ක්‍රිකට් පිටිය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ක්‍රිකට් පිටිය

    ලකුණු 8 පහරකට යෝජනාවක්

    sssss(18).jpg

    ඕස්ට්‍රේලියානු පිලේ හිටපු විශිෂ්ටතම පිතිකරුවකු මෙන්ම සුප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයකුද වන ඩීන් ජෝන්ස් මහතා ‘ස්ටාර් ස්පෝර්ට්ස්’හී වැඩ සටහනකට සහභාගී වෙමින් පවසා සිටියේ, මිටර 85 වඩා දුරකට පන්දුව යන පරිදි එල්ල කෙරෙන ලබන පහරක් සඳහා ලකුණු 6ක් නොව ලකුණු 8ක් පිරිනැමිය යුතු බවයි.

    විස්සයි 20 තරග රටාව වර්තමානයේ විප්ලවයකට මුලපුරා ඇති අතර සාම්ප්‍රදායික ටෙස්ට් ක්‍රීඩාවට වඩා විස්සයි 20 තරග සඳහා ප්‍රේක්ෂකයන්ගේ දැඩි ඉල්ලුමක් පවතී.

    ඩීන් ජෝන්ස් මහතා පවසන ආකාරයට වර්තමානයේ ක්‍රීඩාවට වඩාත් ගැලපෙන ආකාරයට නීති රීති වෙනස් විය යුතය.

    “8 පහර කදිමයි. ඔවුන් ක්‍රිස් ගේල්ට සහ සියලුම ප්‍රහාරකයන්ට ආදරය කරනවා. හරියට ගෝල්ෆ් වලදී ටයිගර් වුඞ්ස් සහ රොරි මැක්ලෝරි මිටර 350 වඩා ඈතට යන්න පහර දෙනවා වගේ” යැයි ජෝන්ස් මහතා පවසා සිටියේය.

    “තරගය තියෙන්නේ උච්චතම අවස්ථාවේ නම්, ඔවුන්ට අවශ්‍ය ලකුණු 8ක් නම්, මිටර 85 වඩා දුරකට පන්දුව යැව්වානම් හරි. ඔබ හිතන විදියට ක්‍රිස් ගේල් වෙන්න පුඑවන්, ඔන්ඩි්‍ර රසල් හරි කිරන් පොලාඞ් වෙන්න පුඑවන්. ඔවුන් එවිට එය ලබා ගනීවී” යැයි ජෝන්ස් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

    33333(10).jpg

    ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක ජෝ ඩාලින් 1898 දී ප්‍රථම හයේ පහර එල්ල කරද, එය නීතියක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව තුළ භාවිතා කරනු ලැබුවේ 1910 වසරින් පසුවයි. එවකට හතරේ සීමාව පසු කරමින් ඉහළින් ඇදී යන පහරක් සඳහා ලකුණු 6ක් පිරිනැමීමට තීරණය කළේය. එලෙසින් ආරම්භ වූ ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ නීති රීති සමුදායක් ඔස්සේ ඉදිරියට ගලා යමින් තිබේ. විස්සයි 20 ක්‍රිකට් තරග පැමිණීමත් සමග ක්‍රිකට් ක්‍රීඩාව බොහෝ සෙයින් වෙනත් මාවතකට ගෙන ගොස් ඇත.

    වර්තමානයේ සියලුම තරග නීති රීති වෙනස්වී ඇති අතර ක්‍රිකට් ක්‍රීඩාවේ පුහුණු වැඩසටහන් සහ විස්තර විචාරක කටයුතු සඳහා ලෝකයේ සෑම තැනකම සංචාරය කර ඇති බවත් එහිදී ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය විශේෂ තැනක් ගන්නා බවත් එහිදී ක්‍රීඩකයන්ට සරිලන මුදලක් උපයා ගැනීමට හැකියාව ඇති බවත් ජෝන්ස් මහතා පවසා සිටියේය.

    ඩීන් ජෝන්ස් මහතා මෙම තොරතුරු අනාවරණය කළේ විස්තර විචාරකයකු වශයෙන් මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගී වෙමිණි.

    ජෝන්ස් මහතා වැඩිදුරටත් පවසා සිටියේ එංගලන්ත ප්‍රීමියර් (පාපන්දු) ලීග් තරගාවලිය සහ ඇමරිකාවේ ජාතික (පාපන්දු) ලීග් තරගාවලියෙන් පසු ලොව වැඩිම පිරිසක් නරඹන ක්‍රීඩාව මෙය බවයි.

    මිනිසුන්ගේ කාර්ය බහුලත්වයත් සමග ටෙස්ට් තරගයක් පැය 6ක් හෝ 7ක් නරඹනවාට වඩා සීමිත ඕවර තරගයක් නැරඹීමට ඔවුහූ ප්‍රිය කරති. එසේම වර්තමානයේ ප්‍රේක්ෂකයන්ගේ දැඩි ඉල්ලුමක් පවතින්නේද විස්සයි 20 තරග සඳහාය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බාබර් අසාම් ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

    3000(4).jpg

    එංගලන්තයට එරෙහිව ලෝඞ්ස් හී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ, දෙවන දිනය සඳහා පන්දුවට පහර දෙමින් සිටි පකිස්තානු පිතිකරු බාබර් අසාම්ගේ වම් අතෙහි අස්ථි බිදී යාමක් නිසා එංගලන්ත සංචාරයෙන් ඉවත් වීමට සිදුව තිබේ.

    මොහොමඞ් අබ්බාස් සහ හසන් අලීගේ දක්ෂ පන්දු යැවීම හමුවේ එංගලන්ත පළමු ඉණිම ලකුණු 184 කට සීමා වූ අතර දෙවන දිනය අවසානයේ පකිස්තානය කඩුලු 8 කට ලකුණු 350 රැස් කරගෙන සිටියේය. බාබර් අසාම් පන්දු 120 කදී හතරේ පහර 10 ක් සමග ලකුනු 68 ක් ලබා සිටියදී ස්ටුවර්ඞ් බ්‍රෝඞ් යැවූ බවුන්සර් පන්දුවට මුවා වීමට ගොස් පන්දුව අතේ වද්දා ගැනීමෙන් ආබාධයට ලක් විය.

    අනතුරෙන් පසුව කරන ලද ස්කෑන් පරීක්ෂණයට අනුව නැවතත් බාබර් අසාම්ට ක්‍රීඩා කිරිමට නම් අවම වශයෙන් සති 6 ක පමණ කාලයක් බලා සිටීමට සිදුවනු ඇතයි වෛද්‍යවරු පවසති.

    තවමත් ටෙස්ට් තරග 13 ක් පමණක් ක්‍රීඩා කර ඇති බාබර් අසාම් රැස් කර ගෙන ඇත්තේ ලකුණු 616 පමණක් වන අතර ඔහුගේ ස්ථානය සඳහා වෙනත් පිතිකරුවෙකු ආදේශ කිරිමට කිසිදු අදහසක් නැතැයි පකිස්තාන ක්‍රිකට් ආයතනය දන්වා තිබේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බැංගලෝර් - මුම්බායි තරගාවලියෙන් ඉවතට

    TOP(245).jpg

    අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018) අවසන් වටයට සුදුසුකම් නොළබාම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

    රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පෙරේදා (19 වැනිදා) පැවැති තරගය ලකුණු 30 කින් පරාජයට පත්වීම නිසා බැංගලෝර් කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමි විය. මුම්බායි කණ්ඩායමට එම අවස්ථාව අහිමි වූයේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (20 වැනිදා) පැවැති තරගය ලකුණු 11 කින් පරාජයට පත් වීම හේතුවෙනි.

    මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරණ මුම්බායි කණ්ඩායමට මෙවර තරගාවලියේදී සහභාගි වූ තරග 14 න් ජයගත හැකි වූයේ තරග 6 ක් පමණි. වසර 8 ක් පුරා මුම්බායි කණ්ඩායමේ වේග පන්දු යවන්නකු ලෙස කටයුතු කළ ලසිත් මාලිංග මෙවර තරගාවලියේදී වේග පන්දු උපදේශකවරයකු ලෙස මුම්බායි කණ්ඩායමට සේවය සැපයීය.

    හර්දීක් පාණ්ඩ්‍යා (කඩුලු 18), ජස්ප්‍රීත් බුම්රා (කඩුලු 17) සහ මායන්ක් මාර්කන්ඬේ (කඩුලු 15) මෙවර තරගාවලයේදී පන්දු යවන්නන් ලෙස මුම්බායි කණ්ඩායමට අනගි දායකත්වයක් ලබාදුන්නද එම කණ්ඩායමේ පිතිකරුවන් අතරින් යම් තරමක හෝ සාර්ථකත්වයක් පෙන්නුම් කළේ ආරම්භක පිතිකරු සූර්යකුමාර් යාදව් පමණි. තරග 14 කදී අර්ධ ශතක 4 ක් සමගින් ලකුණු 512 ක් රැස්කළ ඔහු මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර 7 වැනි ස්ථානයට පත් විය.

    මෙවර තරගාවලියේදී බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා බවට පත්වීමට නායක විරාට් කෝලි සමත් වූ අතර තරග 14 කදී අර්ධ ශතක 4 ක් සමග ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 530 කි. තරගාවලිය පුරා කෝලිට නොදෙවෙනි පිතිහරඹයක නිරත වූ ඒ.බී. ඩිවිලියස් තරග 12 කදී ලකුණු 480 ක් රැස්කළේ අර්ධ ශතක 6 ක් සමගිනි. මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලභීන් අතර කෝලි 6 වැනි ස්ථානයටත්, ඩිවිලියස් 8 වැනි ස්ථානයටත් පත් වූහ.

    බැංගලෝර් කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ උමේෂ් යාදව් මෙවර තරගාවලිය නිමා කළේ තරග 14 කදී කඩුලු 20 ක් දවාගනිමිනි. එම දස්කම් හේතුවෙන් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි ස්ථානයට පත්වීමටද යාදව්ට හැකි විය. යුස්වේන්ද්‍ර චාහල් තරග 14 කදී කඩුලු 12 ක්ද, මොහොමඞ් සිරාජ් තරග 11 කදී කඩුලු 11 ක්ද දවාගනිමින් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

    මූලික වටයේ අවසන් තරගය කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම අතර ඊයේ (20 වැනිදා) රාත්‍රියේදී පැවැත්වීමට නියමිත තිබිණ. තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම කුමක්දැයි යන්න එම තරගයේ ප්‍රතිඵලය අනුව තීරණය වනු ඇත. සන්රයිසස් හයිද්‍රාබාද්, චෙන්නායි සුපර්කිංග්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් යන කණ්ඩායම් මේ වන විටත් අවසන් වටයට සුදුසුකම් ලබාගෙන අවසන්ය.

    රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 14 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ රැදී සිටි නමුත් ඔවුන්ගේ දළ ලකුණු වේගය ඍණ අගයක් පවතී. එසේ වුවත් ඊයේ රාත්‍රීයේ පැවැති තරගයේදී චෙන්නායි කණ්ඩායම හමුවේ පන්ජාබ් කණ්ඩායම පරාජයට පත්වූවා නම් රාජස්ථාන් කණ්ඩායම නිසැකවම අවසන් වටයට සුදුසුකම් ලබාගනු ඇත. පන්ජාබ් කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට නම් එම තරගයේදී ඉහළ දළ ලකුණු වේගයක් ඇතිව චෙන්නායි කණ්ඩායම පරාජය කිරීමට සිදුවනු ඇත.


    3333(39).jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පැරණි ක්‍රීඩකයන්ගෙන් අලුත් සූදානමක්

    Arjuna-n-Rosha-main-n.jpg

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නිසි මඟකට ගෙනඒම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් 80% කට වැඩි පිරිසක් ඒකරාශී වීමට කැමැත්ත පළකර ඇතැයි ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු වේග පන්දු යවන්නකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කියයි. වික්‍රමසිංහ මහතා 1996 ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු වන අතර ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයකුද වෙයි.
    ‘ද සන්ඬේ ටයිම්ස්’ සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් වික්‍රමසිංහ මහතා පවසා තිබුණේ මේ වන විට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයින් බවට පත්ව සිටින, ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් ඒ සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දක්වා ඇති බවයි.

    මුත්තයියා මුරලිදරන්, රොෂාන් මහානාම මෙන්ම සිදත් වෙත්තමුණි යන මහත්වරුන් ඇතුළු තවත් කිහිප දෙනකු මෙම කාර්යය සඳහා කර උර දීමට සූදානම් බවද වික්‍රමසිංහ මහතා පැවසීය. අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්තානයටත් වඩා පහළට තල්ලු වී තිබේ.

    “ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යහමඟට ගැනීමේ සද්කාර්යය සඳහා දායක වීමට හිටපු ක්‍රීඩකයන් රාශියක් එක්රැස්වීමට සූදානම්. ක්‍රිකට් ක්‍රීඩවට වෙන්නේ මොකක්ද කියලා කතා කරන්න ඔවුන් සූදානම්. ඒ අය අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වන විට සේවයට බඳවාගෙන සිටින ක්‍රීඩකයන් විශාල පිරිසක්ද සිටිනවා. ඒත් තමන්ගේ රැකියාව පිළිබඳ කොන්ත්‍රාත්තු නිසා ඔවුන් ඊට මඳක් පසුබානවා”

    “කොහොම වුණත් වැඩි කාලයක් යන්න ඉස්සරවෙලා ඒගොල්ලන් කට අරීවි”යයිද වික්‍රමසිංහ මහතා ද සන්ඬේ ටයිම්ස් පුවත් පතට පවසා තිබිණ.

    වික්‍රමසිංහ මහතා පවසන පරිදි වර්තමාන නිලවරණ ක්‍රමවේදය ඇතැම් දේශපාලනඥයන්ගේත් ක්‍රිකට් පරිපාලකයන්ගේත් උවමනා එපාකම් අනුව ඉතා සූක්‍ෂම ලෙසින් සකස් කරන ලද්දකි. ඒ අනුව මාධ්‍ය සහ වෙනත් ව්‍යාපාරවල නියුතු වූවන්ට තමන්ගේ කාර්යයන් කරගැනීමටත් ක්‍රිකට් පරිපාලනයේ රැඳී සිටීමටත් අවශ්‍ය පරිසරය සකස් වී තිබේ. රටේ ඉතාමත් ඉහළ දේශපාලන තනතුරු දරන්නන්ගේ ආශිර්වාදයත් ඔවුන්ට (වර්තමාන ක්‍රිකට් නිලධාරීන්ට) හිමිවී තිබේ.

    “උදාහරණයක් වශයෙන් ගත්තොත්, ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන වත්මන් තත්ත්වය ගැන දිගින් දිගටම විවේචනය කරන කෙනෙක් තමයි අර්ජුන රණතුංග. ඔහු වත්මන් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමති තනතුරක් දරන අයෙක්. ඒත් එයාටවත් මේ තත්ත්වය වෙනස් කරන්න බලයක් නෑ” යයිද වික්‍රමසිංහ මහතා පවසා තිබිණ.

    වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැහැදිළි කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් මේ දිනවල රුපියල් බිලියන ගණනින් ලාභ පෙන්වූවද එම ලාබ ලැබුණේ 2014 දී අත්සන් කළ ඉදිරි සංචාර සැලැස්මේ ගිවිසුම් අනුව බවයි.

    වත්මන් ලාභ පෙන්වීමේදී කැපී පෙනන එකම ලාභය වන්නේ නිදහස් කුසලාන තරගාවලියේදී ලැබූ ලාභය නමුත් එම තරගාවලියේ අවසන් තරගයට හෝ සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් වූ බවද වික්‍රමසිංහ මහතා පැවසීය.

    “මෑතකදී ක්‍රීඩා නීතියේ වෙනස්කම් කිහිපයක්ම කළා. ඒවායින් සමහරක් කළේ කෙළින්ම ක්‍රිකට් ක්‍රීඩාවට බලපාන පරිදියි. ඒත් ක්‍රීඩාවෙන් සමුගන්නා ක්‍රීඩකයකුට නැවතත් ක්‍රීඩාවට සම්බන්ධ විය හැකි පරිදි මේ ඇමතිවරු කිසිදෙයක් කරලා තියෙනවාද ?” හිටපු ආරම්භක පන්දු යවන්නා විමසයි.

    “ඒ වෙනුවට ඔවුන් කරන්නේ හිටපු ක්‍රීඩකයන් එළියේ තියන්න ඕනෑ අණ පනත් ක්‍රියාත්මක කරන එකයි” යන්න ඔහුගේ අදහසයි.
    ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් හඬ නැංවිය යුතු බවයි. නැතහොත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩගත නොහැකි තරමේ අගාධයක ගිළෙනු ඇති බවද ඔහු කියයි.

    “අපි දන්නවා එක අවස්ථාවකදී අගමැතිතුමන් මේකට විසඳුමක් දෙන්න හැදුවා. ඒත් අන්තිම තත්පරේදි ඒකට බාධා කෙරුණා” යයිද ඔහු කීවේය.

    ක්‍රිකයි ක්‍රීඩාව වැටී ඇති වත්මත් තත්ත්වය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන හිටපු ක්‍රීඩකයන්ගේ ආයාචනය වන්නේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි.

    “අපි බලාපොරොත්තු වෙන්නේ කිසියම් කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යාමට කමිටුවක් (මා කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත කමිටුවක්) පත්කිරීමයි. ඊට පස්සේ ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීම කළ යුතුයි. එවිට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට පුළුවන් ඒ ගැන බලාගන්න” යයිද වික්‍රමසිංහ මහතා කීවේය.



    01(395).jpg


    02(361).jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    main-evining.jpg

    වසර තුනක කාලයකට පසු වමත් පිතිකරු ඩෙවෝන් ස්මිත්, බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් සංචිතයට කැඳවීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඔහු කොදෙව් සංචිතයට කැඳවා ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය වෙනුවෙනි.

    පළමු පෙළ සිවුදින තරගාවලියේදී ශතක 6 ක් සමග ලකුණු 1095 ක් රැස්කරමින් දැක්වූ දස්කම් මත ඩෙවොන් ස්මිත් නැවතත් ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ. පළමු පෙළ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවටද පත්වූ ස්මිත් එහිදී 84.23 ක ලකුණු රැස්කිරීමේ සාමාන්‍යයක් රැදවා ගැනීමටද සමත්ව ඇත.

    මේ දක්වා ටෙස්ට් තරග 38 කදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩයම නියෝජනය කර ඇති ස්මිත්, එහිදී අර්ධ ශතක 6 ක් සහ ශතකයක් සමගින් ලකුණු 1593 ක් රැස්කරගෙන තිබේ. ටෙස්ට් තරගයකදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය සටහන් වන්නේ 24.51 ක් ලෙසිනි.
    තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති 27 හැවිරිදි කඩුලු රකින පිතිකරු ජමාර් හැමිල්ටන්ද මෙම තරගාවලියේදී කොදෙව් සංචිතයට කැඳවා සිටියි. 2008 වසරේ සිට කොදෙව් පළමු පෙළ තරගවලට සහභාගි වූ ජමාර් හැමිල්ටන් ටෙස්ට් කණ්ඩායමට කැඳවීම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.

    මේ අතර අවසන් වරට නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී කොදෙව් කණ්ඩායම නියෝජනය කළ සුනිල් ඇම්බ්‍රෝස්, ජර්මේන් බ්ලැක්වුඞ්, අල්සාරී ජෝෂප් සහ රේමන් රීෆර් යන ක්‍රීඩකයන්ට මෙම තරගාවලියේදී කොදෙව් සංචිතයේ ස්ථාන අහිමි වී තිබේ.
    ශ්‍රී ලංකාව සහ කොදෙව් පිල අතර තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ මස 26 වැනිදා සිට ජූනි මස 28 වැනිදා දක්වා පැවැත්වේ. එහි පළමු තරගය ට්‍රිනිඩෑඞ්හිදීද, දෙවැන්න ශාන්ත ලුසියාහිදීද, තෙවැන්න (දිවා-රාත්‍රී) බාර්බඩෝස්හිදීද පැවැත්වීමට නියමිතය.

    බටහිර ඉන්දීය කොදෙව් සංචිතය

    ජේසන් හෝල්ඩර් (නායක), දේවේන්ද්‍ර බිෂෝ, ඩෙවොන් ස්මිත්, ක්‍රේග් බ්‍රැත්වේට්, කිරන් පවෙල්, රොස්ටන් චේස්, මිගෙල් කමින්ස්, ෂේන් ඩව්රිච්, ෂැනෝන් ගේබි්‍රයෙල්, ජමාර් හැමිල්ටන්, ශිම්රන් හැට්මියර්, ශේයි හෝප් සහ කේමර් රෝච්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    TTT(15).jpg

    දිගින් දිගටම තරගවලට සහභාගි වීමෙන් දැඩි වෙහෙසට පත්ව සිටීම නිසා දස්කම් අතර සිටියදීම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තමා තීරණය කළ බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඒ.බී. ඩිවිලියර්ස් පවසයි.

    “ටෙස්ට් තරග 114 කටත්, එක්දින තරග 228 කටත්, විස්සයි20 තරග 78 කටත් ක්‍රීඩා කිරීමෙන් පසුව දැන් මට ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඇත්තම කියනවා නම් දැන් මට හුගක් වෙහෙසයි. ඒ නිසා නවක ක්‍රීඩකයන්ට අවස්ථාව දීලා ඉවත් වෙන්න ඕනේ කියලා මට හිතුනා.” යැයි සිය ට්විටර් ගිණුමට වීඩියෝවක් එක් කරමින් ඩිවිලියර්ස් කියා සිටියේය.

    “මේක ඉතාමත් අසීරු තීරණයක්. මම මේ ගැන හුගක් බැරෑරුම් ලෙස හිතුවා. කොහොමත් මම කැමැත්තෙන් හිටියේ දස්කම් අතර සිටියදීම ක්‍රීඩාවෙන් සමුගන්නයි. ඉන්දියාවට සහ ඕස්ටේ්‍රලියාවට එරෙහිව තරගාවලි ජයග්‍රහණය කිරීමෙන් පසුව දැන් ක්‍රීඩාවෙන් සමුගන්න නියම කාලය ඇවිල්ලා තියෙනවා කියලා මට හිතෙනවා.” යැයි එම වීඩියෝව ඔස්සේ ඩිවිලියර්ස් පැවසීය.

