කාර් එකේ එන්ජින් එක ගැහෙන්නේ ඇයි? Help !
යාළුවනේ,
වාහන ගැන දන්නා යාළුවන්ගෙන් ලොකු උදව්වක් ඕනේ. වාහන ගැන නොදන්නා යාළුවෝ BUMP එකක් හරි දාලා සපෝට් එකක් දෙන්න.
මගේ කාර් එක TOYOTA Corolla AE110 (1998 / Petrol / Auto)
දැනට මාස දෙකක වගේ කාලයක ඉඳලා කාර් එකේ අමුතු ලෙඩක් තියෙනවා.
උදේට කාර් එක ස්ටාට් කරලා gear shift එක "D" (Drive) එකට දැම්මාම Accelerator එක පාගන්නේ නැතුව කාර් එක smoothly හෙමින් ඉස්සරහට යනවා; "R" එකට දැම්මාමත් ගානට Reverse වෙනවා. ඒත් කිලෝ මීටර් 4ක් 5ක් වගේ එළෙව්වාට පස්සේ (එන්ජින් එක රත්වුණාට පස්සේ) කාර් එක නතර කරලා "D" එකට දැම්මට පස්සේ ඉස්සරහට යන්නේ නෑ. එන්ජින් එක ගැහෙනවා.(Engine shakes) රිවස් එකට දැම්මාමත් එහෙමමයි. Accelerator එක පොඩ්ඩක් පාගන්නම ඕනේ කාර් එක move වෙන්න.
දැනට මාස 3කට කලින් Auto ස්කෑන් කරලා Throttle body එක සුද්ද කරලා කාර් එකේ Fuel injectors 4ම ultra sound වලින් ක්ලීන් කරලා EFI Tuneup එකක් කළා. එන්ජින් මවුන්ට්, සයිලන්සර් මවුන්ට් එහෙමත් දැම්මා. ඒ දවස් වල කාර් එක කිසිම අවුලක් නැතුව දිව්වා.
දැනට ටික දවසකට කලින්, Spark plugs, Fuel filter, Air filter, PCV Valve, Break liners, Engine oil මේ ඔක්කොම අළුතෙන් දැම්මා.
ගියර් ඔයිල්, Power steering oil එහෙමත් හොඳටම තියෙනවා.
වාහනේ පොඩි පොඩි වැඩ මම ගෙදරදී තනියම කර ගන්නවා. එළකිරි එකේ යාළුවොත් මට ගොඩාක් උදව් කරලා තියෙනවා. ඉතින් මට මේ ප්රශ්නයටත් උදව් කරන්න. Throttle body එක ආපහු Clean කළොත් මේ ප්රශ්නය හරියාවිද?
http://www.partsbase.org/toyota/corolla-ae110-aepnk-1-5l-16-valve-dohc-efi-atm-1995-2000-jp/

Last edited: