක වෙනම අහද්දි වෙනස තේරෙනව කියල අදහස් කළේ මොකක්ද දන්නෙ නෑ!... දෙන්න කියන්නෙ style දෙකකින්.. ඒ දෙක compare කරද්දි තමන් කැමති style එක කියන කෙනා හොඳයි කියනව නම් සංගීතමය කොටු වීම තමයි තියෙන්නෙ...
    .

    දැන් උඹ මොකක්ද කියන්නේ? ඔය සින්දු දෙකේම අයිතිය Raj ට තියෙන්නේ. එකම අයිතිකරු.
    තමුන්ගේ සින්දුව තමුන්ම කොපි කරගන්න එකත් කොපියක් තමයි. අපි පිලිගන්නවා. උඹ කියන්නෙත් ඒකද?
    කසුන්ගේ කොපි නෑ කියන්නේ නෑ... නමුත් සඳ මිතුරි කියන සින්දුව කලේ එකම කෙනා. සින්දුව කොමොෂල් එකක්. තාම ඔය සින්දු දෙකෙන් හොඳ ඉන්කම් එකක් රාජ් ට ඩයලොග් එකෙන් එහෙම එනවා :P
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ado DevilRox
    මේ "චම්පික ඩිලාශ්" නෙ!... :D ප්‍රසිද්ධ ඩයල් එකක් නෙ!...
    Sirasa Super Star Generation 5: 7th Place.... Champika Dilash
    SuperStar අන්තිම 12න් අනිත් උන්ට වඩා මම කැමති පොරක්!!... හැබැයි පඬියෙක් වගේ තමයි පේන්නෙ!...
    ඒත් අරක කියන්නෙ මූ නෙමෙයි කියල තමයි මට හිතෙන්නෙ. ඒක අනුකරණය කිරීමක් වගේ මේක.. අනික අරක ටිකක් පරණයි... :confused:
    .
    ඔව් බන් super satar අවා එකෙක් තමයි. හොදට අහපන්. ඔය යටිගිරියෙන් කැ ගහන පාර්ට් එක.මම ඔය සින්දුව youtube එකේ තියන video ඔක්කොම බැලුව. මේක තමයි ගොඩක් ම සමාන. මුට ටලෙන්ට් 1ක් තියනවා. musical ගහන එවුන්ට මෙහෙම කියන්න බැ.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    දැන් පරම්පරාවේ මොලේ තරම හිතා ගන්න පුලුවන්. මුන්ට දෙයක් කියලා දෙන්නත් බෑ. දෙයක් තේරුම් ගන්නත් බෑ. දන්න දෙයකුත් නෑ. ඒත් දන්නවා වගේ කියවනවා.

    අනේ මන්දා මුන් ඉන්න මේ රට ඉතුරු වෙලා තියන එකම ආශ්චර්යක් තමා.

    :P:P:P
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka



    කස්ස කවදා හරි රී මේක් එකක් කලොත් මෙන්න මේ වගේ තියෙයි...
    එදාට ඒ ගැන කතා කරමු... දැන් බොරුවට මඩ ගහන්නෙ නැතිව...
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මුලින්ම කියන්න දෙයක් තියෙනවා මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයාට,
    මචං ඔක්කටම කලින් මිනිහෙක්ව විවේචනය කරන විදියක් තියෙනවා, එකේ සංවර කමක් තියෙනවා, නමුත් උඹ සතෙකුට වගේ කතා කරලා බැනපු එහෙම නැත්නම් උඹ කියන විදියට කරලා තියෙන විවේචනයට මම එකඟ නැහැ.මුලින්ම මනුස්සය ජනප්‍රියද නැද්ද කියන එකෙන් වැඩක් නැහැ,ඒ මනුස්සයට සාමාන්‍ය මනුස්සයෙකුට කතා කරන විදියටවත් කතා කරන්න හිතෙන්න ඕන.මොකද එකෙන්ම මනුස්සයෙකු පිළිබඳව මිම්මක් ගන්න පුළුවන්.

