ක්‍රිකට් පිටිය

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    arajuna666.jpg


    1996 ලෝක ක්‍රිකට්‌ ශූරතාව දිනු කණ්‌ඩායමේ සාමාජිකයන් සහ හිටපු ක්‍රිකට්‌ ක්‍රීඩකයන් එක්‌ව පවත්වනු ලබන "මයි ඩෑඩ් මයි සුපර් ස්‌ටාර්" ක්‍රිකට්‌ තරගාවලිය ලබන මස පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    අර්ජුන රණතුංගගේ උපදේශකත්වය යටතේ පවත්වන මෙම තරගාවලිය සඳහා කණ්‌ඩායම් 18 ක්‌ තරග වදින අතර සෑම කණ්‌ඩායමකට 96 ලෝක ශූර කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ගේ නායකත්වය යටතේ තරග වදිනු ලබයි. තරගාවලියට සහභාගි විය හැක්‌කේ පියවරුන්ට පමණක්‌ වීමද විශේෂත්වයකි.

    "ළමයි වෙනුවෙන් තාත්තලා ගොඩක්‌ මහන්සි වෙනවා. ඒ නිසා තාත්තලා වෙනුවෙන්ම තමයි මේ ක්‍රිකට්‌ තරගාවලිය සංවිධානය වෙන්නෙ." යෑයි 96 කණ්‌ඩායම් නායක අර්ජුන රණතුංග තරගාවලිය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

    තරගාවලියේ සන්නාම කළමණාකරු ලෙස චමින්ද වාස්‌ පත්කර ඇති අතර අසංක ගුරුසිංහ, සනත් ජයසුරිය, උපුල් චන්දන, රවීන්ද්‍ර පුෂ්පකුමාර, හෂාන් තිලකරත්න ඇතුළු ක්‍රිකට්‌ ක්‍රීඩකයන් රාශියක්‌ මෙම තරගාවලිය සඳහා එකඟතා ගිවිසුම් අත්සන් කර තිබේ.

    තරගාවලියට සහභාගි වන හිටපු ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගෙන් කොටසක්‌ ඡායාරූපයේ දැක්‌වේ.


    දැන් ඉතින් අපිට දෙයියනේ කියල ක්‍රිකට් බලනවානම් මෙහෙම මැච් එකක් තමයි බලන්න වෙලා තියෙන්නේ :(
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සඳහා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත.

    අගෝස්තු 21 වැනිදා ආරම්භවන තරගාවලිය සැප්තැම්බර් 2 වැනිදා දක්වා කොළඹ ආර්.ප්‍රේමදාස, රංගිරි දඹුල්ල සහ පල්ලේකැලේ යන ක්‍රීඩාංගණ වලදී පැවැත්වේ. දිවා සහ රාත්‍රී ලෙස දිනකට තරග 2 ක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.

    කොළඹ, දඹුල්ල, ගාල්ල, මහනුවර ලෙස කණ්ඩායම් 4 ක් තරගාවලියට ඉදිරිපත් කර ඇති අතර ඒ ඒ කණ්ඩායම් මෙහෙයවීමේ වගකීම පිළිවෙලින් දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, සුරංග ලක්මාල් සහ ඇන්ජලෝ මැතිව්ස් වෙත හිමිවී තිබේ. උපුල් තරංග කොළඹ කණ්ඩායමේත්, ඩිල්රුවන් පෙරේරා දඹුල්ල කණ්ඩායමේත්, දිමුත් කරුණාරත්න ගාල්ල කණ්ඩායමේත්, දසුන් ශානක මහනුවර කණ්ඩායමේත් උපනායකයින් ලෙස පත්කර ඇත.

    මෙම තේරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා පවසා ඇත්තේ මෙවන් අදහසකි.

    මේ තේරීම් වල ප්‍රතිපත්තිය නම් වටහා ගැනීම අසීරුයි......ජාතික තේරීම් කමිටු නිලධාරීන් විසින් ප්‍රාදේශීය කණ්ඩායම් තෝරාගන්නා විට සිද්ධවෙන්නේ මේක තමයි...මේ හින්දා තමයි වෙනස් ආකාරයක සැකැස්මක් සහිතව, ප්‍රාදේශීය තේරීම් කමිටුවක් අවශ්‍ය වෙන්නේ..තරුණ ක්‍රීඩකයන්ට අත්දැකීම් ලබාගන්න නම් පළපුරුදු ක්‍රීඩකයනුත් කණ්ඩායමේ ඉන්න ඕනෑ..........යයි මහේල ජයවර්ධන පවසා තිබිණ.

    ජේෂ්ඨ ක්‍රීඩකයින් සමගින් ක්‍රීඩාකර නවක ක්‍රීඩකයින්ට අත්දැකීම් ලබාගැනීම සඳහා පළමු වරට මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා වයස 19 පහළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රිඩකයින් තිදෙනා බැගින් සංචිතයට එක්කර ඇති අතර අවසන් 11 දෙනා තේරීමේදී අනිවාර්යෙන් 19 න් පහළ ක්‍රීඩකයකු කණ්ඩායමට ඇතුළත් කරගත යුතු බව තේරීම් කමිටු නිළධාරී එරික් උපශාන්ත මහතා පැවසීය. නවක ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදීම සඳහා ජේෂ්ඨ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු මෙවර තරගාවලියට එක්කර ගැනීමට නොහැකිවූ බවත් ඔවුන්ව මඟහැරී නොමැති බවත් ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලී ද සිල්වා මහතා පැවසීය.

    ලකුණු අතර නොමැති ක්‍රීඩකයින්ට සහ නවක ක්‍රීඩකයින්ට දස්කම් දක්වමින් ජාතික කණ්ඩායම සමගින් එක්වීමට අවස්ථාවක් ලැබෙන බව ශ්‍රී ලංකා ටේස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.

    සෑම කණ්ඩායමක්ම ප්‍රතිවාදී කණ්ඩායම් 3 සමගින් තරග 2 බැගින් ක්‍රීඩාකළ යුතු අතර ප්‍රසාද ලකුණු සටහන අනුව පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක සැප්තැම්බර 2 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනු ඇත.

    තරගාවලිය ජයගන්නා කණ්ඩායමට රුපියල් මිලියන 2 ක මුදලක් සහ අනුශූරතාවය හිමිකර ගන්නා කණ්ඩායමට රුපියල් මිලියන 1.5 ක මුදලක් හිමිවන බව තරගාවලි අධ්‍යක්‍ෂක සජිත් ප්‍රනාන්දු මහතා පැවසීය.



    තරග කාලසටහන

    ■ අගෝස්තු 21
    කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී (ප.ව 2.00)
    මහනුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී (ප.ව 7.00)

    ■ අගෝස්තු 22
    කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී (ප.ව 2.00)
    ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී (ප.ව 7.00)

    ■ අගෝස්තු 25
    ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී (ප.ව 2.00)
    කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී (ප.ව 7.00)

    ■ අගෝස්තු 26
    කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී (ප.ව 2.00)
    මහනුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී (ප.ව 7.00)

    ■ අගෝස්තු 29
    ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී (ප.ව 2.00)
    කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී (ප.ව 7.00)

    ■ අගෝස්තු 30
    ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී (ප.ව 2.00)
    කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී (ප.ව 7.00)

    ■ සැප්තැම්බර් 2
    අවසන් තරගය - ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී (ප.ව 7.00)





    කොළඹ කණ්ඩායම
    දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග (උපනායක), මහේල උඩවත්ත, අවිශ්ක ප්‍රනාන්දු, සචිත්‍ර සේරසිංහ, සම්මු අශාන්, ලසිත් අබේරත්න, කමිඳු මෙන්ඩිස්, චතුරංග ද සිල්වා, අකිල ධනංජය, ලසිත් ඇඹුල්දෙණිය, අශේන් බණ්ඩාර, නුවන් ප්‍රදීප්, අසිත ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, රශ්මික දිල්ශාන්, ප්‍රියමාල් පෙරේරා, ජීවන් මෙන්ඩිස්, විශ්ව චතුරංග, ළහිරු මදුශංක, නිම්සර අත්තනගල්ල, ගජබා පිටිගල මහතා (කළමණාකරු) සහ අවිෂ්ක ගුණවර්ධන මහතා (ප්‍රධාන පුහුණුකරු)


    මහනුවර කණ්ඩායම
    ඇන්ජලෝ මැතිව්ස් (නායක), දසුන් ශානක (උපනායක), සඳුන් වීරක්කොඩි, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, ධනංජය ලක්ෂාන්, ළහිරු තිරිමාන්න, සචිත් පතිරණ, නිසල තාරක, මාලින්ද පුෂ්පකුමාර, ජනක සම්පත්, ප්‍රවින් ජයවික්‍රම, විශ්ව ප්‍රනාන්දු, ලසිත් මාලිංග, තීක්ෂිල ද සිල්වා, නිපුන් රංසික, භානුක රාජපක්ෂ, ජනිත් සිල්වා, චාමික කරුණාරත්න, ළහිරු ගමගේ, කවීශ අංජුල, ප්‍රියන්ත උදයරත්න මහතා (කළමණාකරු), පියල් විජේතුංග මහතා (ප්‍රධාන පුහුණුකරු)


    දඹුල්ල කණ්ඩායම
    තිසර පෙරේරා (නායක), ඩිල්රුවන් පෙරේරා (උප නායක), සධීර සමරවික්‍රම, රුවිඳු ගුණසේකර, අශාන් ප්‍රියංජන්, රමේෂ් මෙන්ඩිස්, මිනෝද් භානුක, නිපුන් කරුණානායක, වනිඳු හසරංග, රමිත් රඹුක්වැල්ල, ඉසුරු උදාන, ලක්ෂාන් සඳකැන්, අමිල අපෝන්සු, ශෙහාන් මදුශංක, දිලේෂ් ගුණරත්න, ධණුෂ්ක ගුණතිලක, විකුම් සංජය, කේ.කෙවින්, නවනිඳු ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, ඉරෝෂ් සමරසූරිය, විනෝදන් ජෝන් මහතා (කළමණාකරු), සුමිත්‍ර වර්ණකුලසූරිය මහතා (ප්‍රධාන පුහුණුකරු)


    ගාල්ල කණ්ඩායම
    සුරංග ලක්මාල් (නායක), දිමුත් කරුණාරත්න (උප නායක), නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා, අසේල ගුණරත්න, ඕෂධ ප්‍රනාන්දු, ජෙහාන් ඩැනියල්, ධනංජය ද සිල්වා, ප්‍රභාත් ජයසූරිය, ජෙෆ්රි වැන්ඩසේ, නිශාන් පිරීස්, ළහිරු කුමාර, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර, විමුක්ති පෙරේරා, ළහිරු මිලන්ත, නිශාන් මතුස්ක, මොහොමඞ් ඩිල්ශාඞ්, කසුන් මඳුශංක, සහන් ආරච්චිගේ, නලින්ද ඉලංගකෝන් මහතා (කළමණාකරු), රෝයි ඩයස් මහතා (ප්‍රධාන පුහුණුකරු)