කහවත්ත නොසන්සුන්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කහවත්ත නොසන්සුන්

    2076084796fire2.jpg


    කහවත්ත නොසන්සුන්-සභාපතිගේ නිවස ඇතුළු නිවාස 3 ට ගිනි



    රත්නපුර-කහවත්ත ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    මේවන විට කෝපයට පත් ප්‍රදේශවාසී ජනයා කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස ඇතුළු නිවාස 3 ට ගිනිතබා ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

    එසේම ජනතාව මේවන විට නගරයේ තැනින් තැන ටයර් පුළුස්සමින්,සටන් පාඨ කියමින් කහවත්ත ද්විත්ව පුද්ගල ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් විරෝධය පළකරන බව වාර්තා වේ.

    මේ පිළිබඳ අද දෙරණ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියේ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් පිටත්කර ඇති බවයි.

    සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් පැය 48 ක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බවත්,මේ මොහොතේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුනොකොට පරීක්ෂණ කටයුතු සඳහා සහයදෙන ලෙස හෙතෙම මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    කහවත්ත උණුසුම් වේ. ද්විත්ව ඝාතනයේ සැකකරුවන් පැය 72 කින්.


    රත්නපුර කහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේ අද (07) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ පසුගියදා එහි සිදුවූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන්. ප‍්‍රකෝප වී සිටි ජනතාව ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය දේශපාලනඥයෙකුට අයිති යැයි කියන නිවාස 3 කට ගිනි තබා තිබෙනවා.

    අනතුරුව පොලීසිය තත්ත්වය පාලනය කළා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ ඝාතනයේ සැකකරුවන් පිළිබඳව ඉදිරි පැය 72 තුළ රටට තොරතුරු හෙලි කරන බවයි.


    එම නිසා ගිනි තැබීම් ආදිය සිදුකරමින් සාක්ෂි විනාශ නොකරන ලෙස ජනතාවගෙන් ඔහු ඉල්ලීමක්ද කළා.


    Code:
    http://hirunews.lk/sinhala/29313
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කහවත්තේ නිවාස 4කට ගිනි

    ZGSvZwN5.JPG


    කහවත්ත ප්‍රදේශයේ අද පස්වරුවේ නොසන්සුන් තත්ත්වයක් හට ගත්තේය.ඒ පසුගියදා කහවත්තේදි සිදුවූ ද්විත්ත ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිමට පුද්ගලයින් කිහිපදෙනෙකු පොලිස්භාරයට ගැනීමෙන් අනතුරුවය.

    සිද්ධිය සැලවිමෙන් අනතුරුව කුපිත වූ ප්‍රදේශවාසින් පිරිසක් ප්‍රශ්න කිරිමට රැගෙන ගිය පුද්ගලයෙකුගේ නිවසක් ඇතුළු නිවාස 4 කට ගිනි තබා ඇති බව පොලිස්පති එන්.කේ ඉලංගකෝන් පවසයි.මේ අතර පිරිසක් කහවත්ත නගරයේ ටයර් පුළුස්සා විරෝධතාවක ද නිරතවිය.මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති බව පොලිස්පතිවරයා සදහන් කළේය




     
    තව දවසකින් දෙකකින් සේරම එළිවෙයි
    එත් ඒ අහිංසක මුනිස්සු දෙන්න වත්තේ පල්ලෙහට ගිහින් සිය දිවි හානි කරගත්ත කියල උනත් කියන්න බැරි කමක් නැහැ
    එහෙමට රටක්නේ මේක :lol: