ක්‍රිකට් ක්‍රීඩාංගන

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    35. ගඩාෆි ක්‍රීඩාංගනය (Gaddafi Stadium)

    හැමෝම හොඳට දන්න කියන ක්‍රිකට් ක්‍රීඩාංගනයක්. අපේ ශ්‍රී ලංකා පිල 1996 ලෝක කුසලානය දිනගත්තේද 2009 දී ශ්‍රී ලංකා පිලට ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල උනේද මේ ක්‍රීඩාංගනයෙදී.

    Gaddafi_Stadium.png


    1956 දී පකිස්ථානයේ ලාහෝර් නුවර ඉදි කෙරුණු මේ පිටියට නම තැබුවේ ලිබියානු නායක කර්නල් මුහමර් ගඩාෆි පකිස්ථානයේ ලාහෝර් හි පැවති ඉස්ලාමිය සාකච්චා වටයකට පැමිණ පකිස්ථානය න්‍යෂ්ටික අවි පිළිබඳව අත්හදා බැලීමට පකිස්ථානය කටයුතු කර යුතු බවට කල ප්‍රකාශයට උපහාරයක් ලෙසයි. පකිස්ථාන ක්‍රිකට් මහා පුටුවද පිහිටන්නේ මේ ක්‍රීඩාංගනයෙමයි (PCB). පිටියේ අන්ත වන්නේ පැවිලියන් අන්තය හා කොලේජ් අන්තයයි. ප්‍රේක්ෂකයන් 60,000 ඉඩ කඩ ඇති මෙහි 96 ලෝක කුසලාන අවසාන තරඟයේදී ප්‍රේක්ෂකයන් 60,000 ඉක්මවා ගිය මොහොතක් වුනා.

    1996_Cricket_World_Cup.jpg

    1996 ලෝක කුසලානය

    sri-lankan-cricket-team-attack.jpg

    2009 දී ශ්‍රී ලංකා පිලට ත්‍රස්තවාදී ප්‍රහාරය

     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    36. විධර්භා ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනය (Vidarbha Cricket Association Grounds)

    800px-VCA_India_v_England_2006.jpg


    ඉන්දියාවේ මහාරාශ්ට්‍රා ප්‍රාන්තයේ කාන්පූර් හි පිහිටි මේ පිටියේ ප්‍රථම තරඟය ඉන්දියාව හා නවසීලන්තය අතර 1965 ඔක්තෝම්බර් 3 වන දින පැවැත්වුන. මෙහි අන්ත වන්නේ ජෛකා අන්තය හා චර්ච් අන්තයයි. ප්‍රේක්ෂකයන් 40,000 කට ඉඩ කඩ ඇති මෙහි ආලෝක කුළුණු සවිකර නැහැ.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    37. දකුණු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනය (වකා - W.A.C.A Ground)

    ඕස්ට්‍රේලියාවේ, දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් හි පිහිටි මේ පිටිය 1893 ආරම්බ කරන ලද්දක්.

    800px-WACA_north.JPG


    මෙහි අන්ත වන්නේ සාමාජික අන්තය හා ප්‍රින්ඩිවිල් ස්ටෑන්ඩ් අන්තයයි. මෙහි දිග හා පළල මීටර් වලින් 149 හා 139 වනවා. මෙහි ප්‍රථම තරඟය ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර 1970 දෙසැම්බර් 11 වන දින පැවැත්වුනා. ප්‍රේක්ෂකයන් 24,500 කට ඉඩ කඩ ඇති මෙහි ආලෝක කුළුණු සවි කරේ 1986 දීය.


    800px-Lille_Marsh_ZOOMED_OUT_edit.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    38. නියාස් ක්‍රීඩාංගනය (Niyaz Stadium)

    පකිස්ථානයේ හයිදරාබාත් හි පිහිටි මේ පිටිය 1956 පිහිටුවන ලද්දක්.

    31880512.jpg


    ලොව පළමු හැට් ට්‍රික් කඩුළු වාර්තාව හා පකිස්ථාන් ක්‍රිකට් පිල මෙහි පැවති තරඟවලින් පරාජය නොවීමත් මෙහි විශේෂත්වයක්. හයිදරාබාත් ක්‍රිකට් සමාජය යටතේ පාලනය වන මෙහි ප්‍රථම තරඟය පකිස්ථානය හා එංගලන්තය අතර 1973 මාර්තු 16 වන දින පැවැත්වුනා. ප්‍රේක්ෂකයන් 15,000 කට මෙහි ඉඩ කඩ තිබෙනවා.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    39. M.චින්නස්වාමි ක්‍රීඩාංගනය (M.Chinnaswamy Stadium)

    ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝරයේ පිහිටි මේ ක්‍රීඩාංගනය 1969 විවුර්ත කරන ලද්දක්.

