කළක් අපව ජීවත් කළ සෝදුරු ඒ සිහිනය..

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඊට පස්සේ කෙල්ලෝ කිහිප දෙනෙක් එක්ක යාලු වෙලා හිටියා. උන්ව මතකයක් නෑ ලොකුවට ඒ උනාට නොලැබුනු ප්‍රථම ඒකපාර්ශ්චවික ප්‍රේමය අමතක කරන්න බෑ බං.

    ඒක තමයි මචං ප්‍රතම ප්‍රේමයේ තියන විශේෂත්වය.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    N♥K_forever;18910161 said:
    kawiye thiyena kaalaye warthamanaye mama inne
    (Im 19 for next jan )

    I wish I could live in a island without nobody there ! :yes:

    තාම පොඩීයිනේ. එහෙනම් හොදට හිතලා වැඩ කරන්න.
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    තව කුමකටද දුක් ගී කල්පනාවන්......!!!



    31941-love-dream.jpg


    මටම මා රැවටෙනා සිහිනෙට......

    සැබෑ ජීවිතයට වඩා ඒ සිහිනය සොදුරු වූවා නොවේද. කොතරම් පිරිසක් ඒ දැකපු සොදුරු සිහිනය සැබෑ කර ගන්නට ගොසින් ඒ සිහිනය පවා නැති කරගත්තා නොවේද. ඒ වගේම තමන් දැකපු ඒ හීනයට හීනයක් විදිහටම තිබෙන්න ඉඩ ඇරපු කොතරම් පිරිසක් අපි අතර ඇතිද :love:

    [FONT=&quot]අපිට අපිගැන මතක්කරල දුන්නට අපේ TOM කොල්ලට බොහොම ස්තුතිවන්ත වෙනවා !!:yes:[/FONT]


    [FONT=&quot]මම 80’ ඉපදුන අයෙක් නිසා, බොරුවට ඉලෙක්ට්‍රොනික් නොවුණු නවයොවුන් වියක් තිබුන නිසාත් දැනියයුතු කාලයේ ආදරයේ සුවද හොදින් දැනුනු නිසාත් මෙවැනි සටහනකින් පවා නැවතත් ඒ සොදුරු සිහිනයේ දැහැන් ගතවෙන්න හැකියාව පවතිනවා. :love: අතීත ආවර්ජනයක යෙදෙනවිට, කවදාවත් එම කාලය මාහට යලි නොයෙන බව පසක්වුනද මනසින්හෝ ඒ සිහිනයන් තුල කිමිදීමේ බොළද ආසාවකින් මා හැමතිස්සෙම පෙලනවා...
    [/FONT]



    [FONT=&quot]අද අවු.35 වූ මිනිසෙක් ලෙස පල නොදැරූ මගේ අතීත ආදර සිහිනයන් ආවර්ජනය කිරීමේදී මට පසක්වන්නේ බලාපොරොත්තු කඩවීමම ආදරය තවත් ආදරණිය කරනා බවකි. මක්නිසාදයත් බොහෝවිට බලාපොරොත්තු ඉටුවීම සිහිනය මියයාමට සලස්වා කටුක යථාර්තයට අප තල්ලුකරනා බැවින් විරහව උරුමකර දෙන්නාවූ සදාකාලික අදර සිහිනයට මම අසීමිතව පෙම් බදිමි! :love:
    [/FONT]


    [FONT=&quot]හමුවූවේ වෙන්වන්නද හද සුසුම් නැගේ[/FONT]
    [FONT=&quot]වෙන්වූවේ හමුවන්නද යළි සසර මගේ[/FONT][FONT=&quot]....[/FONT]


    [FONT=&quot]සසරමගේ යලි හමුවීමට පෙරුම්පුරනා ආත්මය ජිවත්කරවන සිහිනය උරුමකර දුන්නේ විරහවයි. සමහරවිට මෙය සොදුරු වේදනාවක් ලෙස අපේ ජිවිතයේ අවසන් දිනය දක්වාම අප පෙළයි.
    [/FONT]