    “දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් මම ක්‍රීඩා කරන්නේ කවදද? කොතනද? මොන වගේ ක්‍රීඩාවකද? කියන එක මමම තෝරාගන්නා එකනම් හරිදේ නෙමේ. රන් සහ කොළ පැහැය මිශ්‍ර වූ මේ ඇඳුම ඇඳගත්තාම මට නම් දකුණු අප්‍රිකාව වෙන්වෙන් කිසිවක් නොලබාම ඕන දෙයක් අතහරින්න පුළුවන්.” යයිද එහිදී ඔහු සඳහන් කළේය.

    333(81).jpg

    එංගලන්තයට එරෙහිව 2004 වසරේදී ටෙස්ට් වරම් දිනාගත් ඩිවිලියර්ස්, අවසන් වරට ටෙස්ට් තරගයකට සහභාගි වූයේ මේ වසරේ අප්‍රේල් මස ඕස්ට්‍රේලියාවට එරෙහිවය. එම තරගාවලිය තරග 3-1 ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

    පන්දු 16 කදී අර්ධ ශතකයද, පන්දු 31 කදී ශතකයද සම්පූර්ණ කරමින් එදා මෙදා තුර ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකට මෙන්ම වේගවත් ශතකයටද හිමිකම් කීමට මෙම ප්‍රවේගකාරී පිතිකරුවා සමත්විය.

    ක්‍රීඩාවෙන් සමුගන්නා විට 34 වැනි වියේ පසුවූ ඩිවිලියර්ස් තම නම ඉදිරියෙන් ටෙස්ට් ලකුණු 8765 ක්ද, එක්දින ලකුණු 9577 ක්ද, විස්සයි20 ලකුණු 1672 ක්ද සටහන් කරගෙන සිටියේය. සමුගැනීම ප්‍රකාශයට පත්කරන විටත් ටෙස්ට් සහ එක්දින තරග වලදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 50 කට ඉහළ අගයක පැවැතිණ.


    999(226).jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    MAIN-S.jpg

    එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 184 කට සීමා කිරීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් විය.

    පළමු දිනය වූ ඊයේ (25 වැනිදා) තරගය නරත කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි පාකිස්ථාන ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 50 ක් ලබා එංගලන්තයට වඩා ලකුණු 134 ක් පසුපසින් සිටියහ. ආරම්භක පිතිකරු අසාර් අලී ලකුණු 18 ක්ද, හාරිස් සොහේල් ලකුණු 21 ක්ද ලබා පළමු දිනය නිමාවන විට නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

    එංගලන්ත ඉනිමේ බිඳවැටුණ එකම කඩුල්ලට හිමිකම් කීමට ස්ටුවට් බ්‍රෝඞ් සමත් වූ අතර ඔහුගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවීයන විට ඉමාම් උල් හක් ලබා සිටියේ ලකුණු 4 ක් පමණි.

    පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 184 කට සීමා කිරීමට මොහොමඞ් අබ්බාස් සහ හසන් අලී ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අබ්බාස් සහ අලී කඩුලු 4 බැගින් දවාගනිමින් එංගලන්ත පළමු ඉනිම සුනුවිසුණු කර දැමූහ.

    එංගලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු ඇලිස්ටෙයාර් කුක් හතරේ පහර 14 ක් සමග ලකුණු 70 ක් රැස්කළ අතර මොහොමඞ් අමීර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ඔහුගේ ඉනිම නිමාවට පත් විය.

    ලකුණු 43 කට කඩුලු 3 ක් බිඳවැටී තිබූ අවස්ථාවේ ජොනි බෙයාස්ට්‍රෝ (27) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කුක්, ඉන් නොනැවතී බෙන් ස්ටෝක්ස් (38) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක්ද ගොඩගමින් එංගලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.



    පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 184
    (ඇලිස්ටෙයාර් කුක් 70, ජොනි බෙයාස්ට්‍රෝ 27, බෙන් ස්ටෝක්ස් 38, මොහොමඞ් අබ්බාස් 23/4, හසන් අලී 51/4)

    එංගලන්ත පළමු ඉනිම - කඩුල්ලක් දැවී 50
    (අසාර් අලී නොදැවී 18, හාරිස් සොහේල් නොදැවී 21)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    MAIN-APPLE-W.jpg

    එංගලන්තයේ ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (24) ආරම්භ වූ එංගලන්ත පකිස්තාන පළමු ටෙස්ට් තරගය අතරවාරයේ පකිස්තාන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු අධි තාක්ෂණයෙන් යුත් ඇපල් ඔරලෝසු පැළඳ ක්‍රීඩා කිරීම නිසා ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඔවුන්ට අවවාද කර තිබේ. මිින් පසුව අන්තර්ජාතික තරග සඳහා එවැනි සන්නිවේදන උපාංග භාවිතා කිරීම නොහැකි බවද අන්තර්ජාතික ක්‍රිකට් සභාව කියයි.

    ජංගම දුරකථන හෝ වෙනත් කිසියම් අධි තාක්ෂණයෙන් යුත් සන්නවේදන උපාංග ක්‍රීඩාංගණය තුළදී භාවිතා කිරිම ක්‍රීඩකයන්ට තහනම් වේ. ඒ ඔස්සේ ක්‍රීඩාවේ ආචාරධර්මයන්ට හානියක් විය හැකි බැවින් එවන් කොන්දේසියක් පනවා තිබේ.

    අන්තර්ජාතික ක්‍රිකට් තරගයකට පිවිසීමේදී සියලුම ක්‍රීඩකයන් තමන්ගේ සන්නිවේදන උපාංග කිසියම් නිලධාරියකුට බාරදීමෙන් පසුව ක්‍රීඩාකළ යුතු බව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නීතිරීති වල සඳහන් වේ.

    ඇපල් ඔරලෝසු හරහා තොරතුරු හුවමාරු කරගැනීමේ හැකියාව ඉතා අධික බැවින් එය ක්‍රීඩාංගණය තුළදී භාවිතා කිරීම මගින් ක්‍රිකට් ක්‍රීඩාවට විශාල ලෙස හානි විය හැකිය යන්න පෙන්වා දී ඇති දූෂණ මර්ධන නිලධාරීහූ එම ඔරලෝසු භාවිතා නොකරන ලෙස පාකිස්තානුවන්ට අවවාද කර තිබේ.

    ක්‍රිකට් තරග මුදලට පාවාදීමේදී ජංගම දුරකතනය විහාල බලපෑමක් කර ඇති අතර අධි තාක්ෂණික ඔරලෝසු හරහාද එවැන්නකට ඇති හැකියාව ඉහළය. මෙම කාරණය සැකිල්ලට ගෙන අධි තාක්ෂණික ඔරලෝසු පැළඳ ක්‍රීඩා කිරිම පවා තහනම් කර ඇත.

    මෙම උපාංග ඔස්සේ සන්නිවේදනය කිරීමේ හැකියාව ලැබේ. ඒ අනුව ඉතා පහසු ලෙස ක්‍රීඩකයන්ට සහ ක්‍රිඩාංගණයෙන් පිටත රැදී සිටින අනෙතකුත් පාර්ශ්වයන් වෙත සුක්ෂම අයුරින් තොරතුරු ලබා ගැනීම සහ නිකුත් කිරිමේ යැකියාව පවති.