    ඊළඟට මට කියන්නේ තියන්නේ ඔය copy කතාව, මචන් ශ්‍රී ලංකාවේ සංගීත ඉතිහාසයේ බිහිවුණු සියලුම අද්විතීය ඝණයේ කලාකරුවන් මුලින්ම හෝ අවසන් කාලය දක්වා කලේ ඔය කොපි කිරීමයි, එහි අමතක නොවෙන පුද්ගලයා H.R. ජෝතිපාල මහතා. නමුත් ඔහු ඒ ගැයූ ගීත කොහෙන් ආව, කවුරු කියපු ගීත උනත් වැඩක් නැත. අපට අදාළ වන්නේ ජෝතිගේ ඒ අමරණීය හඬ පමණයි.ඒ නිසා කසුන් කල්හාර කියන සංගීතවේදියා කුමක් කලත් අපට වටින්නේ ඔහුගෙන් අපට ලැබෙන අවසන් ප්‍රතිපලය පමණක් මිසක් එහි වගතුග, උපන්ගෙය පිළිබඳව නොවෙයි.ඒ නිසා කසුන් කල්හාර කියන්නේ තවත් විශේෂ කෞෂල්‍යන් සහිත පුද්ගලයෙක්. එය පිළිගන්න.

    තවත් අය කසුන්, ඉරාජ්, රනිදු,ගයාන් (daddy), ලහිරු පෙරේරා ඔය ඔක්කොම එකම ගොඩකට දාල කතා කළා.අන්න ඒ කතාවට මම එකඟයි.

    මොකද ඒ එක එක්කෙනා තම තමන්ගේ කැමැත්ත පරිදි එක එක ශෛලීන් වලට ගීත නිර්මාණය කළා. එම එක එක ශෛලීන් වලට කැමති කැමති අය ඒවා රස වින්දා. නමුත් අපිට කියන්න බැහැ එක්කෙනෙක් අද්විතීයයි අනෙක පහලයි කියලා. මොකද ඒ සංගීතයට ආස කරන රසිකයාට ඒ සංගීතඥයා අද්විතීයයි. නමුත් සංගීතය කියන දේ විශ්ව භාෂාවක් එයට අවමන් වන පරිදි කටයුතු කරන තැනැත්තෙක් කවදාවත්ම සංගීතඥයෙක් නෙවෙයි.අන්න ඒ දේ හොඳට මතක තබා ගත යුතුයි.

    මට මතක වෙනවා " ලහිරු පෙරේරා " කියපු කතාවක්. ඔහු ඔහුගේ ශෛලිය ගැන ඇසු වෙලාවේ කිව්වේ " මට විකාර සින්දු, එහෙම නැත්නම් එක එක වචන දාල කියන පිස්සු සින්දු ලස්සනට කියන්න පුළුවන් ඉතින් එක තමයි මගේ ශෛලිය හැබැයි මම එක මාකට් කරන්නේ ඉහල මිලකට " කියල. ඔහුගේ ඒ කතාව හරියටම හරි. කොටින්ම කිව්වොත් මමත් කැමති ලහිරු කියන විකාර සින්දු වලට, ඒ වගේමයි daddy ලගේ සින්දු වලට.

    ඉතින් මට මේ ත්‍රෙඩ් එකෙන් තේරෙන එක දෙයක් තියෙනවා, කසුන් කියන පුද්ගලයාට අකමැති හෝ ඔහුගේ ශෛලියට අකමැති හෝ ඔහුගේ මවගෙන් සහ පියාගෙන් ඔහුට ලැබුණ හැකියාවන් සහ ජනප්‍රියත්වයට අකමැති කිහිප දෙනෙක්, අර එක්කෙනෙක් කිව්වා වගේ කසුන් ගැන වැරදි කියා කියා ඒවා මඩේ දදා හෝදනවා.

