කාටූන් බලලා කිබුලෙක්ගෙන් බේරුන හැටි

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,651
    2,147
    113
    101078-story438505838.png

    කිඹුලකුට හසුවී දිවි ගලවා ගතහොත් එය දෛවෝපගත සිදුවීමකි. එපමණටම එය බිහිසුණු අත්දැකීමකි.

    එම අත්දැකීමට මුහුණ දුන් බහුතරයක් යළි දියඹෙන් මෙගොඩට නාහ. එහෙත් එවන් අත්දැකීමකට මුහුණ දී දිවි ගලවාගත් කුඩා දරුවකු පිළිබඳ පුවතක් ඉකුත්දා අසන්නට ලැබිණි. ඒ, අනුරාධපුරයේ අෑත කෙළවර පිහිටි ඉහළ තන්තිරිමලේ ගම්මැද්දෙනි. මනා සිහියෙන් එළැඹ සිටීමත්, තැනට සුදුසු නුවණත් හේතුවෙන් කිඹුල් කටින් ගැලවී දිවි බේරාගත් අශේන් ශාමික වීරසිංහ තවමත් වයස අවුරුදු එකොළහ නොඉක්මවූ දරුවෙකි. ඔහුගේ වයස අවුරුදු දහයකුත් මාස අටකි.

    ඔහු තන්තිරිමලය ශ්‍රී විමලඥාන පාසලේ හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින්නෙකි. අශේන් ඉකුත් දිනෙක තම නිවෙසට මීටර් දෙසීයක් පමණ මෑතින් පිහිටි ගම්මැදි කොටුවැවට දිය නෑමට ගොස් ඇත්තේ සවස තුනට පමණය. ඇලයාපත්තුවේ සිට නිවෙසට නෑගම් ආ 75 වියැති සීයා සහ වයස අවුරුදු හතරක් වූ බාල සහෝදරයාද ඔහු සමඟ වැවට ගොස් තිබේ. වැව් මංකඩ පසෙක සීයා සහ මලණුුවන් නාමින් සිටියදී අශේන් ඉන් මඳක් ඔබ්බට පීනා ගියේය.

    සැණෙකින් සිය දකුණු කකුලේ විළුඹට ඉහළින් අඬුවකට හසුවූ බවක් කුඩා අශේන්ට දැනෙන්නට විය. තව කිසිවක් සිතීමට හෝ ඉඩ නොතබා ඔහු වැව මැදට ඇදී යන්නට විය. සිදුවන්නේ කවරක්ද යන්න වටහා ගැනීමට අශේන්ට වැඩි වේලාවක් ගත වූයේ නැත. තවත් මොහොතකදී තමන් කිඹුලකුට හසුව ඇති බව අශේන් තේරුම් ගත්තේය. එසැණින් මහ හඩින් ඔහු කෑගසන්නට විය. එහෙත් යන්තමින් කන් ඇසෙන සීයාට හෝ පුංචි මලණුවන්ට ඒ හඬ ඇසුණේ නැත.

    දියෙහි ගිලෙමින්, යළි මතුවෙමින් අශේන් තව තවත් දියඹට ඇදී යන්නට විය. කිසිවකුගේ හෝ පිහිටක් නොවේය යන අසරණ හැඟීමෙන් ඔහු සිත පුපුරු ගසන්නට විය. වැව් දියට නොදෙවැනිව මරණ බිය අශේන්ගේ සිතේ පිරී ඉතිරෙමින් තිබිණි. එහෙත් හොඳ සිහියෙන් සිටි ඔහු සිය දකුණතින් කිඹුලාගේ උදර පෙදෙස පහුරු ගා කිති කැව්වේය. හදිසියෙන් සිහියට ආ මෙකී සිතුවිල්ලෙන් අශේන්ගේ දිවි ගැල වුණේ්ය. අනපේක්ෂිතව ඇති වූ පීඩාවෙන් තැතිගත් කිඹුලා ඔහු අතහැර වැව් දිය පතුලේ සැඟව ගියේය. මේ බිහිසුණු අත්දැකීම තවමත් කුඩා අශේන්ට සිහිනයක් මෙනි. එහෙත් මේ දුෂ්කරතා සපිරි ජීවන වටපිටාව ඔහුගේ අනාගත අපේක්ෂා අතරමඟ බොඳ නොකිරීමට කාරුණික වී තිබේ. කුඩා අශේන් සිය අත්දැකීම අප හා විස්තර කළේ මෙසේය.

    “කකුලෙන් අල්ලගෙන ඇදගෙන යනකොට මං දැක්කා කිඹුලව. මං මැරෙයි කියලා බය හිතුණා. මං කෑගැහුවට සීයාට ඇහිලා නෑ. කාලෙකට කලින් රූපවාහිනියේ කාටූන් එකක මනුස්සයෙක් කිඹුලෙක් අල්ලගෙන යන සිද්ධියක් මං දැකලා තිබ්බා. මට මතක තිබුණා කිඹුලගේ යටි බඩ කිති කැව්වහම උෟ අර මනුස්සයා අතඇරලා පීනලා යන හැටි. මාත් කිඹුලගේ බඩ පැත්ත පහුරු ගාලා කිති කැව්වා.

    එක පාරටම උෟ මාව අතඇරලා පීනලා ගියා. පස්සේ මං මොකුත් දන්නේ නැති විදිහට සීයා පිටිපස්සෙන් ගෙදර ගියා. කවුරුවත් දන්නෑ ඇත්තටම මට මොකද වුණේ කියලා. ඒත් ලේ එන එක නැවතුණේ නෑ. පස්සේ මං ඔක්කොම සිද්ධිය තාත්තට කිව්වා. පැය දෙකකට විතර පස්සේ තමයි ඉස්පිරිතාලෙට ගියේ. ”
    දිළිඳු බවේ විෂම චක්‍රයට මැදිවූ අශේන්ගේ මවුපිය දෙදෙනා නිවෙසට ඔබ්බෙන් පිහිටි තන්තිරිමලය පන්සල අසල මල් විකුණා දවසේ වියදම සෙවීමට වෙහෙසෙති. ඔහුගේ මව වන දුලාංජලි පුෂ්පලේඛා මහත්මිය මෙසේ කීවාය.

    “එදා සෙනසුරාදා දවසක් හින්දා සවස පහහමාර විතර වෙනකන් මමයි, මහත්තයයි පන්සල ළඟ මල් විකුණුවා. ගෙදර ඇවිල්ලා බලනකොට ළමයාගේ කකුලෙන් ලේ එනවා. ළමයා හොඳටම බය වෙලා හිටියේ. පස්සේ තමයි ඇත්ත විස්තරේ කිව්වේ. ඒ එක්කම ළමයා තත්තිරිමලේ ඉස්පිරිතාලෙට අරගෙන ගියා. එතැන ‍ෙදාස්තර මහත්තයා බලලා කිව්වා මෙහේ මොකුත් කරන්ඩ බෑ අනුරාධපුරේ ඉස්පිරිතාලෙට යවන්ඩ ඕන කියලා. ඒ වෙනකොට ඉස්පිරිතාලේ ‘ඇම්බියුලන්ස්’ එකක් තිබ්බේ නෑ. විලච්චියේ, පේමඩුව ඉස්පිරිතාලේ ඇම්බියුලන්ස් එක ගෙන්නලා එවෙලෙම අනුරාධපුරේට යැව්වා. ඔපරේෂන් එකක් කරලා දවස් දෙකක් ඉස්පිරිතාලේ ඉඳලා ගෙදර එක්කන් ආවේ.”

    වැව් දියට බැස කඩා ගන්නා මලකින් දෙකකින් පවුලක දිවි රැකීමට වෙහෙසෙන අශේන්ගේ පියා වන අජිත් වීරසිංහ මහතා මෙසේ පැවැසුවේය.

    “ඔය වැවේ කිඹුල්ලු තුන්දෙනෙක් ඉන්නවා. හැබැයි මේ සිද්ධිය වෙනකන් කාටවත් කරදරයක් තිබුණේ නෑ. මං මල් කඩන්නෙත් ඔය වැවෙන්. මෙහේ ගොඩක් වැව්වල කිඹුල්ලු ඉන්නවා. ඒ ගැන මිනිසුන්ට ගානක් නෑ. ඇත්තම කිව්වොත් මේ සිද්ධිය වුණාට පස්සෙත් මම වැවට බැහැලා මල් කැඩුවා.කරන්ඩ දෙයක් නෑ. මලක් කඩාගෙන විකුණ ගත්තොත්නේ ජීවත් වෙන්ඩ කීයක් හරි හොයා ගන්ඩ වෙන්නේ. මේ සිද්ධිය ගැන මං වනජීවී එකේ මහත්වරුන්ට කිව්වා. ඒත් අද වෙනකන් ළමයාට මොකද වුණේ කියලා බලන්ඩවත් ආවේ නෑ. ග්‍රාම සේවක මහත්තයාට කිව්වා. ඒ ගොල්ලෝ කවුරුවත් අපිට වෙච්ච කරදරේ ගැන බලන්ඩ ආවේ නෑ. දෙයියන්ගේ පිහිටෙන් හොඳ සිහිකල්පනාව තිබ්බ හින්දා ළමයා බේරුණා. දුප්පත් අපිට කරදරයක් වුණොත් අපේ පිහිටට කවුරුවත් නෑ.”

    අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා අශේන් දැන් නිවෙසට පැමිණ සිටියි. එහෙත් තවමත් ඔහුට පා තබා ඇවිදීමේ හැකියාවක් නැත. දුක් කරදර ඔවුනගේ ජීවිත අතැර නොයන සෙවණැලි මෙන් වී තිබේ. එහෙත් විටෙක මේ ජීවන දුෂ්කරතාවන්ම සොබාදහමට අනුගත වීමේ ප්‍රතිභාවක් ඔවුන් තුළ නිර්මාණය කරයි.