    “ක්‍රීඩා කරන ප්‍රදේශය වෙත ක්‍රීඩකයෙකුට සන්නිවේදන උපාංග ගෙනයාම තහනම්. එසේම අන්තර්ජාලය සමග සම්බන්ධ වන සන්නිවේදන උපකරණයක් භාවිතා කිරීමට කිසිම ක්‍රිඩකයෙකුට අවසරයක් නෑ” යයි යනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ප්‍රකාශ කර ඇත.

    “අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරී පිරිස අප සමග කතා කළා. ඔවුන් කියා සිටියේ අපට එම ඔරලෝසු පැළදීමට අයිතියක් නැති බවයි” යයි හසන් අලී තරගයෙන් අනතුරුව කියා සිටියේය.

    අවශ්‍ය නම් අන්තර්ජාතික ක්‍රිකට් සභාවට මෙම උපකරණ තමන් සන්තකයට ගැනීමේ බලය පවා ඇති අතර මෙහි යම් ක්‍රියාකාරීත්වයක් පවතී නම් ඒ සම්බන්ධව සොයා බලා යම් විශ්ලේෂණයක් කිරිමටද හැකියාව පවතී.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    TOP(251).jpg

    ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර 2016 ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය සඳහා තණතීරුව සකස් කරන ලද්දේ ක්‍රිකට් ඔට්ටුකරුවන්ගේ ඕනෑ එපාකම් අනුව බවත් ඒ සඳහා සම්බන්ධ වූ අයෙක් ගාල්ල ක්‍රීඩාංගණයේ සේවකයන් පිරිසකට අල්ලස් දුන් බවත් ඕස්ට්‍රේලියාවේ ‘වයිඩ් වර්ල්ඞ් ඔෆ් ස්පෝට්ස්’ සේවය වාර්තා කරයි.

    අරාබියේ ‘අල් ජසීරා’ රූපවාහිනී සේවය මගින් විකාශය කිරීමට නියමිත වාර්තා වැඩසටහනක් අනුව 2016 දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය පරජයෙන් තොරව අවසන් නොවන බවට ක්‍රිකට් ඔට්ටුකරුවන් රැසක්ම ඔට්ටු අල්ලා තිබේ. ඔට්ටුකරුවන්ගේ අපේක්‍ෂා සාර්ථක කරමින් මෙම තරගය දින දෙක හමාරෙන් අවසන් විය.

    තරගයෙන් ඕස්ට්‍රේලියාව ලකුණු 229 කින් පරාජය වූ අතර සංචාරකයන්ගේ කඩුලු 20 ම දවාගැනීමට ශ්‍රී ලංකා පිලට අවශ්‍ය වූයේ ඕවර 83.3 ක් පමණි.

    පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 281 ක් ලබාගත් අතර ඕස්ට්‍රේලියානුවෝ මුල් ඉනිමේදී ලකුණු 106 කට දැවී ගියහ. දෙවැනි ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 237 ක් ලබාගත් අතර තරගයෙන් ජයගැනීම සඳහා ඕස්ට්‍රේලියානු පිල ලකුණු 413ක් රැස්කිරීමේ අභියෝගයට මුහුණ දුන්නේය. එහෙත් ඕස්ට්‍රේලියානුවන්ට සිය දෙවැනි ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 183 ක් පමණි.

    ‘අල් ජසීරා’ වාර්තා වැඩසටහන අනුව මෙම තරගය සඳහා භාවිතා කළ තණතීරුවේ දඟ පන්දු යවන්නන් පන්දුව පතිත කරන ප්‍රදේශය ක්‍රිකට් ඔට්ටුකරුවන්ගේ අනුදැනුම මත විශේෂයෙන් සකස්කර තිබූ බව කියැවේ.

    මෙම තරගයේ ඉනිම දෙකේදීම ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් වූ රංගන හේරත් (109/6), ඩිල්රුවන් පෙරේරා (99/10) සහ ලක්ෂාන් සඳකැන් (30/2) කඩුලු 18 ක් බෙදාගත් අතර වේග පන්දු යවන්නකු වන විශ්ව ප්‍රනාන්දුට කඩුල්ලක් පමණක් හිමිවිය. අනෙක දුවද්දී දැවීයාමකි.

    ගාල්ල තරගයේදී ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ගේ තරග රටාව සම්බන්ධයෙන් ඔවුන් දැඩි දෝෂාරෝපණයට ලක්වූ අතර උස්මන් කවාජා සහ ජෝ බර්න්ස් දෙදෙනාම දැවීගිය දුර්වල විලාසය හේතුවෙන් ඔවුන් දෙදෙනාම ඕස්ට්‍රේලියානු පිලේ ඊළඟ සංචාරයෙන් ඉවත් කරන ලදී.

    2016 තරගාවලිය ස්ටීවන් ස්මිත් ටෙස්ට් නායකයකු වශයෙන් මුහුණ දුන් පළමු තරගාවලියද වූ අතර ගාල්ල ටෙස්ට් තරගයේ පරාජයත් සමගම ඕස්ටේ්‍රලියානුවෝ තරගාවලියද පරාජය වූහ.

    ඉන්දියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන රොබින් මොරිස්, ඩුබායිහි සිටින ඉන්දීය ව්‍යපාරිකයකු වන ගෞරව් රාජ්කුමාර්, ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩකයකු සහ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නිලධාරියකු මෙම ‘තක්කඩිකම’ සම්බන්ධයෙන් කළ සාකච්ඡාවක් ඩුබායිහි ‘අල් ජසීරා’ රූපවාහිනී සේවයේ කණ්ඩායමක් විසින් රහසේ පටිගත කරනු ලැබ ඇත.

    තණතීරුව පිසදැමීමේදී කම්බි සහිත බුරුසු (වයර් බ්‍රෂ්) යොදාගත් ආකාරයත් එමගින් තණතීරුව කඩතොළු කර පන්දුවේ දඟකැවීම වැඩිකරගත් ආකාරයත් පිළිබඳ ඔවුන් කළ සාකච්ඡාවේදී අසන්නට ලැබී තිබේ.

    “තරගයක් පැවැත්වෙන අතරතුරේදී පිහදාන එක තමයි එයාට කරන්න තියෙන්නේ” යයි අයෙක් කියා තිබේ.
    “ඒක හිමින් කරන්නේ. ඒ වෙලාවෙදි ඒක ඇතුළට තදකරනවා” තවත් අයෙක් කීවේය.

    දඟ පන්දු යවන්නන්ට වාසිදායක ආකාරයටත් පිතිකරුවන් අන්ද මන්ද වන අකාරයටත් තණතීරුවක් සකස් කිරීමට තමන්ට ඇති හැකියාව සම්බන්ධයෙන් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ හිටපු නිලධාරියා මෙම වාර්තා වැඩසටහනේදී බොහෝ පුරසාරම් කතාකියා තිබේ.

    “දින පහේ ටෙස්ට් තරගයකට අපි තණතීරුව හදන්නේ රෝලරය යොදා නොගෙනයි. අපි දඟ කැවෙන තණතීරුවක් හදන්නේ ඒ ආකාරයට තමයි” යයි ඔහු කියා තිබේ.

    “වෙන්නේ මේකයි....තණතීරුවකින් අපට ඕනෑ දෙයක් කරගන්නා හැටි අපි දන්නවා”
    “ඔබට ඕනෑ තණතීරුව දඟ කැවෙන්නද?, වේග පන්දු යවන්නන්ට වාසිදායක වෙන්නද? නැත්නම් පිතිකරුවන්ට හොඳ වෙන්නද?...මේ ඕන එකක් කරන්න පුළුවන්” යයි ක්‍රීඩාංගණයේ නිලධාරියා කියා තිබේ.

    “අපි තණතීරුව සති දෙකක් විතර විවෘත කරලා තියනවා. ඒකට වතුර දාන්නෙත් නෑ. එයින් තණතීරුවට හානි වෙනවා” යයිද ඔහු වැඩිදුරටත් කියා තිබේ.

    තමන් චිත්‍රපටියක රඟපානවා යයි මෙම සිදුවීමට සම්බන්ධ අය කියා ඇතත් තරගය සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.


    DD(3).jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    99(280).jpg


    විස්සයි 20 තරග රටාවට නව පරිච්ජේදයක් එක් කරමින් ආරම්භ විමට නියමිත කැනඩාවේ ‘ගෝලීය විස්සයි 20 තරගාවලිය’ සඳහා ක්‍රිකට් ක්ෂේත්‍රයේ නම දිනූ ක්‍රීඩකයෝ රැසක් සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සි. ඒ අතර ක්‍රිස් ගේල්, ඔන්ඩි්‍ර රසල්, ඩැරන් සැමී, සුනිල් නරේන්, ඞ්වේන් බ්‍රාවෝ, ස්ටිව් ස්මිත්, ලසිත් මාලිංග, සහීඞ් අෆ්රිඩි, ක්‍රිස් ලයන් සහ ඬේවිඞ් මිලර් ඇතුළත්ව සිටිති.

    ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග මෙම තරගාවලියට සහභාගි වන්නේ සංඛේත ක්‍රීඩකයකු වශයෙනි.

    ලබන මස 28 වැනිදායින් ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය සඳහා කැනඩාවේ ප්‍රධාන නගර 5 ක් මූලික කරගනිමින් කණ්ඩායම් 6 ක් සහභාගි වීමට නියමිතය.

    එඞ්මන්ටන් රෝයල්ස්, මෝන්ට්‍රිෙයල් ටයිගර්ස්, ටොරොන්ටෝ නැෂනල්ස්, වැන්කුවර් නයිට්ස් සහ විනිපෙග් හෝක්ස් එම කණ්ඩායම් වේ. හයවැනි කණ්ඩායම ලෙස බටහිර ඉන්දීය කොදෙව් නියෝජනය කරමින් කණ්ඩායමක් මෙම තරගාවලියට ඉදිරිපත් වේ.

    “බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන්, ප්‍රථමයෙන් මෙම තරගාවලිය සාර්ථක වෙන්න කියලා සුභ පතනවා. මේ වගේ තරගාවලිවල සාර්ථකත්වය මතයි අපේ කලාපයේ ක්‍රීඩාව රඳා පවතින්නේ”
    “අපි කැනඩාවේ ක්‍රිකට් සඳහා සහයෝගය පළ කරනවා වගේම ඔවුන් සමග සමීපව කටයුතු කරන්න අදහස් කරනවා” යැයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඬේවිඞ් කැමරන් මහතා පවසා සිටියේය.

    තවමත් කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් ඇතුළත් කර නොමැති අතර ඒ සියලු විස්තර මේ මස 30 වැනි දිනට නිකුත් කිරීමට නියමිතය.

    මෙම තරගාවලිය සංවිධානය කිරිමේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ කැනඩාව තුළ පවතින ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට සහ ඒ ඔස්සේ ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලය දක්වා ගෙනයාම බව තරග සංවිධායකවරු පවසති. ආසියාතිකයන් විශාල පිරිසක්ද කැනඩාවේ ස්ථිර පදිංචිකරුවන් වී වාසය කරන අතර අවස්ථා කිහිපයකදීම ආසියාවේ රටවල උපන් ක්‍රීඩකයෝත් කැනේඩියානු කණ්ඩායම නියෝජනය කළහ.

    සමස්ත තරගාවලිය සඳහා තරග 22 ක් ඇතුළත් වී ඇති අතර අවසන් මහා තරගය ජූලි 16 වැනිදා පැවැත්වීමට නියමිතය. එක් කණ්ඩායමකට අවම වශයෙන් කැනඩාවේ ක්‍රීඩකයන් සිව් දෙනෙකුවත් ඇතුළත් විය යුතු බව සංවිධායකවරුන් පවසති.

    පවත්වනු ලබන සියලු තරග ක්‍රිඩාංගණ තුනකදී පමණක් පැවැත්වෙන අතර ටොරොන්ටෝහී උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති එක් ක්‍රිඩාංගණයක ප්‍රේක්ෂකයන් 7000 පමන අසුන් ගැනීමට හැකියාව පවති.

    “කැනඩාවේ ආරම්භ කරනු ලබන ප්‍රථම ලීග් තරගාවලිය තමයි ගෝලිය ක්‍රිකට් විස්සයි 20 තරගාවලිය.

    කැනඩාවේ ක්‍රිකට් රසිකයන්ට මේ ලැබිලා තියෙන්නේ හොඳ අවස්ථාවක්. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නම දිනූ ක්‍රීඩකයන් රැසක්ම දැක බලා ගැනීමේ අවස්ථාව ඔවුන්ට ලැබෙනවා”

    “මේ අවස්ථාව ලබාදීම සම්බන්ධව අන්තර්ජාතික ක්‍රිකට් සභාවටත්, සහයෝගය පලකරන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට සහ කැනඩාවේ ක්‍රිකට් වර්ධනය කිරීමට දායක වූ සැමටම ස්තූතියි” යයි කැනඩා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රංජිට් සයිනි මහතා ප්‍රකාශ කර සිටියේය.

    ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිව සිටින ලසිත් මාලිංගට මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදිද ක්‍රිඩා කිරීමට අවස්ථාව හිමි නොවීය. එසේම තරග තහනමට ලක්ව සිටින ඕස්ටේ්‍රලියානු හිටපු නායක ස්ටිව් ස්මිත්ටද ගෝලීය විස්සයි 20 තරගාවලිය සඳහා සහභාගී වීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අවසර ලබා දී ඇත.
     

    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    ඔය ඩීන් ජෝන්ස් මහ වාතයක් බන්. පිස්සු කියවන පිස්සු පප්පෙක්. ඕකගෙ කොමෙන්ට්රිය පට්ට ගූ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Hesson%20Mike%20tw_ICC.jpg




    ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ හිටපු නායිකාව වූ බෙලින්ඩා ක්ලාක්, නවසීලන්ත පුහුණුකරු මයික් හෙසන් සහ ස්කොට්ලන්ත කණ්ඩායමේ නායක කයිල් කෝට්සර් වසර තුනක කාලයක් සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ක්‍රිකට් කමිටුවට පත්කර ඇත.

    මේ මස 28 සහ 29 දෙදින තුළ මුම්බායිහිදී පැවැත්වෙන වාර්ෂික කමිටු රැස්වීමේදී 2019 දී ආරම්භවීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලියේ ක්‍රීඩා කොන්දේසී පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර එහිදී කාසියේ වාසිය උරගා බැලීම සහ දිවා රාත්‍රී ටේස්ට් තරග පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇත. මෙම සාකච්ඡාවලදී අන්තර්ජාතික ක්‍රිකට් සභා ක්‍රිකට් කමිටුවේ මතය බෙහෙවින් ඉවහල්වනු ඇත.

    ක්ලේයාර් කෝනර් වසර තුනක සේවා කාළය සම්පූර්ණ කිරීම හේතුවෙන් ඇය වෙනුවට බෙලින්ඩා ක්ලාක් ක්‍රිකට් කමිටුව සඳහා පත්කෙරුණි.

    දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ඩැරන් ලීමන් පුහුණුකරු ධූරයෙන් ඉවත්වීම හේතුවෙන් ක්‍රිකට් කමිටුවෙන්ද ඉවත්වීමට ඔහුට සිදුවිය. ඩැරන් ලීමන්ගේ ඉවත්වීමෙන් පුරප්පාඩුවූ කමිටු සාමාජිකත්වය සඳහා නවසීලන්ත පුහුණුකරු මයික් හෙසන් මහතා පත්විය.

    පූර්ණ සාමාජිකත්වය හිමි නොවූ සාමාජික රටවල් සඳහා ලබාදී තිබූ කමිටු සාමාජිකයන් අතුරින් කෙවින් ඕ’බ්්‍රයන් නියෝජනය කළ අයර්ලන්තයට ටෙස්ට් වරම් හිමිවීමත් සමගින් කෙවින්ටද කමිටු සාමාජිකත්වය අහිමිව ගියේය. කෙවින් වෙනුවට ඔහුගේ අසල්වැසියා වූ ස්කොට්ලන්ත කණ්ඩායමේ නායක කයිල් කෝට්සර් ක්‍රිකට් කමිටුවට පත්ව සිටී.

    අන්තර්ජාතික ක්‍රිකට් කමිටුවේ සාමාජිකයෝ

    සභාපති : අනිල් කුම්බල්
    විධායක නිළධාරීහු : ශෂාන්ක් මනෝහර් (අයි.සි.සී. සභාපති) සහ ඬේවිඞ් රිචඞ්සන් (අයි.සි.සී. ප්‍රධාන විධායක)
    හිටපු ක්‍රීඩකයින්ගේ නියෝජිතයෝ : ඇන්ඩෘ ස්ට්‍රෝස් සහ මහේල ජයවර්ධන
    වර්තමාන ක්‍රීඩකයින්ගේ නියෝජිතයෝ : රාහුල් ද්‍රාවිඞ් සහ ටිම් මේ
    ටෙස්ට් රටවල පුහුණුකරුවන්ගේ නියෝජිතයා : මයික් හෙසන්
    ටෙස්ට් නොමැති රටවල නියෝජිතයා : කයිල් කෝට්සර්
    කාන්තා ක්‍රිකට් නියෝජිතවරිය : බෙලින්ඩා ක්ලාක්
    ටෙස්ට් රටවල විධායක නියෝජිතයා : ඬේවිඞ් වයිට් (නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක)
    මාධ්‍ය නියෝජිතයා : ෂෝන් පොලොක්
    විනිසුරුවන්ගේ නියෝජිතයා : රිචට් කැට්ල්බරර්
    තරග තීරකවරුන්ගේ නියෝජිතයා : රන්ජන් මඩුගල්ල
    එම්.සී.සී. නියෝජිතයා : ජෝන් ස්ටෙෆෙන්සන් (එම්.සී.සී. ක්‍රිකට් ප්‍රධානී)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    630(576).jpg


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ මස 31 වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණය නීති විරෝධී බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නිතීය හමුවට යෑම සඳහා බලාපොරොත්තුවක් ඇති බවත් මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස සංකීර්ණයේදී පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා 25දා පැවසීය.

    මේ සම්බන්ධයෙන් තිලංගට සුමතිපාල මහතාට එරෙහිව උද්ඝෝෂණයක් කිරීමටද බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    “මම ක්‍රිකට් ගැන මුකුත් දන්නේ නෑ. මම නළුවෙක් විතරයි” කියලා ඔහු විසින් විවිධ පුවත්පත් සඳහා ප්‍රකාශ ලබාදෙමින් මාව නිර්දය ලෙස විවේචනය කරලා තියෙනවා. නැවත නැවතත් මම යෝජනා කරනවා මගේ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙන්න කියලා. මට බැන බැන ඉන්නේ නැතුව යැයි රාමනායක මහතා සුමතිපාල මහතාගෙන් ඉල්ලා සිටියේය.

    “මේ නිලවරණය නිතී විරෝධීයි කියලා මම කියනවා. මේ නිලවරණයට ඉදිරිපත්වෙලා ඉන්නේ චෝදනා ගණනාවකට අහුවෙච්ච කෙනෙක්. මෙහේ උසාවියේදී පමණක් නෙවේ එංගලන්ත උසාවියේදීත් වරදකරුවෙලා වන්දි ගෙව්ව පුද්ගලයෙක්” යයිද රාමනායක මහතා පැවසීය.

    ඔහු මේ දිනවල කෝටි ගණන් ලාභ පෙන්වමින් සල්ලී බෙදනවා ක්‍රිකට් ක්‍රීඩාවට සේවය කරන්න. ක්‍රිකට් ක්‍රීඩාවට සේවය කරන්න මෙච්චර උණක් ඇයි? ඇයි මෙච්චර ආදරයක්? ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව. ඒ ක්‍රීඩාව හරහා එන මුදල් ගසාකන්න තමයි කැස කවන්නේ යැයි රාමනායක මහතා වැඩිදුරටත් පැවසීය.

    “හිටපු ක්‍රීඩා ඇමතිවරයා ඔහුව බදාගෙන කිස් එකක් දීලා තමයි ඔහුව පිළිගත්තේ. සුමතිපාල මහතා දැන් සිටින ඇමතිවරයාත් ලග තියාගෙන තමයි ලාබ ගැන කථාකරන්නේ. හැසිරීම අනුව අපිට හිතෙන්නේ නෑ ෆයිසර් මුත්තාෆා මහතාගෙනුත් යුක්තියක් ඉටුවෙයි කියලා. මම වර්තමාන ක්‍රීඩා ඇමතිතුමාගෙන් හමුවෙන්න අවස්ථාවක් ඉල්ලුවා තාම ලැබුණේ නෑ. සාද වලදී පවා මාව දැක්ක ගමන් දුවනවා” යයිද රාමනායක මහතා පැවසීය.

    මට ඕනිනම් නඩුවක් දාන්න පුලුවන්. නඩුවක් දාන්න හිතන් ඉන්නවා. ඒත් ලංකාවේ නඩුවක් දානවා කියන්නේ නඩුව ඉවර වෙනකොට තිලංග සුමතිපාල මහතා ඊළඟ පාරටත් සභාපති කමට තරග කරයි.

    “තමුන්ගේ හෘද සාක්‍ෂිකයට අනුව විනයානූකූලව හිතලා මේ අපරාධය කරන්නේ නැතුව මේකෙන් ඉවත් වෙන්න කියලා මම සුමතිපාල මහතාගෙන් ඉල්ලා සිටිනවා යැයි රාමනායක මහතා පැවසීය.

    “අපි විස්සයි20 ක්‍රිකට්වල පළමු ස්ථානයේ සිට 9 වැනි ස්ථානයට වැටිලා. එකේ හිටියනම් අපි මේ ගැන කථා කරන්නේ නෑ. ඒ මහතා කථා කරන්නෙ ලාභයි සල්ලි ගැන විතරයි. නමුත් අපිට ක්‍රිකට් වලින් ඉහළට යන්න හැකියාව තිබුණා නම් මීට වඩා ලාභ ලබන්න තිබුණා”

    මේ විදියට අපි පහත වැටුණේ නැත්නම් ඒ. බී. ඩිවිලියස් සහ විරාට් කෝලි රූපවාහිනී වැඩසටහන් වලදි අපේ රට සමච්චලයට පත්කරන්නේ නෑ.

