කහවත්ත නොසන්සුන්
කහවත්ත නොසන්සුන්-සභාපතිගේ නිවස ඇතුළු නිවාස 3 ට ගිනි
රත්නපුර-කහවත්ත ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
මේවන විට කෝපයට පත් ප්‍රදේශවාසී ජනයා කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස ඇතුළු නිවාස 3 ට ගිනිතබා ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.
එසේම ජනතාව මේවන විට නගරයේ තැනින් තැන ටයර් පුළුස්සමින්,සටන් පාඨ කියමින් කහවත්ත ද්විත්ව පුද්ගල ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් විරෝධය පළකරන බව වාර්තා වේ.
මේ පිළිබඳ අද දෙරණ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියේ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් පිටත්කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් පැය 48 ක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බවත්,මේ මොහොතේ ප්රචණ්ඩ ක්‍රියා සිදුනොකොට පරීක්ෂණ කටයුතු සඳහා සහයදෙන ලෙස හෙතෙම මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.