කාබුල් නුවර බෝම්බ ප්‍රහාරය.
මීට සතියකට පෙර මැයි 31 වෙනිදා කාබුල් නුවර මධ්‍යයට දැවැන්ත ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල උනා. පුපුරණ ද්‍රව්‍ය පුරවාගත් ගලි බවුසරයක් කාබුල් නුවර තානාපති කාර්යාල පිහිටි කලාපයේ දොරටුව ලග පුපුරවා හැරීමෙනුයි මේ ප්‍රහාරය සිදු වුනේ. කාබුල් වේලාවෙන් උදේ 8.40 ට පමණ එල්ල වූ මේ ප්‍රහාරයෙන් 200කට වැඩි පිරිසක් මරණයට පත් වූ අතර 500 කට වැඩි පිරිසක් බරපතල තුවාල ලැබුවා. උදෑසන කාර්යාල වේලාවක් තුලදී එල්ල වූ මේ ප්‍රහාරය කාබුල් නුවර දිවා කාලයේදී සිදුවූ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකෙනවා.
මෙම පිපිරීමේ දැවැන්ත කම කොතෙක්ද යත්, එම ස්තානයකට කිලෝ මීටර් 10ක් පමණ දුරින් පිහිටි මා සිටින කාර්යාලයට පවා දැවැන්ත පිපිරීම් හඩක් සමග කම්පනය දැනුනා. ප්‍රමාණු බෝම්බයක මෙන් දැවැන්ත දුම් වලාවක් අහසට නැගුනා. බෝම්බය පිපිරුන ස්තානයේ සිට මීටර් 50ක් පමණ ඇතුලත සිටි සියල්ලන්ම මිය ගිය බව සදහන්. බෝම්බකරුවන් හා ආසන්නයේ සිටි ආරක්ශකයන්ගේ සිරුරු සැනින් වාශ්ප බවට පත්වී තුබුනේ සලකුණක් හෝ ඉතුරු නොකරමින්. බෝම්බය පිපුරුන ස්තානය අඩි විස්සක් පමණ ගැඹුරු දැවැන්ත ආවටයක් නිර්මානය වී තිබුනා. පහතින් දැක්වෙන්නේ ප්‍රහාරයෙන් පසු අරගත් චායාරූප කිහිපයක්.
මේ ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් මෙතෙක් බාරගෙන නෑ. ඇෆ්ගනිස්තානයේ මුස්ලිම් අන්තවාදී කල්ලි 3ක් ක්‍රියාත්මකයි. තලේබාන් සංවිධානය, හකානිවරු (තලේබානුවන්ගෙන් බෙදී ගිය කොටසක්) සහ අයි එස් සංවිධානය. තලේබානුවන් සාමාන්‍යයෙන් සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන්නේ නෑ .එ ම නිසා මෙම ප්‍රහාරය හකානිවරු එල්ල කල ලෙසටයි සැලකෙන්නේ.
මේ ප්රරාහාරය ජර්මානු තානාපති කාර්යාලය හා අනෙකුත් තානාපති කාර්යාල එල්ල කරගෙන සිදූවත් එතරම් බරපතල ජීවිත හානි කිසිම තානපති කාර්යාලයකට සිදුවුනේ නෑ. දේශීය ආරක්ශක නිලදාරියෙක් ජීව්තක්ශයට පත් වූවා පමනයි. මූලිකව නිගමනය කර තිබුනේ ආරක්ශක නිලදාරීන් ට්‍රක් රතයේ ගමන වැලැක්වූ බවයි. පසුව නිකුත් කරන ලද සීසීටීවී දර්ශන වලින්ද මෙය මනාව තහවුරු උනා.
මෙම සීසීටීවී විඩියෝවෙන් ලොරි රතයේ ප්‍රමානයත් ඒ නිසා සිදුවූ විනාශයත්, ආරක්ශක නිලදාරීන් එය වැලැක්වූ ආකාරයත් දක්නට ලැබෙනවා.
මෙම සිදුවීමෙන් පසු ආරක්ශක නිලදාරීන් ජාතික වීරයන් බවට පත්වුනා වෙන්න තිබූ මහා විනාශයක් තම දිවි පරදුවට තබමින් වලක්වා ගත් නිසා.
මෙම ප්‍රහාරය ඇෆ්ගන් වැසියන් තුල ඇති කර තිගැස්ම සහ භීතිය අති මහත්. අප කාර්යාලයේ නිලදාරීන් බොහෝ දෙනෙකුගේ හිතමිතුරන් හා නෑයන් මෙම ප්‍රහාරයෙන් මිය ගොස් හෝ තුවාල ලබා තිබුනා. ප්සු දිනම අප විසින් ලේ දන්දීමෙ කදවුරක් සංවිදනය කලා විපතට පත් වූවන්ට පිහිට වන්නට.
මේ ප්රාහරයෙන් මම ජීව්තය බේරාගත්තා කියා මම පුද්ගලිකව සිතනවා. එදිනම උදෑසන 8.30 ට මට අද්යාපන අමාත්‍යාංශය බලා පිටත්ව යන්නට නියමිතව තිබුනා. කලට වේලාවට පිටත් උනා නම් මෙම පිපිරීම වන විට මම මෙම ස්තානය පසු කරමින් ඉන්නේ. යම්කිසි දෙයක් නිසා එය වැලකී ගියා. වාසනාව කියල දෙයක් ලෝකේ තියෙනව කියල තේරුන තවත් දවසක්.
ලෝකය කොහොම ඇෆ්ගනිස්තානය ගන සිතා සිටියත්, මෙහි සිටින්නේ නියමාකරව ආගම අදහන, ඉතා හොද මුස්ලිම්වරු. ඔවුන්ගෙන් සුලුතරයක් නිසාත් රටට සත පහකවත් ආදරය නැති පොලිටික්කෝත් නිසාත් මේ සුන්දර රට දිනෙන් දිනම විනාශ වීම අතිශය කනගාටුවට කරුණක්.