කාඩ් පේමන්ට් වල fees ගෙවන්නෙ කවුද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,790
    23,463
    113
    දැන් ඔය බැංකු කාඩ් එකකින් ගෙවද්දි 3% ක් ද කොහෙද fee එකක් තියෙනව.
    KOKO ගෙවද්දි ඊටත් වඩා ලොකු fee එකක් තියෙනව.

    මේ fee එක ගැන කියද්දි සමහරු කියනව මේක තියෙන්නෙ කඩේ මනුස්සයට ගෙවන්නලු. අපිට ඒ fee එකෙන් බලපෑමක් වෙන්න විදිහක් නෑලු.
    දැන් ඔය fee එක කඩේ එකා ගෙවුවම ඒක අපෙන් අයවෙන්නෙ නෑ කියල හිතන එක තඩි illusion එකක්.
    කිසිම බිස්නස් එකක් කිසිම fee එකක් තමන් දරාගන්නව කියල දෙයක් ලෝකෙ කොහෙවත් නෑ.
    ඒක theoretically වෙන්නෙ නැති දෙයක්. ඒ කියන්නෙ හැමදේම perfect විදිහට වෙන යූටෝපියාවක් තිබ්බත් එහෙම දෙයක් වෙන්න ක්‍රමයක් නෑ.
    මොකක් හරි බඩුවක් හදන්න පතල් හාරලා අමුද්‍රව්‍ය ගන්න තැන ඉඳල පාරිභෝගිකයගෙ අතට ඒ බඩුව හම්බෙනකන් තියෙන සියලු වියදම් දරන්නෙ පාරිභෝගිකයා.
    පතල හාරන උන්ට බීඩියක් අරන් දුන්නත් ඒ වියදමත් දරන්නෙ පාරිභෝගිකයා.

    උඹ ෆෝන් කඩේකට ගිහින් කාඩ් එකෙන් ගෙවල ෆෝන් එකක් ගත්තොත් ඒ කාඩ් ෆී එක උඹෙන් වෙනම අයකරගන්නව. එහෙම නැත්තන් උඹෙන් වෙනම නොගෙන ෆෝන් එකේ price එකටම fee එක add කරනව.
    කඩේ මනුස්සය තමන්ගෙ ලාභෙන් අඩු කරන් fee ගෙවන්නෙ නෑ. එහෙම අඩු ලාභෙකට විකුණන්න හැකියාවක් තිබ්බනන් ඌ කලින්ම ඒ ගානට දෙනවනෙ.

    දැන් මේක කිවුවම සමහරු අහනව ඉතින් සුපර්මාකට් එකට ගිහින් බිස්කට් පැකට් එකක් ගද්දි ඒකෙ MRP එකට (උපරිම සිල්ලර මිලට) ඕක කරන්න බෑනෙ අනිවාර්‍යෙන් සුපර්මාකට් එකට fee එක දරාගන්න වෙනවනෙ කියල.
    ඒත් ඔච්චර තමයි.
    අපි හිතමු හෙට ඉඳන් ලංකාවෙ හැමෝම කාඩ් එකෙන් ගෙවන්න ගත්ත කියල. දැන් මොකද වෙන්නෙ සුපර්මාකට් එකට පට්ට කාඩ් ෆී එකක් තඩි වියදමක් විදිහට සෙට් වෙනව. ලාභෙ කෙලවෙලා යනව. සුපර්මාකට් දුවාගන්න බැරි වෙනව. එතකොට ඉබේම කම්පැනි වලට සිද්ද වෙනව එයාලගෙ පැකට් බඩුවලින් කඩේට (සුපර්මාකට් එකට etc) දෙන profit margin එක වැඩි කරන්න. ඒ කියන්නෙ අන්තිමට වෙන්නෙ MRP එක වැඩි වෙනව. දැන් උනත් කාඩ් පේමන්ට් කරන උන්ගෙ fee වල වියදම ඔය බිස්කට් පැකට් වල MRP එක අස්සෙ තියෙනව. කාඩ් පේමන්ට් කරන උන් වැඩි වෙන්න වැඩි වෙන්න තව තව MRP එක වැඩි කරන්න වෙනව.

    එතකොට කාඩ් පේමන්ට් වල ෆී එක කඩේ එකා ගෙවන්න ඕනෙ කියල නීතියක් නැද්ද? තියෙනව.
    මහබැංකුව එහෙම එකක් දාලා තියෙන්නෙ උන් මේක නොතේරෙන මෝඩයෝ හින්දද? නෑ උන් මේක හොඳටම දන්නව.
    ඔය නීතියෙ එකම අරමුණ තමයි කාඩ් පේමන්ට් දිරිගන්වන එක.
    වෙනම ගානක් add වෙනව කියල පෙනුනොත් කාඩ් පේමන්ට් demotivate වෙන හින්ද මහ බැංකුව කඩ වලට කියනව උඹල ඕක වෙනම ගන්න එපා ෂේප් එකේ ප්‍රයිස් එකටම ඇඩ් කරන්න කියල. එතකොට වෙන එකම දේ තමයි කාඩ් පේමන්ට් කරන උන්ගෙ ෆී එක කෑෂ් පේමන්ට් කරන උන්ටත් බෙදිල යනව. අන්තිමේ කොහොම උනත් කාඩ් fee එක පාරිභෝගිකය ගෙවනව.

