අඩෝ කාලෙකට පස්සේ කියවපු පට්ටම ට්‍රිප් ත්‍රෙඩ් එකක්. උබල 4 දෙනා එක්ක ට්‍රිප ගියා වගේ නිකම්. පලවෙනි ෆොටෝ දෙක තුන දකිනකොටම මට හිතාගන්න පුළුවන් ට්‍රිප් එකේ උබල ගත්ත ත්‍රිල් එක. මම නම් බන් ඔහොම ගමනක් යන්න කලින් අනිවරෙන් ක්ලයිමෙට් එක ගැන හොයනවා. යන රූට් එක ගැන හොදට හොයල ඒක ගැන යන සෙට් එකේ එවුන්ට කියනවා, මොකෝ මට අමතක උනත් තව එකෙක්ට හරි ඕක ඔලුවේ තියනවා. මම ගියපු පලවෙනි හයික් එකේදී කෙල උනාට පස්සේ ඒ වෙච්ච වැරදි අඩුපාඩු ආපහු නම් කලේ නැහැ. අතරමන් උන වෙලාවට හොදම දේ කලබල නොවී ඉන්න එක සහ කෝඩු කාරයෝ ටික බය වෙන්න නොදී කොන්ෆිඩන්ස් එක්ක තියන එක. වහින කාලේ කුඩල්ලෝ පායන කාලේ ඉන්නේ මැක්කෝ. මගේ කකුලේ ඇගිලි දෙකක් කුණු වෙන්න ගියා. උණ අරගෙන ලේ විසවෙලා දවස් 4 විතර ගෙදරත් හිටිය. තනියම උබ දවස් පහක් නකල්ස් වල ඇවිද්ද කියන්නේ බන් උබ පට්ටම පොරක්. හැබැයි රිස්ක් එක නම් උපරිමයි, මොකෝ කරදරයක් උනොත් උබට කිසිකෙනෙක් නැහැ. යහන්ගලයි මීමුරේට කැලෙන් බහින්නයි ආසාවක් තියනවා, ට්‍රයි එකක් දෙනවා මේ අවුරුද්දේ.