    පුංචි හපනකු යැයි කටපුරා කියත හැකි අශේන්ගේ කතාවත් ඒ සඳහා නොමඳව දෙස් දෙන්නකි. දුර්වර්ණව ගිය කටු මැටි බිත්තියෙන් සැදි අශේන්ලාගේ නිවෙස දිළිඳු පවුලක ජීවන දුෂ්කරතා සංකේතවත් කරයි. බිල ගෙවා ගත නොහැකි වූ හෙයින්ම කුඩා නිවෙසේ විදුලිය විසන්ධි කර දැන් මාස කිහිපයක් ගත වී ඇත.

    ගල්නෑව – ප්‍රදීප් විතාන

    kohoma hari kolu patiya berichcha eka nam loku deyak.


    paw lankawe mitath wada antha dukkitha jivitha kochchcara athda?
     
    • Like
    Reactions: Dhanushka.N

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    කිඹිලෙක් කුචිකවන ඒවා කාටුන්වල
    ‍දැක්කා කියලා පච හලලා මෙතන...
    අනේ මගෙ පොන්න පැටියෝ

    දැන් තෝ මේ ඇසින් දුටු සාක්ෂි ලැබෙනකන් විස්වාස කරන්නේ නැති අලී රිසනබල් පොර වගේ හැසිරෙන්නේ

    චන්දිගාත් වල ඇසින් නෙමෙයි පුකෙන් වත් නොදැකපු බතලයෙක් ගෙන් ඇරගෙන, තෝ ව ගොනා කරගෙන නාස් ලනුව දාල වැඩ ගත්ත පට්ටි හරකෙක් තෝ කියල අමතක කරන්න එපා.

    කැරි ආතල් ජෝක් සපයන්නේ තෝ රිසනබල් පොර වෙන්න දගලද්දී අපිට පුකෙන් හිනා.
    image.png
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    අනේ මගෙ පොන්න පැටියෝ

    දැන් තෝ මේ ඇසින් දුටු සාක්ෂි ලැබෙනකන් විස්වාස කරන්නේ නැති අලී රිසනබල් පොර වගේ හැසිරෙන්නේ

    චන්දිගාත් වල ඇසින් නෙමෙයි පුකෙන් වත් නොදැකපු බතලයෙක් ගෙන් ඇරගෙන, තෝ ව ගොනා කරගෙන නාස් ලනුව දාල වැඩ ගත්ත පට්ටි හරකෙක් තෝ කියල අමතක කරන්න එපා.

    කැරි ආතල් ජෝක් සපයන්නේ තෝ රිසනබල් පොර වෙන්න දගලද්දී අපිට පුකෙන් හිනා.
    කිඹිලෙක් ඇත්තටවත්
    දැකලා නැති ගොබ්සන්
    කෙනෙක්ද කොහෙද තෝ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,014
    10,307
    113
    මටත් හිතුන... කතාව ටිකක් පරස්පරයි වගේ නේද...?
    සාමාන්‍යයෙන් අපි දන්න විදියටනම් කිබුලෙක් අල්ලගත්ත ගමන් කරන්නෙ death roll එක. මාරම power එකක් තියන වැඩක් ඒක.
    ඇදගෙන යනව දැකල තියෙන්නෙ ඩිස්කවරි එකේ තමයි.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    ඇයි බන් මොකක් හරි කතාවක් කියනකොට දුප්පත්කමත් ගාවන්නෙ. ලංකාවෙ බෙන්ස් එකෙ යන එකත් මොකක් හරි නැති බැරියාවක් කියවගෙනම තමා බහින්නෙ. පට්ටම සාපයක් ඒක නම් අප්පිරියයි

    නැත්තන් සමහර එවුන් බෙන්ස් එකෙන් ඇවිත් බැස්සොත් මෙහෙම කියනවනෙ

    ඔක්කොටම වඩා උන්ගෙ පඩ ටොක් ටික තමා මට දිරෙව්වෙ නැත්තෙ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    කිඹුලා දන්නවනම් මේකේ උන් උෟ නිසා මරාගන්නව කියල උෟ ඕකව අතඅරින්නේ නෑ..
     
    • Haha
    Reactions: Mr.dark

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    සාමාන්‍යයෙන් අපි දන්න විදියටනම් කිබුලෙක් අල්ලගත්ත ගමන් කරන්නෙ death roll එක. මාරම power එකක් තියන වැඩක් ඒක.
    ඇදගෙන යනව දැකල තියෙන්නෙ ඩිස්කවරි එකේ තමයි.
    හම්මෝ... කකුල ගැලවෙනව හරියට සෙට්වුනොත්...
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    කිති කවලා බේරුණාට වඩා කොල්ලගේ Luck එක !! ඒ ගමේ Hospital එකේ Ambulance එකක්වත් නැහැලූ.. හිතහන් අනුරාධපුරේ ඒ වගේ ගමක මනුස්සයෙක්ට හදිස්සියක් උනොත් ගෙදර මැරෙන්න වෙන්නේ !!