ක්‍රිකට් පිටිය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    tasara-main.jpg


    බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ විස්සයි 20 ලෝක කණ්ඩායම අතර ලෝඞ්ස්හිදී ඊයේ (31) පැවති ආධාර ක්‍රිකට් තරගයෙන් ලකුණු 72 ක පහසු ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව්වෝ සමත් වූහ. පසුගිය වසර අග භාගයේ කැරිබියන් දූපත් හරහා ඇදී ආ ‘ඉර්මා‘ හා ‘මරියා’ කුණාටු නිසා විනාශයට පත් වූ කැරිබියානු දූපත් සමූහයට අයත් ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩාංගණ නැවත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම වෙනුවෙන් මෙම තරගය පැවැත්විණ.

    ලෝක කණ්ඩායම වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා පන්දු 37 කින් ලකුණු 61 ක් ලබාගත් නමුත් කොදෙව්වන්ගේ අභියෝගය අසළට පැමිණීමට ලෝක කණ්ඩායම අපොහොසත් විය.

    ලකුණු 200 ක ඉලක්කයක් කරා යමින් සිටි ලෝක කණ්ඩායමේ සිවුවැනි කඩුල්ලත් සිවුවැනි ඕවරයේදී බිඳ වැටෙන විට ලකුණු පුවරුවේ සටහන් වූයේ ලකුණු 8 ක් පමණි. ඒ වන විටත් පිටියේ සිටි තිසර පෙරේරාට පාකිස්තානයේ හිටපු නායකයා වූ ෂොයිබ් මලික් එක්විය. එහෙත් පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාව පැවැතියේද ලකුණු 45 ක් දක්වා පමණි.

    අෆ්රීඩි සහ තිසර පෙරේරා වෙත රැඳවුණු බලාපොරොත්තු ලකුණු 93 දී බිඳ වැටීමෙන් පසුව තිසර පිටියේ තනිවිය. එතැන් සිට පන්දු 46 කින් ලකුණු 107 ක් ලබාගත යුතු වූවත් කොදෙව්වන්ට එරෙහිව ප්‍රතිරෝධය පැවැතියේ සුළු වේලාවක් පමණි. සියල්ල ලකුණු 127 දී නිමාවට පත්විය.

    කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි ක්‍රිස් ගේල් සහ එවින් ලුවිස් පළමු කඩුල්ල සඳහා ලකුණු 75ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ එවින් ලුවිස් පන්දු 26 කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 58ක් රැස් කළේය. මාලන් සැමුවෙල් පන්දු පන්දු 22 කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 43 ක් රැස් කරද්දී, දිනේෂ් රැම්ඩීන් පන්දු 25කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමග නොදැවී ලකුණු 44ක් රැස් කරමින් කොදෙව් ඉණිම ශක්තිමත් කළේය.

    අවසන් ඕවර කිහිපය තුළදී පිටියට පිවිසි ඔන්ඩි්‍ර රසල් පන්දු 10 කදී හයේ පහර 3ක් සමග ලකුණු 21 ක් රැස් කලේය.
    කොදෙව් කණ්ඩායමේ කෙස්රික් විලියම්ස් ලකුණු 41කට කඩුලු 3ක් බිද හෙලද්දී, සැමුවෙල් බඞ්රී සහ ඇන්ඩෘ රසල් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.


    nnnn-we-last.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යොවුන් පිලේ 'ගුරුකම' හෂාන්ට


    හිටපු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ නායක හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා වයස අවු. 19 න් පහළ යොවුන් ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ.

    ඒ අනුව මොහු මීළඟ යොවුන් ලෝක කුසලාන දක්‌වා අදාළ පුහුණුකරු ධුරයේ කටයුතු කරනු ලබයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ පුහුණුකරුවෙකු වන හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු ලෙසද කටයුතු කර තිබේ.

    මීට අමතරව ගාලු ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙසත් පළාත් තරගාවලියේ පුහුණුකරු ලෙසත් කටයුතුකර ඇත.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    11138.jpg


    ධනංජයද සිල්වා නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වේ.

    පියාගේ ඝාතනය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් සංචාරයෙන් ඉවත් වූ ධනංජය ද සිල්වා පසුගිය 3 දා කොදෙව් සංචාරයට එක් වීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    SL-WE.jpg


    ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (6දා) ට්‍රිනිඩෑඩ්හිදී ආරම්භ වෙයි.
    ශ්‍රී ලංකා පිල දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවනු ලබන අතර, බටහිර ඉන්දීය කොදෙව් පිල ජේසන් හෝල්ඩර් විසින් මෙහෙයවනු ලබයි.
    මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.
    ටෙස්ට් තරගාවලියට පෙර පැවැති තුන්දින පුහුණු තරගයේදී සාර්ථක පුහුණුවක් ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවන් සහ පන්දු යවන්නන් අද ටෙස්ට් සටනට හොඳ සූදානමකින් පසුවන බව වාර්තා වෙයි.
    පියාගේ අභාවයෙන් පසු කොදෙව් දේශයට ගිය ධනංජය ද සිල්වා අද තරගයට ක්‍රීඩා කිරීම සැක සහිත වන අතර, කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් ඉනිම අරඹනු ඇතැයි වාර්තා වේ.
    මේ අනුව පිතිකරුවන් ලෙස කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, රොෂේන් සිල්වා, ඇන්ජලෝ මැතිව්ස් සහ නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා කරනු ඇතැයි පැවැසේ.
    රංගන සහ දිල්රුවන් හෝ වැන්ඩසේ දඟ පන්දු යවන්නන් ලෙසත්, සුරංග ලක්මාල් සමග ලහිරු කුමාර සහ ලහිරු ගමගේ වේගපන්දු යවන්නන් ලෙසත් ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩකඩ තිබේ.
    කොදෙව් පිතිකරුවන් ලෙස බ්‍රාත්වේට්, ඩ්වේන් ස්මිත්, කිරාන් පවෙල්, රොස්ටන් ච්ෙස්, ෂායි හෝප් සහ ෂේන් ඩොව්රිච් ක්‍රීඩා කරති.
    වේගපන්දු යවන්නන් ලෙස කිමාර් රෝච්, ෂැනොන් ගේබ්‍රියල්, මිගුවල් කමින්ස් සහ ජේසන් හෝල්ඩර් ද දඟ පන්දු යවන්නා ලෙස දේවේන්ද්‍ර බිෂූ ද ක්‍රීඩා කරයි.
    ශ්‍රී ලංකාව සහ කොදෙව් අතර මතෛක් පවත්වා ඇති ටෙස්ට් තරග 17න් 8ක ජය ශ්‍රී ලංකාවටත්, තරග 3ක ජය කොදෙව්වන්ටත් තරග 6ක් ජය පරාජයෙන් තොරව ද අවසන් වී තිබේ.
    කොදෙව් දේශයේ පැවැති ටෙස්ට් තරග 6න් 3ක ජය කොදෙව්වන්ටත්, එක් තරගයක ජය ශ්‍රී ලංකාවටත් හිමිවී ඇති අතර, තරග 2ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