    යමෙකුගේ ක්ෂේත්‍රයක් පිළිබඳව විවේචනය කරන්න ඕන නම් කරුණාකරලා ඒ විෂය ප්‍රගුණ කරලා එහි අග මුල හොඳට දැනගෙන ඒ පිළිබඳව විවේචනය කරන්න. එහෙන් මෙහෙන් කරුණු කීපයක් දැනගෙන ඒවා ආයුධ කරගෙන මිනිස්සුන්ට බනින එක තමන්ගේ දුර්වලකම කියාපෑමක්.ඒ නිසා අපි සින්දුවක් ලස්සනයි හොඳයි කියන්න පුළුවන් තරමට එය රසවිඳිනවා හැර එහි පරතෙරට විවේචනය කරනවා නම් ඒ පිළිබඳව මනාව දැනගත යුතු වෙනවා. එමෙන්ම එය රසවිඳින්නට අකමැති නම් එයට විවේචන එල්ල කිරීම අනවශ්‍ය දෙයකි. මන්ද එය ඔබ පාට කණ්නාඩි දමා ලොව දෙස බැලීමක් පමණකි.
     
    • Like
    Reactions: Supun.

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    තර්කයක් ඉදිරිපත් කරනකොට ස්ථාවරව ඒ තර්කයේ රැදිලා ඉන්න පුරුදු වෙන්න සහෝදරයා.. ඔබතුමා මුලින් කියනවා "ඒකම තමයි මමත් කිව්වේ කියල" ආයෙත් කියනවා ඒ උනාට එහෙම නෑ කියල.. :confused::confused: මම පැහැදිලිවම පිලිගන්නවා තවත් එහෙම ගායකයෝ ඉන්න බව.. මම කලිනුත් පැහැදිලිව කිව්වා වගේ කසුන් කියන්නේ ලංකාවට ඉන්න එකම අද්විතීය අසමසම ගායකයා නෙමෙයි.. උදාහරණයක් විදිහට ඔබතුමාම කියපු නදීක ගුරුගේ, ඉන්ද්‍රචාපා වගේ කසුන්ගේ සමකාලීනයෝ ඉදිරිපත් කරන්න පුළුවන්.. උනුත් පොරවල් තමයි.. ඔය copy paste කතාව ඉස්සරහට එන්නේ ඔබතුමාගේ රසවින්දන මට්ටමත් එක්ක කියන එක තමයි මට මෙතනදී තේරිච්ච ප්‍රධානම දේ.. මල් මිටක්, සඳ මිතුරි වලට වඩා මතක හිටින වටිනා සින්දු කසුන් කරලා තියෙනවා.. ඇත්තටම නොදන්නා නිසයි අහන්නේ.. කසුන්ගේ අහන්න පුළුවන් හැම සින්දුවක්ම copy එකක් කියනවනම් ඇරඹුමම කදුලක් වෙලා, කවුළු පියන්පත්, මීදුම් දුමාරයේ වගේ සින්දු කොහෙන් copy කරපුවද? මගේ රසවින්දන මට්ටම අනුවනම් ඒවත් අහන්න පුළුවන් සින්දු.