    [FONT=&quot]90’ දසකයේ අගබාගයේ මා නැරබු [/FONT]The Straight Story[FONT=&quot] නම් වූ සිනමා පටයේ දර්ශනයක් මට මතකයට නැගේ ...දෙමව්පියන්ගෙන් පලායන නවයොවුන් යුවතියකට ගිමන්හලකදී මහලුමිනිසෙකු මුණගැසේ. එහිදී ඔවුන් දෙදෙනා අතර ඇතිවන සංවාදයේදී යුවතිය මහලුමිනිසගෙන් “ මහලුවියේදී දරාගන්නට අපහසුම වේදනාව කුමක්දැයි” අසයි . එයට පිළිතුරු දෙන මහල්ලා පවසන්නේ “මහලුවියේදී දරාගන්නට අපහසුම වේදනාව තරුණවිය නැවත නැවත මතක්වීම” ලෙසයි ...:oo:[/FONT]


    [FONT=&quot]මේ තේමාව ගැන වාක්‍ය, චේද, පරිචේද නෙමේ නවකතා උනත් ලියන්න හැකියාවක්, ලැදියාවක් හා අවශතාවයක් තිබුණත් කාලය විසින් උරුමකරලා දුන්න කාර්යබහුල ජීවිතය සුපුරුදු බාදාකිරිම නොනවත්වන නිසා අකමැත්තෙන් උනත් නවතින්න වෙනවා.... :baffled:
    [/FONT]



    [FONT=&quot]සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම් [/FONT]
    [FONT=&quot]මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම් [/FONT]
    [FONT=&quot]මතකය නුඹට හිරිහැරයක් නොවේ නම් [/FONT]
    [FONT=&quot]තව කුමකටද දුක් ගී කල්පනාවන්......!!!:confused:[/FONT]

    [FONT=&quot]මෑත අනාගතේදී තවත් වටිනා අදහස් ටිකක් කියවන්න ලැබෙවියයි බලාපොරොත්තුවෙනවා [/FONT][FONT=&quot]:D[/FONT]
     
    Last edited:
    • Like
    Reactions: laMir

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    [FONT=&quot]අපිට අපිගැන මතක්කරල දුන්නට අපේ TOM කොල්ලට බොහොම ස්තුතිවන්ත වෙනවා !!:yes:[/FONT]

    .
    .
    .
    .

    [FONT=&quot]මෑත අනාගතේදී තවත් වටිනා අදහස් ටිකක් කියවන්න ලැබෙවියයි බලාපොරොත්තුවෙනවා [/FONT][FONT=&quot]:D[/FONT]

    Thanks මචං.
    ඇත්තටම අසූව දශකයේ ඉපදුන අපි ගත කරපු ලමා කාලය, ඒ නව යොව්න් කාලය ඊට පස්සේ ඉපදුන පරම්පරාවට නොලැබිම අභාග්‍යක්. 60 දශකයේ 70 දශකයේ තිබුන රසබර දේවල් ටිකක් හරි 80 දශකයේ ඉපදුන අයට ඉතිරි වුනා. ඒත් ඊට පස්සේ සීග්‍ර ඩිජිටල් කරනය නිසා මිනිස් මනස පෝෂණය වෙන්න ඕනේ ගොඩක් දේවල් සමාජයෙන් වියැකිලා ගියා.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සොදුරු සිතුවම් - කුරුළු ගී වැල්
    සුවඳ මල් රොන් - සිහිල් නලරැල්
    එක මිටින් ගෙනැවී...
    ඔබේ හි‍‍‍තේ ඉහිරමි...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම මගෙ යෞවනයේ දී බොහෝ ගැටලු වලට මුහුණ දීමි. සමහර ඒවා ප්‍රේමය හා සම්බන්ධ වූ දේශපාලනමය ගැටලුය.
    මාගේ යේවනය අහවර වී තරුණ වයසේ දී මම මගේ මුළු ජීවිතය ම අනතුරේ හෙලා සිටියෙමි....
    ඒවා ඕනා නැත.....



    තව ලිව්වොත් හොදය!
    ආ ඔයාට එහෙම එකක් තිබ්බද :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සොදුරු සිතුවම් - කුරුළු ගී වැල්
    සුවඳ මල් රොන් - සිහිල් නලරැල්
    එක මිටින් ගෙනැවී...
    ඔබේ හි‍‍‍තේ ඉහිරමි...

    H අකුරයි බොනට් එකයි හරි අවදානම්
    508513d1298807987-decorating-my-car-marriage-function-img_6174.jpg
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    පිවිතුරුය පලමු පෙම ...
    බිහිසුණුය බිදිනු දින
    ලෙන්ගතුය සුවද ඔබ සුදුහාමිනේ
    තනිකඩය තවම මම ...