    ශ්‍රී ලංකා සංචිතය
    දිනේෂ් චන්දිමාල් (නායක), මහේල උඩවත්ත, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, ළහිරු ගමගේ, කසුන් රාජිත, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු

    බටහිර ඉන්දීය කොදෙව් සංචිතය
    ජේසන් හෝල්ඩර් (නායක), දේවේන්ද්‍ර බිෂූ, කේ‍ර්ග් බ්‍රාත්වේට්, රොස්ටන් ච්ෙස්, මිගුවල් කමින්ස්, ෂේන් ඩොව්රිච්, ෂැනොන් ගේබ්‍රියල්, ජමාර් හැමිල්ටන්, ෂිම්රොන් හෙට්මයර්, ෂායි හෝප්, කිරාන් පවෙල්, කෙමර් රෝච්, ඩ්වේන් ස්මිත්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එංගලන්තය තරගාවලිය සමකරයි

    main-meng.jpg


    පළමු ටෙස්ට් තරගයේදී ඛේදජනක පරාජයක් ලැබූ නමුත් හෙඩිංග්ලිහිදී පැවති දෙවැනි තරගයේදී ඒ සියලු අඩුපාඩුකම් මකාහළ එංගලන්ත ක්‍රීඩකයෝ පාකිස්තානු පිල පරදවා ඉනිමක සහ ලකුණු 55 ක විශිෂ්ට ජයක් ලබාගත්හ. මෙම ජයග්‍රහණයත් සමගින් 1-1 ක් ලෙසින් තරගාවලිය සම කරගත් එංගලන්ත කණ්ඩායම පිට පිටම අත්විය හැකිව තිබූ තුන්වැනි තරගාවලි පරාජයෙන් ගැලවුණේය.

    මෙය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිටම එංගලන්තය ලබාගත් පළමු වැනි ටෙස්ට් ජයයි.

    ලෝඞ්ස්හිදී පැවැති පළමු තරගයේදී එංගලන්තය අත්කරගත් කඩුලු 9 ක පරාජයෙන් පසුව බොහෝ දෙනාගේ උපකල්පනය වූයේ මෙම තරගාවලියේදීත් එංගලන්තයට දරුණු පරාජයක් අත්වනු ඇති බවයි. එහෙත් දින දෙක හමාරක් වැනි සුළු කාලයකදී පාකිස්තානු පිල සහමුළින්ම අසරණ කර දැමීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

    දෙවැනි දිනය නිමා වන විටත් පාකිස්තානයට වඩා ලකුණු 128 ක් ඉදිරියෙන් සිටි එංගලන්ත පිල තුන්වැනි දින පෙරවරුවේදී සිය වාසිය තවත් වැඩිකරගත්තේය. එංගලන්ත පිල සිය මුල් ඉනිම අවසන් කළේ ලකුණු 189 ක වාසියක් සමගිනි.

    පාකිස්තානු පිතිකරු හමුදාවේ තරමට එය ඒ හැටි කාරණාවක් නොවුණත්‘ පාකිස්තානුවන් කෙරේ කිසිදා බලාපොරාත්තු තැබිය නොහැකිය’ යන්න නැවත වරක් සැබෑවක් කරමින් පාකිස්තානු දෙවැනි ඉනිම ලකුණු 134 කට සීමා වෙද්දී ස්ටුවර්ට් බ්‍රෝඞ් සහ ඩොමිනික් බෙස් දෙදෙනා අතර කඩුලු 6 ක් බෙදී ගියේය. එහෙත් පාකිස්තානු විනාශය ආරම්භ කළේ දෙවැනි ඉනිමේ සිවුවැනි ඕවරය නිමාවීමටත් පෙර අසාර් අලි සහ හැරිස් සොහේල් පිටියෙන් ඉවත් කළ ජේම්ස් ඇන්ඩසන්ය.

    තරගයෙන් පසුව එංගලන්ත නායක ජෝ රූට් කියා සිටියේ පළමු තරගයේ පරාජයෙන් පසුව තමන්ගේ තරම පෙන්වීමට ක්‍රීඩකයන් කිහිප දෙනකුටම ඕනෑකර තිබූ බවයි.

    වසර දෙකකට පසුව නැවතත් එංගලන්ත පිලට කැඳවන ලද ජොස් බට්ලර් අගනා ලකුණු 80 ක් ලබාගනිමින් තරගයේ වීරයා සම්මානයද දිනාගත්තේය.

    පාකිස්තානය - පළමු ඉනිම 174 යි
    එංගලන්තය - පළමු ඉනිම 363 යි

    (ඇලිස්ටෙයාර් කුක් 46, කීටන් ජෙනිංග්ස් 29, ජෝ රූට් 45, ඩොමිනික් බෙස් 49, ඬේවිඞ් මාලන් 28, ජොනී බෙයාර්ස්ටෝ 21, ජොස් බට්ලර් නොදැවී 80, ක්‍රිස් වෝක්ස් 17, සෑම් කරන් 20, මොහොමඞ් අමීර් 72/2, මොහොමඞ් අබ්බාස් 78/2, හසන් අලි 82/2, ෆාහීම් අශ්රෆ් 60/3)

    පාකිස්තානය - දෙවැනි ඉනිම 134 යි
    (අසාර් අලි 11, ඉමාම් උල් හක් 34, උස්මන් සලාවුද්දීන් 33, ජේම්ස් ඇන්ඩසන් 35/2, ස්ටුවර්ට් බ්‍රෝඞ් 28/3, ඩොමිනික් බෙස් 33/3)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සංචාරක ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි කෙදෙව් පිතිකරුවන්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩ ලැබුනේ නැහැ. ආරම්භක පිතිකරු ක්‍රේග් බ්‍රෙත්වැයිට් ලකුණු 03 ක් ලබා සිටියදී තරග නරඹන්නකු බවට පත්කිරීමට සුරංග ලක්මාල් සමත්වුණා. කෙසේ වෙතත් ශායි හෝප් ලකුණු 44 ක් හා නායක ජේසන් හෝල්ඩර් ලකුණු 40 ක් ඉනිමට එක්කළා. දිනය නිමාවන තුරු කඩුල්ලේ නොදැවී රැදී සිටි ශේන් ඩොරික් ලකුණු 46 ක් ලබා ගත්තේ පන්දු 133 ක්ට මුහුණ දෙමින්. පන්දු යැවීමේදී දස්කම් දැක්වූ ලහිරු කුමාර කඩුලු 03 ක් දවා ගත්තා. රංගන හේරත් හා සුරංග ලක්මාල් එක් කඩුල්ල බැගින් ඩැහැ ගත්තා. අද තරගයේ දෙවන දිනයයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දෙපිලේම පිතිකරුවන් කරට කර

    630(581).jpg


    කැරිබියන් දූපත්හී තරග සංචාරයක නිරත ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය ටි්‍රනිඩෑඞ්හී ක්වින්ස් පාර්ක් ඕවල් ක්‍රීඩාංගණයේදී හෙට (6 වැනිදා) ආරම්භවීමට නියමිතව ඇත.

    දෙපිල අතර පළමු ටෙස්ට් තරගය ඇරඹී 1993 වසරේ සිට අවසන් ටෙස්ට් තරගය පැවැති 2015 අතර කාලය තුළ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් තරග 17 කදී හමුවී තිබේ. එහිදි ටෙස්ට් තරග 11 ක් ශ්‍රී ලංකාවේදී ද තරග 6 ක් කැරිබියන් දූපත්හීදීද පවත්වා ඇත.

    දෙපිල අතර පැවැති ටෙස්ට් තරග 17 න් 8 කදී ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්වන විට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ජයගැනීමට හැකිවූයේ තරග 3 ක් පමණි. තරග 6 ක් ජය පරාජයෙන් තොරව අවසන්වී ඇත.

    ශ්‍රී ලංකාව ජයගත් තරග 8 න් තරග 7 ක්ම ශ්‍රී ලංකාවේදී ජයගෙන ඇති අතර කැරිබියන් දූපත්හිදී ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි. ගයනාහී ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේදී ජයගත් තරගය මහේල ජයවර්ධන විසින් මෙහෙයවූ අතර එම තරගයට සහභාගීවූ ක්‍රීඩකයින්ගෙන් මෙවර සංචාරය සඳහා එක්වන්නේ රංගන හේරත් පමණි.

    වේගපන්දු යවන්නන් සඳහා උචිත තණතීරු ලැබුණු බැවින් වමතින් දඟපන්දු යවන රංගන හේරත්ට එම තරගයේදී කඩුල්ලක් දවාගැනීමට අවස්ථාව හිමි නොවීය.

    වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමෙන් කැරිබියන් දූපත්හිදී ටෙස්ට් තරගයකට ක්‍රීඩාකළ එකම ක්‍රීඩකයා රංගන හේරත් වුවද වසර 10 ක් තුළ එහිදී ටෙස්ට් තරගයක් ක්‍රීඩාකළ නොකළ බැවින් ඔහුටද එම ක්‍රීඩාංගණ පිළිබඳව වැඩි අවබෝධයක් තිබිය නොහැකිය.

    කොදෙව් ක්‍රීඩකයින්ට එරෙහිව තරග 12 කට ක්‍රීඩාකළ කුමාර් සංගක්කාර ලකුණු 918 ක් රැස්කර ඇති අතර තරග 12 කදී ලකුණු 748 ක් රැස්කළ මහේල ජයවර්ධන දෙවැනි ස්ථානයේ පසුවන්නේය.

    තරග 9 කදී කඩුලු 59 ක් දවාගත් මුත්තයියා මුරලිදරන් කොදෙව් ක්‍රීඩකයින්ට එරෙහිව වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන්නේය. තරග 3 කදී කඩුලු 18 ක් දවාගැනීමට රංගන හේරත්ට හැකිවිය.

    බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක් ද්විත්ව ශතකයක් (නොදැවී 204) වාර්තාවී ඇති අතර ඊට හිමිකාරත්වය දරන්නේ හෂාන් තිලකරත්නය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක 10 ක් වාර්තාවී ඇති අතර ඉන් ශතක 6 ක් ශ්‍රී ලංකාවේදීද ශතක 4 ක් කැරිබියන් දූපත්හිදී වාර්තාවිය.

    ශ්‍රී ලංකාවට එරෙහිව කොදෙව් පිතිකරුවන් විසින් ශතක 8 ක් ලබාගෙන ඇති අතර ඊට ක්‍රිස් ගේල් විසින් ලබාගත් ත්‍රිත්ව ශතකයකද (333) ඇතුලත්විය. ද්විත්ව ශතක දෙකක් සමගින් ශතක 5 ක් ලබාගැනීමට කොදෙව් කණ්ඩායමේ සිටි ශ්‍රේෂ්ඨ පිතිකරුවකුවූ බ්‍රයන් ලාරාට හැකිවිය.


    daKqWbc.png
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    main-afgan.jpg


    ඉන්දියාවේ දෙහෙරාදූන්හී රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි විස්සයි20 තරගය ජයගනිමින් බංග්ලාදේශයට එරෙහිව 3-0 ක සුද්දයක් දිමට ඇෆ්ගනිස්තානය ඊයේ (7 වැනිදා) සමත්විය. අවසන් ඕවරය යවන ලද රෂීඞ් ඛාන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශයට එරෙහිව ලකුණක තියුණු ජයක් ලැබීමට ඇෆ්ගනිස්තානයට හැකිවිය.

    පසුගිය වසරේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය හිමිවීමෙන් පසුව ඇෆ්ගනිස්තානය ලැබූ පළමු තරගාවලි ජයග්‍රහණය මෙය වන්නේය.

    ජයග්‍රහණය සඳහා ලකුණු 146 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 144 ක් පමණි.

    පස්වැනි කඩුල්ල සඳහා පන්දු 64 කදී ලකුණු 84 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට මුෂ්ෆීකූර් රහිම් සහ මහමුදුල්ලා සමත්වුවද බංග්ලාදේශය ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔවුන්ට නොහැකිවූහ.

    ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට අවසන් ඕවර 2 තුළඳී ලකුණු 30 ක් අවශ්‍යවූ අතර 19 වැනි ඕවරය යවන ලද කරීම් ජානට්ට එරෙහිව හතරේ පහර 5 ක් සමගින් ලකුණු 21 ක් ලබාගැනීමට මුෂ්ෆීකූර් රහිම් සමත්විය.

    අවසන් ඕවරයේ පළමු පන්දුවෙන් ලකුණු 46 ක් රැස්කර සිටි මුෂ්ෆීකූර් රහිම් දවාගැනීමට රෂීඞ් ඛාන් සමත්විය. පන්දු 37 කට මුහුණදුන් මුෂ්ෆීකූර් රහිම්ගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත්විය.

    අවසන් පන්දුවට ලකුණු 4 ක් ලබාගැනීමට තිබුණද ලකුණු 45 ක් රැස්කර සිටි මහමුදුල්ලා දුවද්දී දැවීයාමට හසුවීම නිසා ලබාගැනීමට හැකිවූයේ ලකුණු 2 ක් පමණි. පන්දු 38 කට මුහුණදුන් මහමුදුල්ලාගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

    කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 145 ක් රැස්කිරීමට සමත්විය.

    ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සමිවුල්ලා ශෙන්වාරී පන්දු 28 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 33 ක් රැස් කළේය. අස්ගර් ස්ටැනික්සායි පන්දු 17 කදී හයේ පහර 3 ක් සමගින් ලකුණු 27 ක් ලබාගැනීමට සමත්විය.

    දක්ෂ පන්දු යැවීමක නිරතවූ නස්මුල් ඉස්ලාම් සිය ඕවර 4 ලකුණු 18 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත් අතර අබූ ජයිඞ් ද ලකුණු 27 කට කඩුලු 2 ක් දවාගත්තේය.

    මුෂ්ෆීකූර් රහිම් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගන්නා විට තරගාවලියේ වීරයාට හිමි සම්මානය රෂීඞ් ඛාන්ට හිමිවිය.

    ඇෆ්ගනිස්තානය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 145
    (මොහොමඩු ශසාඞ් 26, අස්ගර් ස්ටැනික්සායි 27, සමිවුල්ලා ශෙන්වාරී නොදැවී 33, නස්මුල් ඉස්ලාම් 18/2, අබූ ජයිඞ් 27/2)

    බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 144
    (මුෂ්ෆීකූර් රහිම් 46, මහමුදුල්ලා 45)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    630(584).jpg


    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පෝර්ට් ඔෆ් ස්පේන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයවූ අද (8 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 125 ක් රැස්කර සිටියේය.

    නිරෝෂන් දික්වැල්ල ලකුණු 25 ක් සහ ඩිල්රුවන් පෙරේරා ලකුණු 4 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.

    දික්වැල්ල සමගින් එක්ව කඩාවැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනගමින් සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 44 කට දවාගැනීමට ෂැනෝන් ගේබි්‍රයෙල් සමත්විය. රොස්ටන් චේස් අතට උඩපන්දුවක් දෙමින් චන්දිමාල් දැවීයන විට නිරෝෂන් දික්වැල්ල සමගින් පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 78 ක සම්බන්ධතාවයක් ගොඩනගා තිබුණි.


    ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 12 ක් එක්වන විටදී අද දින පළමු කඩුල්ල ලෙස රොෂේන් සිල්වා දවාගැනීමට කෙමාර් රෝච් සමත්විය. කෙමාර් රෝච් පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් රොෂේන් සිල්වා දැවීයන විට ඔහු රැස්කර සිටියේ ලකුණු 5 ක් පමණි.

    තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (7 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලබා සිටියේ ලකුණු 31 ක් පමණි. පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකා පිල තවත් ලකුණු 289 ක් ලබාගත යුතුවන නමුත් ශ්‍රී ලාංකිකයන් සතුව ඇත්තේ කඩුලු 5 ක් පමණි.


    බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම
    ක්‍රෙග් බ්‍රැත්වෙයිට් - ඇ.දික්වැල්ල ප.ලක්මාල් 3
    ඩෙවොන් ස්මිත් - දුවද්දී දැවී ගියා 7
    කිරන් පවෙල් - ප.කුමාර 38
    ෂායි හෝප් - ඇ.දික්වැල්ල ප.කුමාර 44
    රොස්ටන් චේස් - ඇ.මැතිව්ස් ප.හේරත් 38
    ෂේන් ඩව්රිච් - නොදැවී 125
    ජේසන් හෝල්ඩර් - ඇ.දික්වැල්ල ප.කුමාර 40
    දේවේන්ද්‍ර බිශූ - ඇ.සිල්වා ප.ලක්මාල් 40
    කෙමාර් රෝච් - ඇ.චන්දිමාල් ප.කුමාර 39
    මිගෙල් කමින්ස් - නොදැවී 0
    අතිරේක (බ-14, පා-20, නි-4, ව-2) 40
    එකතුව (ඕවර 154 කදී කඩුලු 8 ක් දැවී ) 414

    කඩුලු වැටීම
    1-04(බ්‍රැත්වෙයිට්), 2-40(ස්මිත්), 3-80(පවෙල්), 4-134(හෝප්), 5-147(චේස්), 6-237(හෝල්ඩර්), 6-237(හෝල්ඩර්), 7-339(බිශූ), 8-414(රෝච්)
    පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ
    ෂැනෝන් ගේබ්‍රියෙල්

    පන්දු යැවීම
    සුරංග ලක්මාල් 29-11-55-2
    ළහිරු ගමගේ 26-6-67-0
    ඩිල්රුවන් පෙරේරා 35-5-84-0
    ළහිරු කුමාර 31-4-95-4
    රංගන හේරත් 32-9-67-1
    කුසල් මෙන්ඩිස් 1-0-12-0

    ශ්‍රී ලංකාව - පළමු ඉනිම
    කුසල් මෙන්ඩිස් - ඇ.හෝල්ඩර් ප.ගේබ්‍රියෙල් 4
    කුසල් පෙරේරා - ඇ.චේස් ප.රෝච් 0
    දිනේෂ් චන්දිමාල් - ඇ.චේස් ප.ගේබ්‍රියෙල් 44
    ඇන්ජලෝ මැතිව්ස් - ඇ.චේස් ප.හෝල්ඩර් 11
    රොෂේන් සිල්වා - ප.රෝච් 5
    නිරෝෂන් දික්වැල්ල - නොදැවී 25
    ඩිල්රුවන් පෙරේරා - නොදැවී 4
    අතිරේක (පා-4, නි-1, ව-7) 32
    එකතුව (ඕවර 36 කදී කඩුලු 5 ක් දැවී ) 125

    කඩුලු වැටීම
    1-2(කුසල් පෙරේරා), 2-16(මෙන්ඩිස්), 3-30(මැතිව්ස්), 4-43(සිල්වා), 5-121(චන්දිමාල්)
    පන්දුවට පහර දීමට සිටින ක්‍රීඩකයෝ
    රංගන හේරත්, සුරංග ලක්මාල්, ළහිරු ගමගේ, ළහිරු කුමාර

    පන්දු යැවීම
    කෙමාර් රෝච් 10-3-34-2
    ෂැනෝන් ගේබ්‍රියෙල් 9-0-34-2
    මිගෙල් කමින්ස් 7-1-13-0
    ජේසන් හෝල්ඩර් 7-1-15-1
    දේවේන්ද්‍ර බිශූ 3-0-7-0

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    "අපි වැරදියි, අංක තුනට ධනංජය ගේනවා" - පැරදුණු පසු චන්දිමාල් කියයි

    බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයෙන් ලකුණු 225 ක පරාජයක්‌ ලැබුවේ කණ්‌ඩායමේ වැරදි ක්‍රීඩා විලාශය හේතුවෙන් බව ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ නායක දිනේෂ් චන්දිමාල් පවසයි.

    "අපි වැරදියි. පන්දුවට පහර දීමේදී අපි හරියට කළේ නැහැ. ඒ වගේම පළමු දිනයේදී පන්දු රැකීමේදී අපේ අතින් අඩුපාඩු සිදුවුණා. ළහිරු කුමාර ඉතාමත් හොඳින් මේ තරගයේදී පන්දු යෑව්වා. ඒ වගේම කුසල් මෙන්ඩිස්‌ගේ ඉනිම විශිෂ්ටයි. ඒ හැරුණු කොට අනිත් වැරදි සියල්ලම නිවැරදි කරගෙන ඊළඟ තරගයට ලෑස්‌ති වෙන්න ඕන. මොකද අපි මේ තරගාවලිය ඉලක්‌ක කරමින් කොළඹින් පිට දවස්‌ පහක පුහුණුවක්‌ ලබලා තමයි මෙහි ආවේ." යනුවෙන් චන්දිමාල් පවසයි.

    දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය දිවා රාත්‍රී තරගයක්‌ වශයෙන් ලබන 14 වැනිදා ශාන්ත ලුසියා හී ආරම්භ වීමට නියමිතය. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වෙනස්‌කම් කිහිපයක්‌ සිදුවීමට අපේක්‍ෂා වුවද අංක තුන පිතිකරු ස්‌ථානයට ධනංජය ද සිල්වා ක්‍රීඩා කරවීමට ශ්‍රී ලංකා නායකයා සූදානමින් සිටියි.

    "ධනංජය අන්තිම තරග කිහිපයේදී කණ්‌ඩායමේ අංක තුන පිතිකරු ලෙස හොඳ සේවයක්‌ කළා. ඔහුට ඊළඟ තරගයේදී අවස්‌ථාවක්‌ ලැබෙයි."

    කෙසේ වෙතත් පළමු ටෙස්‌ට්‌ තරගයට ශ්‍රී ලංකා කණ්‌ඩායම පිතිකරුවන් හය දෙනකු සමග අවතීර්ණ වීමද පරාජයේ ප්‍රධාන හේතුවක්‌ විය. පළමු ඉනිමේදී ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු හය ලකුණු 64 කට දැවී ගිය අතර දෙවැනි ඉනිමේදී අවසන් කඩුලු හය ලකුණු 37 කට දැවී ගියේය. පිතිකරුවන් හත් දෙනකු සමග තරගයට පිවිසියේ නම් ප්‍රතිඵලය මීට වඩා වෙනස්‌වීමට ඉඩ තිබු බව විචාරකයන්ගේ මතය වී තිබේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ශ්‍රී ලංකාව පසු පාදයේ ඇරඹුමක

    පළමු තරගයේදී ලද ඛේදජනක පරාජයෙන් පසුව දෙවැනි තරගයේදී හිස ඔසවන්නේ කෙසේද යන්න සිතමින් සිටි ශ්‍රී ලංකා පිලට වැදුණේ තවත් මරු පහරකි. දෙවැනි තරගයේදී ඔවුන්ට සිදුවන්නේ ඇන්ජලෝ මැතිව්ස්ගේ සේවයත් අහිමි කරගන්නටය. සෝබර්ස් - තිසේරා කුසලාන තරගාවලියේ දෙවැනි තරගය හෙට (14 වැනිදා) ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

    පළමු තරගය ලකුණු 226 කින් ජයගත් කොදෙව්වන් මෙම තරගයට පිවිසෙන්නේ 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිට නමුත් ශ්‍රී ලංකා පිලට සිදුව තිබෙන්නේ කණ්ඩායමේ පළපුරුදුම පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස් සහ ළහිරු ගමගේ යන දෙදෙනාගේම සේවය අහිමි වී තිබේ.

    මැතිව්ස් පෞද්ගලික හේතුවක් මත ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙයි. පළමු ටෙස්ට් තරගයේ පිතිහරඹයේ යෙදී සිටියදී පන්දුවක් වැදීමෙන් ළහිරු ගමගේගේ ඇඟිල්ලක අස්ථියක් පුපුරා යාමෙන් ඔහුට නැවතත් සියරට පැමිණීමට සිදුව තිබේ. මැතිව්ස් සහ ළහිරු වෙනුවට ධනංජය ද සිල්වා සහ දසුන් ශානක කණ්ඩායමට කැඳවා ඇතත් දසුන් ශානකට අද තරගයේදී ස්ථානයක් ලැබේවිද යන්න සැක සහිතය.

    ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට යද්දී බොහෝ දෙනාගේ අපේක්‍ෂාව වූයේ කොදෙව් පිල අමාරුවේ වැටෙනු ඇති බවයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලීන ටෙස්ට් තරග වාර්තාව ඊට පාදක විය. එහෙත් සිදුවූයේ අනෙකකි. තරගයේ පළමු දිනයේ සිටම ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූයේ තමන්ගෙන් වූ වැරදි මකා ගැනීම සඳහා උත්සාහ ගැනීමට මිස ප්‍රතිවාදීන් පීඩනයට පත්කිරීමට නොවේ. එහෙත් ශ්‍රී ලංකා පිලේ අතපසු වීම් වලින් හොඳ ප්‍රයෝජන ගත් කොදෙව්වෝ සංචාරකයන්ව මහත් පීඩනයට පත්කළහ.

    මැතිව්ස් නොමැතිවීමෙන් අසීරුතාවට පත්වන්නේ ශ්‍රී ලංකා පිල පමණක් නොවේ. නායක චන්දිමාල්ටද උපක්‍රමයක් සැලසුම් කරගැනීම සඳහා කතාබහ කිරීමට හෝ පිටිය මැද සිටි මැතිව්ස්ගේ සේවය නැතිව යයි. රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා හැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම එහෙම පිටින්ම නවක කණ්ඩායමකි.

    පළමු තරගය ජයගත් කොදෙව් පිල මෙම තරගයේදීත් එදා යොදාත් 11 දෙනාම යොදාගැනීමට ඉඩ තිබේ. එහි වඩාත්ම කුතුහලය දනවන කාරණය වන්නේ අද තරගය සඳහාත් කොදෙව් පිල වේග පන්දු යවන්නන් සිවු දෙනකු යොදාගනීවිද යන්නයි. පළමු තරගයේදී වේග පන්දු යවන්නන් සිවු දෙනකු යොදාගත් කොදෙව් පිල වෙනුවෙන් දඟ පන්දු යැවීම සඳහා දේවේන්ද්‍ර බිෂූ සහ රොස්ටන් චේස් සිටියහ. ශාන්ත ලුසියාවෙන් ලැබෙන ආරංචි අනුව තරගයේ දින පහේදීම වර්ෂාව අපේක්‍ෂා කළ හැකි බැවින් මෙම තරගයේදී කාසියේ පෙරළිය මහත් වාසියක් වනු ඇත.