    Thankyou for reply .මම කියපු දේ අයෙත් ටිකක් හොදට කියවන්න ..අද්විතීය අසමසම යුගයේ විශිෂ්ටතම සිරාම පොර (තව තියනවා)මගේ වචන නෙවෙයි ඔබතුමන්ලාගේ ...ඒ වචන වලින්ම තමයි මමත් පැහැදිලි කරේ ..එතකොට ඔබතුමාගේ පටලැවිල්ල ලිහෙයි මගේ හිතේ...අනිත් එක මම ඔයාව ඉලක්ක කරගෙන නෙවෙයි post දැම්මේ..කාලයක් තිස්සේ ගොඩක් අය අද්විතීය අසමසම යුගයේ විශිෂ්ටතම සිරාම පොර එකම පොර කසුන් කිඉයන දේ හැමතැනකම කියනවා මම දැකල තියනවා ..එක අනිත් artists ලට කරන අසාධාරණයක් ..ඔබ තුමා එහෙම කෙනෙක් නෙවයි දැන් බලනකොට ...ඉන්ද්‍රචාප නදීක ගැන කියනකොට ඔබ තුමන්ලා ටිකක් බය උනා ...තව ගොඩක් වැඩකාරයෝ ඉන්නවා ..කව්ද කිව්වේ කසුන්ගේ සින්දු අහන්න බෑ කියල ..අපි අනිත් අයගෙත් සින්දු අහනවා නේද ...එකම ගායකයාගේ පට්ටම සින්දුත් තියනවා චෝර සින්දුත් තියනවා ..කසුන්ටත් ඒ දේ පොදුයි ...අද්විතීය අසමසම යුගයේ විශිෂ්ටතම සිරාම පොර කියන වචන දානකොට ටිකක් පරිස්සම් වෙන්න ...අද්විතීය අසමසම යුගයේ විශිෂ්ටතම සිරාම පොර කියනකොට චොර වැඩ තියෙන්න බෑනේ...ඒ වචන වලටත් කරන අගව්රවයක් ..ඒ නිසා කසුන්ට නදීකට ඉන්ද්‍රචපට හරි තවත් කාට හරි අද්විතීය අසමසම යුගයේ විශිෂ්ටතම සිරාම පොර (තව තියනවා) lebal එක ගහන්න ඔච්චර ඉක්මන් වෙන්න එපා ..ඔයා ඔය දාල තියන කසුන්ගේ සින්දු set එක වගේ සින්දු තවත් ඕනෑතරම් ගයකයන්ගේත් තියනවා..විශේෂ දෙයක් නෙවෙයි එක..මම හැමතැනම කිව්වනේ කසුන් කියන්නේ කලාකාරයෙක් ..ආය ආය කියන්න බෑ බන් ..මම කියන්න අදහස් කරපු දේ ඇත්තක් නැත්තේම නෑ ...:rofl::rofl:...



    ඔබට යමක් තේරුම් කර දිම ඉතාම අසීරු කාර්‍යයක් බව පේනවා...
    කොහොම උනත් මම එක ශෛලියකට සීමා අන කෙනෙක් නෙමෙයි..
    බහුතරයක් genres මම රසවිදිනවා...
    Voice ගැන කථා කරන්න කලින් තව ටිකක් ඒ විශය ගැන අධ්‍යනය කරලා ඉන්න..

    පුලුවන්නම් කැමතිනම් ආය කියවල හරි මම කලින් කියපු දේවල් සහ සාරාංශය තේරුම් ගන්න බලන්න ..කසුන් කල්හාර ගැන මම කියන දේ නිවැරදිව තේරුම් ගන්න බලන්න ...මම නිකරුනේ කාටවත් මොනවත් කියන්නේ නෑ ....තමන් කැමති පලියට කැමති කැමති අය අද්විතීය අසමසම යුගයේ විශිෂ්ටතම සිරාම පොර වල වෙනවද කියල තමන්ම තේරුම් කර ගන්න ...කසුන්ගේ සින්දු අහන්න රසවිදීන්න ...පොරවල් කරන්න කලින් ටිකක් හිතන්න....
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83

    උබට වැඩේ මට්ටු උනා වගේ... මට නම් ඔය නම දැක්ක ගමන් මතක් උනා... නොකිය ඉන්න හිතුවට උබ කියපු නිසා දාන්නෙ...

    මේ වීඩියෝ දෙකේ කොමෙන්ට් ටික බලපං...


    http://www.youtube.com/watch?v=PE0jILvpEFw
    http://www.youtube.com/watch?v=uAivn5Diu54

    සතා මොකාද කියල අදුන ගන්න පුලුවන්...

    ඕක අපිට කතා කරල විසදන්න පුලුවන් ප්‍රහ්නයක් නෙවෙයි...

    පිනිමුවා කියල නම තියනවනම් ඒ මම තමයි ...සතා මොකද කියල අදුන ගන්න youtube යන්න ඕනි නෑ මචං ...මේ thread එකේ මගේ post ටික බලපන් ..එතන එකයි මෙතන එකයි මම කියන්නේ නෑ ..:D.