ක්‍රිකට් ක්‍රීඩාංගන

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    76. සෙන්වෙස් පාර්ක් (Senwes Park / Sedgars Park)

    දකුණු අප්‍රිකාවේ පොචේෆ්ස්ට්‍රොම් නගරයේ පිහිටි මේ පිටියේ අන්තයන් වන්නේ කාර්ගෝ මෝටර් අන්තය හා විශ්වවිද්‍යාල අන්තයයි.

    SenwesPark-2004-Pavilion-view-G600.jpg


    මෙහි ප්‍රථම එක්දින තරඟය 2000 දී නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවතුනු අතර ප්‍රථම ටෙස්ට් තරඟය 2002 දී බංගලිදේශය හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වුනා. ඒ මේ පිටියේ පවතී එකම ටෙස්ට් තරඟයද වෙනවා. මෙහි ආලෝක කුළුණු සවිකර ඇති අතර දැනට මෙහි කාන්තා ක්‍රිකට් තරඟ පැවැත්වෙනවා.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    77. රිවර් සයිඩ් පිටිය - චෙස්ටර් ලී ස්ට්‍රීට් (Riverside Ground - Chester le Street / Emirates Durham ICG)

    එංගලන්තයේ ඩර්හැම් ප්‍රාන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට් හි පිහිටි මේ පිටිය 1995 දී ආරම්බ කෙරුණා.

    featured-image-durham-ccc-durham-county-cricket-club-durham-riverside-497205650.jpg


    Riverside-ground.jpg


    ඩර්හැම් ප්‍රාන්ත පිලේ ක්‍රිකට් පිටිය වන මෙහි අන්තයන් වන්නේ ෆින්චෙල් අන්තය හා ලුම්ලි අන්තයයි. මෙහි ප්‍රථම එක්දින තරඟය පකිස්ථානය හා ස්කොට්ලන්තය අතර 1999 දී පැවති අතර ප්‍රථම ටෙස්ට් තරඟය එංගලන්තය හා සිම්බාබ්වේ අතර 2003 දී පැවැත්වුනා. ප්‍රාන්ත තරඟ සඳහා ප්‍රේක්ෂකයන් 5000 කට ඉඩ කඩ ඇති අතර අන්තර් ජාතික තරඟ සඳහා ප්‍රේක්ෂකයන් 17,000 කට මෙහි ඉඩ කඩ පවතිනවා. මෙහි ආලෝක කුළුණු සවිකර ඇත්තේ 2008 පසුවයි.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    78. රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය (Rangiri Dambulla International Stadium)

    හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයකු වුනු තිලංග සුමතිපාල මහතාගේ පූර්ණ මැදිහත් වීමෙන් අයිතිහාසික දඹුල්ල රජ මහා විහාරයට අයිති අක්කර 60 ක භූමියක 2000 දී පිහිටුවන ලද්දක්. මෙහි කිසිම ටෙස්ට් තරඟයක් නොපැවති අතර ප්‍රථම එක දින තරඟය ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර 2001 දී පැවැත්වුනා.

    xnc9b6.jpg


    2003 දී ආලෝක කුළුණු සවි කෙරුණා. මෙහි අන්තයන් වන්නේ මාධ්‍ය අන්තය හා ලකුණු පුවරු අන්තයයි. මේ පිටිය නිර්මාණය කිරීමට ප්‍රධාන සාධකය උනේ මේ ප්‍රදේශයේ වියළි කාලගුණයයි. ලංකාවේ අනික් පළාත් වලට වැසි ලැබෙන නිසාත් දඹුල්ලට වැසි ලැබීම අඩු නිසාවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට වැස්ස බාධාවක් නොවන නිසා දඹුල්ලේ මේ පිටිය පිහිටවනු ලැබුවා. මෙහි ප්‍රේක්ෂකයන් 30,000 කට ඉඩ කඩ තිබෙනවා.


    9jip76.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    79. බෙසේජෝඋර් ක්‍රීඩාංගනය (Beausejour Cricket Ground)

    බටහිර ඉන්දීය දුපත් වල සාන්ත ලුසියා හී ග්‍රොස් අයිලට් හී පිහිටි මේ පිටිය 2002 දී ආරම්බ කෙරුණා. ක්‍රීඩාංගනය අවට තිබෙන බෙසේජෝඋර් කඳු පද්දතිය හේතුවෙන් මෙහි නම වැටුණු අතර මෙහි අන්තයන් ලෙස පැවිලියන් අන්තය හා මාධ්‍ය අන්තය වනවා.