    ශ්‍රී ලංකා සංචිතය
    දිනේෂ් චන්දිමාල් (නායක), මහේල උඩවත්ත, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, කසුන් රාජිත, සුරංග ලක්මාල්, ළහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු

    බටහිර ඉන්දීය කොදෙව් සංචිතය
    ජේසන් හෝල්ඩර් (නායක), දේවේන්ද්‍ර බිෂෝ, ඩෙවොන් ස්මිත්, ක්‍රේග් බ්‍රැත්වේට්, කිරන් පවෙල්, රොස්ටන් චේස්, මිගෙල් කමින්ස්, ෂේන් ඩව්රිච්, ෂැනෝන් ගේබි්‍රයෙල්, ජමාර් හැමිල්ටන්, ශිම්රන් හෙට්මියර්, ශේයි හෝප් සහ කේමර් රෝච්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    චන්දිමාල්ගෙන් සටන්කාමී ශතකයක්

    දිනේෂ් චන්දිමාල්ගේ සටන්කාමී ශතකය හේතුවෙන් බටහිර ඉන්දීය දූපත් පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ආරම්භක දිනය නිමාවීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 253 ක් ලබාගත්තේය. දිනයේ ක්‍රීඩාව අවසන් වන විට කොදෙව් කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 02 ක් ලබා සිටියේය.

    සෝබර්ස් - තිසේරා කුසලාන තරගාවලියේ දෙවැනි තරගය වන මෙම තරගය ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 226 ක ජයක් ලබාගත් කොදෙව් පිල මේ වන විටත් තරගාවලියේ 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටී.
    තරගයේ පළමු දිනයේ ගෞරව සම්පූර්ණයෙන්ම අත්පත්කරගන්නා ලද්දේ ෂැනන් ගේබි්‍රයෙල් විසිනි. සිය කණ්ඩායම වෙනුවෙන් වෙහෙසකර පන්දු යැවීමක නිරත වූ වේග පන්දු යවන්නා ලකුණු 59 කට කඩුලු 5 ක් දවාගත්තත් ශ්‍රී ලංකා නායකයාද ඔහුට නොදෙවනි සටනක නිරත විය. කණ්ඩායමේ පළපුරුදුම ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරෙරා යන තිදෙනාම නැතිව තරගයට පිවිස, අති විශිෂ්ට ආත්ම විශ්වාසයක් පෙන්නුම් කරමින් නොදැවී ලකුණු 119 ක් ලබාගැනීමට චන්දිමාල් සමත් වූයේය.

    ලකුණු 14 ක් ලබා සිටියදී ඩෙවොන් ස්මිත්ට දුන් උඩපන්දුව අතහැරීමෙන් නිසි ප්‍රයෝජන ගත් ශ්‍රී ලංකා නායකයා සිය 11 වැනි ටෙස්ට් ශතකය ලබාගත්තේ එය හතරේ පහර 10 කින් සහ හයේ පහරකින් සමන්විත කරමිනි. පැය 5 ක් පුරා පිටියේ රැඳුනු චන්දිමාල් පන්දු 186 කට මුහුණ දුන්නේය.

    පසුපෙළ පිතිකරුවන් සාර්ථක නොවූවද බලාපොරොත්තු තැබිය හැකි අවසන් පිතිකරුවා වූ නිරෝෂන් දික්වැල්ල දැවී යාමෙන් පසුවත් චන්දිමාල් නොසැලී ඉදිරියට ගියේය. දික්වැල්ලගේ දැවීයාමත් ඉනිමේ නිමාවත් අතර එක්වූ ලකුණු සංඛ්‍යාව 74 ක් වූවත් චන්දිමාල් හැර සෙසු පිතිකරුවන් සිවුදෙනාටම ලබාගත හැකිවූයේ ලකුණු 16 ක් පමණි.

    ශ්‍රී ලංකා තේරීම් කමිටුව මෙම තරගයේදී දැඩි තීරණ දෙකක්ම ගනිමින් රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා යන දෙදෙනාම බංකුවේ තැබූහ. වේග පන්දු යවන්නන් තිදෙනකු කණ්ඩායමට එක්කළ ශ්‍රී ලංකා තේරීම් කමිටුව ඩිල්රුවන් වෙනුවට අකිල ධනංජය කණ්ඩායමට කැඳවා තිබිණ. කෙසේ වෙතත් රංගන හේරත් බංකුවේ තැබීමට හේතුව පළමු තරගයේදී ඔහුට කඩුලු දවාගැනීමට නොහැකිවීමද නැතහොත් තරගාවලියට පෙර කියා සිටි පරිදිම තරග තුනෙන් එකකදී ඔහුට විවේකය දීමද යන්න පැහැදිළි නැත.

    කෙසේ වෙතත් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීම තෝරාගත් ශ්‍රී ලංකා නායකයාට නම් ලබාගත් ලකුණු සංඛ්‍යාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි වනු ඇත. කෙමර් රෝච් කඩුලු 4 ක් දවාගත් නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන් වඩාත් අපහසුතාවට පත්කරන ලද්දේ ගේබි්‍රයෙල් විසිනි. අධිවේගී පන්දු යැවීමක නිරත වූ මේ හැඩිදැඩි ක්‍රීඩකයා මහේල උඩවත්තගේ මෙන්ම ධනංජය ද සිල්වාගේත් ඉනිම නිමා කළේය. වරෙක ධනංජය ද සිල්වාගේ වැළමිටේත් පන්දුව වැදීමෙන් පිතිකරුවා මහත් අපහසුතාවට පත්වූ නමුත් පරීක්‍ෂණ වලින් හෙළිදරව් වූයේ එහි බරපතළ තත්ත්වයක් නැති බවයි.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් ලැබ වසර 10 ක් පුරා ටෙස්ට් පිලට එක්වීමට සිහින දකිමින් සිටි මහේල උඩවත්තට සිය මංගල ටෙස්ට් ඉනිමේදී එකම ලකුණක් හෝ ලබාගත නොහැකි විය. පියාගේ හදිසි අභාවය හේතුවෙන් පළමු ටෙස්ට් තරගයට සහභාගි වීමට නොහැකි වූ ධනංජය ද සිල්වාට ලබාගත හැකිවූයේ ලකුණු 12 කි.

    ඉදිරිපෙළ පිතිකරුවන් එකා පසුපස එකා දැවී යද්දී ජේසන් හෝල්ඩර්ගේ පන්දු හමුවේ පිට පිටම හතරේ පහර 3 ක් ගැසීමට කුසල් පෙරේරා ඉදිරිපත් වූ නමුත් ටෙස්ට් පිටියේදී එවන් ආක්‍රමණශීලී පියවර දිගටම පවත්වාගෙ යා නොහැක. ඊළඟ ඕවරයේදී ස්ලිප් හි සිටි හෝල්ඩර්ම වමත් පිතිකරුවාගේ උඩපන්දුව රැකගත්තේ ඔහුගේ ඉනිම ලකුණු 32 දී අවසන් කරමිනි.

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පළාත් එක්දින ශූරතාව ගාල්ලට

    උපුල් තරංගගේ (124) විශිෂ්ට පිතිහරඹය හමුවේ අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ගාල්ල කණ්ඩායම අද (10 වැනිදා) සමත්විය. ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී කොළඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 75 ක ජයක් හිමිකර ගැනීමට ගාල්ල කණ්ඩායමට හැකිවිය.

    ජයග්‍රහණය සඳහා ලකුණු 321 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායමට ඕවර 44.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 245 ක් පමණි.

    දෙවැනි කඩුල්ල සඳහා පන්දු 47 කදී ලකුණු 56 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ශෙහාන් ජයසූරිය සහ කමිඳු මෙන්ඩිස් වේගවත් ලකුණු රැස්කිරීමක නිරතවෙමින් ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු වේගය රඳවා ගත්තද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් තරගය පරාජයට පත්විය.

    ශෙහාන් ජයසූරිය පන්දු 40 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 51 ක් රැස්කළ අතර කමිඳු මෙන්ඩිස් පන්දු 38 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 41 ක් රැස්කළේය.

    පසුපෙළ පිතිකරුවන් කොළඹ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සහ කළද ගාල්ල පන්දු යවන්නන්ගෙන් ඊට ඉඩක් නොලැබුණි.

    පන්දුවෙන් දස්කම් දැක්වූ මාලින්ද පුෂ්පකුමාර සහ නිෂාන් පිරීස් කඩුලු 3 බැගින් දවාගත් අතර දසුන් ශානක කඩුලු 2 බැගින් දවාගත්තේය.

    පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ඕවර 50 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 320 ක් රැස්කළේය.

    නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ උපුල් තරංග ගාල්ල කණ්ඩායම ලකුණු 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට දායකවිය. පන්දු 122 කට මුහුණදුන් තරංග හයේ පහර 3 ක් සහ හතරේ පහර 13 ක් සමගින් ලකුණු 124 ක් රැස්කළ අතර පන්දු 100 කදී ලකුණු ලබාගැනීමේ වේගය 101.63 ක් විය.

    සිය නායකයාට අනගි සහයක් ලබාදුන් සධීර සමරවික්‍රම අර්ධ ශතකයක් රැස්කරමින් උපුල් තරංග සමගින් දෙවැනි කඩුල්ල සඳහා පන්දු 135 කදී ලකුණු 125 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය. පන්දු 71 කට මුහුණදුන් සධීර හතරේ පහර 4 ක් සමගින් ලකුණු 62 ක් රැස්කළේය.

    දසුන් ශානක ලකුණු 31 ක් ලබාගත් අතර අවසන් මොහොතේ පන්දුවට පහරදීමට පැමිණි චතුරංග ද සිල්වා (26) සහ භනුක රාජපක්ෂ (29) වේගවත් පිතිඹයක නිරත වෙමින් ගාල්ල කණ්ඩායමේ ලකුණු මට්ටම ඉහළ දැමීමට සමත්වූහ.

    කොළඹ කණ්ඩායමේ නායක තිසර පෙරේරා පන්දු යවන්නන් හත්දෙනෙකු යොදාගත්තද ගාල්ල කණ්ඩායමේ පිතිකරුවන් මෙල්ල කිරීමට අපොහොසත් විය. කඩුලු 4 ක් දවාගත්තද පහරපිට පහරකෑ ලක්ෂාන් සඳකැන් යවන ලද ඕවර 10 තුලදී ලකුණු 66 ක් උදුරා ගැනීමට ගාල්ල පිතිකරුවෝ සමත්වූහ.

    පළමු වර කාසියේ වාසිය උරගා බැලීමේදී ගාල්ල කණ්ඩායමේ නායක උපුල් තරංග කාසියේ වාසිය ජයග්‍රහණය කළද උඩදැමූ කාසිය බිම පතිතවීමට පෙර රුපවාහිනී නිවේදකයාගේ මයික්‍රෆෝන වයරයේ වැදුනේ යැයි කොළඹ කණ්ඩායමේ නායක තිසර පෙරේරා ඊට විරෝධය පෑවේය.

    ඒ පිළිබඳව නායකයින් දෙපළ සහ තරග තීරකවරයා අතර පැවැති සුළු සංවාදයකින් අනතුරුව කාසියේ වාසිය නැවත උරගා බැලීමට තරග තීරක මනෝජ් මෙන්ඩිස් මහතා තීරණය කළේය. දෙවැනි වරටත් කාසියේ වාසිය උරගා බැලු අතර නැවත වරක් කාසියේ වාසිය දිනාගත් ගාල්ල කණ්ඩායමේ නායක උපුල් තරංග පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.


    AAAA(19).jpg