    800px-MChinnaswamy-Stadium.jpg


    කර්ණාටක ප්‍රාන්තය යටතේ පාලනය වන මෙය කර්ණාටක ප්‍රාන්ත ක්‍රිකට් සමාජය විසින් මෙහෙයවනු ලබනවා. මෙහි අන්තයන් වන්නේ පැවිලියන් අන්තය හා BEML අන්තයි. මෙහි ප්‍රථම තරඟය 1974 නොවැම්බර් 24 ඉන්දියාව හා එංගලන්තය අතර පැවැත්වුනා. ප්‍රේක්ෂකයන් 40,000 කට ඉඩ කඩ ඇති මෙහි රාත්‍රී තරඟද පැවැත්වෙනවා.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    40. වන්කඩේ ක්‍රීඩාංගනය (Wankhede Stadium)

    ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි මේ පිටිය 1974 දී පිහිටුවන ලද්දක්.

    800px-Wankhede_ICC_WCF.jpg

    ලකුණු පුවරුව බලන්න. ලංකාව 19/1 ;)

    2011 ලෝක කුසලාන අවසාන මහා තරඟය මෙහි පැවැත්වුනා. මුම්බායි ක්‍රිකට් සමාජය විසින් පාලනය වන මෙහි අන්ත වන්නේ ගර්වරේ පැවිලියන් අන්තය හා ටාටා අන්තයි. මෙහි ප්‍රථම තරඟය 1975 ජනවාරි 23 වන දින ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවතුනා. ප්‍රේක්ෂකයන් 45,000 කට ඉඩ කඩ ඇති මෙහි ආලෝක කුළුණු සවිකර තිබෙනවා.
     
    • Like
    Reactions: max_xx

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    41. ඉක්බාල් ක්‍රීඩාංගනය (Iqbal Stadium)

    පකිස්ථානයේ, ෆෛසලාබාද් නුවර පිහිටි මේ ක්‍රීඩාංගනය ෆෛසලාබාද් ක්‍රිකට් සමාජය විසින් පාලනය වෙනවා.

    Faisalabad%20-%20Iqbal%20Stadium%20-%20001.jpg


    මෙහි අන්තයන් වන්නේ පැවිලියන් අන්තය හා ගොල්ෆ් කෝස් අන්තයි. මෙහි ප්‍රථම තරඟය පකිස්ථානය හා ඉන්දියාව අතර 1978 ඔක්තෝම්බර් 16 වන දින පැවැත්වුනා. ප්‍රේක්ෂකයන් 25,000 කට ඉඩ කඩ ඇති මෙහි ආලෝක කුළුණු සවිකෙරුනේ 2006 දී.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    42. මැක්ලීන් පාර්ක් ක්‍රීඩාංගනය (McLean Park)

    නවසීලන්තයේ, නේපියර්, හොක්ස් බේ හි පිහිටි මේ පිටිය 1911 දී පිහිටුවන ලද්දක්.

    2420668947_61c100a78b_b.jpg


    නේපියර් නගර සභාව යටතේ පාලනය වන මෙහි අන්තයන් වන්නේ සෙන්ටෙනියල් ස්ටෑන්ඩ් අන්තය හා එම්බාන්ක්මන්ට් අන්තයයි. මෙහි ප්‍රථම තරඟය නවසීලන්තය හා පකිස්ථානය අතර 1979 පෙබරවාරි 16 වන දින පැවැත්වුනා. ප්‍රේක්ෂකයන් 22,000 ඉඩ කඩ ඇති මෙහි ආලෝක කුලුණුද සවිකර තිබෙනවා. 2015 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියට මේ ක්‍රීඩාංගනය නවීකරණය කෙරෙනවා. මැක්ලීන් පාර්ක් හි තණ තීරුව ටෙස්ට් හා එක් දින තරඟ වලදී පිතිකරුවන්ට ඉතා යෝග්‍ය තණ තීරුවක් ලෙස පිළිගැනෙනවා.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    43. ඉබන් ඒ කාසිම් භාග් ක්‍රීඩාංගනය (Ibn-e-Qasim Bagh Stadium)

    පකිස්ථානයේ මුල්ටාන් නුවර ඇති මේ ක්‍රීඩාංගනය 1975 දී විවුර්ත කරන ලද අතර එක් අන්තර් ජාතික ටෙස්ට් තරඟයක් පමණක් පැවැත්වුනා.

    56561915.jpg


    ඒ පකිස්ථානය හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර 1980 දෙසැම්බර් 30 වන දිනයි. මෙහි ප්‍රේක්ෂකයන් 18,000 කට ඉඩ කඩ තිබෙනවා.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    44. ඇන්ටිගුවා විනෝද ක්‍රීඩාංගනය (Antigua Recreation Ground / The Rec)

    බටහිර ඉන්දීය කොදෙව් දුපත් හි පිහිටි ඇන්ටිගුවා දුපතේ ශාන්ත ජෝන් නගරයේ පිහිටි මේ පිටිය 1978 දී පිහිටුවන ලද්දක්.

    arg-109950.jpg


    මෙහි අන්තයන් වන්නේ පැවිලියන් අන්තය හා කර්මාන්ත හල අන්තයයි. මෙහි ප්‍රථම තරඟය පැවැත්වුනේ 1981 මාර්තු 28 වන දින බටහිර ඉන්දීය කොදෙව් පිල හා එංගලන්තය අතරයි. මෙහි ප්‍රේක්ෂකයන් 12,000 කට ඉඩ කඩ ඇති අතර ආලෝක කුළුණු සවිකර නැහැ.


