ක්රීඩකයන් ගන්න සල්ලි ගැන බෝඩ් එකේ හුඟක් ප්රශ්න තියෙනවා.ක්රීඩා ඇමතිතුමත් කියලා තියෙනවා ක්රීඩකයො දෙන්නෙක් තමයි මේ ප්රශ්න ඇති කරන්නේ කියලා.මේ වගේ ලොකු මුදලක් ගෙවන්න බෝඩ් එකේ එකවුන්ට් වල සල්ලි නෑ කියලා.ඩොලර් මිලියන 100ක් බෝඩ් එක බැංකු වලට සහ පිටරට ආයතන වලට ණය වෙලා ඉන්නේ.ක්රීඩා ඇමතිතුමා මේ ගැන ක්රීඩකයන් අතර යම් මත බේදයක් සහ ආරවුලක් තියෙනවා.මේ ගාන දරන්න බෑ කියලා මෙයාලට දැනුම් දීලා තියෙනවා.ක්රීඩ ඇමති අනිවාර්යෙන්ම රජය වෙනුවෙන් ෆෛනල් මැච් එක බලන්න යනවා ක්රීඩකයන් ධෛර්යමත් කරන්න සහ සම්ප්රදායක් වශයෙන්. නමුත් මේ පාර ක්රීඩා ඇමති ගියෙත් නෑ.කිසිම වැදගත් ඇමති කෙනෙක් ගියෙත් නෑ. අනිත් ඒක මේ ඩොලර් මිලියන දෙක දෙනවා කියලා කටින් කියලා තියෙනවා මිසක් ලිඛිත පොරොන්දුවක් දීලා නෑ.මේකෙන්ම පේනවා යම් අර්බුදයක් මේ මුදල ගැන අනාගතයේ ඇතිවෙන්න පුලුවන් විතරක් නෙවෙයි 2015 ලෝක කුසලානයට මේක බලපාන්න පුලුවන්.මහේල සහ සංගා වර්ල්ඩ් කප් එක ලංවෙලා ටීම් එකෙන් සල්ලි අර්බුදයක් නිසා ගියොත් ඒක ප්රශ්නයක්.ඒක නිසා ඒ දෙන්නට දැන්ම අයින් වෙන්න කියලා නිශාන්ත රනතුංග දන්නලා තියෙනවා.

champios la une na kiyala cricket kada watila kiyanawa nam ube mole check karanna ona.. 