    මම කලින් කිවුව වගේ supply chain එකක උඩ ඉඳන් පහළට තියෙන සියලුම cost අන්තිමට ගෙවන්නෙ පාරිභෝගිකයා. ඒක නිසා කාඩ් නැති ලෝකෙක බඩුවක ගානට වඩා හැමෝම කාඩ්වලින් ගෙවන ලෝකෙක බඩු හැම එකකම මිල අවම වශයෙන් 3% ක් වැඩියි. (කාඩ් ෆී එක 3% නන්). සප්ලයි චේන් එක පුරා කීප පාරක්ම එක එක කෙනා කාඩ් පේමන්ට් කරනවනන් මේක ඩබල් ට්‍රිපල් වෙනව. අමතක කරන්න එපා මේ සල්ලි කෙලින්ම යන්නෙත් රටෙන් එළියට.

    ඒක හින්ද තමයි මේ ෆී එක පුලුවන් තරන් අඩු කරගන්න lankapay වගේ local networks ඉස්සරහට ගේන්න ඕනෙ.
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    අනිවාරෙන්ම. බැංකු කියන්නෙ merchant තමා නෝටි අපි නම් 3% ඔයාලගෙන් කපන්න එපා කියල තියෙන්නෙ කියල. යකූ 3%ක් කියන්නෙ ලාභයකින් ඉතා විශාල කොටසක්. කවදාවත් merchant කෙනෙක්ට බෑ මේ තරගකාරී වෙලදපලේ 3% දරාගෙන පාර්භෝගිකයන්ට හොද මිලක් දෙන්න. එතනදි අනිවාරෙන්ම කෑශ් වලින් ගෙවනව නම් එතනට total cost එක අඩු වීම නිසා අඩු මිලට භාන්ඩ හෝ සේවාව දෙන්න පුලුවන්. හුගක් තොග කඩ එහෙම කෑශ්ම ඉල්ලන්නෙ ඒකයි. නානල නම් මලාට කාඩ් වලින් පේමන්ට් ගන්නෙ නෑ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    Lanka pay gaha ganing puke
    Deshiye labba karanna gihilla rata bankaloth wune
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    සමහර කඩවල් වල බඩුවල ගාන 1000 යි කියනවා නම්, ගෙවද්දි කෑශ්ද කාඩ් ද අහනවා. කෑශ් නම් ඩිස්කවුන්ට කියලා රු. 20ක් විතර අඩු කරනවා.

    හැබැයි රටේ නීතියට එකඟයි. කාඩ් කියලා වැඩිපුර අය කරන්නෙ නෑ. 🤣🤣

    මන් නම් පෞද්ගලිකව කෑශ් ගෙවන්න තමා බලන්නේ. නිකන් පිටරට සර්විස් වලට එ සල්ලි යවන වෙලාවෙ , කෑශ් දුන්නම කඩේ අයිතිකාරයට හරි එ සල්ලි හම්බෙනවනෙ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,904
    8,238
    113
    Kotahena
    ඒක හින්ද තමයි මේ ෆී එක පුලුවන් තරන් අඩු කරගන්න lankapay වගේ local networks ඉස්සරහට ගේන්න ඕනෙ.
    meka atta

    card hama ekama lankawe pay karoth business bankoloth wenawa kiyana eka boru ithin. eka margine ekata awulak nattan margine eken cover karanna puluwannam, eka nisa sales godak enawanam

    dawasata sales 3k ena ekata card / koko nisa sales 10k 20k enawanam uta kohomath labai
     
    • Like
    Reactions: Yin And Yang

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මේකෙ ඔයාට වැරදුන තැන් කිහිපයක් තියෙනව.
    1. කාඩ් පේමන්ට් ඉහල ගියා කියල හැම transaction එකකින්ම 3% කැපෙන්නෙ නෑ. ලිමිට් එකක් තියෙනව. මාසෙට ලක්ශ 5ක් කරනව නම් fixed ගානක් කැපෙන්නෙ. එතනින් එහාට කැපෙන්නෙ නෑ. (ලිමිට් බැන්කුවෙන් බැන්කුවට, වියාපරයෙන් වියාපාරයට වෙනස්). හැබැයි ලිමිට් එකෙන් එහාට කලාම අපි visa/master card වලට ගෙවන $ ගානත් එහෙම fixedද කියන්න මම දැනුවත් නෑ.
    2. පොස් මැශින් එකට වෙනම කපනව මාසෙට 3000ක්.
    3. මහ බැංකුව කිව්වට 3% පාරිභෝගිකයන්ගෙන් ගන්න බෑ කියල ඕක grey area එකක තියෙන්නෙ. මගෙ බැන්කුවෙන් මට ඕන දෙයක් කරගන්න එහෙම රූල් එකක් නෑ කියල තියෙන්නෙ. එතකොට මගේ පාරිභෝගිකයෙක් බැංකුවට කම්ප්ලේන් කලත් එතනින් එහාට process වෙන්නෙ නෑ.
    (ෆාමසියෙ 3% කස්ටමර්ගෙන් අයකරන්නෙ නෑ. ජුවලරියෙ කාඩ් පේමන්ට් කරන්න දුන්නෙ නෑ. වෙන කරන්නම දෙයක් නැත්නම් 3% අයකලා.)

