ඔය රැගින් සිස්ටම් ගැන, මහා සිෂ්ය සංගමය කියන පොලිටිකල් සෙටාර් එක එහෙම පැත්තකින් තිබ්බම, මේ උඩ කියලා තියෙන කමෙන්ට් එක කිසිම පදනමක් නැති එකක් වෙනවා.
ඔයා හිතනවනම් ඕනෑම සමාජයක වෙන්නේ උගන්වන සබ්ජෙක්ට් එක ඉගෙනගන්න එක විතරයි කියලා, ඒක අධ්‍යාපනය නෙවෙයි. යුනිවසිටි වල තියෙන්නෙ රැග් එකයි, මහා ශිෂ්‍ය සංගමේ වැඩයි විතරයි හිතෙනවානම් ඒක නොදන්නා කමක්. ඕනෑම සමාජයක හොඳ දේවල් නරක දේවල් දෙකම තියෙනවා. කමියුනිටි එකක් ඩිවෙලොප් වෙන්නේ ඒකේ ප්රස්තුත අරමුණ පමණක් ඉතා ඉහළින් ජයගැනීමෙන් කියලා හිතන එක වර්තමාන තරඟකාරීත්වය තුල පැළපදියම් කරපු විෂබීජයක්. ආධ්‍යාත්මික, සාමාජීය වශයෙන් දියුණු වීම හා ඔවුන් සමාජයට මුසු වීම කොතරම් සමාජ හිතකරද කියන එක තේරුම් ගන්න ඔබත් සමාජයේ ඒ හා ගැටීමෙන් අත්විඳිය හැකි සත්‍යයක්.
නවක වදය යනු ක්ෂය වෙමින් යන වඳ වී යන දෙයක්. ශිෂ්‍ය දේශපාලනය නම් වර්තමාන බලලෝබී දේශපාලන අරගලය නිසා පාලන තන්ත්රය වෙනස් කලහැකි සමාජ පරිවර්තක වමට එක්වෙමු කියන ස්ලෝගන් එකට එක් වන දේශ හිතෛෂින්. සබුද්ධිය පරදා මානව හිතෛෂින් වීමෙන් මනස ප්‍රිය භාෂා හැසිරවීමට රැවටීමෙන් අංකුර කුරුට්ටන් බිහි වෙනවා...
යතාර්ථය ඔවුන් පසුවයි හඳුනාගන්නේ...
මෙම සුලු තරය මත පදනම්ව සහ ෆේස්බුක් සමාජ ජාල තුල ඇඩ්මින්වරු නමින් හඳුන්වන ජීවීන් කොට්ඨාශය විසින් තම හීන මානය හා අධිමානය සමාජයට මුදාහරින්නේ කැම්පස් හා අටපාස් යනුවෙන් බෙදීමක් ඇතිකිරීමෙන් සහ එය තීව්ර වන පරිදි විවිධ ආකාරයේ පෝස්ට් පළ කිරීමෙනි. ලයික් ශෙයාර් ගණන වෙනුවෙනි.
එයින් පන්නරය ලැබූවන් සියල්ල දකින්නෙ ලබාදුන් කියා දුන් රාමුව තුළ හිඳිමිනි. සමාජයේ මෙම යතාර්තය හැඳින ගෙන ක්‍රියාකරන මනුෂ්‍යයාව නම් කිසිවකුට විවිධ රාමු වලට ගොණු කිරීම අපහසුය.
Ubalata varaduna thana othanai. Campus eka ayithi, Srilankavata, Srilankave governement ekata. University grant commision eka haraha thama, campus law hadanne. Oka nadatthu karanne, padi gevanne, Mahapola denne, Ubalage money valindha ????
මිනිස්සුන්ට පේන්නෙ පිටින් තියෙන නරකයි කියල එක එකා පෙන්නන දේවල් විතරයි. විශ්ව විද්‍යලයක් ඇතුලෙ වෙනම හර පද්දතියක් තියෙනව කියල ගොඩක් අය දන්නෙ නෑ. උදාහරනයක් විදිහට අනුරාදපුර පොලොන්නරුවෙ තියෙන වකුගඩු රෝගය පාලනය කරන්න පේර, ජපුර රජරට කියන කැම්පස් තුනෙන් කරපු දේවල් නිසයි අද ඒක අඩු වෙලා තියෙන්නෙ කියල කවුරුවත් දන්නවද. අර උඩ එකා කිවුව වගේ අපි යන්නෙ ඉගෙන ගන්න විතරයි ඉගෙන ගෙන එලියට ඇවිල්ල අපේ පාඩුවෙ ඉන්නව කියල හිතුවනම් උන් තාමත් වකුගඩු අමරුව හදා ගන්නව. මුන් වගේ තමුන් ගැන විතරක් හිතන උන් නිසයි රටකට මෙහෙම කෙල වෙලා තියෙන්නෙ.
මම මුලින්ම කිව්වනේ රැගින් සහ ශිෂ්‍ය දේශපාලනය පැත්තකින් තියන්න කියලා... හොඳ නරක කියලා දෙකක් තියෙනවාය එයින් නරක ගැන ආගිව් කරන්න මගේ උවමනාවක් නෑ හේතුව. ඒක හොඳයි කියන්න මට කිසිම උවමනාවක් නැති නිසා...Education system eke aduvak thama, subjects exams pamanak anuva system hadima. Eya suddhage works tika kara ganimata karapu ,selfish system ekak. Ragging valin eya venas kirimata yama, eta vada moda kamak.
මමත් රජයේ විශ්වවිද්‍යාලයක තමයි හිටියේ. එහෙම හිටියා කියලා මම මේ වැඩේ සාධාරණීකරණය කරන්න යන්නේ නෑ. කොතනකින් හරි මෙය නිවැරදි විය යුතුයි.
මාත් ඔය කියන විශ්ව විද්‍යාලේ තමයි. ඔය කියන ෆැකල්ටි එකේ රැග් ගැනත් අපි හොඳට දන්නවා. ඇඳුම් ගලවන කතාව ගැන නම් හරියටම දෙයක් කියන්න දන්නේ නැ. හැබැයි කැට ගිහින් එකතු කරන සල්ලි වලින් ඔය සීනියර් කියලා ඉන්න හැත්ත නිදහස් අධ්‍යාපනේ බේරගන්න එක කෙසේ වෙතත් උන්ගේ ආදායම් මාර්ග සරු කරගන්න එකයි ජෙප්පොන්ටත් එකෙන් ගානක් යන එකයි නම් ගානට වෙනවා. තව දෙයක් ඕවාට යන්නේ නැති සහ උන්ගේ අණට යටත් වෙන්නේ නැති උන්ව ශාරීරිකවත් රැග් කරනවා කියලා ආරංචි.
දෙමවුපියො නෙමේ තමා ඒත් සමාජයක් උනාම ඒකෙ විනයක් තියෙන්න ඕනෙ කරනව. උබට මම ඒ විනය කියන්නෙ මොකක්ද කියල කියන්න යන්නෙ නෑ එත් උබ පුලුවන්නම් පේරදෙනිය කැම්පුස් එකට ගියොත් ඒක තේරෙයි..
දෙමවුපියො නෙමේ තමා ඒත් සමාජයක් උනාම ඒකෙ විනයක් තියෙන්න ඕනෙ කරනව. උබට මම ඒ විනය කියන්නෙ මොකක්ද කියල කියන්න යන්නෙ නෑ එත් උබ පුලුවන්නම් පේරදෙනිය කැම්පුස් එකට ගියොත් ඒක තේරෙයි..
Ubalata varaduna thana othanai. Campus eka ayithi, Srilankavata, Srilankave governement ekata. University grant commision eka haraha thama, campus law hadanne. Oka nadatthu karanne, padi gevanne, Mahapola denne, Ubalage money valindha ????

අනේ මචං මේ වගේ පටු විදියට හිතන්නෙ නැතුව උබලට පුලුවන් නම් මේ වැඩක් නැති ඉගැන්නුම් ක්‍රමේ වෙනස් කරන්න කතාකරපල්ලා.. ඒක විශ්වවිද්‍යාලයයන්වත් ඉස්කෝලෙන්වත් නෙවෙයි පටන් ගන්න ඕනේ.. අපෙන් පටන්ගන්න ඕනේ.. උගත් මෝඩයෙක් නෙවෙයි පොලවෙ පයගහලා ඉන්න පුලුවන් කොල්ලෙක් කෙල්ලෙක් හදන්න try කරමු... එක එකාගෙ පදේට නටන්නෙ නැති මිනිස්සු වෙන්න try කරමු... එතකොට ඔය කියන විදියට පාරේ හම්බෙච්ච එකෙකුට දුක කියල කදුලු පුරොගන අඩන්න වෙන්නෙ නෑ.. මේ දවස්වල් අහනදේවල් වගේ එක එකාට රැවටිල නිරුවත පෙන්නලා ලෝකෙටම ලැජ්ජවක් වෙන්න ඕනේ නෑ..
Vinaya,campus eke vinaya, Srilanka campus vinaya. Ane huke, kiwwalu , Api nodanna campus vinaya, Students la thiya, Samahara. Propa la ,Staff members la pava, Vinaya athin pahala mattamaka thiyenne.
පැහැදිලිවම විනය හුඟක් පහල මට්ටමක තියෙන්නේ.
මේ සමාජයේම කොටස් තමා විශ්ව විද්‍යාල වලටත් යන්නේ...
කොටින්ම පාසල දක්වාම ඒ විනය පිරිහීම ගිහිල්ලා තියෙන්නේ.
පාසල් ගුරුවරයා දක්වාම වෙලා තියෙන වින්නැහිය අපි දකිනවානේ...
හීනමානය හෝ අධිමානය සෞඛ්‍යයට අහිතකරයි.
උගත් වීම නොවීම මත සමාජයට සේවය කිරීමේ නොහැකියාවක් මම නම් දකින්නේ නෑ.. හැබැයි උගත් වීම හෝ නොවීම මත සමාජයේ බෙදෙමින් කාලය කා දමන්නන් නම් නිකන් පාලු කපන්නන්.
සියල්ලේ හොඳම දකින්නන් හෝ නොහොඳම දකින්නන් වෙන්න එපා...
විශ්වවිද්‍යාලය තුල බෝසත්තු එක්ස්පෙක්ට් කරන්න බෑ... හැබැයි යම් ස්වයං විනයක්වත් නැත්නම්, ඒ සමාජය අර කලින් ඔයා එක්ස්පෙක්ට් කරන සබ්ජෙක්ට් එක්ස්පටීස්ලගේ එකතුවක් වෙනවා.. එහෙම රොබෝලා ආත්මාර්තය උදෙසා හොඳයි.
විශ්වවිද්‍යාලයේ සෘණාත්මක පැති සස්ටේනබල් විදියට විනාශ කරන්න පුලුවන් වෙන්නෙ ධනාත්මක ක්‍රියාකාරකම් වලින් ලැබෙන ආත්ම තෘප්තිය, වින්දනය වගේම ඒ සඳහා ලැබෙන ප්‍රතිචාරයෙන් කියලයි මට හිතෙන්නෙ නම්... වෛරී හීනමානය/ අධිමානය ස්වය්ං පරිහානියත්, සමාජ පරිහානියත් විතරයි ඉතුරු කරන්නේ