    1024px-Beausejour_Stadium_Cricket_St_Lucia.jpg


    මෙහි ප්‍රථම එක් දින තරඟය බටහිර ඉන්දීය කොදෙව් පිල හා නවසීලන්තය අතර 2002 ජූනි 8 වන දින පැවැත්වුන අතර ප්‍රථම ටෙස්ට් තරඟය 2003 ජූනි 20 වන දින බටහිර ඉන්දීය කොදෙව් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වුණා. මෙහි ප්‍රේක්ෂකයන් 20,000 කට ඉඩ කඩ ඇති අතර 2006 සිම්බාබ්වේ පිල අතර පැවති දිවා රාත්‍රී එක් දින තරඟයකින් මෙහි ආලෝක කුළුණු විවුර්ත කෙරුණා. ඒ ආලෝක කුළුණු යොදාගෙන තරඟයක් පැවති ප්‍රථම බටහිර ඉන්දීය කොදෙව් දූපතේ ක්‍රිකට් ක්‍රීඩාංගනය ද වනවා.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    80. ධර්මසල ක්‍රිකට් ක්‍රීඩාංගනය - HPCA Stadium Stadium (Himachal Pradesh Cricket Association Stadium)

    ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්තයේ ධර්මසල නගරයේ පිහිටි මේ පිටිය ඉන්දියාවේ මෙන්ම ලෝකෙම තිබෙන අලංකාර ක්‍රිකට් පිටියක් වෙනවා. මෙය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 4780 උසින් වන අතර දහුල් හාඩර් හිම කඳු පාමුල පිහිටා තිබෙන නිසා මෙය ඉතාම අලංකාර පිටියක් වනවා.

    3623541203_ac0ec42c3e_z.jpg


    මෙය ආරම්බ කෙරුනේ 2003 වර්ෂයේදී. මෙය හිමාචල් ප්‍රාන්ත ක්‍රිකට් සභාවට අයත් වන අතර මෙහි අන්තයන් වන්නේ රිවර් අන්තය හා කොලේජ් අන්තයයි. මෙහි සමාජීය මට්ටමේ තරඟ විතරක් පැවතුන අතර දැනට පවතින IPL තරඟ සඳහා මෙය යොදාගැනෙනවා. කින්ස් පන්ජාබ් පිලේ දෙවන පිටිය වන මෙය දැනට ආලෝක කුළුණු සවිකර ඉදිරියේදී අන්තර් ජාතික තරඟ සඳහා යොදාගැනීමට කටයුතු සූදානම් කරගෙන යනු ලැබේ. මෙහි ප්‍රේක්ෂකයන් 23,000 කට ඉඩ කඩ තිබෙනවා.


    Dharmasala-Stadium.jpg


    4623985746ac1aedd5a2b.jpg


    193378d1253198248-family-holiday-kangra-valley-dsc02092.jpg


    P1000647.JPG


    Dharamshala-Cricket-Ground-in-Himachal-Pradesh-in-Winter.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    81. මරාරා ඕවල් - Marrara Oval

    ඕස්ට්‍රේලියාවේ ඩාර්වින් හි පිහිටි මේ පිටිය ටෙස්ට් තරඟ 2 ක් හා එක්දින තරඟ 4 ක් පමණක් පවත්වනු ලැබුවා. දැනට මෙහෙ අන්තර්ජාතික තරඟ නොපැවෙත්වෙන අතර මෙහි අනිකුත් ක්‍රීඩා සඳහා යොදාගැනෙනවා. මෙහි ප්‍රථම ටෙස්ට් තරඟය ඔස්ට්‍රේලියාව හා බංගලිදේශය අතර 2003 හා ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර 2004 දී පැවැත්වුනා. ප්‍රථම එක් දින තරඟය 2003 දී ඔස්ට්‍රේලියාව හා බංගලිදේශය අතර පැවැත්වුනා. මෙහි ප්‍රේක්ෂකයන් 15,000 කට ඉඩ කඩ තිබෙනවා. මෙහි රාත්‍රී තරඟ සඳහා ආලෝක කුළුණු සවිකර තිබෙනවා.


    2948856-Marrara_Oval_Darwin.jpg


    2948858-Marrara_Oval_Darwin.jpg
     

    Batman32

    Banned
    Feb 18, 2012
    151
    11
    0
    Sirah machan..thanks a lot...
    mage aasama grounds thamai, Adelaide oval,SCG,WACA perth,Lords,Jamaica ,dharmasala...

    kawada hari gihin balana eka thamai dream eka :)
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    The National Cricket Stadium is a cricket ground located in the Tangiers, Morocco.

    038489.jpg

    මොරොක්කෝවේ තියන එකම අන්තර් ඡාතික ක්‍රිඩාංගනය හදලා තියෙන්නේ 2002 වසරේ ධාරිතාව ප්‍රෙක්ෂකයින් 5000 ක්‍රිඩා අන්ත Pavilion End,Cape Spartel End ලෙස හදුන්වනවා පලමු තරගය පැවැත්වුයේ 2002 වසරේ පකිස්තානය සහ දකුණු අප්‍රකාව සමග අවසාන තරගය පැවැත්වුයේ ලංකාව සහ දකුණු අප්‍රකාව අතර තරගාවලියේ ඡයග්‍රහනය කලේ ලංකාව