    මම නැවත නැවතත් කියන්නේ කරුණා කරලා මේ ගැන තමුන්ම ස්වයං විවේචනයක් කරගෙන මේකෙන් අයින් වෙන්න කියලා. මම නම් හිතන්නේ නෑ මේකෙන් අයින් වෙයි කියලා මොකද ක්‍රිකට් කියන්නේ සල්ලි ගලන උල්පතක්. එකේ ටැප් එක වහලා මේ උල්පතට ඇබයක් ගහන එකක් නෑ.

    තමන්ට ක්‍රිකට් ක්‍රීඩාව ගැන කථා කර ප්‍රසිද්ධයක් ලබා ගැනීමට කිසිම අවශ්‍යතාවක් නොමැති බවත් තමන් තවමත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නළුවා බවත් රාමනායක මහතා පැවසීය.

    පසුගිය නිදහස් කුසලානේදී ශ්‍රී ලංකාවට මිලියන 2000 ක පමණ ආදායමක් ලබාගැනීමට තිබූ බවත් තිලංග සුමතිපාල මහතා හිතුමතේ ගිවිසුම් අත්සන් කිරීම නිසා ශ්්‍රි ලංකාවට හම්බවූයේ මිලියන 900 ක් පමණක් බවත් රාමනායක මහතා පැවසීය. එයිනුත් මිලියන 350 ක් පමණ තරග සඳහා වැයවූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    වයස 13 න් පහළ, වයස 15 න් පහළ, වයස 17 න් පහළ සහ වසය 19 න් පහළ සංචිතවල ක්‍රීඩකයින් නඩත්තු කිරීමට මුදල් නැති බවත් චන්ද ගැනීමට ක්‍රීඩා සමාජ නඩුත්තු කිරීමට මුදල් මුදල් ඇති බවත් රාමනායක මහතා පැවසීය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වෝනර් සහ ස්‌මිත් යළි පිටියට​

    පන්දුව පළුදු කිරීමේ චෝදනාව මත මාස 12 ක තරග තහනමකට ලක්‌වී ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ නායක ස්‌ටීවන් ස්‌මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් කැනඩාවේ පැවැත්වෙන විස්‌සයි විස්‌ස තරගාවලියකට සහභාගි වීමට නියමිතව තිබේ.

    ඉකුත් මාර්තු මස දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්‌ට්‌ තරගයේදී පන්දුව පළුදු කිරීම මත ඔවුන්ට අදාළ තරග තහනම පැනවුණි. නමුත් ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ ආයතනය ඔවුන්ට යළිත් දේශීය තරග සහ පළමු පෙළ තරග ක්‍රීඩා කිරීමේ තහනම ඉවත් කිරීම මත අදාළ තරගාවලිය නියෝජනය කිරීමට අවස්‌ථාව උදාවිය.

    කැනඩා කණ්‌ඩයම් පහකින් සමන්විත මෙම විස්‌සයි විස්‌ස තරගාවලිය ලබන මස 28 වැනිදා ආරම්භ වන අතර ලොව පුරා සිටින තෝරාගත් ක්‍රීඩකයන් රාශියක්‌ මේ තරගාවලිය නියෝජනය කරනු ලබයි. එහිදී පාකිස්‌තානයේ සහිඩ් අෆ්රීඩි සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස්‌ ගේල්ද මෙම තරගාවලිය නියෝජනය කිරීමට නියමිතව තිබේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Dhananjaya-de-Silv-main-a-05.jpg

    සිය පියාගේ අභාවය හේතුවෙන් තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වී තිබේ. ධනංජය ද සිල්වාගේ පියා වන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතා 24 දා රාත්‍රියේ කිසියම් අයකු විසින් වෙඩිතබා ඝාතනය කරන ලදි.

    මෙම සංචාරය සඳහා ක්‍රීඩකයන් 17 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම්කර තිබූ බැවින් ධනංජය ද සිල්වා කණ්ඩායමෙන් ඉවත්වූවද සංචාරය සඳහා පිටත්ව යාමට ක්‍රීඩකයෝ 16 දෙනෙක් සිටිති.

    ධනංජයගේ පියාණන් වන රන්ජන් ද සිල්වා මහතා වෙනුවෙන් පවුගේ අය වෙත ශෝකය ප්‍රකාශ කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, සිය පියාගේ අභාවය සම්බන්ධයෙන් ධනංජය නිදහස් කර ඇති බවත් ඔහුට අවශ්‍ය සියලුම සහයෝගය දීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් මෙන්ම ක්‍රිකට් ආයතනයත් සූදානමින් සිටින බවත් පවසයි.

    ධනංජයගේ හිස්තැන පිරවීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශකයකු කීවේ සිය පියාගේ අභාවය සම්බන්ධයෙන් හිත හදාගැනීමෙන් පසුව කණ්ඩායමට එක්වීමේ අවස්ථාව ධනංජයට තිබෙන බවයි.

    ශ්‍රී ලංකා කණ්ඩායම අද (25 වැනිදා) රාත්‍රියේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යෑමට සූදානමින් සිටියේය.

    ශ්‍රී ලංකාව නියොජනය කරමින් ටෙස්ට් තරග 13 කට ක්‍රීඩා කර ඇති ධනංජය, එහිදී ශතක 4 ක් සහ අර්ධ ශතක 2 ක් සමග ලකුණු 1066 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ 44.42 ක සාමාන්‍යක් රඳවාගනිමිනි. මේ වසරේ (2018) ජනවාරි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව රැස්කළ ලකුණු 173 මෙතෙක් ඔහුගේ ඉහළම ටෙස්ට් ඉනිම ලෙසින් සටහන් වේ.
     
    • Like
    Reactions: saja

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    බාබර් අසාම් ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

    3000(4).jpg

    එංගලන්තයට එරෙහිව ලෝඞ්ස් හී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ, දෙවන දිනය සඳහා පන්දුවට පහර දෙමින් සිටි පකිස්තානු පිතිකරු බාබර් අසාම්ගේ වම් අතෙහි අස්ථි බිදී යාමක් නිසා එංගලන්ත සංචාරයෙන් ඉවත් වීමට සිදුව තිබේ.

    මොහොමඞ් අබ්බාස් සහ හසන් අලීගේ දක්ෂ පන්දු යැවීම හමුවේ එංගලන්ත පළමු ඉණිම ලකුණු 184 කට සීමා වූ අතර දෙවන දිනය අවසානයේ පකිස්තානය කඩුලු 8 කට ලකුණු 350 රැස් කරගෙන සිටියේය. බාබර් අසාම් පන්දු 120 කදී හතරේ පහර 10 ක් සමග ලකුනු 68 ක් ලබා සිටියදී ස්ටුවර්ඞ් බ්‍රෝඞ් යැවූ බවුන්සර් පන්දුවට මුවා වීමට ගොස් පන්දුව අතේ වද්දා ගැනීමෙන් ආබාධයට ලක් විය.

    අනතුරෙන් පසුව කරන ලද ස්කෑන් පරීක්ෂණයට අනුව නැවතත් බාබර් අසාම්ට ක්‍රීඩා කිරිමට නම් අවම වශයෙන් සති 6 ක පමණ කාලයක් බලා සිටීමට සිදුවනු ඇතයි වෛද්‍යවරු පවසති.

    තවමත් ටෙස්ට් තරග 13 ක් පමණක් ක්‍රීඩා කර ඇති බාබර් අසාම් රැස් කර ගෙන ඇත්තේ ලකුණු 616 පමණක් වන අතර ඔහුගේ ස්ථානය සඳහා වෙනත් පිතිකරුවෙකු ආදේශ කිරිමට කිසිදු අදහසක් නැතැයි පකිස්තාන ක්‍රිකට් ආයතනය දන්වා තිබේ.

    Ben Skokes :cool: