කැප් කරුවන්ගේ දිනය

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කැප් කරුවන්ගේ දිනය

    (කාටුනය අවන්ත ආටිගල ගේය )



    පොඩි එකා කලිසම් කොටය එක අතකින් අල්ලා ගෙන නිදි ගැට කඩමින් ආලින්දයට එන විට ඔහුගේ සීයා සිටියේ වේවැල් පුටුවේ ඉරිදා පත්තරේ බලමිනි .

    "තීයේ තීයේ " පොඩි එකා ට හදිසියේ යමක් මතක් වූ සෙයකි .

    " පුතේ මොකෝ "

    " තීයේ තීයේ , දන්නවද වැඩක් ...අහස කඩා වැටිලා .. "

    " මොකක් කිව්වා " සීයාට ඉබේම අහස දෙස බැලුනේය .

    " හූ හූ තීයා ලැවටුනා .. ඔන්න තීයා තමා එක ". පොඩි එකා කුස්සිය දෙසට දිව ගියේය .

    "අම්.....මේ.....අම් .....මේ .....මගේ ටූටී ඇඟිල්ල පීයට කැපුනා "

    "මම කොච්චර කියලා තියෙනවද ඔය පිහිය අල්ලන්න එපා කියලා ..කොහෙද කියන දෙයක් අහන එකක් යෑ .."
    අම්මා දර්ශන පථයට සේන්දු වීමට පෙර , ඈ දෙබස් ඇසෙන්නට විය ..

    "හූ හූ අම්මත් ලැවටුනා .... දෙකයි දෙකයි ....." පොඩි එකා මිදුලට දිවුවේය

    "තාත්තේ ...."

    "ඕ ..මොකෝ පුතු ? " යතුරුපැදියට ඇල්ලු දිය දහර , හෝස්‌ බටය නවා නවත්වා පියා ඒ දෙසට නෙත් යොමු කළේය .

    " තාත්තේ ...ආස කඩන් වැටෙනවා ..."

    "හා හා කමක් නෑ "

    " ඒ නම්... මගේ ....මේ ටූටී ඇඟිල්ල කැපුනා "

    " මම ඔක්කොම අහගෙන හිටියේ .. පුතු මොකෝ මේ උදේ පාන්දර බොරු කියා කියා යන්නේ "

    " ඇයි අද පලවෙනිදා නේ "

    " ඉතින් ?"

    " අයියෝ තාත්ති ඒක දන්නෙත් නෑ ...අද බොරු කියලා මිනිස්සු ලවට්ටන දවසනේ"

    " කවුද කිව්වේ ?"

    "අයියා කිව්වේ අද බොරු කියලා මිනිත්තු අන්දන දවස කියලා ..."

    " ඔයාට වැරදිලා පුතු ...ඒ අප්‍රේල් පළවෙනිදා . අද මැයි පළවෙනිදා ..පුතු දන්නවද අද මොන දිනයද කියලා? "

    " ආ ආ මං දන්නවා ....ලෝක කැප් කරුවන්ගේ දිනය ..."

    " ඇයි පුතු එහෙම කිව්වේ ?"

    " අයියෝ... තාත්ති දැකලා නැද්ද ...අර අංකල්ලා , ඇන්ටිලා පාට පාට කැප් දා ගෙන පෙරහැලේ යන්නේ ..... ඇඩ් එකකුත් ගියේ කැප්කරුවන් ගේ මැයි දිනයට එන්න කියලා ...

    හාහාහා.. නෑ පුතු මැයි පළවෙනිදා තමා ලෝකයා කම්කරුවන්ගේ දිනය සමරන්නේ ..

    " ඒක තමා ...තාත්ති මං දන්නවා ... ලෝකයෝ ඉස්ටේජ් එක උඩ ....කැප් කරුවෝ පිට්ටනියේ .....මං ටීවී එකේ දැක්කා .

    "තාත්ති ......?"

    "ඕ ..?"

    "ඇත්තටම අද බොලු කියලා මිනිත්තු ලවට්ටන දවස නෙමෙයිද ?"

    from internet