මචං මම ඕක ගැන ටිකක් දන්න නිසයි මෙහෙම කියන්නේ.. සාමාන්‍යයෙන් දෙන්නෙක් බැට්කරද්දි ප්ලෑන් එකකට ගහන්නේ.. උදාහරනයක් කියනවනම් ඊයේ මැතිව්ස් එද්දි දිල්ශාන් හොදටම ගහනවා, ඌට හොදට බෝලේ පේනවා.. ඌට ශොට් වලට යන්න ලේසි.. ඉතිං දිල්ශාන්ට වැඩිපුර පන්දුවට පහරදීමේ අවස්ථාව දෙන එක තමයි වෙන්න ඕන.. ඌ රනවුට් උනෙත් ස්ට්‍රයික් එක ගන්න ගිහිල්ලා.. ඉතිං ඊයේ මැතිව්ස් කලෙත් වැඩිපුර ස්ට්‍රයික් එක දිලීට දෙන්න එක දාපු එක.. ඒක තමයි ප්ලෑන් එක.. මෙතන මැතිව්ස් මේන් බැට්ස්මන් උනානම් ඌ මීට වඩා වෙනස් විදියටයි බැට් කරන්නේ.. මම හිතන්නේ උඹට තේරෙන්න ඇති මම කියපු දේ..