    නෙස්ලේ ඔක්කොම වගේ එන්නෙ 7% ලාබෙන්. පැනඩෝල් කම්පැනියෙ ඔක්කොම අයිටම් එන්නෙ 5% ලාබෙන්. ඕකෙන් 3% ගෙවල ඉතුරු ටිකෙන් කඩකුලී ගෙවල, ලයිට් බිල් ගෙවල ඔක්කොම කරන්න ඕනෙ. කරුමෙ කියන්නෙ මේ අයිටම් ඔක්කොම ෆාස්ට් මූවින්ග්, අනිත් එක ඔය ලාබෙන් කඩ කරන්න බෑ කියල ඕනෙ තරම් පෲව් කරල තියෙන්නෙ. අඩුම පැනඩොල් කම්පැනිය එකස්පයර් රිටන් ගන්නෙ නෑ. චෙක් උපරිම දවස් 14යි මාර නීති තියෙන්නෙ. මයිලෝ 7% ඇවිත් තව කූල් කරන්නත් කඩ කාරය වියදම් කරන්න ඕනෙ. ඒක කාඩ් එකෙන් ගත්තාම ඉතින් අතින් කාල හරක් බලල තියෙන්නෙ ඉතින් කූට වි‍යාපරිකයො හැදෙනව.

    දැන් මගේ සෙන්සොඩයින් එකක් එකස්පයර් උනා. Rs.450 cost 427.50. මම සෙන්සොඩයින් 19ක් විකුනන්න ඕනෙ මට උන පාඩුව දරාගන්න. කාඩ් එකෙන් ගෙව්වොත් කෑලි 49ක් විකුනන්න ඕනෙ වෙච්ච පාඩුව මගහරින්න. ප්‍රශ්නෙ තියෙන්නෙ වෙනකොහෙවත් ඒත් ඔය කම්පැනි ඔක්කොම රටෙ ජනතාව කුලප්පු කරල ප්‍රශ්නෙ වෙන තැනකට අතඅරිනව.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    ඇයි බං Lanka QR ප්‍රමෝට් කරන්නේ නැත්තේ කවුරුවත්. එකේ 1%යි වෙළෙන්දාගෙන් කැපෙන්නේ. අනික කොච්චර ලේසි ක්‍රමයක්ද. ඕක ප්‍රමෝට් කළා නම් පොඩි ගණුදෙනුව පවා මොනිටර් වෙනවා ලස්සනට. බදු දැලින් රිංගනවා බොරු
     
    • Like
    Reactions: Draco Malfoy

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Economy of scale... ඔක්කෝම ඕක use කරද්දී එක්කෙනෙක් දරන්න ඕන වියදම කුඩා වෙනවා... එතකොට ඕක භාණ්ඩයේ මිලට එකතු වෙන එක කාටවත් ප්‍රශ්නයක් නෙවෙයි...

    කොහොම උනත් ආර්ථික කටයුත්තක මොනයම් හෝ වියදමක් තිබ්බොත් ඒක මොන ක්‍රමයකින් හරි ගෙවන්නේ අවසසාන පාරිභෝගිකයා... වෙන කවුරු හරි (රාජ්ය බදු මුදලින් හැර) ඒක දරා ගන්නවා කියනවා නම් අමූලික බොරුවක්...
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,190
    6,667
    113
    East Blue (Goa Kingdom)
    ඇයි බං Lanka QR ප්‍රමෝට් කරන්නේ නැත්තේ කවුරුවත්. එකේ 1%යි වෙළෙන්දාගෙන් කැපෙන්නේ. අනික කොච්චර ලේසි ක්‍රමයක්ද. ඕක ප්‍රමෝට් කළා නම් පොඩි ගණුදෙනුව පවා මොනිටර් වෙනවා ලස්සනට. බදු දැලින් රිංගනවා බොරු
    0.5% thibbe pal ooru fee eka adu nokara thawa wadi kara last FEB 1% walata

    rs 25i yanne CEFT ekakata lankawe 5 Mil wenakan yawanna puluwan rs 25 fee ekata lankawe CEFT
    same system eken CEFT , QR serama lankawe handle wenne

    10,000 CEFT karoth 10,025
    10,000 QR karoth 10,100 - or kade kenata 9,900 i enne
    kade kena fee eka gewwath ceft eke 9,975 enawa

    India wage china wage QR podi ganan walata free karala
    loku ganan walata CEFT fee ekama damma nam lankaweth QR use wena eka wadi wenawa,

    ethakota kawda VISA & MASTER ekata wena paduwata gewanne???????????

    0.5% thibba eka mun 1% kara February 15, 2025.
    gon pakayo inne
    china , india etc oka thawath aduyi situation eka anuwa fee eka samahra ewa 0% fee

    lankawe gonnu thawa fees wadi karanawa card companies wala jarawata nam neme mokada lankawe pagawata wada wenne naha

    India & China wala hama thanama QR

    Instant notification එනවා දෙන්නටම

    ලංකාවේ ඩිජිටල් කරන්න සුපිරිම වැඩක් ජනවාරි එක ඉඳල මහ බැංකුවෙන් කරලා කතා තියෙනවා මේක ඇත්තද ?

    1% කරාම අවුල පොඩි business වලට පාඩුයි ඕක , 1% කැපෙන්නේ income එකෙන් නෙමේ full revenue එකෙන් QR වලින් එන .
    මුන්ට මේක promote කරන්න ඇත්ත උවමන්වක් නැහැ කියන එක පේනවා

    Meanwhile in China & India

    චීනේ & ඉන්දියාවේ QR එක පොලේ ඉඳන් හැම දෙකටම USE වෙනවා , fees අඩු (almost zero නිසා )
    ලංකාවේ 0.5% එකත් මුන් 1% වලට වැඩි කරා

    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    Nolimit thama best for koko

    Mn danna eka phone shop ekak tiyanawa un 12% waedipura gannawa koko waladi. Habai owner ge Malli danne na seen eka e e price ekatama denawa. Math itin dawasak dekak karakila u inna welawak balala yanawa
    ------ Post added on Oct 10, 2025 at 9:44 AM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේකෙ ඔයාට වැරදුන තැන් කිහිපයක් තියෙනව.
    1. කාඩ් පේමන්ට් ඉහල ගියා කියල හැම transaction එකකින්ම 3% කැපෙන්නෙ නෑ. ලිමිට් එකක් තියෙනව. මාසෙට ලක්ශ 5ක් කරනව නම් fixed ගානක් කැපෙන්නෙ. එතනින් එහාට කැපෙන්නෙ නෑ. (ලිමිට් බැන්කුවෙන් බැන්කුවට, වියාපරයෙන් වියාපාරයට වෙනස්). හැබැයි ලිමිට් එකෙන් එහාට කලාම අපි visa/master card වලට ගෙවන $ ගානත් එහෙම fixedද කියන්න මම දැනුවත් නෑ.

    වැරදියි මචන්.... visa/ Master මර්චන්ට් ෆී එක අඩුම 1.5% එක එක මර්චන්ට් and card ඉෂුවර් බැංකුවක් විතරක් නම් ලොකු කොම්පැනි වලට 1.5% දෙනවා. අනිත් ඒවාට 1.7% 1.9% 2% වගේ ගණන් දෙනවා ලොකුවට බිස්නස් වෙනවා නම්. (loku kiyanne dialog/ mobitel/ vehicle manufacturers or sellers / cargills /keells wage level)
    මමත් අරන් තියනවා වැඩ කල තැනට. එතකොට දුන්නේ ඒ ඇහැවල් බැංකුවේ කාර්ඩ් එකක් කස්ටමර් ගෙනාවොත් 1.7% නැත්තන් 1.9% මට ලැබිච්ච හොදම එක. 1.5% ගන්න තමා ට්‍රයි කලේ. බැරි උනා.

    විසා ග්ලෝබල් කමපනියට
    ලෝකල් ඒජන්ට් ට
    මර්චන්ට් බැංකුවට
    කාර්ඩ් ඉෂුවර් බැංකුවට
    කියන 4ටම කොමිෂන් එක යනවා. 3.5% කියන්නේ ස්ටෑන්ඩර්ඩ් රේට් එකින්

    වීසා මාස්ටර් දෙකට ලෝකල් මර්චන්ට් ඒජන්ට් ලා ගොඩක් ඉන්නවා... ඒ නිසා තරගකාරීව රේට් එක අඩු කරනවා

    නමුත් ඇමරිකන් එක්ස්ප්‍රස් වලට තියෙන්නේ එකයි ඒ NTB.
    NTB සම්පත් දෙකටම කාර්ඩ් ඉෂුවන්ස් කරන්න පුළුවන්.
    ඒ නිසා ඇමරිකන් එක්ස්ප්‍රස් 3% වලට අඩුවෙන් දෙන්නේ නෑ ලේසියට.

    2. පොස් මැශින් එකට වෙනම කපනව මාසෙට 3000ක්.
    පොස් මැෂිමට / මර්චන්ට් ට චාර්ජ් කරන්නේ හේතු දෙකක් උඩ මැෂිම දෙන්න ඕනා නිකන්, ටර්මිල් හැඩලින් වලට උන් රිසොර්ස් වෙන් කරන්න ඕනා. ඒ දෙකේ වියදම් කවර් කරගන්න ඕනා නිසා. තව වයර්ලස් නම් ටෙලිපොන් සිම් එකකුත් උන් වෙන් කරලා බිල ගෙවන්නත් ඕනා. ඒ නිසා ලාබෙකුත් එක්ක 250,000 ~300,000 කියනවා පොඩි කස්ටමර් ලාට. ලොකු උන්ට ලිමිට් එකෙන් වැඩක් නෑ උන් දන්නවා ඊට වඩා එනවා කියලා
    විය යුත්තේ කලින් කියලා තියනවා වගේ අපේ රටේ මහබැංකුව හෝ වෙනයම් එකක් ඉරිපත් වෙලා ලංකා කිලියරින් හැදුවා වගේ ලංකාවේ මර්චන්ට් සර්විසස් දෙන එකක් හැදෙන්න ඕනා. ඊට පස්සේ බැංකු ඔක්කොම එකතු වෙලා කාර්ඩ් සෙට් එකක් introduce කරන්න ඕනා ඒ ටයිප් එකට. එකට ඩිස්කවුන්ට්, ප්‍රමෝෂන් දීලා දියුණු කරන්න ඕනා...

    ඕක ලංකාවේ උනා කලෙකක්ට කලින් ABC ක්‍රෙඩිට් කාර්ඩ් මම දන්නා තරමින්. උන්ගේ කාර්ඩ් එක පන්ච් කරන්න පුළුවන් ඒ ජාතියේ මර්චන්ට් ෂිප් තියන තැන් වල විතරයි. උනුත් ඩිපොසිට් අරගෙන ලයිෂන් නැතිව කෙල වෙලා ගියා 2009 ජනවාරි 31ත් 2009 මාර්තු අතර කාලේ.
     
    Last edited:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,190
    6,667
    113
    East Blue (Goa Kingdom)
    මුන් මේවා නමට හදනවා හරියට promote කරන එක & implement කරවන්නේ නැත්තේ ඇයි ?

    MASTER VISA වල හිත රිදෙනවටද ?

    How do I use my LankaPay Smart Wallet?​

    Using your LankaPay Smart Wallet is as easy as a tap!

    Simply ensure that your smart wallet is loaded with funds, then look out for any POS terminal displaying the "LankaPay" branding. When it's time to pay, just tap your phone against the terminal, and voila! Your payment is processed instantly, with the amount deducted from your smart wallet in a snap. No need to fumble with cash or cards – just tap and go! With LankaPay's seamless payment experience, making purchases has never been simpler.
     
    • Wow
    Reactions: tha123

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,790
    23,463
    113
    අනිවාරෙන්ම. බැංකු කියන්නෙ merchant තමා නෝටි අපි නම් 3% ඔයාලගෙන් කපන්න එපා කියල තියෙන්නෙ කියල. යකූ 3%ක් කියන්නෙ ලාභයකින් ඉතා විශාල කොටසක්. කවදාවත් merchant කෙනෙක්ට බෑ මේ තරගකාරී වෙලදපලේ 3% දරාගෙන පාර්භෝගිකයන්ට හොද මිලක් දෙන්න. එතනදි අනිවාරෙන්ම කෑශ් වලින් ගෙවනව නම් එතනට total cost එක අඩු වීම නිසා අඩු මිලට භාන්ඩ හෝ සේවාව දෙන්න පුලුවන්. හුගක් තොග කඩ එහෙම කෑශ්ම ඉල්ලන්නෙ ඒකයි. නානල නම් මලාට කාඩ් වලින් පේමන්ට් ගන්නෙ නෑ.
    අනිවාර්යෙන්.
    මම කිවුව වගේ Infrastructure cost පුලුවන් තරන් අඩුකරගන්න වෙනව කාඩ් පේමන්ට් promote කරන්න ඕනෙනන්.

    Lanka pay gaha ganing puke
    Deshiye labba karanna gihilla rata bankaloth wune
    LankaPay network එක reliable. දැනටත් ලංකාවෙ ATM සහ QR payments දුවන්නෙ LankaPay එකෙන්.
    ------ Post added on Oct 10, 2025 at 10:34 AM

    කාගීල්ස් එකට ගිහින් කෑශ් දීල 3% ක් අඩුවෙන් බඩු ගන්න පුලුවන් දවසට එකඟයි.
    Cash motivate කිරිල්ලක්වත් Card demotivate කිරිල්ලක්වත් නෙමෙයි බන් මම කියන්නෙ. කාගිල්ස් එකේ දැන් උනත් උඹ කෑෂ් ගෙවුවත් කාඩ් ගෙවුවත් ඒක ඇතුලෙ කාඩ් ෆී එක තියෙනව හැංගිල.
    ------ Post added on Oct 10, 2025 at 10:36 AM

    සමහර කඩවල් වල බඩුවල ගාන 1000 යි කියනවා නම්, ගෙවද්දි කෑශ්ද කාඩ් ද අහනවා. කෑශ් නම් ඩිස්කවුන්ට කියලා රු. 20ක් විතර අඩු කරනවා.

    හැබැයි රටේ නීතියට එකඟයි. කාඩ් කියලා වැඩිපුර අය කරන්නෙ නෑ. 🤣🤣
    ඔක්කොම ලොකු ඇඳුම් කඩ මේක කරනව.
    ------ Post added on Oct 10, 2025 at 10:47 AM

    meka atta

    card hama ekama lankawe pay karoth business bankoloth wenawa kiyana eka boru ithin. eka margine ekata awulak nattan margine eken cover karanna puluwannam, eka nisa sales godak enawanam

    dawasata sales 3k ena ekata card / koko nisa sales 10k 20k enawanam uta kohomath labai
    කාඩ් එකෙන් ගෙවුව කියල බංකොලොත් වෙන්නෙ නෑ බන්. බංකොලොත් වෙන්නෙ නැත්තෙ කාඩ් ෆී එක මාජින් එක ඇතුලට ඇතුලත් වෙලා මිල වැඩි වෙන හින්ද.
    ඒකයි කිවුවෙ හෙට ඉඳන් එක පාරට හැමෝම කාඩ් වලින් ගෙවුවොත් බංකොලොත් වෙනව කියල. මොකද දැනට බඩු වල මාජින් හැදිල තියෙන්නෙ ගණුදෙනු වලින් අඩු ප්‍රතිශතයක් කාඩ් පේමන්ට් ඉතුරුව කෑෂ් කියන පදනම මත. කාඩ් පේමන්ට් හින්ද සේල්ස් වැඩි වෙන්නෙත් නෑ. මිනිස්සු දැන් ගන්න බඩු ප්‍රමාණෙම තමයි ඒත් ගන්නෙ. තනි තනි කඩ නෙමෙයි big picture එක මම කියන්නෙ. koko වලින් නන් එහෙම වෙන්න පොඩි motivation එකක් තියෙනව.
    ------ Post added on Oct 10, 2025 at 10:52 AM

    Economy of scale... ඔක්කෝම ඕක use කරද්දී එක්කෙනෙක් දරන්න ඕන වියදම කුඩා වෙනවා... එතකොට ඕක භාණ්ඩයේ මිලට එකතු වෙන එක කාටවත් ප්‍රශ්නයක් නෙවෙයි...

    කොහොම උනත් ආර්ථික කටයුත්තක මොනයම් හෝ වියදමක් තිබ්බොත් ඒක මොන ක්‍රමයකින් හරි ගෙවන්නේ අවසසාන පාරිභෝගිකයා... වෙන කවුරු හරි (රාජ්ය බදු මුදලින් හැර) ඒක දරා ගන්නවා කියනවා නම් අමූලික බොරුවක්...
    දැන් Visa/Matercard වගේ ඒවා සෑහෙන scale වෙච්ච ඒවා එහෙමයි කියල නෑ තාමත් 2% ද කොහෙද fee එකක් ගන්නව.
    රාජ්‍ය බදු මුදලින් දරාගන්නව කියන්නෙත් අන්තිමට රටේ පාරිභීකයොම ආයෙත් ඒක බදු විදිහට ගෙවනව. කොහෙන් ගියත් අපිම තමයි ගෙවන්නෙ.
    ------ Post added on Oct 10, 2025 at 10:56 AM

    මේකෙ ඔයාට වැරදුන තැන් කිහිපයක් තියෙනව.
    1. කාඩ් පේමන්ට් ඉහල ගියා කියල හැම transaction එකකින්ම 3% කැපෙන්නෙ නෑ. ලිමිට් එකක් තියෙනව. මාසෙට ලක්ශ 5ක් කරනව නම් fixed ගානක් කැපෙන්නෙ. එතනින් එහාට කැපෙන්නෙ නෑ. (ලිමිට් බැන්කුවෙන් බැන්කුවට, වියාපරයෙන් වියාපාරයට වෙනස්). හැබැයි ලිමිට් එකෙන් එහාට කලාම අපි visa/master card වලට ගෙවන $ ගානත් එහෙම fixedද කියන්න මම දැනුවත් නෑ.
    2. පොස් මැශින් එකට වෙනම කපනව මාසෙට 3000ක්.
    3. මහ බැංකුව කිව්වට 3% පාරිභෝගිකයන්ගෙන් ගන්න බෑ කියල ඕක grey area එකක තියෙන්නෙ. මගෙ බැන්කුවෙන් මට ඕන දෙයක් කරගන්න එහෙම රූල් එකක් නෑ කියල තියෙන්නෙ. එතකොට මගේ පාරිභෝගිකයෙක් බැංකුවට කම්ප්ලේන් කලත් එතනින් එහාට process වෙන්නෙ නෑ.
    (ෆාමසියෙ 3% කස්ටමර්ගෙන් අයකරන්නෙ නෑ. ජුවලරියෙ කාඩ් පේමන්ට් කරන්න දුන්නෙ නෑ. වෙන කරන්නම දෙයක් නැත්නම් 3% අයකලා.)

    නෙස්ලේ ඔක්කොම වගේ එන්නෙ 7% ලාබෙන්. පැනඩෝල් කම්පැනියෙ ඔක්කොම අයිටම් එන්නෙ 5% ලාබෙන්. ඕකෙන් 3% ගෙවල ඉතුරු ටිකෙන් කඩකුලී ගෙවල, ලයිට් බිල් ගෙවල ඔක්කොම කරන්න ඕනෙ. කරුමෙ කියන්නෙ මේ අයිටම් ඔක්කොම ෆාස්ට් මූවින්ග්, අනිත් එක ඔය ලාබෙන් කඩ කරන්න බෑ කියල ඕනෙ තරම් පෲව් කරල තියෙන්නෙ. අඩුම පැනඩොල් කම්පැනිය එකස්පයර් රිටන් ගන්නෙ නෑ. චෙක් උපරිම දවස් 14යි මාර නීති තියෙන්නෙ. මයිලෝ 7% ඇවිත් තව කූල් කරන්නත් කඩ කාරය වියදම් කරන්න ඕනෙ. ඒක කාඩ් එකෙන් ගත්තාම ඉතින් අතින් කාල හරක් බලල තියෙන්නෙ ඉතින් කූට වි‍යාපරිකයො හැදෙනව.

    දැන් මගේ සෙන්සොඩයින් එකක් එකස්පයර් උනා. Rs.450 cost 427.50. මම සෙන්සොඩයින් 19ක් විකුනන්න ඕනෙ මට උන පාඩුව දරාගන්න. කාඩ් එකෙන් ගෙව්වොත් කෑලි 49ක් විකුනන්න ඕනෙ වෙච්ච පාඩුව මගහරින්න. ප්‍රශ්නෙ තියෙන්නෙ වෙනකොහෙවත් ඒත් ඔය කම්පැනි ඔක්කොම රටෙ ජනතාව කුලප්පු කරල ප්‍රශ්නෙ වෙන තැනකට අතඅරිනව.

    උඹ කියන එක හරි මචන්. මම මෙතන overall කියන්න අදහස් කරේ යම්කිසි fee එකක් වෙළෙන්දා දරාගන්නව කියල දෙයක් වෙන්නෙ නෑ ඒ ඔක්කොම ගෙවන්නෙ කොහොමත් පාරිභෝගිකය කියල.
    ------ Post added on Oct 10, 2025 at 10:57 AM
     
    Last edited:
    • Like
    Reactions: wqe123

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,790
    23,463
    113
    ඇයි බං Lanka QR ප්‍රමෝට් කරන්නේ නැත්තේ කවුරුවත්. එකේ 1%යි වෙළෙන්දාගෙන් කැපෙන්නේ. අනික කොච්චර ලේසි ක්‍රමයක්ද. ඕක ප්‍රමෝට් කළා නම් පොඩි ගණුදෙනුව පවා මොනිටර් වෙනවා ලස්සනට. බදු දැලින් රිංගනවා බොරු

    0.05% thibbe pal ooru fee eka adu nokara thawa wadi kara last FEB 1% walata

    rs 25i yanne CEFT ekakata lankawe 5 Mil wenakan yawanna puluwan rs 25 fee ekata lankawe CEFT
    same system eken CEFT , QR serama lankawe handle wenne

    10,000 CEFT karoth 10,025
    10,000 QR karoth 10,100 - or kade kenata 9,900 i enne
    kade kena fee eka gewwath ceft eke 9,975 enawa

    India wage china wage QR podi ganan walata free karala
    loku ganan walata CEFT fee ekama damma nam lankaweth QR use wena eka wadi wenawa,

    ethakota kawda VISA & MASTER ekata wena paduwata gewanne???????????

    0.5% thibba eka mun 1% kara February 15, 2025.
    gon pakayo inne
    china , india etc oka thawath aduyi situation eka anuwa fee eka samahra ewa 0% fee

    lankawe gonnu thawa fees wadi karanawa card companies wala jarawata nam neme mokada lankawe pagawata wada wenne naha

    India & China wala hama thanama QR

    rs 25i yanne CEFT ekakata lankawe 5 Mil wenakan yawanna puluwan rs 25 fee ekata lankawe CEFT
    same system eken CEFT , QR serama lankawe handle wenne

    10,000 CEFT karoth 10,025
    10,000 QR karoth 10,100 - or kade kenata 9,900 i enne
    kade kena fee eka gewwath ceft eke 9,975 enawa

    India wage china wage QR podi ganan walata free karala
    loku ganan walata CEFT fee ekama damma nam lankaweth QR use wena eka wadi wenawa,

    ethakota kawda VISA & MASTER ekata wena paduwata gewanne???????????

    Instant notification එනවා දෙන්නටම

    ලංකාවේ ඩිජිටල් කරන්න සුපිරිම වැඩක් ජනවාරි එක ඉඳල මහ බැංකුවෙන් කරලා කතා තියෙනවා මේක ඇත්තද ?

    1% කරාම අවුල පොඩි business වලට පාඩුයි ඕක , 1% කැපෙන්නේ income එකෙන් නෙමේ full revenue එකෙන් QR වලින් එන .
    මුන්ට මේක promote කරන්න ඇත්ත උවමන්වක් නැහැ කියන එක පේනවා

    Meanwhile in China & India

    චීනේ & ඉන්දියාවේ QR එක පොලේ ඉඳන් හැම දෙකටම USE වෙනවා , fees අඩු (almost zero නිසා )
    ලංකාවේ 0.5% එකත් මුන් 1% වලට වැඩි කරා

    QR කියන එක ඉන්දියාව වගේ සාක්ෂරතාවය අඩු රටවලට හොඳ දෙයක් උනාට වෙන රටවල ලොකුවට පාවිච්චි වෙන දෙයක් නෙමෙයි. QR කරදරයි හැම පැත්තෙන්ම. ලේසිම දේ tap & go. කාඩ් එකකින් හරි NFC හරහා phone එකකින් හරි (Google pay, Apple pay etc). පදික වෙළෙන්දො වගේ අයට QR payments හොඳයි. Fee එක අදාල නෑ QR ද කාඩ් ද කියල. කොහොමත් එකම දේ. QR වල ෆී එක අඩු ඒවා LankaPay හරහා process වෙන හින්ද.

    මුන් මේවා නමට හදනවා හරියට promote කරන එක & implement කරවන්නේ නැත්තේ ඇයි ?

    MASTER VISA වල හිත රිදෙනවටද ?

    How do I use my LankaPay Smart Wallet?​

    Using your LankaPay Smart Wallet is as easy as a tap!