    800px-Cricket_ground.jpg
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය

    2me4pvp.jpg


    සුබ අනාගතයක් !

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔන්න ලංකාවේ වාරය. ගොඩක් කට්ටිය බලාගෙන හිටියනේ අපේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාංගන ටික බලාගන්න. ඔන්න එහෙනම් දැම්මා.

    45. පාක්‍යසෝති සරවනමුත්තු ක්‍රීඩාංගනය (P.Sara Stadium / P Sara Oval)

    ලංකාවේ පලවන ක්‍රිකට් ක්‍රීඩාංගනය. පිහිටලා තියෙන්නේ කොළඹ, බොරැල්ල ප්‍රදේශයේ.

    2382859730_3a11792d7a_o.jpg


    ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජය විසින් පාලනය වන මෙය පිහිටුවන ලද්දේ 1945 දීය. මෙහි අන්තයන් වන්නේ ගුවන් හමුදා නේවාසිකාගාර අන්තය හා ප්‍රෙස් බොක්ස් අන්තයයි. මෙහි ප්‍රථම තරඟය ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර 1982 පෙබරවාරි 17 වන දිනයි. එම තරඟයෙන් එංගලන්තය කඩුළු 7 ක ජයක් වාර්තා කරා. ප්‍රථම එක දින තරඟය ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර 1983 අප්‍රේල් 13 වන දින පැවැත්වුනා. ඒ තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 2 කින් ජයග්‍රහණය කරා. 1985 ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණයද ලැබුවේ මේ ක්‍රීඩාංගනයේ ඉන්දියාවට එරෙහිවයි. මෙහි විශේෂ ආකර්ෂණය වන්නේ IVY වැවුණු ලකුණු පුවරුවයි.

    468641.jpg


    1948 සුප්‍රකට ඔස්ටේලියානු ක්‍රිකට් පිතිකරුවකු උණු සර් ඩොන් බ්‍රඩ්මන් තම පිල සමග එංගලන්තය වෙත යාමට පෙර මේ ක්‍රීඩාන්ගනයට පැමිණීම විශේෂයක් උනා. ප්‍රේක්ෂකයන් 15,000 කට මෙහි ඉඩකඩ තිබෙනවා.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    46. අස්ගිරිය ක්‍රීඩාංගනය (Asgiriya Stadium)

    ශ්‍රී ලංකාවේ මහනුවර පිහිටි මේ පිටිය ලංකාවේ උසින්ම පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගනය වනවා.

    2105752755d0a82d3e2ao.jpg


    මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට අයත් වන මේ පිටිය 1915 දී ආරම්බ කෙරුණා. එවකට සිටි අතිගරු ගාමිණී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිටියට ටෙස්ට් තරඟ මෙහෙයවීමට හැකි වුනා. මෙහි අන්තයන් වන්නේ හුන්නස්ගිරිය අන්තය හා හන්තාන අන්තයයි. මෙහි ප්‍රථම ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර 1983 අප්‍රේල් 22 වන දින පැවැත්වුනා. මෙහි 1996 ලෝක කුසලාන ශ්‍රී ලංකා කෙන්යා තරඟය පැවැත්වුනා. එහිදී ප්‍රතමයට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 398 වාර්තා කල අතර එවකට තිබුණු එක දින වැඩිම ලකුණු වාර්තාවද වුනා. පල්ලෙකැලේ මුත්තයියා මුරලිදරන් පිටිය පැමිණීමෙන් පසුව මෙහි අන්තර් ජාතික තරඟ සීමා උනා.


    asgiriyakandya.jpg


    asgiriyastadiumground.jpg


    asgiriyastadiumscoreboa.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    47. ඝාන්ධි ක්‍රීඩාංගනය (Gandhi Stadium)

    ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ජලන්ධර් නුවර පිහිටි මේ පිටිය 1955 පිහිටවූවක්.

    800px-Gandhi_stadium.jpg


    මෙහි අන්තයන් වන්නේ පැවිලියන් අන්තය හා ක්‍රීඩාංගන අන්තයි. මෙහි ටෙස්ට් තරඟ 1 ක් හා එක් දින තරඟ 3 ක් පමණක් පැවැත්වුනා. මෙහි ප්‍රථම තරඟය ඉන්දියාව හා පකිස්ථානය අතර 1983 සැප්තැම්බර් 24 වන දින පැවැත්වුනා. මෙහි ප්‍රේක්ෂකයන් 16,000 කට ඉඩ කඩ තිබෙනවා. මොහාලි හි පිහිටි පන්ජාබ් ක්‍රිකට් සමාජ පිටිය ඉදි කිරීමෙන් පසුව මෙහි අන්තර් ජාතික තරඟ සීමා උනා.