ක්‍රිකට් සහ දේශපාලනය

hasithazone

Junior member
  • Dec 24, 2009
    105
    14
    18
    අල්ලපු ගෙදර
    ක්‍රිකට් සහ දේශපාලනය

    පසු ගියදා ශ්‍රී ලOකාව ඉන්දියාව හමුවේ පරාද වීම අප කාටත් හද රිදුම් දුන් අවස්ථාවක් විය. ඇතමුන් කුලසේකරගේ උඩ පන්දුව රැක ගත්තානම් තරඟය ජයග්‍රහණය කිරීමට ඉඩ තිබුණා යැයි පවසයි. කෙසේ නමුත් කුලසේකරගේ පිටටම පමනක් වැරැදිද දැමිය නොහැකිය. ඇත්තෙන්ම අපගේ කණ්ඩායමට වඩ හොඳින් ඊයේ ඉන්දීය කණ්ඩායම තරඟ වැදුණි. ඉන්දියාවේ ප්‍රේක්ෂකයින්ගෙන් ලද පීඩනයත් සමග මහේල, සOගා ඇතුළු කණ්ඩායම හොඳින් තරඟ වැඩුණි. නමුත් එය ශ්‍රී ලOකාවේ උපරිම දස්කම් පෙන්වූ තරඟයක් නොවීය. මහේල මෙන් තවත් එක් ක්‍රීඩකයෙන් හෝ හොන්දින් පන්දුවට පහරදී පන්දු යැවීම තවත් ටිකක් හොන්දින් කළා නම් ශ්‍රී ලOකාව ජයග්‍රහණය කිරීම නිසැකය. නමුත් අපට අමතක නොකල යුතුම කරුණ නම් පන්දු රැකීමයි. ඊයේ ලOකාවේ පන්දු රැකීම කෙන්යානු කන්ඩායමට වඩා තරමක් හොන්දය. ඉන්දීය කණ්ඩායමේ පන්දු රැකීමට එයින් කිසිසේත්ම අභියෝග කල නොහැකි බව අපට හොඳින්ම පෙනී ගියේය.
    මීලඟ කරුණ නම් අපේ සOචිතයයි. අපේ කණ්ඩායම තේරීම ඉතාමත් දුර්වල බවක් පෙනුනුනි. මන්දයත් කුලසේකර හොඳින් පන්දුවට පහර දෙන්නෙකු වුවත් ඔහු ඉන්දීය පිතිකරුවන් හමුවේ හොන්දින් දස්කම් නොපෙන්වන බව අපි අතීතයේ සිටම දනිමු. ඔහු වෙනුවට චමින්ද වාස් ක්‍රීඩා කරා නම් ඔහු හොඳින් පඳු යවනු ඇත. චමින්ද වාස් විරුද්ධ මතධාරී දේශපාලන පක්ශයකට සහායදීම ඔහු කණ්ඩායමට ඇතුලත් නොකිරීමට ප්‍රධානතම හේතුවයි. එදා සනත් ජයසූරිය දිගින් දිගටම අසාර්ථක වෙද්දී ඔහු කණ්ඩායමේ සිටියේ ආණ්ඩුවේ අති ප්‍රබලයෙකුගේ කීම නිසාවෙනි. චමින්ද වාස්ට එහි අනිත් පැත්ත උදාවී තිබේ. චමින්ද වාස් පිතිකරුවෙක් ලෙසද දක්ශතා දක්වා තිබේ. වමින්ද චාන්ස් කියන්නේ එබැවිනි. නමුත් ඔහු අද අවලOගු කාසියක් වැනිය. එදා ලෝක කුසලානය මෙරටට ගෙන ආ කණ්ඩායමේ නායකයාටද අද ඇත්ව තිබෙන්නේද එම ඉරණමමය. එය අපි කවුරුත් දනිමු. බොහෝමයක් නාලිකා වල පවා ඊයේ පුරසාරම් දෙඩුවේ අපේ ජනධිපති ඉතා වාසනාවන්තයෙක් ඔහුගේ වාසනාවින් තරඟය අනිවාර්යයේන් දිනන බවත් ආසියාවේ ආශ්චර්යය අද සිට ඇරඹෙන බවත්ය. කෙසේ නමුත් අද තරඟය පැරදුනු විට එහි අවාසනාව භාර ගැනීමට කිසිවෙක් නොමැත. එය මුලු මහත් රටේම අවාසනාවකි. අපේ සමහරු තමන් තරඟ නැරඹුවහොත් තරඟය පරදීයයි බියෙන් එය නොබලති. එය රටට ආදරය කරන මිනිසුන්ගේ ඇති දේශ භක්තියයි. එහිදී තමන්ගේ පක්ශය කුමක්දැයි සOගාගේ පක්ෂය කුමක්දැයි නොසොයති. සැමදෙනාම වෙනුවෙන් අත්පොලසන් දෙති. රටට ආදරය කරන මිනිසුන්ට පක්ෂයක් නැත. එකම පක්ෂය ශ්‍රී ලOකාවයි. ජෙහාන් මුබාරක්ට ක්‍රිකට් ආයතනය ඇතුලින් තල්ලු ඇතැයි හැමෝම දනියි. එහි ප්‍රතිඵට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙලේදී දැක ගත හැකි විය. අපි මේ ලියන්නේ කියවන්නේ රටටත් ක්‍රිකට් වලටත් ඇති ආදරය නිසාවෙනි. අපි දිනුම පැරදුම සම සිතින් භාර ගන්නා අභිමානවත් ජාතියක් වෙමු. කිසිවෙක්ගේ පිටට වරද නොපටවන්නේ ඒ නිසාවෙනි. නමුත් සුදුස්සාට සුදුසු තැන නොලැබීම අපි ඉතාමත් පිලිකුල් සහගත ලෙස හෙලා දකිමු. මෙය කිසිවෙකුගේ බූදලයක් නොවෙයි. මහින්දගේ හෝ සOගක්කාරගේ බූදලයක් නොවෙයි. අපගේ මාතෘ භූමියයි. දේශපාලකයින්ගේ අනවශ්ය අත පෙවීම් වලින් මෙවැනි ක්‍රීඩා බේරා ගත නොහැකි වුවහොත් අපේ රටට වන්නේද සිම්බාබ්වේ කණ්ඩායමේ තත්වයට ඇද වැටීමටයි.
    සOවාදයට විවෘතයි.
     

    shamila2u

    Member
    Feb 10, 2011
    51
    2
    0
    Sanath and Vass tai karapu balu wade nisa apita world cup eka nathi una...

    santhla vassla eda 1996 world cup eka lankwata genna ganna godak kapa kirimak kala....eth ape kattiya eyala dennata 2011 world cup ekenwath ayn wena match ekak dunne naha... ithin mehema gunamakuwo pirisak inna ratakata world cup ekak thiya nikan cup ekak wath genna ganna puluwanda?????????????? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ape thilan samaraweerai,chamara silvai,kapugedarai lanakwe girslage cricket team ekata yawwaam hodai.. :lol::lol::lol::lol::lol::lol:

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(

     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,788
    113
    රජයේ රෝහල
    විමල් වීරවංස;9770053 said:
    මේක අධිරාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් :growl::growl::growl:

    image.php

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    hema dama ohoma tama wenne 2003 semi final eka matak wenne eeye match eka beluwama godak duka apita dinanna tibba awastawak hinda