කළු කුහර-Black Holes

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මේක ඇත්තටම වැකුම් Cleaner එකක් වගේ.අසීමිත,ඉතාමත් අධික ගුරුත්වාකර්ෂනයක් තියනවා.ඒ කියන්නේ ඔය කළු කුහරය ළඟින් යන ඕනෑම පදාර්ථයක් ඒක ඇතුලට ඇදල ගන්නවා.ආය එළියට ඒම නම් බොරු.ඔය ග්‍රහලෝකයක්,තරුවක්,වල්ගා තරුවක්,දූවිලි වලා එහෙම ඔය කළු කුහරයකට ඇදල ගන්න එක එච්චර අමාරු වැඩක් නෙවෙයි.ඒ කියන්නේ පෘථිවිය ඇතුලු සෞරග්‍රහ මණ්ඩලයම ඔය කළු කුහරයක් ඇතුලට යන්න එච්චර වෙලා යන්නේ නෑ.

    Black+holes.jpg


    ඔය කළු කුහර අපේ පියවි ඇහැට නම් පේන්නේ නෑ.මොකද දන්නවද ඕකේ තියන ගුරුත්වාකර්ෂණය ආලෝකයත් ඇදල ගන්නවා.මේකට ඇදලගන්න පදාර්ථ වල ස්කන්ධය හැකිලෙනවා.ඝනත්වය වේගයෙන් වැඩි වෙමින් සදහටම නොපෙනී යනවා.කළු කුහරවල තියන ගුරුත්වාකර්ෂනය කොච්චරද කියනවනම්​
    ඒකෙන් කාලය හා අවකාශයට බලපෑම් එල්ල කරන්න පුළුවන්.ඒ කියන්නේ කාලයේ වේගය අඩු වෙනවා,අවකාශය පුළුල් කරනවා.ඒක හින්දා කළු කුහර කියන්නේ අපේ මේ සුවිසල් විශ්වයේ සුවිසල් පුදුමයක්.
    black_hole.jpg


    විශ්වයේ හමුවන අති ප්‍රබල ගුරුත්වයකින් යුත්,තමන්ට හමුවන සියල්ල ශුන්‍ය කරන මේ කළු කුහර වලට ඔය Black Holes කියන නම දැම්මේ ජෝන් වීලර් කියන ඇමරිකානු භෞතික විද්‍යාඥයායි.කලින් මේවා හැඳින්වූයේ මිදුනු තරු(Frozen Stars),අඳුරු තැන්(Dark Places) එහෙම කියල.මේ නම් වලට වඩා මේ කළු කුහර(Black Holes) කියන නම ආකර්ෂනීය හින්දා මේ නම් වැඩි වැඩියෙන් පාවිච්චියට ගත්තා.කළු කුහර පේන්නේ නැතිනම් කොහොමද ඒවා තියනව කියල දැනගත්තේ?මේක තවම භෞතික විද්‍යාඥයන්ගේ අදහසක් විතරයි.කොහොම හරි තරුවක් එහෙම ඔය කළු කුහරයකට අහුවෙනවා දැකගන්න අපිට පුළුවන් උනොත් අපිට කළු කුහර ගැන අදහස ස්ථිර කරගන්න පුළුවන්.​
    falling_into_a_black_hole.jpeg

    කළු කුහර හැදෙන්නේ මෙහෙමයි.ඔය තරුවල ප්‍රමාණය එක විදිහට තියෙන්නේ ඒ තරු වල තියන ශක්තීන් වල තියන සමතුලිතතාවය තියනකම් විතරයි.තරුවක් තුලින් පිටවන අධික තාපය නිසා තරුව ප්‍රසාරණය වෙනවා.ඒ වගේම ඒ තරුවේ ගුරුත්වාකෂනය නිසා ඇතුලටත් ඇදීමක් සිදුවෙනවා.මේක හැමදාම එක විදිහට තියෙන්නේ නෑ.කවදහරි තරුවේ ශක්තිය නැති උන දවසට තරුව ඇතුලට කඩා වැටෙනවා.ඒ කියන්නේ හැකිලෙනවා.ඔය වගේ තරු තමා අන්තිමට කළු කුහර වෙන්නේ.අපේ සූර්යයා වගේ 3.2 ගුණයක් ලොකු තරුවක් ඔය වගේ විනාශ වෙන එක නොවැලැක්විය හැකි බවයි පවසන්නේ.
    starlife.jpg

    විද්‍යාඥයන්ගේ විශ්වාසයට අනුව අප අයත් මන්දාකිණිය වූ ක්ෂීර පථය තුළ පමණක් මෙසේ විනාශ වූ තරුවලින් සෑදුණු කළු කුහර මිලියන 100කට වැඩිය තිබිය හැකි බවයි. 1990 දී නිව් මෙක්සිකෝවේ පිහිටුවා ඇති දැවැන්ත ගුවන්විදුලි දුරේක්ෂකයක් මගින් සොයා ගනු ලැබුවා මේ ක්ෂීර පථය මැද අඛණ්ඩව සිදුවන අති විශාල පිපිරීම් ඇති බව. ඒ පිළිබිඹු අනුව ක්ෂීර පථය මැද අපේ සූර්යයා මෙන් මිලියන හතර ගුණයක් විශාල ස්කන්ධයක් ඇති කළු කුහරයක් තිබිය හැකි යැයි විද්‍යාඥයන් විශ්වාස කරනවා. 1992 දී හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා, අපේ ක්ෂීරපථය අසල පිහිටි වෙනත් මන්දාකිණියක අපේ හිරු මෙන් මිලියන තුන් ගුණයක් විශාල කළු කුහරයක් ඇති බවට සලකුණු.​

    මොනව උනත් දැනට හරියටම හඳුනා ගෙන ඇති විශාලම කළු කුහරය තියෙන්නේ අපේ අසල්වැසි මෙසියර් 33 මන්දාකිණියෙ.ඒ කළු කුහරය අපේ සූර්යයා වගේ 15.65 ගුණයක් විතර ස්කන්ධයක් තියෙයි කියල සැළකෙනවා.ඒ කළු කුහරය වටා අපේ සූර්යයා වගේ 70 ගුණයක විතර ස්කන්ධයක් තියන තරුවකුත් භ්‍රමණය වෙනවා.මේව හොයාගෙන තියෙන්නේ කැලිෆෝනියාවේ සැන්දියේගෝ සරසවියේ ජෙරොමි ඔරෝස් ප‍්‍රමුඛ කණ්ඩායමක් විසිනි.



    මම මේ කරුනු ටික අහුල ගත්තේ -http://www.pasinduzone.info


     

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    දෙවියොන්ගේ වැඩත් අන්තිමයි. ඇපල් කන්න පුළුවන් විදියට දෙන්නෙක්ව හදල ඇපල් කාපු එක වරදක් කියනවා. ලෝකය මවලා බ්ලැක් හෝල්, කාන්තාර, වගේ මිනිසාට අහිතකර අනවශ්‍ය විකාරත් මවලා.. පිස්සු...
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    ela ela +++



    maxxxaaa thread eka machn godak watina waaaaa........

    දඩබ්බරයා;14931413 said:
    thanx bump

    Balagena mahindage podi baby ubawa ussaida danne na parissamen hitapan, Rep ++++ machan :P



    bump
    rep+++

    Thanks machnla
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    :D
    දෙවියොන්ගේ වැඩත් අන්තිමයි. ඇපල් කන්න පුළුවන් විදියට දෙන්නෙක්ව හදල ඇපල් කාපු එක වරදක් කියනවා. ලෝකය මවලා බ්ලැක් හෝල්, කාන්තාර, වගේ මිනිසාට අහිතකර අනවශ්‍ය විකාරත් මවලා..

    පිස්සු...
    :D