    Simply ensure that your smart wallet is loaded with funds, then look out for any POS terminal displaying the "LankaPay" branding. When it's time to pay, just tap your phone against the terminal, and voila! Your payment is processed instantly, with the amount deducted from your smart wallet in a snap. No need to fumble with cash or cards – just tap and go! With LankaPay's seamless payment experience, making purchases has never been simpler.
    අඩේ මේක මරුනෙ. Google Pay වගේ එකක් නේද? මේක දැනට තියෙන්නෙ NSB Pay ඇප් එකේ විතරයි වගේ. Frimi එහෙම ආවනන් සුපිරි.
    ------ Post added on Oct 10, 2025 at 11:03 AM

    JCB Lankapay card ekak introduce kalaa RDB bank eken. eka thaama thiyenavada?
    LankaPay විතරක් තියෙන කාඩ් දීලා බෑ. Visa/Mastercard තියෙන්න ඕනෙ online payment වලට. POS network එක LankaPay වලට ගන්න එකයි වෙන්න ඕනෙ. ATM දැනටමත් local transactions වෙන්නෙ LankaPay වලින්.
    ------ Post added on Oct 10, 2025 at 11:05 AM
     
    • Haha
    Reactions: Monkey D Dragon

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,190
    6,667
    113
    East Blue (Goa Kingdom)
    QR කියන එක ඉන්දියාව වගේ සාක්ෂරතාවය අඩු රටවලට හොඳ දෙයක් උනාට

    සාක්ෂරතාවය ? kiyanne mona joke ekakda

    China wala use wenne hama thanama unta NFC ganna bari kamakda??

    me ponsiyo kohomath oka karanne naha issara nfc card eka wage thamai joke pilot projects .

    pilot project ekata unath QR ekath danna puluwan kisima awulak naha. NFC talk wadak naha

    mun othanara Lanka QR kiyana wachane use nokaranne munta LankaQR or NFC use wena eka wadi karanna ona nathi nisa 0.5% eka 1% kara

    kalen kaleta ena athal

    bas haepenawata stickers galewwa wage, issara gov eka administrate karanna chanda walin giyapu un karapu dema 100% mun karanneth.
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    මේකෙ ඔයාට වැරදුන තැන් කිහිපයක් තියෙනව.
    1. කාඩ් පේමන්ට් ඉහල ගියා කියල හැම transaction එකකින්ම 3% කැපෙන්නෙ නෑ. ලිමිට් එකක් තියෙනව. මාසෙට ලක්ශ 5ක් කරනව නම් fixed ගානක් කැපෙන්නෙ. එතනින් එහාට කැපෙන්නෙ නෑ. (ලිමිට් බැන්කුවෙන් බැන්කුවට, වියාපරයෙන් වියාපාරයට වෙනස්). හැබැයි ලිමිට් එකෙන් එහාට කලාම අපි visa/master card වලට ගෙවන $ ගානත් එහෙම fixedද කියන්න මම දැනුවත් නෑ.
    2. පොස් මැශින් එකට වෙනම කපනව මාසෙට 3000ක්.
    HNB , Commercial එහෙම නෑ බං.. :(
    3. මහ බැංකුව කිව්වට 3% පාරිභෝගිකයන්ගෙන් ගන්න බෑ කියල ඕක grey area එකක තියෙන්නෙ. මගෙ බැන්කුවෙන් මට ඕන දෙයක් කරගන්න එහෙම රූල් එකක් නෑ කියල තියෙන්නෙ. එතකොට මගේ පාරිභෝගිකයෙක් බැංකුවට කම්ප්ලේන් කලත් එතනින් එහාට process වෙන්නෙ නෑ.
    (ෆාමසියෙ 3% කස්ටමර්ගෙන් අයකරන්නෙ නෑ. ජුවලරියෙ කාඩ් පේමන්ට් කරන්න දුන්නෙ නෑ. වෙන කරන්නම දෙයක් නැත්නම් 3% අයකලා.)

    නෙස්ලේ ඔක්කොම වගේ එන්නෙ 7% ලාබෙන්. පැනඩෝල් කම්පැනියෙ ඔක්කොම අයිටම් එන්නෙ 5% ලාබෙන්. ඕකෙන් 3% ගෙවල ඉතුරු ටිකෙන් කඩකුලී ගෙවල, ලයිට් බිල් ගෙවල ඔක්කොම කරන්න ඕනෙ. කරුමෙ කියන්නෙ මේ අයිටම් ඔක්කොම ෆාස්ට් මූවින්ග්, අනිත් එක ඔය ලාබෙන් කඩ කරන්න බෑ කියල ඕනෙ තරම් පෲව් කරල තියෙන්නෙ. අඩුම පැනඩොල් කම්පැනිය එකස්පයර් රිටන් ගන්නෙ නෑ. චෙක් උපරිම දවස් 14යි මාර නීති තියෙන්නෙ. මයිලෝ 7% ඇවිත් තව කූල් කරන්නත් කඩ කාරය වියදම් කරන්න ඕනෙ. ඒක කාඩ් එකෙන් ගත්තාම ඉතින් අතින් කාල හරක් බලල තියෙන්නෙ ඉතින් කූට වි‍යාපරිකයො හැදෙනව.
    :yes::yes::yes:
    දැන් මගේ සෙන්සොඩයින් එකක් එකස්පයර් උනා. Rs.450 cost 427.50. මම සෙන්සොඩයින් 19ක් විකුනන්න ඕනෙ මට උන පාඩුව දරාගන්න. කාඩ් එකෙන් ගෙව්වොත් කෑලි 49ක් විකුනන්න ඕනෙ වෙච්ච පාඩුව මගහරින්න. ප්‍රශ්නෙ තියෙන්නෙ වෙනකොහෙවත් ඒත් ඔය කම්පැනි ඔක්කොම රටෙ ජනතාව කුලප්පු කරල ප්‍රශ්නෙ වෙන තැනකට අතඅරිනව.
    පොඩි මාජින් තිද්දි 3% ලොකු ගානක්
     
    • Like
    Reactions: MihiCherub